ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Wednesday, June 27, 2012

Radio Zone Kalutara නවතම තාක්ෂණයෙන් දැන්..

දැන් රේඩියො කළුතර නවතම තාක්ෂණයෙන් යුන් මෘදුකාංගයකින් ශ්‍රවනය කිරිමට දැන් ඔබට අවස්ථාවක්.. අපි මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ විශේෂයෙන් හංස මධුසංක අමරසේකර සොහුරාව සහ ඩිරේන් දන්තනාරයන සොහුරාව  ..එය ඔබට ශ්‍රවනය කිරිමට අවම වශයෙන් 64kbps වේගයෙන් යුත් අන්තර්ජාල සබදතාවයක් තිබිය යුතුයි..සහ අවම වශයෙන් තව Windows .NET Framework 4.0 තිබිය යුතුය..
පළමුව ඔබ මෙම මෘදුකාංගය පහත ලින්කුවෙන් බාගෙන..ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න..එමෙන්ම නවිනතම තාක්ෂණයෙන් සැදු තවත් පරිගණක මෘදුකාංග මෙන්ම ජංගම දුරකථන මෘදුකාංග කිහිපයක්ම ලගදිම..



 
පලමුව මෙම ලින්කුවෙන් අප මෘදුකාංගය බාගන්න..

මෙම මෘදුකාංගය පරිගණකය ස්ථාපනයෙන් පසුව ඔබට දිස්වන අයුරු..මෙහි Shortcut එකක් ඔබ පරිගණකයේ Start මෙනු එක තුල දක්නට ලැබේ..

නිල අනුග්‍රහය


මෘදුකාංගය පිලිබද ඔබේ අදහසුත් අපට කළ යන්න..






Sunday, June 24, 2012

රාවණා රජු සොයාගිය ගමනාන්තය...


ශ්‍රි ලන්කාවේ විසු රාවණා රජතුමා රාමන් රාවණ මහ සන්ග්‍රාමයෙන් මියගිය බැව් රාමායනය පවසනා නමුත්,රාමගේ හී පහරින් සිහි මුසපත් වු රාවණ රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ
"මහ කුඩුගල කදු" මුදුනේ සුරක්ශිතව තැන්පත් කර ඇති අතර, එම සිරුර ගන්ගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමන අතර ඉට පසු රාවණා රජුට නැවත සිහි ලැබෙන බවත් දීර්ඝතම සිහිමුර්ජාවෙන් සිහි ලැබු රාවණා රජ තෙමේ භාවනා කීරීම පිණිස හිමාල වනයේ මහා දභගස් අරණට... යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්තයක සදහන්වේ.

මෙම පුවතේ සත්යය අසත්තාවය කොතෙනෙක්දැයි අපි නොදනිමි.
දැනට සියවස් පහකට පමණ පෙරලියා ඇති මෙම පුස්කොළ සටහන ඉට පෙර ලියා තිබුණ රන් පතී ඊරුවලින් උපුටාගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.
රාවණා රජතුමාගේ රාජකීය රන් මිරිවැඩිසගල නුවර එලියේ හක්ගල කද්බැවුමෙ පතොක් උයන මැද ඉතා ගවුරවනීය ලෙස තැන්පත් කර ඇති බැවත්, එය නයි පෙණ හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභිෂණ රජු විසින් බවත්ද එහි සදහන්ය. රාවණා දේහය සොයා ගැනීමට ප්‍රථම මෙම රන් මිරිවැඩි සගල අවුරුදු 95 ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනක තබාගෙන පැමින ශ්‍රි දේහය අසල තැබිය යුතු බවත් එම පතිරුවල වැඩිදුරටත් සදහන්වේ.

