ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Monday, May 28, 2012

මෙන්න ඔයාටත් Online ගබඩාවක්..

අපි හැමෝටම තිබෙන ගැටළුවක් තමයි පරිඝණකයේ ගබඩා කර ඇති වැදගත් තොරතුරු සුරක්ෂිතව තබා ගැනීම. මේ ගැන මගේත් අවධානය යොමු වුනේ පසුගිය දවසක මගේ මිතුරෙකුට වුන ඇබැද්දියක් නිසා. පරිඝණකයේ  මෙහෙයුම් පද්ධතිය හදිසියේම ක්‍රියා විරහිතවීම නිසා එහි ගබඩා කර තිබූ දත්ත නැවත ලබා ගැනීම ප්‍රබල ගැටළුක් බවට පත්වුනා. සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් ප්‍රතිසාධනය (recover) කර ගත්තත් සාර්ථක දත්ත රක්ෂිතයක අවශ්‍යතාවය දැනුනේ එදා.
පරිඝණකයේ දෝෂ, මෙහෙයුම් පද්ධතියේ  දෝෂ සහ අනිෂ්ට මෘදුකාංග (malware) වැනි විවිධ හේතු නිසා එසේ අප ගබඩා කර ඇති වැදගත් තොරතුරුවලට හානි සිදුවිය හැක. දත්ත රක්ෂිතය සඳහා සංයුක්ත තැටි, ඩිජිටල් විඩියෝ තැටි, USB ෆ්ලෑෂ් ධාවකයන්, බාහිර දෘඩ තැටි වැනි විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ කිසිම ක්‍රමයක් සම්පූර්ණයෙන්ම සාර්ථක නැහැ. ‍විවිධ හේතු නිසා මෙම මාධ්‍ය වල ද දෝෂ ඇතිවෙන්න ඉඩ තිබෙනවා.
ඉතින් මේ සඳහා ඇති සාර්ථකම විසඳුම තමා සබැඳි රක්ෂිතයක(online backup) පිහිට ලබා ගැනීම. අපට නොමිලේ ලැබෙන් එවන් සේවාවක් තමා ඩ්‍රොප්බොක්ස්(Dropbox). ඩ්‍රොප්බොක්ස් වෙතින් අපගේ දත්ත ගබඩා කිරීමට ගිගාබයිට් දෙකක අවකාශයක් නොමිලේ ලැබෙනවා.


ඩ්‍රොප්බොක්ස්හි ක්‍රියාකාරීත්වය සරලයි, ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය ස්ථාපනය කර ගත් පසු My Dropbox නම් ෆෝල්ඩරයක් ඔබේ පරිඝණකයේ ස්ථාපනය වනවා. ඔබ කළ යුත්තේ ඔබට රක්ෂිත කිරීමට අවැසි ගොනු (files) මෙම ෆෝල්ඩරයට පිටපත් (copy) කිරීම පමණයි. එම ගොනු ඩ්‍රොප්බොක්ස් අඩවිය සමග ස්වයං-සමමුහුර්ත (Auto Synchronization) වීමකට ලක් වෙනවා. මෙසේ ගබඩා වන දත්ත වෙත ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය හරහා ප්‍රවේශ වීමේ හැකියාව ද ලැබෙනවා. ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය වින්ඩෝස්, ඇපල් මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේ ලබා ගත හැකියි.
තවද ඔබේ මිතුරන්ට ඩ්‍රොප්බොක්ස් වෙත යවන ආරාධනාවක් ඔබේ මිතුරෙකු පිළිගතහොත් ඔබට තවත් අමතර මෙගා බයිට් 250ක අවකාශයක් වෙන් වෙනවා (මෙසේ ගිගාබයිට් 3ක් දක්වා අමතර අවකාශයක් ලබා ගැනීමට පුළුවන්).
ඩ්‍රොප්බොක්ස් මගින් අපේ දත්ත ගබඩා කිරීමට ලැබෙන ඉඩ සීමා සහිත වුවත් එය අපගේ වැදගත් තොරතුරු රැක ගැනීමට සාර්ථක පිළියමක්යැයි මා සිතනවා. තවද ඔබට අවැසි නම් මුදල් ගෙවා ලැබෙන ඉඩ ප්‍රමාණය ගිගාබයිට් 50ක් හෝ 100ක් දක්වා වැඩි කර ගත හැකියි.
ඩ්‍රොප්බොක්ස් අඩවියට ප්‍රවේශ වීමට පහත සබැඳිය භාවිතා කරන්න
 

Tuesday, May 22, 2012

තරුණ ගායකයෙකු සොයා ගිය ගමනාන්තය....



තවත් දක්ෂයෙකු සොයා ගෙන SOFT ZONE | KALUTARA අපි ගියා කළුතර දිස්ත්‍රික්කයෙන් බැහැරව..
ගම්පහ දිස්ත්‍රික්ක්යේ ගනේමුල්ල ප්‍රදේශයට..ඔබට මතකද? අපි ඔබට කලින් ලිපි වලදි කිව්ව දක්ෂයකු සොයා යන ගමනක් ගැන.. අපි අදින් එය පටන් ගත්තා.. අපි ප්‍රථමෙයන්ම සොයා අවේ අපේ කලායේ තරුණ ගායකයෙකු සොයා..ඔහු නමින් සම්පත් මුණවීර.සම්පත් මුණවීර අද ලංකාවේ අලුතින් බිහි වු ගායකයෙක්.. ඔහුගේ පසුබිම ගැන කථාකරන්න අපි ගියා ඔහුව සොයාගෙන..


දිල්රංග : සම්පත් ඔබ Music Filed එකට ඇවිත් කොච්චර කාලයක් වෙනවාද?

සම්පත් : හ්ම්ම්.. 2011 වගේ තමා මම මගේම ගීතයක් කලේ, එතකන් මම මගේම දෙයක් කරලා තිබ්බේ නැ. එත් පොඩි කාලේදි All Island ගීත ගායනා කිරිමේ තරග වලින්  1st 2rd 3nd  ස්ථාන අරගෙන තියෙනවා දහම් පාසල් තරග වලින්.

දිල්රංග : දැන් මේ වෙනකොට ගීත කියක් කරලා තියෙනවාද ඔබ..අහ්?

සම්පත් : මම මේ වෙනකොට ගීත 4ක් වගේ කරලා මගේම ගීත දෙකකුයි Reply Version n Remix එකකුයි.

දිල්රංග : එවාට ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?

සම්පත් : හ්ම්... කොලවෙරි Remix එකට තමා හොදම ප්‍රතිචාර ලැබුණේ.. දැනට Mobile Downloads ලක්ෂ 3කට වඩා sinhalalanka.com සයිට් එකෙන් ලැබුණා. ඒ වගේම අද වෙනකොටත් හොදම ගීත සහ ජනප්‍රිය ගීත 8වැනි තැන තියෙනවා.කොලවෙරි Remix එක ගැන සතුටුයි ඇත්තටම මොකද එක Official විදියට කලේ නැ. ගොඩක් විනොදෙට කලේ කරපු ගීතයක්.. ඊට පස්සේ නිල නිම්නේ හොද ප්‍රතිචාරයක් ලැබුනා ඇත්තටම..

දිල්රංග : අලුතින් Video එකක් කලා නේද?

සම්පත් : ඔව් ඒ Video එක එළියට දාලා තවම දවසයි දෙකයි... සයිට් වලට තවම දැන්මේ නැ. එත් අද ඉදන් එක ඔයාලගේ සයිට් එකට දානවා. අලුත් විදියට හිතනන් කරපු ගීතයක් තමා එක.. එක මම අදුරන I.O.T.A කියන Rock Follow කරන Band එකකට කලේ.. බලමුකො මිනිස්සු කොහොම පිළිගනිද කියලා.

දිල්රංග : ඉදිරියට දිගටම Music Filed එකේ ඉන්න බලනවාද?

සම්පත් :  හ්ම්ම් මට ගීත වලින් හම්බා කරන්න උවමනාවක් නැ..මිනිස්සුන්ට රස විදින්න දෙයක් කරන්න විතරයි ඔනේ..

දිල්රංග : ආනගත බලාපොරොත්තුව..?



සම්පත් : මම Music කරන්නේ Hobby එකක් විදිහට විතරයි..ඉතින් හොදින් ඉගෙන ගෙන රැකියාවක් කර සමාජේට වැඩක් ඇති මිනිහෙක් වෙන එක තමයි බලාපොරොත්තුව...දිගටම පුලුවන් විදිහට හොද නිර්මාණ කරන්න බලාපොරොත්තුව වෙනවා.



දිල්රංග :අනාගත පරපුරට,අලුත් අයට කියන්න තියන්නේ මොකක්ද?

සම්පත් : මමත් තව අලුත් මට තව හදගන්න ගොඩක් දෙවල් තියෙනව එත් අද ලංකවේ Track එකක් කරගන්න ගොඩක් අමාරුයි. කරන අයහ් වැඩියි හරි හමන් දෙයක් නොකර තැනකට එන්න බැ විදින්න දෙයක් කරන්න එක තමයි වටින්නෙ..

දිල්රංග : අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නෙ..??

සම්පත් : අද වෙනකන් මගේ මේ හැම වැඩකටම උදව් කරපු හැමොටම ස්තුතිවන්ත වෙනවා...ඒ වගේම SOFT ZONE | KALUTARA එකෙ කට්ටියටත් මාව මේ විදිහට Interview කරපු එක ගැන !!  Fansලාටත් කියන්න තියෙන්නෙ දිගටම මත් එක්ක ඉන්න නිර්මාණ වල හොද නරක කියන්න මොකද එක ඉස්සරහට එන නිර්මාණවල ගුණාත්මක බව තියාගන්න උදව් වෙන නිසා..මගේ FB Page එක තියෙනව එකතු වෙන්න..දිගටම ඉන්න මාත් එක්ක ඉන්න අයත Thanx කරන්වා ...

සම්පත්ගේ FB Fanpage එකටත් Like එකක් දාලාම යන්න හොදේ..
අපේ  FB Fanpage එකටත් Like එකක් දාලා යන්නකො.. එහමනම්




සම්පත්ගේ අලුත්ම Videoව



සම්පත්ගේ ගිත කරගන්න

සම්පත්ගේ ඡායාරුප බලන්න මෙතන Click කරන්න

මෙන්න Game ගහන අයට පානදුරෙන් තැනක්...


මෙන්න COMPUTER GAME ගහන්න කැමති අයට පාන්දුරෙන් තැනක්..පසු ගිය දවසක පානදුරේ පාළම හන්දියේදි SENZO GAMING ZONE එක විවෘත කලා ඔබේ වෙනුවෙන්ම..මෙහිදි ඔබ සැමට අලුතෙන්ම ආපු COMPUTER GAMES ක්‍රිඩා කරන්න අවස්ථාව සැලසෙනවා..එමෙන්ම ගහන්න අකමැති අයට මෙහිදි FACEBOOK යන්න EMAILS බලන්න SONGS DOWNLOAD කරන්න ඕනම දෙයක් කරන්න පුලුවන්..මෙහි ඔබ වෙනුවෙන් අය කරන්නේ පුංචි මුදලක්පැයකට රු.50ක් වගෙම පැය භාගයකට රු.30 වගේ සුලු මුදලක් අය කරන්නේ.මෙය SNET ආයතනයේ තවත් සමාජ සත්කාරයක්..එන්න ඔබත් පැමිණ බලන්න.. ප්‍රමාද නොවන්න..පහතින් බලන්න SENZO GAMING ZONE ආරම්භ කරපු දවසේ විශේෂ අවස්ථා කිහිපයක්......