හග්ගල තිබෙන මෙම රන් මිරිවැඩි සගල නිධානය ලබා බැනීම සදහා කිසිදු බිලිපුජාවක් ඕන නැතිබවත්, එයට සහාභගි වන තැනැත්තා මස් මාන්ෂ බක්ෂණයෙන් තොර වයස අවුරුදු 50 ඉක්ම වු පුද්ගලයෙක් විය යුතු බවත් එහි සදහන්වේ.
මේ සියල්ලටම පෙර හක්ගල කදු මුදුනේ තුන්මන් හන්දියේ ගල් කුලක සගවා තිබෙන"පසින්ගල් මාණික්කය" ගත යුතුව ඇත. එම මාණික්කය අතට ගත යුත්තේ මුලින්ම රාවණ ආකර්ෂණ මන්තරයෙන් 1108 වරක් ජප කර සුවද දුම් අල්ලා රතු මල් දමක් එම ගිරිකුළ අසල තබා පුද පුජා කළ යුතුය.එවිට සෙයිලමය මන්ජුසාව විවුත වනු ඇත.අනතුරුව රක්ත වර්ණ පට පිළියෙන් දැත් වසාගෙන එම ගෝලාකාර පසින්ගල් මැණික අතට ගෙන මල් යහනාවක් මත තබා නැවත රාවණ ආකර්ෂණ මන්ත්‍රයෙන් ජප කළ යුතුය. මෙම කටයුතු සදහා බිලි පිදිම සම්පුර්ණයෙන්ම තහනම්ය.
රාවණා දේහය සොයා ආරම්භ කිරිමේ පළමුවැනි පියවර වී ඇත්තේ මෙම පසින්ගල් මැණික සොයා ගැනීමයි. එය කිසිවිට නිධන් හොරුන්ට කළ නොහැකි ක්‍රිරියාවක් වන්නේ අටසිල් සමාදන් වූ පිරිමි පුද්ගලයින් 108 දෙනෙක් සුදූ මල් වට්ටි එක බැගින් ගෙන කරණීයමෙත්ත සූත්‍රය ස්ජ්ජායනා කරමින් ලග්ගල කදු තරණය සදහා ඇසළ පසළොස්වක දිනය පිටත් විය යුතු බැවිනි.

මෙම පසින්ගල් මැණික සමන් මල් යහනක තබා රාවණා ආකර්ෂණ මන්තරයෙන් ජප කරන විට රාවණාගේ රන් මිරිවැඩිසගල ලබා ගන්නා ක්‍රමයත්, මෙම මාණික්කය රත්නය තුළින් පෙනෙන බැව් සිද්ධ රාජ පති ඉ රුවල සදහන්ව තිබේ.
රාවණා අදිරාජයාගේ රන්,රීදි,මුතු මැණික් සතර මහ නිදානයද රාවණාගල(වත්මන් රාගල) කන්දේ සෙයිලම මන්ජුසාවක් තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව එක් පුද්ගලයකුගේ පරිබෝජනයට පත් නෝකළ යුතු බවත් එම වස්තුව රෝහණ ප්‍රදේසයේ,සබරගමුව� �� සහා මදයම කදුකරයේ සන්වර්දන කටයුතු සදකා යෙදිය යුතු බැව් පැවසේ,මෙම පුස්කොළ ග්‍රන්තයේ සදහන් බෝහෝ කරුණු මිනිසෙකුට කළ නොහැකි දෙවල් ලෙස එක්වරම පෙනී යන නමුත් එහි සත්තයක් ඇත.
නමත්, කවරදා හෝ යම් දිනක කෙසේ හෝ මෙම කරුණු සිදුවනු ඇතැයි සිද්ද රාජ පත් ඉ රුවල පැවැසේ.
වර්ෂ දහස් ගණනකට පෙර යුද්දයෙන් මියගිය රාවණා රජතුමාට නැවත පණ ලැබීම විස්වාස කළ නෙහැකි කතාවකි. නමුත්, රාවණ රජතුමා කිසිදිනක කිසිවෙක් අතින මියනොයෙන බවට මහ බ්‍රහ්මයාගෙන් වරලත් එකම මනුෂයා බැව් අප අමතක නොකළ යුතුය.රාවණ දේවත්වයට සමීප වු මිනිසෙකි.

"රාම - රාවණ මහා සන්ග්‍රාමයේදී සිදුවී තිබෙන්නේ රාවණා රජු මියයැම නොව විෂ හී සැරයෙන් සිහිමුර්ජාවීම බවත්,රාවණා නැවත පණ ලබන්නේ මහා බ්‍රාහ්මයාගේ ආශිර්වාදයෙන් බවත් සිද්ද රාජ පත් ඉ රුවල සදහන් වී තිබේ. රාවණා රජු යුද්දයෙදි මිය නොගිය බැව් සදහන් කරන රාවණ කතා පුස්කොළ ග්‍රන්තයද පවසන්නේ රාම රාවණා ගැටුමෙන් රාවණා මිය නොගිය අතර සිහිමුර්ජා වු රාවණා සිරුර මහකුඩුගල ගිරි ශිඛරයේ සෙයිලමය මන්ජුසාවක තැන්පත් කළ බවකි".


රාවණා රජු සමයේ  සිදුවු අපුර්වතම සිදුවිම් රැසක් අපෙන් ඔබට වැඩි විස්තර සදහා පහත ලින්කුව කිල්ක් කරන්න..

Thursday, June 14, 2012

කළුතරින් මුලු විශ්වයටම ඔබේ හඩ..

 අප කාණ්ඩායම මගින් සැකසු ලැබු අන්තර්ජාල
රේඩියොව..ඔක්තොම්බර් මස 1වන දින රාත්‍රි 9ට යෙදෙන සුබ මොහොතින් සජිවිව ලොව පුරා විකාශනය කිරිමට සියලු කටයුතු යොදා ඇත.. ශ්‍රි ලංකාවේ හඩ එතැන් පටන් සැම දිනයකම විශ්වය පුරාම විහිදුවලිමට කටයුතු යොදා ඇත.. මෙහෙදි ශ්‍රි ලංකාවේ නිවේදෙනයට,ගායන‍යට,වාදනයට,ගීත රචනයට, ශබ්ද පරිපාලන‍යට, යන ආදි විශේෂ දක්ෂතා වලින් පරිපුර්ණ තරුණ තරුණියන්ට තම දක්ෂතාවය ලොවටම පෙන්වන්න අප විසින් ඉඩදෙන්නමු.
 එමෙන්ම තවද ඔබේ පාසලේ, ගමේ, ආගමික ස්ථානයේ විශේෂ අවස්ථාවක් වෙතොත් අප වෙත ඉල්ලිමක් කර අප අන්තර්ජාල ගුවන් විදුලියෙන් එය මුලු විශ්වයටම සජිවිව විකාශය කිරිමටද ඉඩ කඩ යොදා ඇත..

 
නැතහොත් අප වෙබ් අඩියේ ඉහල තිබෙන Join Us යන ලින්කුව Click කිරිමෙන්ද අප සමග එක් විය හැක..
 

Saturday, June 9, 2012

පුදුම Airport එකක් මෙන්න !

ජිබ්රෝල්ටා කියන්නේ ස්පාඤ්ඤ අර්ධද්වීපයේ පහලින්ම ඇති කුඩා බිම් කඩක්. ඒ අසල ඇති ජිබ්රෝල්ටා සමුද්‍රසන්ධියට නම වැටී ඇත්තේද මේ රට නිසා. මෙය අභ්‍යන්තර පරිපාලනයක් ඇති බ්‍රිතාන්‍ය භූමියක් (self-governing British overseas territory), හරියට ඕස්ට්‍රේලියාව වගේ.
අරුමපුදුම දේ තමයි ජිබ්රෝල්ටාවේ ගුවන්තොටුපලේ ධාවන තීරුව (runaway) හරහා මහාමාර්ගයක් වැටී තිබීම ! අපේ රටේ දුම්රිය මාර්ග හරහා වැටී ඇති පාරවල් වල වාහන ගමනාගමනය දුම්රියක් එන විට ගේට්ටු දමා නතර කරන්නාක් මෙන් මෙහි ගුවන්යානයක් පැමිනෙන/යන විට මහාමාර්ගයේ වාහන ගමනාගමනය ගේට්ටු මගින් නවත්වනවා.

මෙසේ වීමට හේතුව මොකක්ද කියලා මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පේනවා. මේ රට බොහොම පටු එකක්. හරස් අතට ගුවන් පථයක් ඉදිකරාට පස්සේ පාරක් හදන්න ඉඩ කොහෙද? මේ ගුවන් පථයෙත් කොටසක් හදා තියෙන්නෙ මුහුද ගොඩකිරීමෙන් බවයි පේන්නෙ.
මෙන්න බලන්න ඡායාරූප ටික:

මට මේක දැක්කාම තවත් දෙයක් මතක් උනා. ඒ තමයි “හිත ඇත්නම් පත කුඩාද?” කියන ආප්තෝපදේශය.

Sunday, June 3, 2012

පොසොන් ගැන අපේ බසින්..


දින කිහිපයක විරාමයෙන් පස්සේ අපි ඔබ සැමට  කියන්නේ හෙට දිනට යෙදෙන  පොසොන් උත්වසයේ වැදගත්කම ගැනයි....
  • අප මුළු මහත් මාතෘ භූමියම පැහැදිලි අවබෝධයකින් යුතුව බුදු දහම වැළදගත් දිනය ලෙස අපට මෙම  “පොසොන්” පුන් පොහොය දිනය හැදින්විය හැක.  හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි “දේවානම් පියතිස්ස” රජු හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) මුණ ගැසුනේ මෙම උතුම් පොහොය දිනයේ දීය. රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙඟි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි. මෙහි වටිනා කම පිළිබදව සැලකුවහොත් එය “දම්සක් පැවතුම්” සුත්‍රය තරමටම වටින්නේය. ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.


  • චූල හත්ථි පදෝපම සූත්‍රය පිළිබදව ස්වල්ප විග්‍රහයක් කළහොත්, මෙම සූත්‍රයෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිද රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි.
  • මිහිදු මාහිමියන්ගේ වැඩමවීම පිළිබද්ව තවදුරටත් සාකච්ඡා කරන කළ උන් වහන්සේ මෙරටට වැඩම කොට ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන්  “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා  සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා  ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි.
  • තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද,  ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.