Wednesday, May 16, 2012

කෙල්ලේ.....සිත වසග වෙලා....කෙල්ලේ


යහලුවනි අපිට මේ දවස් වල ගොඩාක් වැඩ.. මොකද අපේ කාණ්ඩායම මේ දවස් වල අගොස්තු තියෙන උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සුදානම් වෙනවා..  මේ ලිපිය දාන්න කියලා අපිට කිව්වේ නිසල් ජනික් සොහොයුරායි..දියොගො සැම්සන් සොහොයුරායි.. කෙල්ලන් ගැන ඔබේ හිතින්ම හිතලා බලන්න ඇත්ත නේද? කියලා...
මචං උඹලත් කෙල්ලගෙන් ඇන්ඳෙනවා කියල දන්නවා නමුත් ඔප්පු කරගන්න බැහැ... ඔප්පු කරගන්න ඕන උනත් ඒකට ක්‍රමයක් නැතුවම දුක්විදින සහෝදරයෝ අපි අතර ඕන තරම් ඉන්නවා... ඉතින් ඒ නිසා මම කරපු පොඩි වැඩක තමයි මේ මම කියන්න යන්නේ... මේක අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්.. හැබැයි කිසිම වෙලාවක මේක කෙල්ලට කියන්න එපා...

මෙන්න මෙහෙමයි කරන්නේ ,

කෙලගේ phone එක අතට ගත්තහම මුලින්ම inbox එකේ සහ sent items වල තියෙන msg ටික ගණන් කර ගනින්... ඊට පස්සේ, msg settings වලට ගිහිල්ලා sms counter, [recive/sent] සහ rest all call timers කරන්න ඕනේ... දැන් ඉතින් මුකුත් නොදන්නවා වගේ කෙල්ලට phone එක දෙන්නයි තියෙන්නේ... මේ වෙනකොට උඹලට තේරෙයි කරන්න ඕන දේ...
ආයේ දවසක කෙල්ල මීට‍ උනහම උඹට බලන්න තියෙන්නේ inbox එකේ තියෙන msg සහ sent items වල තියෙන msg ගාන... වෙනස වටහාගන්න විදිහ මම කියන්නම්....

sent items in sent item folder - 20
inbox items in inbox folder - 28
-----------------------------------
counters වල

sent items counter - 48
inbox items counter - 54
-----------------------------------

එතකොට inbox and sent items වල තිබ්බ මැසේජ් වලට මොකද උනේ....
ඔය ගැන අහන්න කලින් කෙල්ලගෙන තව දෙතුන් වතාවක් අහපන් මම හැර වෙන කවුද මේකට msg කලේ... මට හැර වෙන කාටද msg කලේ කියල..... උත්තරය අනුව ගන්න තීරණය උඹට භාරයි......
කෙල්ලව විශ්වාස නැත්නම් මොකටද උබ love කරන්නේ

සහෝ.. මම මේ කියන්නේ තමන්ව රවට්ටනවා කියල දැනෙනවා නමුත් හරියටම දන ගන්න විදිහක් නැති සහෝදරයන්ට තමන්ගේ සැකය ගැන අදහසක් ගන්න ක්‍රමයක්.... එහෙම සහෝදරයෝ අද ඕන තරම් එළකිරි එකේ ඉන්නවා... හැමෝටම හොඳ පෙම්වතියන් ලැබෙන්නේ නැහැ...

මම ඒ දුක විදලා තියෙන නිසා මම තව කොල්ලෙක් අමාරුවේ වැටෙන්න කලින් මේ ගැන කිව්වේ
එතකොට දැන් හැමෝම ජිවත් වෙන්නේ මාලිගවලනේ....

මම කිව්වේ දුප්පත් පැළ වල ජිවත් වෙන අහිංසක කොල්ලෙකුට තමන්ගේ කෙල්ල ගැන දැන ගන්න ක්‍රමයක්...
මොකද කොල්ලෙක් දුක විදිනකොට ඕන තරම් අය ඉන්නව කෙල්ලගේ ඇද කියන්න.. නමුත් දුකට පත වෙන්න කලින් කොල්ලගේ ඇස් දෙක පාදන්න කවුරුත් නැහැ..

මොකද අපි හැමෝටම එක වගේ හොඳ කෙල්ලෝ හම්බ වෙන්නේ නැහැ... එක මම කියනව වට වැඩා හොඳයි හැමෝම තමන්ගේ හදවත් වලට තට්ටු කරලා ඇහුවොත්!!!!
මම නම් කෙල්ලෝ විශ්වාස කරන්නේ නැහැ... :yes::yes:

කෙල්ලෝ කියන්නේ ,
සල්ලි පස්සේ දුවන
පෙනුම පස්සේ දුවන
හැකියාව පස්සේ දුවන
කැපී පේන තැනට ලං වෙන
දිනන පැත්තට අදින

කොල්ලන්ට වඩා ආත්මාර්ථකාමී පිරිසක්....මේ ලොකේ තව නැ................

ඔයාට හොද කොල්ලෙක්/කෙල්ලෙක් ලැබෙන්න ඇති... නමුත් එහෙම නොවන එහෙම නොවී දුක විදින ගොඩ දෙනෙක් මේ එළකිරි එකේ ඉන්නවා... ආදරේ ඔය කියන තරම් උතුම් නම් ඇද වැඩිහිටි නිවාස වල අම්මල තාත්තල ඉන්නේ ඇයි? අපිට ආදරේ උගන්වන මුල් ගුරුවරු එයාලා... එහෙනම් ඔය කියන විදිහට වැඩිහිටි නිවාස වැහෙන්න ඕනේ.... කොයි කෙල්ලද තමන්ට රැකවරණයක් ලබා දෙන්න බැරි කොල්ලෙකුට ආදරේ කරන්නේ... ඇස් වපර කොල්ලෙක් එක්ක යාලු වෙච්ච කෙල්ලෙක් ඉන්නවද?
කකුලක් කොර වෙච්ච කොල්ලෙක් එක්ක යාලු වෙච්ච කෙල්ලෙක් ඉන්වද...
අනිත් එක ඔය විදිහට මහා ලොකුවට බෙරිහන් දෙන්න එපා.. ඔයාට පුලුවන්ද කකුල් දෙක නැති පිරිමියෙකුට ආදරේ කරන්න...
හි හි.. හීනෙන තමයි... කෝ එතකොට ඔය කියන ආදරේ,,,

කෙල්ලෝ ආදරේ කියන්නේ විඳීමට පමනක් සීමාවූ දෙයකට...

මෙහෙමයි... මම නම් දුක විඳපු කොල්ලෙක්... ඒ වගේම ඕනෑම වෙලාවක දුක කියන දේ ආදරෙන් බාරගන්න සුදානම් කොල්ලෙක්.... අන්න ඒ නිසා මට නම් උඹල ඔය කියන කිසි දෙයක් වැඩක නැහැ...
හැබැයි එක දෙයක්...
උඩ පැන පැන දඟලන උඹල එකෙක් වත තමුන්ගේ ජීවිතය හැර වෙනකෙනෙකුගේ ජිවිතයක් ගැන හිතන්නේ නැහැ කියන එක මෙතැනදී හොඳටම පැහැදිලි වෙන්ව.... මේ කමෙන්ට් කියවන ඕනෑම කෙනෙකුට තේරෙනවා...

අනිත් එක එළකිරි එකේ ඇස් දෙක ඇරලා බලන ඕනෑම කෙනෙකුට පේනවා කවුරු හරි දවසකට තමන්ගේ කෙල්ල හින්ද විදින දුක ගැන ත්‍රෙඩ් එකක් දාල තියෙනව.... මෙහෙමයි... මම මෙතන පොස්ට් එක දැම්මේ ඔයාල වගේ ආදරෙයන් පොහොසාත් සර්වසම්පුර්ණ අයට නෙමෙයි... ආදරයෙන් දුක කියන දේ හිමි වේවි කියල බයෙන් ඉන්න සහෝදරයන්ට බලන්න... දුක සැප කිසි විටෙක ස්ථිර නැහැ කියන එක තේරුම් ගන්න.... ආදරය කියන දේට සීමාවක් තියෙනවා කියන දේ මතක තියාගෙන තම තමුන් ජිවත් උනොත් හොඳයි.... :පි

තව දෙයක් මම මේක කියන්නේ පිරිමින්ට....
කෙල්ලෝ උඹල ඔය හිතාගෙන ඉන්න ජාතියේ එවුන් නෙමෙයි.... මනමේ කුමාරයාගේ කඩුව වෙනුවට කොපුව දුන්නෙත් ඔය ආදරේ කියන දේ කරපු පෙම්වතියම තමයි..
අද කාලයේ කොච්චර කෙල්ලෝ චපලද කියල උඹලම හිතපල්ලා...
නිකන් හීන ලෝකවල ජිවත් වෙන්නේ නැතුව....
සෙනෙහසට සමකරන්න පුළුවන් ආදරයක් මේ ලෝකේ නැහැ...
සෙනෙහස සොයාගත්ත මගේ මිතුරන්ට මම සුබ පතනව...
ආදරේ හොයන මගේ යාලුවනේ... කෙල්ලෝ කියන්නේ එහෙම්ම පිටින් ජීවමාන උගුලක්‌...

ඔච්චාරටම අවංකව ආදරේ කරනවා නම් පුළුවන් නම් වැල නොබලා ස්වයං වින්දනය කරන්නේ නැතුව ඉදපල්ලා.. තමන්ගේ ආදරේ උතුම් කොට සලකලා...

කෙල්ලොන්ට...

මහලොකුවට ආදරේ කරන කෙල්ලෝ මොකද නළුවෝ... ගායකයෝ... ලොකු කරගෙන දගලන්නේ...

අනේ මේ... නිකන් ඉදපල්ලා බං...

මේ වගේ කෙල්ලන් ගැනත් අත්දැකිම් තියෙනවානම් කොම්න්ට් එකක් දාලා යන්න..
මේ මම මෙච්චර වෙලා මෙව්වා කියේ ඔයාලාට කෙල්ලන් ගැන යමක් තෙරුම් ගන්න... එත් මේක මට කිව්වේ දියොගො සැම්සන්.. මේ තමයි ඔහුගේ අලුත්ම ගිතය කෙල්ලන් ගැන. පල්ලේගා තියෙන ලින්කුවෙන් සින්දුව කරගන්න... එහෙමනම් අපි ගිහින් එන්නම් අදට..

මා සිහිනයේ කුමරියක් ඔබත් ඔබයි..ආදරියත් ඔබයි..

What is "Love" means?
ඉතින් කොහොමද, මම අපි ඔය  ගොල්ලන්ට කියන්න යන්නේ ජිව්තේ ගැන කතාවක් එ වගෙම  මෙක අපි ගොඩක් අයට  ප්‍රයොජන වත් වෙන ව්දියේ කතාවක්,ඔන්න ඉතින් එකමත් එක කාලෙක ලමයෙක් හිටියා මේ ලමයට ලොකු ප්‍රස්නයක්  තිබුනා  එක අපි ගොඩක් අයට පොදු ප්‍රස්නයක් එ තමයි “ආදරය කියන්නේ මොකක්ද කියන  එක”,ඉතින් දවසක් මෙ  ලමයා මෙ ප්‍රස්නය එයාගෙ ගුරැවරයාගෙන් ඇහුවා එතකොට

ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා,

ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඔයා ඉරිගු හෙනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල  අරගන එන්න ඔන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු  හෙන හරහා යන්න  පුලුවනඑක පාරයි, ආපහු හැරෙන්න බැ.

මෙක අහපු ලමයා ඉරිගු හෙනක යනවා, ඉස්සරහම ලොකු ඉරිගු කරලක් තියනවා දැක්කත්  තව ඉස්සරහට තව ලොකු ඉරිගු කරල් ඇති කියලා හිතපු ලමයා තව ඉස්සරහට යනවා මේ  වගෙ තව ට්ක ට්ක දුරක් ආවට පස්සේ ලමයට තෙරෙනවා දැන් තියන  ඉරිගු කරල් ඉස්සල්ලා තිබුන ඉරිගු කරල් වලට වඩා පොඩ්යි කියලා,

එතකොට එයාට තෙරනවා ලොකුම කරල එයාට මගහැරැනා කියලා.නමුත් එයාට ආපහු හැරෙන්න   බැ.ඉතින් ලමයා ගොඩක් දුකෙන් ගුරැවරයට වෙච්ච දේ කිව්වා.

එතකොට ගුරැවරයා කියනවා “ඔක තමයි ආදරෙ කියන්නෙ , අපි හැම වෙලාවෙම හොදම දේ හොයනවා නමුත් ඒ දේ අපිට මග හැරැන බව දැන ගන්න කොට පමා වැඩ්යි”

එතකොට ව්වහය කියන්නේ මොකටද ලමයා ඇහුවා,

එතකොට ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඉස්සල්ලා වගෙම ඔයා ඉරිගු හෙනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල අරගන එන්න ඔන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු  හෙන හරහා යන්න පුලුවන එක පාරයි, ආපහු  හැරෙන්න බැ.

ඉතින් ලමයා ආපහු ඉරිගු හෙනක යනවා, ගිහින් ඉස්සල්ලා වැරෑද්ද ආපහු කරන් නැ   කියලා සාමාන්‍ය ඉරිගු කරලක් අරගන ගුරැවරයා ලගට යනවා,

එතකොට ගුරැවරයා මෙහෙම කියනවා, මෙපාර ඔයා ගෙනපු ඉරිගු කරල ගොඩක් හොදයි,  මෙ ඉරිගු කරල ගෙන්න ඔයාට ව්ස්වාසය හා අඨ්ෂ්ටානය තිබුනා.මෙක තමයි ඔයාට ලැබුනහොදම දේ, මෙකට තමයි ව්වහය කියන්නේ.


බලන්න මේ කතාවෙන් කොච්චර ලස්සනට මෙ දෙක තෙරැම් කරලා දුන්නද කියලා,අපේ  ජිව්තේත් ඉරිගු හෙන වගේ තමයි, අපිට ජිව්තේ හරහා යනන්න පුලුවන් එකම එක පාරක් ව්තරයි එක හින්දා මෙ කතාවෙන් කියන දේ අපේ ජිව්තයට ගොඩක් වැදගත් දැන්  ඉතින් හොදට හිතලා බලන්න ඔයාටත් හොදම දේ මග හැරිලද කියලා.
 හැබැයි මෙහෙම කියන්නේ ඇත්තටම නිසල් ජනික් සිල්වා.. අහලා බලන්නකො ඔහුගේ ගිතය... පහල තියෙන DOWNLOAD ලින්කුවේන් කරගන්න සින්දුව

රහත් වෙන්නට සිල් රකින්නම ඕනේද ?

ඉතින් කොහොමද? ඔයලාට.. අගොස්තු වලට කලින් දාන අන්තිම ලිපිය වෙන්න පුලුවන් මේක අපේ.. ඔයාලටත් අපේ බ්ලොගයට ලිපි ලියන්න පුලුවන්නම් අපට අමතන්න...Tel :0758178728 / 0774483783

ඇත්තටම  අද අපි භාවිතා කරන පානාතිපාතා, අදින්නාදාන, මුසාවාදා, කාමේසු මිච්ඡාචාරා,  සුරාමේරය යන සිල් පද බමුණු වේදයේ තිබෙන සිල් පදය. අනික මේ සිල් පද වලින්  පරිපූර්ණ වන්නේ මාර්ග ඵල ලැබුවොත් පමණි.නිවන් දකින්න ඕනි ඒකායන  මාර්ගය වන සතර සතිපට්ඨානයෙන් මිසක් සිල් පද වලින් නොවේ.  එහෙත් අද සමහර මහණ  බමුණන් සිල් පද ප්‍රොමෝට් කරමින් සිල් පද කඩමින් නිවන වහති.මෙන්න වෙරි මර ගාතේ රහත් වූ සන්තති අමාත්‍යතුමාගේ කථාව. බමුණු දහමෙන් ඉවත්ව නිවැරදි දහම දකින්න.

    සන්තති අමාත්‍යතුමා
    කොසොල් මහ රජතුමාගේ  අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් මේ අමාත්‍ය තුමා බොහෝ සෙයින් කොසොල්
    මහ රජතුමාගේ  හිත දිනා ගත් කෙනෙක්. කැරැලි කෝලහල ආදී ඇති වූ විට, ඒ කෝලාහල     නවත්වන්නට  නියම කරන්නේ මේ අමාත්‍යයාටයි. ඒ වගේම රජතුමාගේ අදහසේ හැටියට  කොයිතරම් බරපතල  කැළඹීමක් ඇති වූවත් මේ අමාත්‍යයා එය සංසිඳවනවා. එක් කාලයක කොසොල් රජතුමාට  අයිති රටේ පිටිසර පළාතක ලොකු කෝලාහලයක් ඇති වුණා. ඒක   නවත්වන්ට පුළුවන් එකම  හපනා මේ සන්තතික අමාත්‍යයා පමණයි. ඒ නිසා ඒ පළාතට  ගොස් කෝලාහලය නවත්වන ලෙස  මේ අමාත්‍යයාට රජතුමා කීවා. අමාත්‍යවරයා ගොස් ඒ  කැළඹිලි සියල්ලම සංසිඳවලා  ආවම රජතුමා බොහොම සතුටු වෙලා, සත් දවසකට රජකම දීලා, නැටුම් ගී කීම් ආදියට  සමර්ථ නාටිකංගනාවන් දුන්නා. සන්තනි අමාත්‍යායට
 රජකමෙන් වැඩක් නැහැ. නමුත්  හිතමිත්‍රාදීන්වත් එකතු කරගෙන මත්පැන් බොමින් විනෝද ගමන් බිමන් යමින් කෙළි  සෙල්ලම් බලමින් මේ හත්දවස බොහොම පී‍්‍රතියෙන්ගත කළා. හත්වන දවසේ උදේ කාලේ  බොහොම හොඳට ඇඳ පැළඳගෙන ඇතකු පිට වෙරි මර ගාතේ හිඳගෙන ජල ක්‍රීඩාවට පිටත්  වුණා. අප මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒවෙලාවේ පිණ්ඩපාතේ වඩිනවා.  අමාත්‍යයා වෙරි මරගාතේම බුදුන් වහන්සේට හිස නමාආචාර කරගෙන ගියා. ඒ  වෙලාවේ බුදුරජාණන් වහන්සේ   සිනහවක් පහළ කර වදාළා ආනන්ද හාමුදුරුවෝ සිනා පහළ  කිරීමේ හේතුව විචාළහ.   එතකොට ‘ආනන්දය අද මේ වෙරි වී සිටින අමාත්‍යයා මාළඟට  ඇවිත් රහත් වනවා. ඒ  නිසයි මට සිනා පහළ වුණේ. බුදුරජාණන් වහන්සේත් ආනන්ද  හාමුදුරුවන් අතරත් ඇති  වූ මේ බලාපල්ලා මේ ශ්‍රමණ භවත් ගෞතමයන් කටට ආ දෙයක්ම  කියන හැටි? හත්  දවසක්ම මත්පැන් බී වෙරි වී සිටින මේ අමාත්‍යයා අද බණ අහලා  රහත් වෙනවාලු. මෙහෙම බොරු කාරයෙක්. හොඳයි අද අමාත්‍යයා රහත් නූනොත්, බොරුකාරයෙකු කරලා අවනම්බුවක් කරන්න ඕනෑ යැයි දෘෂ්ටිකයෝ කියමින් පැවැසුවා. ඔවුන් එසේ සවස් කාලයේ ජේතවනාරාමයට එකතුවෙන්නට පටන්ගත්තා. ඒ වාගේම බුදු දහම  පිළිගත් අයත් මේ තරම් මත් පැන් බී සිටින අමාත්‍යයා රහත් කිරීමට අද අපේ
බුදුරජාණන් වහන්සේ ඉතා ආශ්චර්යවත් ධර්මයක් වදාරනවා ඇති. ඒ නිසා උන්  වහන්සේගේ බුද්ධ මහිමය බලන්ටත්, රහත්වන අමාත්‍යයාගේ ලීලාව දැක ගන්නටත්,  යහපත් ධර්මයක් අහන්ටත් ලැබෙනවා කියා එහි රැස් වන්නට පටන් ගත්තා. මේ විදිහට  මිථ්‍යා දෘෂ්ටික උදවියත්, බෞද්ධ උදවියත් යන දෙපක්‍ෂයෙන්ම විශාල සේනාවක්  රැස් වුණා. අමාත්‍යයාත්, පිරිවර සමග දහවල් කාලයේ ජල ක්‍රීඩාවේ යෙදිලා, සවස  රජ්ජුරුවන්ගේ උයනට ගියා. එතැන විශාල නෘත්‍ය ශාලාවක අමාත්‍යයා ප්‍රධානවිශාල  පිරිස නෘත්‍ය බැලීමට සූදානම් වුණාම, රජ්ජුරුවන් දුන් නාටිකාංගනාව ගී  සින්දු කියමින් නටන්න පටන් ගත්තා. මේ හත් දවස ඇතුළත ඒ නාටිකාංගනාව හොඳට  කෑම් බීම් කරලත් නැහැ. යහමින් ආහාර අනුභව කළාම නටන්න අමාරුයි. මේ නිළියන්   නටන දවසට කෑම ටිකයි කන්නේ. ටික ටික කාපු නිසාත්, පිට පිට හය දවසක් වෙහෙස වී  සිටිය නිසාත් මේ දවසේ දී ටික වේලාවක් නටන විට ඇයට වාත කෝපයක් ඇති වුණා.  (එයට කියන්නේ සත්ථක වාතය කියලයි) මේ වාතය කිපුණාම හෘදය වස්තුව පීඩාවට පත්  වනවා. මේ අමාත්‍යයාගේ හිත ගිය ප්‍රධාන නිළියටයි මේ රෝගය හැදුණේ. ඇස් ඇරී කට ඇරී මේ තැනැත්ති බිම වැටුණා. තමන්ට නැටුම් පෙන්වද්දී මේ නිළිය මළ නිසා  අමාත්‍යායාට බලවත් ශෝකයක් ඇති වුණා. ‘පි‍්‍රය දේ ශෝකය අන්ත කොට තිබෙනවා.’   යන කියමනේ හැටියට හත් දවසක් අනුභව කළ පී‍්‍රතිය ශෝකයෙන් ඉවර වුණා. නොයෙක්  විදියට ශෝකය නැති කරගන්නට උත්සාහ කළහ. නමුත් බැරි වුණා. ඒ වේලාවේදී   අමාත්‍යයාට කල්පනා වුණා මම උදේ එද්දී බුදුරදුන් දැකලා ආචාර කරගෙන ආවා නේද  කියලා. සමහර විට උන්වහන්සේ ළඟට ගියොත් මට මේ ශෝකය නැති කරගන්න පුළුවන් වෙයි කියලා ඔහු හිතුවා. ඒ විදියට හිතලා පිරිවරත් සමඟ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමයට ගිහින් බුදුන්වහන්සේට වැඳලා, ‘ස්වාමීනී, මට මෙන්න මේ   විදියේ ශෝකයක් ඇතිවුණා. ඒ ශෝකය නැති කරන්න, ඔබ වහන්සේට පුළුවන් බව දැනගෙනයි ආවේ. ඒ නිසා මට පිහිට වන්න’ කියා ඉල්ලා සිටියා.’අමාත්‍යයාණනි, මේ නාටිකාංගනාවගේ මරණයෙන් මේ හැටියට ශෝකයට පැමිණිලා ඔබගේ ඇස් වලින් වැගුරුණා වූ කඳුළු වල ප්‍රමාණය බලනවා නම් මේ සතර සාගරයේ ජලයටත් වැඩියි. ඒ තරම් දීර්ඝකාලයක් මේ සංසාරයේ ඔබ ඇය නිසා ශෝක කළා.’ යනාදී ලෙස බුදුරදුන් ධර්ම දේශනා කළා. ඒ බණ අවසාන වනවාත් සමගම අමාත්‍යවරයා උතුම් වූ අරහත් මාර්ග ඥානය ලබාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදීම තේජෝ කසිණ සමාපත්තියට සම වැදිලා පිරිනිවන් පෑවා.

Tuesday, May 15, 2012

පින් පව් කරන අරුම පුදුම වැඩ

    ඔන්න අපිත් 2012 A/L අස්සේ තවත් පොස්ට් එකක් දාන්න කල්පනා කරලා දැම්මා මේක බලන්නකො.. මේක ලියන්න අපි ගොඩාක් කරුනු හොයාගත්තා බුදුසරණ පුවත්පතෙන්..
ඛුද්දක නිකායට අයත් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු යන ග්‍රන්ථ පරිශීලනය    කරන විට පින හා පව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඉතා පුළුල් අවබෝධයක්   ඇති කර ගැනීමට හැකිය. පින හා පව පිළිබඳ පිළිනොගන්නා මිථ්‍යාදෘෂ්ඨික   පිරිස්ද වෙසෙන සමාජයක, තාක්ෂණික දියුණුව ‘දියුණුව‘ යැයි කියා සිතාගෙන   සිටින බොහෝ දෙනකුට තම මිථ්‍යාමත සුණු විසුණු කර දමා ගැනීමට තිබෙන හොඳම   සාක්‍ෂිය නම් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු පාලියයි. මෙම කොටස් වලින්   
ඉදිරිපත් කෙරෙන කතා කියවා බැලීමෙන් අපට පුණ්‍ය විපාක හා පාප විපාක   ක්‍රියාත්මක වෙන අකාරය ඉගෙන ගැනීමට පුළුවන.


යම් කෙනකු මෙම කතා පුවත් ඉතා හොඳින් කියවා බැලුවහොත් පාප  ක්‍රියාවන්ගෙන් වෙන් වී පුණ්‍ය ක්‍රියාවල යෙදීමට අනිවාර්යයෙන්ම සිතට   ගනු ඇත. එමෙන්ම පව්කම්වල යෙදීම සම්පූර්ණයෙන්ම අත්හැර දමනු ඇත. විවිධ   පාප කර්ම වලට අනුව විඳීමට සිදුවී ඇති වචනයෙන් විස්තර කළ නොහැකි, ඉතා   
අමිහිරි, අප්‍රසන්න, කඨෝර , කටුක දුක් වේදනා පිළිබඳ දැනගත් විට,   අවබෝධයක් තිබෙන කිසිවකු පාප කර්ම කිරීමට කැමැතිවේද යන්න සැක සහිතය.

මෙම ලිපිය මගින් අප දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන්නේ කතා කිහිපයක්  පමණක් උදාහරණ වශයෙන් දක්වමිනි. එහෙත් මෙම කතා වැඩි ප්‍රමාණයක් කියවා   ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. වාණිජමය පදනම මත පමණක් රැඳී සිටිමින් හුදු   විනෝදාස්වාදය පිණිස ටෙලිනාට්‍ය , චිත්‍රපට, වේදිකා නාට්‍ය, නවකතා හා   කෙටි කතා ආදිය නිර්මාණය කරන, රචනා කරන නිර්මාණකරුවන්ට හරවත් වස්තු බීජ   
රාශියක් මේ කතා තුළින් ලබා ගත හැකිය. ඒ තුළින් මෙලොව පරලොව යහපත සලසා  
දීමේ මහඟු වැඩපිළිවෙළක් දියත් කිරීමට ඔවුන්ට හැකියාව සැලසේ. ඒ ඔස්සේ    එම නිර්මාණකරුවන්ට සුගති සම්පත් සලසා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවද සලසා ගත   හැකිවේ.

අනෙක් අතට පුද්ගල සන්තානය තුළ රාග, ද්වේෂ සහ මෝහ ජනනය කරන නිර්මාණ ඉදිරිපත් කිරීම එම නිර්මාණකරුවන්ට අහිත පිණිස පවතින අතර තමන්   පිළිගත්තත් නොපිළිගත්තත් මරණින් මතු දුගතියට යෑමට සිදුවීමේ ඉඩ ඇත. ඒ බව   අප මෙහි දී දක්වන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුවය. මේ වන විට කුඩා   දරුවන්ගේ සිත් සතන් හුදු විනීදාස්වාදයටම බර කරන කාටුන් වැඩසටහන් අප රටේ
   ඉතාමත් ජනපි‍්‍රයව පවතී. ඒවා තුළින් දරුවාට රට , දැය , සමය ආදිය පිළිබඳ    කිසිදු ආකාරයක හැඟීමක් හෝ අපගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ජාතික වීරවරුන්    ගැන කිසිදු තොරතුරක් හෝ අධ්‍යාපනයක් හෝ ලබා නොදෙයි. ඒවායින් දරුවාට   ලැබෙන කිසිදු දහම් දැනුමක්ද නැත. දරුවාගේ පෞරුෂ වර්ධයක් ඒ තුළින් සිදු   නොවේ. දැනට ශ්‍රී ලංකාවේ විකාශය වන සමහර කාටුන් පිටරටවලින් ආනයනය කරන   ඒවා වන අතර ඒවාට කෝටි ගණන් මුදල් යට කිරීමට සිදු බව වාර්තා වෙයි.

එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම බෞද්ධ රූපවාහිනි නාලිකාව වන, ගෞරවනීය   දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යනු   ලබන බෞද්ධයා නාලිකාව ඔස්සේ අප බෝධී සත්වයන් වහන්සේගේ චරිත කතා මුල්   කරගෙන ඉතා වටිනා කාටුන් වැඩසටහන් පුංචි දරුවන්ට නැරැඹීමට අවස්ථාව සලසා   දී තිබීම අප කවුරුත් අගය කළ යුතුය. එමෙන්ම මේ රටේ චිර ප්‍රසිද්ධ චිත්‍ර  
 කතා රචකයන් දෙපොළක වන සඳලංකාවේ සුමතිපාල හා ජෝතිපාල දෙසොහොයුරන් එකල   විකට හා ආදර කතා වැනි සාමාන්‍ය චිත්‍ර කතා රචනා කළත් දැන්, පූජනීය   කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, බුද්ධ කාලීන   භාරතයේ සිදුවූ සත්‍ය සිද්ධී මුල්කොට ඉතාමත් වටිනා චිත්‍රකතා පෙළක්   නිර්මාණය කොට තිබේ. සෑම දරුවකුම කියවිය යුතු චරිත කතා පෙළක් ලෙස ඒවා 
හැඳින්විය හැකිය. බාහියදාරුචීරිය මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන්   වහන්සේ සහ සුමන සාමණේරයන් වහන්සේ වැනි උදාර චරිත මෙම කතා පෙළෙහි දක්නට   ලැබේ. කර්ම විපාක විඳීමට සිදුවන ආකාරය ආදිය එම කතා තුළින් විමසා දත   හැකිය.

දැන් අපි පේ‍්‍රත වස්තු පාලියේ දෙවැනි වර්ගය වන උබ්බරීවර්ගයෙ දෙවැනි   කතාව මඳක් විමසා බලමු. එහි නම් සාරිපුත්ත ථෙරස්ස මාතු පේත වත්ථු ‘   නම්වේ. එනම්, පෙර භවයක සාරිපුත්ත තෙරුණ්ගේ මව ගැන කියැවෙන පේ‍්‍රත   වස්තුවයි. කලින් භවයකදී සැරියුත් මහ රහතන් වහන්සේගේ මෑණී කෙනෙකුව සිටි   
තැනැත්තියක් තමන් විසින් කරන ලද පාප කර්ම මුල් කරගෙන පේ‍්‍රත ලෝකයේ   ඉපදුණි. ඇය සැරියුත් මහ රහතන් වහන්සේ බැහැ දකින්නට වූ පැමිණ තමන් විඳින   අනන්ත දුක් විස්තර කළාය. තමන් මහා බඩසයින් පෙළෙන බවත් ආහාර පිණිස   ගැනීමට සිදු වී ඇත්තේ කාරා විසි කරන කෙළ ,සොටු, සෙම, පිලිස්සෙන   
මළසිරුරුවලින් උතුරන වුරුණූ තෙල්, දරුවන් වදද්දී ගලන ලේ , තුවාලවලින්   වැගිරෙන ලේ, සැරව, ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසූචි සහ   සත්තුන්ගේ ලේ සැරව ආදිය බවත් ඇය විසින් පවසන ලදී. පිහිට පිළිසරණක් නැති   ඇය අමු සොහොනේ නිදාගන්නා බවත් පැවසුවාය. ඒ නිසා ඇය ඉල්ලා සිටියේ ලේ,   
සැරව අනුභව කරන ජීවිතයෙන් ගැලවීමට දානයක් දී පින් අනුමෝදන් කරන ලෙසයි.

ඉන්පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇගේ වචනයට කන්දි මුගලන් මහ රහතන්   වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ හා කප්පිත මහරහතන් වහන්සේ යන මහ   රහතන් වහන්සේට මේ පිළිබඳ දැනුම් දී කුටියක් සාදා සිව් දිශාවෙන් වඩින   මහා සංඝරත්නයට පූජා කොට ආහාරපාන ආදියත් මහා සංඝරත්නයට පූජා කොට ඒ පින ඒ   මැණියන්ට අනුමෝදන් කළ සේක. එසැණින්ම ඇගේ සිරුර පිරිසිදු වී පවිත්‍ර   
වස්ත්‍රවලින් සැරසුණු අතර ඒවා කසී සළුවලටත් වඩා උසස් වූ අතර ඉන්පසුව ඇය   සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැසීමට පැමිණියාය. ඉන්පසුව මහ රහතන්   වහන්සේට ඇය දකින්නට ලැබුණේ සෑම දිශාවකින්ම බබළන ඕෂධී තාරුකාවක් මෙනි.   ඇයට එවැනි දිව්‍යමය තත්ත්වයක් හා බැබළීමක් ලැබුණේ සැරියුත් මහරහතන්   වහන්සේ සිදුකරන ලද පින අනුමෝදන් වීමෙනි.

ඇතැම් අය සිතාගෙන සිටින්නේ තමන් කොයි ආකාරයෙන් ජීවත් වුවත් සිදුවන   විශේෂ අයහපතක් නැති බවයි. එහෙත් ශාරිපුත්ත මහ රහතන් වහන්සේට මීට පෙර   භවයක මැණියන් වූ තැනැත්තියටත් මෙවැනි භයානක ඉරණමකට මුහුණදීමට සිදුවූවා   නම් අප ගැන කවර කතාද? එතුමිය ගලවා ගැනීමට එදා සාරිපුත්ත තෙරුණ් වහන්සේ   වැඩ සිටියා වුවත් අද අපව ගලවා ගන්නේ කවුද?

එමෙන්ම ‘මත්තා ‘ පේතවත්ථූවේද අපට ඉතාමත් වැදගත් වන , එමෙන්ම වර්තමාන   සමාජයටත් ඉතාමත් අත්‍යවශ්‍ය කතා ප්‍රවෘත්තියක් දක්නට ලැබේ. ‘තිස්සා ‘   සහ ‘මත්තා ‘ නම් වු බිරින්දෑවරුන් දෙදෙනකු අතරින් මත්තා නම් තැනැත්තිය   විවිධ අකුසල කර්ම කිරීම නිසා පේ‍්‍රත ලෝකයේ ඉපිද අපමණ දුක් විඳින   
ආකාරයත් පසුව පින් අනුමෝදන් වී ඒ තත්වයෙන් මිදුණූ ආකාරයත් දැක්වේ. ඇගේ   සිරුරේ නූල් පොටක්වත් නොතිබූ අතර කෙට්ටු, නහරවැල් පෑදුණූ, ඉලඇට ඉල්පී   ඇති සිරුරක් ඇයට හිමි විය. එයට හේතු වූයේ මිනිස් ලොව සිටිද්දි ඇය සතු   වු දුර්ගුණයන්ය. එනම් නපුරු බව, පරුෂ වචන කීම, ඊර්ෂ්‍යා කිරීම, මසුරුකම   හා කෛරාටික වීමයි. එමෙන්ම ඇගේ මුළු සිරුර පුරාම පස් තැවරී තිබුණි. එයට   හේතුව තිස්සා නම් බිරිඳ නා පිරිසුදු වී ලස්සනට හැඳ ගෙන සිටින අවස්ථාවක   මත්තා කළේ ඊටත් වඩා අලංකාර වීමයි. ඉන්පසුව තිස්සා ස්වාමියාත් සමග කතා   කිරීම නුරුස්නා ලද මත්තා ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයෙන් පස් අහුරකින්   තිස්සාට දමා ගැසීමේ පව මේ තත්ත්වයට පත්වීමට හේතුව විය. එමෙන්ම එකී   පේ‍්‍රතිය සිටියේ සිය ශරීරය පුරාම කසමිනි.එයට හේතු වූයේ මේ දෙදෙනා   කැලයට බෙහෙත් සොයා ගිය විටෙක තිස්සා බෙහෙත් ගෙනාවත් මත්තා කහඹිලියා   ගෙඩි ගෙනැවිත් ඒවා නිස්සාගේ ඇෙඳ් විසුරුවා දැමීමයි.

ඊළඟට ඇයට නිර්වස්ත්‍රයෙන් සිටීමට සිදු වූයේ තවත් එබඳුම අකුසල කර්මයක   පාක වශයෙනි. එකල යහළුවන් හා නැදැයන් එකතු වූ අවස්ථාවකට ආරාධනාව   ලැබුණේ. ස්වාමියාටත් තිස්සාටත්ය. ඒ අවස්ථාවේදි මත්තා \ස්සාගේ   වස්ත්‍රයක් සොරකම් කිරීම හේතුවෙන් මෙම කර්ම විපාකය ලැබුණි. එමෙන්ම ඒ   පේ‍්‍රතියගේ ශරීරයෙන් අසූචි ගඳක් හැමීය. එයට හේතුව වූයේ තිස්සා නම්   බිරිඳගේ සුවඳ වර්ග, මල් මාලා සහ වටිනා සුවඳ විලවුන් මත්තා විසින්   වැසිකිළි වළක දමනු ලැබීමයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ යමකු යම් අකුසල   කර්මයක් කළහොත් ඒවායේ විපාක මේ ආකාරයෙන් ලබා දෙන බවයි.

වත්මන් සමාජයේද බොහෝ දෙනෙක් කිසිදු ගණනකට නැතිව මෙවැනි අකුසල කර්ම හා     අකටයුතුකම් සිදු කරති.


ඒ අයටද මේ අයුරින් පේ‍්‍රත ලෝකයේ ඉපදී විපාක විඳීමට සිදු වීමේ අවදානම   ඇත. එසේ නැතිනම් නිරය, තිරිසන් අපාය සහ අසුරකාය ආදියට යෑමේ අවදානම ඇත.

පේ‍්‍රත වස්තු ඇසුරෙන් අකුසල විපාක විඳීමට සිදුවන ආකාරය කතාපුවත්   දෙකකින් ඉහත ගෙන හැර දක්වනු ලැබිණි. දැන් අප පුණ්‍ය විපාක පිළිබඳව   විමසා බැලීම වටී. පැහැදුණූ සිතින් යුක්තව කුඩා හෝ පිනක් කර ගත්තද ඒ   සඳහා යහපත් පුණ්‍ය විපාක හිමිවන බව විමාන වස්තුවේ ඇති කතා ප්‍රවෘත්ති   වලින් ප්‍රකට වේ. එයට උදාහරණ විමාන වස්තුවේ පීඨවිමාන කතා වස්තු ඇසුරෙන්   පැහැදිලි කරමු. එක් තැනැත්තියක මනුෂ්‍ය ලෝකයේ සිටින කාලයේදි ස්වාමීන්   වහන්සේට එමෙන්ම මහ රහතන් වහන්සේට වැඩ සිටීමට ආසනයක් පිළියෙළ කොට වන්දනා   කොට නමස්කාර කොට දානයක් පූජා කර ගැනීමෙන් ලබාගත් පුණ්‍ය විපාක අනුව   දිව්‍ය ලෝකයේ දේවතාදුවක් ලෙස ඉපිද උසස් සැප අනුභව කිරීමට වරම් ලබා 
තිබේ. ඒ අනුව අලංකාර දිව්‍ය සළුපිළි සහ දිව්‍ය මල්මාලා ඇයට හිමි විය.   හිඳ ගැනීමට තිබෙන ආසනයද මනරම් දැකුම් කළු වූවකි. එය රනින් නිමවූවක් වන   අතර තමා කැමැති දිශාවට සිතේ වේගයෙන් ගමන් කරයි. එවිට ඇය බබළන අතර   වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වැන්න.

ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ නමකට පුටුවක් පූජා කර ගැනීම තුළින්   මෙවැනි මහානුභාව සම්පන්න තත්ත්වයක් ඇතිවේනම් තවත් පින්කම් කරන්නේ නම්   ලැබෙන ආනිශංස ගැන කවර කතාද? එබැවින් අප ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සරණ   ගොස් ඒ ශි‍්‍ර සද්ධර්මය පිළිගෙන කටයුතු කළහොත් අපට පේ‍්‍රත ලෝක ආදියේ   කටුක දුක් වේදනාවලින් මිදී දිව්‍යාලෝකවල දිව්‍යමය සැප අනුභව කිරීමට  
අවස්ථාව ලැබේ. කෙසේ වෙතත් ඒ සැපත් තාවකාලික බැවින් අප උත්සාහ කළ යුත්තේ 
 පරම සැප වූ නිවන් සැප මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීමටය. ඔබ සැම   දෙනාටම ඒ භාග්‍යය උදාවේවා!

Sunday, May 13, 2012

ඔබත් හොල්මන් විශ්වාස කරනවාද?

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අපි අවා පොස්ට් එකක් දාන්න.. මොකද අපේ සෙට් එකට මේ පාර උසස් පෙළ. ඉතින් පාඩම් කරනවා පන්ති යනවා ගොඩක් වැඩ.. බලන්නකො අද අපි ලියපු පොස්ට් එක..

හොල්මන් අවතාර විශ්වාස කරන්න ආමාරුයි.ඒත් අද සමාජය දෙස බැලුවහම හොල්මන් අවතාර පිළිගන්න අය ජීවත් වෙනවා.අපට හොල්මන් අවතාර ගැන මුලින්ම දැන ගන්නේ අපි පුංචිම කාලයේදී.කොහොම උනත් ඉතින් ලොකු කුඩා කවුරුත් හොල්මන් අවතාර ගැන කථා අහන්න තියෙන්නෙ පුදුම කැමත්තක්නෙ.බොහෝ පොත්පත්වලත් හොල්මන් ගැන සදහන් වෙනවා.


සමහර අය මේ හොල්මන් අවතාර දැකල තියනව කියලත් කියනවනෙ. විද්‍යාත්මකව ඔප්පුකරල නැති උනාට හොල්මන් අවතාර කියල දෙයක් ඇත්තටම තියනව වෙන්නත් පුලුවන්.සමහර ස්ථාන වල හොල්මන් අවතාර තියනව කියල අපිට අහන්න ලැබෙනව. පාලු ගෙවල්, සොහොන් පිටි වගේ තැන්වල හොල්මන් අවතාර ගැවසෙනව කියල බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.ඇත්තෙන්ම මම නම් හිතන්නේ හොල්මන් කියලා දෙයක් නැහැ කියලා.පාලු ගෙවල්,සොහොන් පිටි ළගින් යන කොට සමහර අය කියනවා ඔතන හොල්මන් ඉන්නව කියලා.එතකොට ඒ පුද්ගලයාට ඒ ගැන බය හිතෙනවා.එතනින් යන කොට යන්නේ බයෙන්.ගහක කොළයක් බිමට වැටුණත් ඔය ඉන්නේ හොල්මනක් කියලා බයේ දුවනවා.


මට මේ හොල්මන් අවතාර ගැන ලියන්න හිතුනේ අපේ පැත්තෙත් ඔය වගේ සිද්දියක් වුන නිසා.ඒ ගෙදර අය හොල්මන් දැකලා බය වෙලා.දැන් ඒ අයට හොදයි.මම නම් හිතන්නේ හොල්මන් අවතාර තියෙන්නේ ‍අපේ සිත තමයි කියලා. ඇත්තටම හොල්මන් අවතාර කියලා දෙයක් තියෙනවද?ඔයලා හිතන්නේ කොහොමද?

Tuesday, May 8, 2012

ගෙදරටම වෙලා Dongale එකේ Lock එක කඩමු

මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.

මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.





මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන් 
http://bb5.at/huawei.php?imei=###############
ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම්
http://bb5.at/huawei.php?imei=354300020014078

(needs internet connection)

එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock code එක සදහන් වෙනවා.


අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 41850586

දැන් කොහොමද unlock කරන්නේ. වෙන SIM එකක් දැම්මම Mobile partner ම unlock code එක ඉල්ලනවා නම් මේ code එක එන්ටෙර් කරන්න. එහෙම නැත්නම් පහත ක්‍රමය කරන්න

මුලින්ම මොඩෙම් එක සම්බන්ධ කරලා mobile partner රන් මෙවවනම් එකෙන් exit වෙන්න. ඊට පස්සෙ settings->control panel->system->hardware->device manager open කරගන්න. දැන් ports යටතේ HUAWEI Mobile Connect – 3G PC UI interface කියන එක හොයාගෙන එකත් එක්ක තියෙන COM පොර්ට් නොම්බරය බලාගන්න. 


අපේ උදාහරනයේ විදිහටනම් COM4.

ඊලගට programs ->accessories ->communications –>Hyperterminal
වෙත ගොස් HyperTerminal window ලබාගෙන කලින් බලාගත් පොර්ට් එකට සදහා පිහිටුම් සකස් කරගන්න.









දැන් HyperTerminal එක connect කරගන්න.



දැන් මේ එකේ AT (A යතුර, T යතුර සහ Enter යතුර) විධානය ලබාදෙන්න. එතකොට සියල්ල නිවරදිව තිබෙනම් "OK" යනුවෙන පිලිතුරු ලබෙවි. මීලගට 
AT^CARDLOCK= "########" විධානය ලබාදෙන්න.  ######## කියන්නේ අදාල කේත අංකයයි. අපේ උදාහරනයේ විදිහටනම්
AT^CARDLOCK="41850586"

එවිට පිලිතුරු වශයෙන්
^CARDLOCK 2,10,0 ලබෙවි.

දැන් unlock කිරීම ඉවරයි. මොඩෙම් එක කැමති විදිහකට පාවිච්චි කරන්න පුලුවන්. වෙනස් පිලිතුරක් ලැබුනොත් යම් තැනක වරදක් වෙලා තියෙනවා. නැවත උත්සාහ කරන්න කලින් මේකෙ comment එකක් දාන්න. (උත්සාහ කරන්න පුලුවන් 10 වරක් පමනයි).


මේ අගොස්තු අපි සෙට් එකට උසස් පෙළ නිසා පොස්ට් දැමිම තවකාලිකව අදින් නවත්තනු ලැබේ.. යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් අමතන්න අපට


අපව සම්බන්ධ කර ගත හැකි මාර්ග
Tel | දු.අංකය  : +94774483783
Email | ඉමේල් : dilranga@ymail.com
                         lahirudilranga@gmail.com
FB                 : www.facebook.com/ranga3d                       www.facebook.com/SoftZoneKalutara


Friday, May 4, 2012

ශ්‍රද්ධාව හා ප්‍රඥාව මතුගම මහින්ද හිමියන්ගේ බසින්


පානදුර රාජකීය විද්‍යාලයේ ධර්මාචාර්ය මතුගම මහින්ද හිමි විසින් ශ්‍රද්ධාව හා ප්‍රඥාව විස්තර කරන අයුරු බලන්න මෙසේ.

ක්‍රි.පූ. 6 වන සියවස වන විට ඉන්දියාවේ පැවැති ආගමික දර්ශන මතවාද බොහොමයක් ඉදිරිපත් වී තිබුණේ භක්තිවාදය පදනම් කර ගෙන බව පෙනේ. භක්තිය යනු යම්කිසි අදෘෂ්‍යමාන බලවේගයක් හෝ දෙවියෙක්, බ්‍රාහ්මණයෙක් විශ්වාසයේ තබා ඇදහීමයි. මේ කාලය වන විට අප මහා බෝසතාණෝ තුසිත දෙව්ලොව සන්තුසිත දෙව් රජව වැඩ සිටි බව සඳහන් වේ. එතුමන්ට ජම්බුද්දීපයේ උපත ලැබීමට කාලය, දීපය, දේශය, කුලය, මව් යන පස් මහා බැලුම් බලා ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජුට හා මහාමායා දේවියට දාව වෙසක් පුණු පොහෝදා ලුම්බිණි නම් සල් උයනක බෝසත් කුමරු නමින් උපත ලැබීය .
මෙපින්වත් කුමරු ලෝකයට අර්ථයක් සිදු කරන බව දත් පේනකරුවන් සිදුහත් හෙවත් සිද්ධාර්ථ යන නම තැබීය. සියලු ශිල්ප හැදෑරූ සිදුහත් කුමරු සොළොස්වන වියේදී යසෝධරා නම් දේවිය සමඟ විවාහ පත්ව අවුරුදු 13ක් ගිහි සැප විඳ අවුරුදු 29 දී ගිහි සැප හැර මහා අභිනිෂ්ක්‍රමණය කළහ. පසුව පැවැදි වෙස් ගත් බෝසත් තවුසාණෝ පරම සත්‍ය සෙවීමට අවුරුදු 06 ක් දුෂ්කර ක්‍රියා කොට නිවනට මඟ එය නොවන බව දැන ශරීරයට සැප දුන්හ. දුක සැප දෙක නිවනට බාධා ගෙන දෙන බව දත් බෝසත් තවුසාණෝ සමබර දිවියක් පවත්වාගෙන යමින් මධ්‍යම ප්‍රතිපදාවෙන් (මැදුම් පිළිවෙතින්) සම්මා සම්බුද්ධත්වයට පත් වූහ.
අප එදිනදා ජීවිතයේදී බුද්ධ චරිතය හඳුනා නොගෙන විවිධ නාමයන්ගෙන් බුදුරජාණන් වහන්ස්ට ආමන්ත්‍රණය කරයි. සන්තුසිත දෙව් රජ බෝසත් කුමරු නමින් ද, බෝසත් කුමරු සිදුහත් කුමරු නමින් ද, සිදුහත් කුමරු බෝසත් තවුසා නමින් ද බෝසත් තවුසෝ බුදුරජාණන් වහන්සේ නමින් ද විවිධ චරිත නිරූපණය කළ අතර, මෙයින් ශ්‍රේෂ්ඨතම චරිතය බුද්ධ චරිතයයි.
බුදුබව ලැබූ බෝසත් තවුසෝ ලොවට හඳුන්වාදුන් බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය යන තෙරුවන් හි සූවිසි ගුණ සමුදාය හරියට අවබෝධ කරගත් තැනැත්තා නියම ශ්‍රද්ධා වන්තයාය. මෙම ලිපිය සමාරම්භයේදී සඳහන් කළ භක්තිය ශ්‍රද්ධාවට වඩා වෙනස් ය. භක්තිය අදෘෂ්‍යමාන බලවේග කෙරෙත් ශ්‍රද්ධාව තුණුරුවන් කෙරෙත් බැඳී ඇති බව ඔබට පසක් කර ගැනීමට අපහසු නොවනු ඇත.
බුදු දහම හඳුන්වාදෙන නිවන ආරම්භ වන්නේ ශීලයෙන් නොව ශ්‍රද්ධාවෙනි. ශ්‍රද්ධාව නැති තැනැත්තා තුණුරුවන් විශ්වාස නොකරයි. ශ්‍රද්ධාව ඇතොත් ඔහු සීලවන්තයෙක් වනු නොඅනුමානයි. බුදුදහමට පමණක් උරුම වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරයි. එනම් ශ්‍රද්ධාව, ශීලය, චාගය, සමාධිය (භාවනාව) හා ප්‍රඥාවයි. ශ්‍රද්ධාවන්තයා හැමවිටම ශීල වන්තයෙකි. බෞද්ධයා ආරක්ෂා කරන ශීලය පන්සිල්, අටසිල්, දසසිල්, ආජීව අට්ඨමක සිල්, සාමණේර දසසිල්, උපසම්පදා සිල් පමණක් නොව විනය පිටකයේ භික්ඛුඛන්ධකයේ විනය නීති 227 ක් ද, භික්ඛුණි ඛන්ධකයේ විනය නීති 223 ක් ද නිර්දේශ කරයි.
එවැනි ශිලයක් ලෝකයේ කිසිම දහමක් දර්ශනයක් ඉදිරිපත් නොකරයි. එසේම ශීලයේ පිහිටි බෞද්ධයා මීළඟට චාගය හෙවත් පරිත්‍යාගය පුරුදු කරයි. චාගය යනු දානයයි. බුදුදහම දානය විග්‍රහකර ඇත්තේ මානවයාගේ තණ්හාව නැති කොට නිවනට මග පෙන්වන ආකාරයටයි. බෝසතාණන් වහන්සේ කල්ප ගණනක් සංසාරයේ සැරි සරමින් දාන පාරමිතා, දාන උප පාරමිතා, දාන පරමත්ථ පාරමිතා පුරුදු පුහුණු කළේ බුදු බවට මාර්ගය එයම වන නිසාය. මෙවැනි දානාධ්‍යාශයක් කිසිම ආගමක, දර්ශනයක දක්නට නොලැබේ.
දානය පුරුදු පුහුණු කරන බෞද්ධයා මීළගට පුරුදු පුහුණු කරන්නේ සමාධිය හෙවත් භාවනාවයි. නිවැරදි භාවනාව ඇත්තේ ද බුදු දහමේ පමණි. බුදුදහම ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් හඳුන්වා දෙයි. එනම්,
1. සමථ භාවනාව
2. විදර්ශනා භාවනාව
සමථ භාවනාවට පාදක වූ කමටහන් 40 කි. එය වඩන තැනැත්තා සිත දියුණු කරයි. එසේ සිත දියුණු කරන තැනැත්තා මීළඟට පුරුදු පුහුණු කරන්නේ විදර්ශනා භාවනාවයි. මෙය බුදු දහම හඳුන්වන්නේ ප්‍රඥා භාවනාව යනුවෙනි. ප්‍රඥාව ඇත්තේ බුදු දහමේ පමණි. අප ප්‍රඥාවන්තයින් යයි කියන්නේ බුදු, පසේබුදු, මහා රහතුන් වහන්සේලාටයි. මෙහි සඳහන් ප්‍රඥව යනු කුමක්ද? ප්‍රශ්නයකි.
බුදුදහම ප්‍රඥාව යයි කියන්නේ සත්ත්ව ශරීරයේ ඇති රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ යන පංචස්කන්ධය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් දැකීමයි. එසේ දුටු උතුමෝ නම් බුදු, පසේබුදු, මහා රහතුන්මය. මේ අනුව නිවනට මඟ ආරම්භ කරන්නේ සීලයෙන් නොව ශ්‍රද්ධාවෙන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයෙන් පසක් කොට ගෙන මෙ දුක් ඇති සසරින් එතරව අපි නිවනට මඟ සලසා ගමු.


සටහන

Thursday, May 3, 2012

වෙසක් ගැන අපි කියන කථා


වෙසක් පුන් පොහෝ දිනය සමස්ත විශ්වයටම ඉතා වැදගත් දිනයක් ලෙස හැදින්විය හැක. එය හුදෙක් ලංකා වාසීන්ට පමණක් නොව, සියලුම සත්ත්ව ප්‍රජාවටම ඉතා වැදගත් දිනයකි. ලොව අතිශය දුර්ලභ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ බුද්ධත්වය අපේක්ෂාවෙන් ලබනු ලබන අවසන් ජන්මොත්සවයත්, සම්මා සම්බුද්ධත්වයට පත් වීමත්, ස්ඛන්ධ පරිනිර්වාණයට පත්වීමත් යන කරුණු තුන විශේෂයෙන් මෙම පුර පසලොස්වල පුන් පොහෝ දින සිහිපත් කෙරේ. මීට අමතරව,
  • බෝ සතුන්ගේ ශ්‍රේෂ්ට සිංහනාදය සිදු කිරීම.
  • කිසාගෝතමියගේ නිබ්බුත පද ඇසීම.
  • රාහුල කුමරුන්ගේ උපත.
  • ගිහිගෙය හැරයාම.
  • යමාමහ පෙළහර පෑම.
  • බුදුරජානන් වහන්සේ කැලණියට වැඩම කිරීම.
  • විජයාගමනය.
  • දෙවන පෑතිස් රජුන්ගේ දෙවන රාජාභිෂේකය.
  • රුවන්වැලි මහා සෑය තැනීම ආරම්භ කිරීම.
  • ආනන්ද මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වීම.
  • සිංහල බෞද්ධ අභිෂේක දිනය.
  • මහාවිහාර උපසම්පදාව යන කරුණු සියල්ලම සිදු වූයේ වෙසක් මාසය තුලය.
වසරකට යෙදෙන පොහොය 12 අතරින් ඉතාම වැදගත් ම  පොහොය ලෙස වෙසක් පුර පසළොස්වක පොහොය හැදින්විය හැකිය. විශේෂයෙන් බුදුරජානන් වහන්සේගේ ජිවිතයේ වැදගත් ම මංගල කරුණු තුනක් සිහිපත් කෙරෙන මෙම දිනය '' සක්වල වයිශාක්‍ය  මංගල්‍ය '' ලෙස හැදින්විය හැකිය. පරිසරහි පවා මහත් වෙනස්කම් රාශියක් දැකිය හැකි මෙම කාල පරාසය තුල ගහකොළ පලබරින් යුක්තව මලින් අලංකාරවත්වී බබලනු දැකිය හැකිය. සතා සිවුපාවා පවා තම අලුත ලොව එලිය දුටු පැටවුන් සමග ඉතා සතුටින් කල්ගත කරනු දැකගත හැකිය. ඉතා ශීතල හා ඉතා උණුසුම් නොවූ කාලගුණික තත්වයකින් යුක්ත, මද්‍යස්ථ කාලගුණික තත්වයක් මෙම කාල පරිච්චේදය තුල දැකගත හැකිය. මේ සියලු දෙනාගේම උත්සාහය බෝධිසත්ත්වයින් වහන්සේගේ ජන්මෝත්සවය සැමරීම බව නම් විශේෂයෙන් ම කිව යුතුම ය. 

ඇතැම් ශාස්තෘවරුන්ගේ ජීවිතයෙහි විශේෂ අවසථා සිහිපත් කිරීමේදී බොහෝවිට අපට දැකගත හැකිවන්නේ ලක්ෂ සංඛ්‍යාත සත්ත්ව කොට්ඨාසයකට තම තමන්ගේ ජීවිතය පූජා කිරීමට සිදුවන බවයි. නමුත් බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරනවිට මීට හාත්පසින්ම වෙනස් වූ ස්වභාවයක් දැකගත හැකිය. අර්ථාන්විත වූ අවිහිංසාවාදයක් පදනම් කරගත් බුදුදහම තුල දහස් සංඛ්‍යාත සත්ත්වයන්ගේ ජිවිත අභය දානය ලැබීමෙන් සැනසීමට පත් වෙති. සමස්ථ බෞද්ධ ජනතාවම දන් දෙති , සීලාදී ගුණධර්ම ආරක්ෂා කරති , භාවනාමය පුණ්‍ය කර්ම වල යෙදෙති.... මෙසේ සමස්ථ ලෝකයාම බිය වෙනුවට සැනසීම ලබති. මෙත්තා , කරුණා , මුදිතා , උපේක්ෂා යන ශ්‍රේෂ්ට වූ විහරණයන් වඩාත් වර්ධනය කරන කාල පරාසයක් ලෙසින් මෙම කාල පරාසය හැදින්විය හැකිය.
මෙම මහා භද්‍ර කල්පයට අසංඛේය්ය කල්ප සතරකුත් කල්ප ලක්ෂයකට පෙර දීපන්කර නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුන් ලොව පහල වුහ. ලෝක සත්ත්වයාට මහත් අනුකම්පාවෙන් ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලීමේ එකම බලාපොරොත්තුවෙන් යුක්තව උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට දේශනා කරමින් ගම් දනවු සිසාරා වැඩම කරමින් ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලූහ. එකල්හිදී සුමේධ නම් මහා පණ්ඩිතයෙක් හිමවත් පව්ව අසුරුකරමින් ධ්‍යාන වඩමින් කල්ගත කළේය. දිනක් එතුමා රම්‍ය නම් නගරය ඉහල ආකාසයෙන් ගමන් කරන විට ඒ නගරයේ සියලුම මිනිසුන් එකතු වී ඉතා අලංකාරවත් ලෙසින් එම නගරය සරසනු දුටුවේය. එසේ දැක එම නගරයට පැමිණ මේ සඳහා කාරනා කුමක් දැ යි විමසා දැනගෙන '' බුද්ධ '' යන නමත් ඇසීමට ඉතා දුර්ලභය යැ යි කියා තමන්ටත් යම් වැඩක් කරන්නට හැකි දැ යි විමසා සිටියේය. එවිට එම නුවරුන් කතිකා කොට නිම කිරීමට අපහසු හාත්පස මඩින් ගැවසුණු ප්‍රදේශයක් සරසන ලෙස භාර දුන්නේය.
තමන්ගේ ධ්‍යාන සමාපත්ති සුවයෙන් දිව්‍ය ලෝකයන්ගෙන් පවා දිව්‍යමය රතනයන් රැගෙනවිත් හෝ හිමවත් පව්වෙන් අනර්ඝ මල් ගෙනවිත් තමන්ට ලැබුණු කොටසෙහි කටයුතු අවසන් කල හැකි වුවත් අද මම කය ම වෙහෙසා බුදුරජානන් වහන්සේට පූජාවක් කලයුතු යැ යි සිතා වෙහෙස මහන්සි වී එම කොටස පිළිසකර කරන්නට විය. නමුත් ඒ වනවිට හාර ලක්ෂයක් මහා රහතුන් වහන්සේලා පිරිවරාගෙන දීපංකර දසබලයන් වහන්සේ පිඩු පිණිස රම්‍ය නගරයට පිවිසියහ. තමන් ලත් බිමෙහි වැඩ අවසන් කරගත නො හැකි වූ සුමේධ පණ්ඩිතයන් වහන්සේ තමන් ඇද සිටි අඳුන් දිවි සම්කඩ බිම අතුරා දසබලයන් වහන්සේ ඇතුළු හාර ලක්ෂයක් මහරහතන් වහන්සේලා බිමෙහි ඇති මඩ නො පාගා මාගේ ශරීරය මත පා තබා මෙයින් ඔබ්බට වැඩම කරත්වා යි සිතා, අද දින මම මගේ ජීවිතය බුදු පාමොක් මහා සඟ රුවනට පූජා කරනවා යැ යි සිතා බිම වැද හොත්තේය. මෙම ස්ථානයට පැමිණි බුදුරජාණන් වහන්සේ මොහුගේ සිතුවිලි බලා මම මෙන් මොහුත් බුද්ධත්වය ම ප්‍රර්ථනා කොට මෙහි වැතිර සිටින බව දැන නියත විවරණ දී වදාළහ. එතැන් පටන් සසර සැරිසරන්නා වූ මුන් වහන්සේ දාන , සීල , නෙක්ඛම්මාදී වශයෙන් සම තින්සත් පාරමිතා පූරණය කොට වෙස්සන්තර ආත්ම භාවයෙන් මිදී '' සන්තුසිත '' නම් දිව්‍ය පුත්‍රයාව ඉපිද තුසිත දිව්‍ය ලෝකයෙහි වාසය කළේය. දිනක් සන්තුසිත දිව්‍ය පුත්‍රයා වෙත පැමිණි දස දහසක් සක්වල දෙවි බඹුන් '' මහා වීරයන් වහන්ස... ඔබ වහන්සේ සක්විති රජකමක් හෝ සක්‍ර පදවියක් .... ප්‍රර්ථනා කරමින් පාරමී දහම් නො පිරුවෙමු. හුදෙක් බුදුබව ම ප්‍රර්ථනා කරමින් ම සියලු දුක් කම්කටොලු විදිමින් භයානක සසරෙහි පැමිණියෙමු. දැන් එම කටයුත්ත සඳහා කාලය පැමිණ ඇත. මහා වීරයාණන් වහන්ස බුදු බව ලැබීම සඳහා මවුකුස පිළිසිඳ ගන්නා මැනවි '' යැ යි ආරාධනා කළහ. පසුව එම ආරාධනාව භාරගත් සන්තුසිත දිව්‍ය පුත්‍රයා කාලය , දීපය , දේශය , කුලය , මව යන පංච විලෝකනයන් සම්පූර්ණ කොට මහාමායා නම් උතුම් ගුණැති බෝධිසත්ව මාතාව කුස පිළිසිඳ ගත්හ. රන් ගුහාවක වෙසෙන කේසර සිංහරාජයෙකු සේ පූර්ණ දස මසක් කුස තුල සිටි බෝධිසත්ත්වයින් වහන්සේ වෙසක් පුර පසළොස්වක පොහෝ  දින ලුම්බිණි සල් උයනේහිදී මිනිසත් ලොව උපත ලැබුවේය. මවු කුසින් ලොව එලිය දුටු උන්වහන්සේ ප්‍රථමයෙන් ම බ්‍රහ්මයන් විසින් ද දෙවනුව සතරවරම් දෙවියන් විසින් ද අනතුරුව මිනිසුන් විසින්ද ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්නා ලදී. එසේ පිළිගන්නා ලද බෝධිසත්ත්වයින් වහන්සේ උතුරු දිශාභිමුඛව පියවර සතක් ගමන් කොට '' අග්ගෝ හමස්මි ලෝකස්ස...... '' මම ලොවට අග්‍ර වෙමි ..... යනුවෙන් අභීත සිංහ නාදය පැතිර වූහ. මෙය උන්වහන්සේගේ ප්‍රථම සිංහ නාදය විය.
සියලු කුමාර සම්පත්තියෙන් යුක්තව පෝෂණය වන සිදුහත් කුමරුවන් නම් තැබීමේ උත්සවයට සහභාගී වූ බමුණන්ගේ අනාවැකියට අනුව ගිහිගෙදරින් නික්මයාවී යන බිය නිසා සුද්ධෝදන රජු විසින් නිතර දැඩි මුරකාවල් මැද රම්‍ය , සුරම්‍ය , සුභ යන මාලිගාවන්හි ආරක්ෂා  කරන්නට විය. ක්‍රමයෙන් තුරුණු වියට පැමිණි සිදුහත් කුමරුවෝ තම නෑදෑයන්ගේ සැක දුරුකර සියලු ශිල්පයන් දක්වා යශෝදරාවන් සමග සරණ මංගල්ලයට පත් විය. දිනක් උයන් ක්‍රීඩා සඳහා යන අතරතුරදී දෙවියන් විසින් දක්වන ලද ලෙඩෙක් , මහල්ලෙක් , මළකඳක් , පැවිදිරුවක් යන සතර පෙර නිමිති දැක ගිහිගෙය පිළිබඳව කලකිරී තමන් ද සසර විමුක්තිය සොයා යා යුතු යැ යි සිතා නැවතත් තමා සිටින මාලිගයට පැමිණියේය. එසේ එන අතර තුරදී කිසාගෝතමිය විසින් කියන ලද '' නිබ්බුතා නූන සා මාතා..... '' මෙවැනි පුතෙකු ලද යම් මවක් වේ නම් ඇය ඒකාන්ත වශයෙන් ම නිවුණේ වේ ...... යන ප්‍රකාශය අසා තමන්ගේ ගෙල පැලදී ලක්ෂයක් වටිනා මාලය ඇයට තෑගිකොට යවා රජ මාලිගයට පැමිණියේය. මෙම නිබ්බුත පද අසන ලද්දේ අභිනිෂ්ක්‍රමණය කිරීමට ප්‍රථම දිනහිදී ය.
සිදුහත් කුමරුන් උයනෙහි සිටියදී රාජ්‍ය සේවකයෙක් විසින් ගෙන එන ලද හසුනකට අනුව යශෝදරා කුමරියට පුත් කුමාරයෙකු උපන් බව දැන ගත්තේය. '' රාහුලෝ ජාතෝ - බන්ධනං ජාතං '' රාහුලයෙක් උපන්නේය, බන්ධනයක් ඇතිවිය .... යන ප්‍රකාශනය සිදු කිරීමත් ගිහිගෙන් නික්ම යාමේ දැඩි උවමනාවත් සිදුහත් කුමරුවන්ට විය. රාත්‍රියෙහි දී තමන්ට නැටුම් දැක්වීමට පැමිණි නාට්‍යාංගනාවන්ගේ විප්‍රකාර දැක ඡන්න ඇමතියාත් සමග කන්ථක අසු පිටින් අභිනිෂ්ක්‍රමණය සිදු කළේය. එසේ අභිනිෂ්ක්‍රමණය සිදු කොට අනෝමා ගන්තෙරදී ඝටීකාර නම් මහා බ්‍රහ්මයා විසින් පිලිගන්වන ලද අට පිරිකර ගෙන පැවිදි බිමට පත් විය
සත්‍ය කුමක් දැ යි ගවේෂණය කරන සිදුහත් තාපසතුමා ක්‍රමයෙන් පැමිණ ආලාරකාලාම හා උද්දකරාමපුත්ත යන ගුරුවරුන් දෙදෙනෙකු යටතේ ධ්‍යාන වැඩීම පුරුදු පුහුණු විය. නමුත් එය හුදෙක් ධ්‍යාන වැඩීමක් පමණක් වන බවත් සර්වප්‍රකාරයෙන් කෙලෙස් නැසීමක් නො වන බවත් දැනගත් බෝධිසත්ත්වයන් වහන්සේ තනිව සත්‍ය සොයා යන්නට විය. එහිදී විශේෂයෙන් අත්තකිලමථානුයෝගයට අනුව තම ශරීරයට දැඩි දුක් දෙමින් පස්වග මහණුන්ගේ උපස්ථානය ලබමින් වීර්ය වඩන්නට විය. නමුත් පසුව එය නිවන් ලබන මග නො වන බව දැනගත් උන්වහන්සේ කුඩාකල වප් මගුල් උත්සවහිදී වඩන ලද ආනාපානසති භාවනාව සිහිපත් කොට ක්‍රමයෙන් ආහාය අනුභව කරන්නට පටන් ගත්තේය. ඒ බව දැනගත් පස්වග මහණුන් බෝධිසත්ත්වයන් නිවන් මගෙන් වෙන් වූ බව කියමින් උන්වහන්සේ අතහැර යන්නට වූහ. පසු කලෙක මෙම ආනාපානසති භාවනාව ම විදසුන් වශයෙන් වඩා වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින සියලු කෙලෙසුන් නසා පුබ්බේ නිවාසානුස්සති ඥානය , චුතුපපාත ඥානය හා ආසවක්ඛය ඥානය යන ත්‍රිවිද්‍යා පසක් කොට ලොව යමෙකුට ලැබිය හැකි උතුම් ම පදවිය වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව බුද්ධ රාජ්ජ්‍යයෙහි අභිෂේක වූ සේක.
පුරා දින 49 ක් හෙවත් සති 7 විවේක සුවයෙන් සත්සතිය ගතකල බුදුරජාණන් වහන්සේ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද විලද මීපැණි වළදා පසුව පස්වග මහනුන් නිවන් සුවයෙන් සනසා තමන් වහන්සේ ඇතුළු රහතුන් 61 නමක් ලොවට දායාද කොට දෙවි බඹුන් සහිත සත්ත්ව ප්‍රජාවට අමා දම් වැසි වැස්ස වූ සේක. තමන්ගේ පුතනුවන් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව දැනගත සුද්ධෝදන රජතුමා අවස්ථා නවයකදී එක් එක් ඇමතියකු සමග 1000 දෙනා බුදුරජාණන් වහන්සේ සමීපයට කිඹුල්වත් පුරයට වැඩමකිරීමට ආරාධනා කර යැවුවත්, ඒ අය බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදිව බණ අසා අර්හත්වයට පත් වුහ. එ නමුත් බුදුරජාණන් වහන්සේට වෙහෙසක් යැ යි සිතා රජුගේ ආරාධනාව ඉදිරිපත් නො කළහ. පසුව පැවිදිවීමට අවසර ලබා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කාලුදායි ඇමතියා ඇතුළු 1000 දෙන ද අරහත්වයට පැමිණ සුදුසු අවස්ථාවේදී  කාලුදායි මහරහතන් වහන්සේ විසින් කරන ලද ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ 10010 ක් මහරහතන් වහන්සේලා සමගින් තම ජාත නගරය වන කිඹුල්වතට වැඩම කල සේක. තමන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසරකට පසුව එසේ තම ඥාතින් දැකීමට වැඩම කලත් , බුදු කෙනෙකුන් හට දැක්විය යුතු නිසි ගෞරවය තම ඥාතීන්ගෙන් නො ලැබීමත් ඥාතීන්ගේ සැක දුරුකිරීමත් යන කරුණු දෙක නිමිති කොටගෙන බුදුරජාණන් වහන්සේට බුදුවරයෙකුට පමණක් ආවේනික යමාමහ පෙළහර පෑමට සිදු වූ සේක. එසේ යමාමහ පෙළහර පෑම සිදු කලේ ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනයකදී ය. 


මෙසේ සමස්ත ලෝක සත්ත්වයාම අමා දම් සිසිලෙන් සැනසූ අප ශාන්ති නායකයානෝ ස්ඛන්ධ පරිනිර්වාණයෙන් සසර ගමන සර්වප්‍රකාරයෙන්ම නවතා දැමුවේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදීය.ආයුෂ වසර 80 පමණ වන විට ආනන්ද හිමියන් අමතා '' ආනන්ද , මාගේ ශරීරය දැන් දිරාගිය අබලන් ස්වභාවයට පත් වූ කරත්තයක් මෙනි '' යැ යි කියමින් ලෝක සත්ත්වයාට හිමි ජරා , ව්‍යාධි ..... ආදී සියලුම දුක් තමන් වහන්සේට ද උරුම බව කියමින් මාරයා විසින් කරන ලද පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීමේ ආරාධනාවත් පිළිගනිමින් කුසිනාරා නුවර උපවර්තන නම් සල් උයනට වැඩම කල සේක. එහිදී තමන් වහන්සේ පිරිනිවී වදාරන බව දැන්විය යුතු සියලු දෙනාටමත් දන්වා තථාගත ශ්‍රී දේහයට කෙසේනම් අවසන් බුහුමන් දැක්විය යුතුද කියා දෙමින් සියලුම දෙනා ආමන්ත්‍රණය කරමින් යම් හෝ සක කරුණක් මෙම ධර්මය පිළිබඳව ඇත්නම් විමසන ලෙසත කියා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය ලොවට ප්‍රකාශ කරමින් අනෙක වාරයක් ප්‍රථම ධ්‍යානයටත් ක්‍රමයෙන් නිරෝධ සමාපත්තියටත් සම වදිමින් අවසානයේ පරිනිර්වාණ ධාතුවෙන් නිවී සැනසී වදාළ සේක. මෙම මහා පරිනිර්වාණය සිදු වූයේ ද  වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී ය.

එසේම බුද්ධත්වයෙන් 8 වන වසරේදී මණි අක්ඛිත නම් නා රජුගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කලේ ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනොළ ගිරෙහි වම් සිරි පා සටහන තබන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක දිනයකදී ය. එසේම අටමස්ථාන , සොලොස්මස්තානයන් , දෙතිස්ඵල බෝඩින් වහන්සේලා වැඩසිටින ස්ථානයන්හි නිරෝධ සමාපත්තියෙන් සුළු කාල පරාසයක් වැඩවිසීම ද සිදු කලේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී ය. 
සිංහබාහු රජුගේ දෙටු පුතු වන විජය කුමරු 700 ක් දඹදිවින් නෙරපන ලද තම සේනාව සමග අප රටට පැමිණියේ ද වෙසක් පොහෝ දිනකදී ය. 
සිංහල ජාතිය තුල සදා අමරණීය රජ කෙනෙකුන් වන දේවානම් පියතිස්ස රජු දෙවන වරට අශෝක අධිරාජ්ජ්‍යා විසින් පරිත්‍යාග කරන ලද පන්චකකුධ භාණ්ඩයන්ගෙන් යුක්තව දෙවන වරට රාජාභිෂේකය සිදු කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක දිනකදීය.
 එළාර රජුන් ඇතුළු සියලු දමිල කැරලිකරුවන්  මර්ධනය කොට ලංකාද්වීපයම එක්සේසත් කරන ලද දුටුගැමුණු මහා නිරිදුන් විසින් ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා රුවන්වැලි මහා සෑ රජුන් පිහිටුවීම ආරම්භ කරන ලද්දේත් වෙසක් පුර පසළොස්වක දිනයක දී ය.
  
බුදු රජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේ වසර 120 ක් ආයු වින්දනය කොට තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 40 කට පසුව රෝහිනී නදිය ඉහල ආකාසයෙහි දී  සතර ඉරියව්වෙන් තොරවම ස්ඛන්ධ පරිනිර්වාණ ධාතුවෙන් නිවී සැනසී වදාළේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකදී ය.
එසේම පුරාණ රජවරුන්ගේ රාජාභිෂේක දිනය වන්නේ ද වෙසක් මස පුර පසළොස්වක පොහෝ දිනය යි.
අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ආරම්භකළ මහාවිහාර වංශික මහා සඟ රුවනෙහි උපසම්පදා විනය ක්‍රමය සිදු කරනු ලබන්නේ ද වෙසක් පුන් පොහෝ දිනහිදී ය.
මෙසේ තෙමගුල සිහිපත් කිරීම මුලික කරගෙන ඒ හා සහ සම්භන්ධ බොහෝ කරුණු ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දා අනුස්මරණය කරනු ලැබීම බෞද්ධ කාහටත් විශේෂ කරුණක් වනු ඇත.


SOFT ZONE | KALUTARA වෙතින් ලෝකවාසි සියලුම දෙනාට සුබම සුබ වෙසක් මංගල්ලයක් වේවායි පතන්නේමු...