ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Showing posts with label wesak. Show all posts
Showing posts with label wesak. Show all posts

Sunday, June 24, 2012

රාවණා රජු සොයාගිය ගමනාන්තය...


ශ්‍රි ලන්කාවේ විසු රාවණා රජතුමා රාමන් රාවණ මහ සන්ග්‍රාමයෙන් මියගිය බැව් රාමායනය පවසනා නමුත්,රාමගේ හී පහරින් සිහි මුසපත් වු රාවණ රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ
"මහ කුඩුගල කදු" මුදුනේ සුරක්ශිතව තැන්පත් කර ඇති අතර, එම සිරුර ගන්ගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමන අතර ඉට පසු රාවණා රජුට නැවත සිහි ලැබෙන බවත් දීර්ඝතම සිහිමුර්ජාවෙන් සිහි ලැබු රාවණා රජ තෙමේ භාවනා කීරීම පිණිස හිමාල වනයේ මහා දභගස් අරණට... යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්තයක සදහන්වේ.

මෙම පුවතේ සත්යය අසත්තාවය කොතෙනෙක්දැයි අපි නොදනිමි.
දැනට සියවස් පහකට පමණ පෙරලියා ඇති මෙම පුස්කොළ සටහන ඉට පෙර ලියා තිබුණ රන් පතී ඊරුවලින් උපුටාගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.
රාවණා රජතුමාගේ රාජකීය රන් මිරිවැඩිසගල නුවර එලියේ හක්ගල කද්බැවුමෙ පතොක් උයන මැද ඉතා ගවුරවනීය ලෙස තැන්පත් කර ඇති බැවත්, එය නයි පෙණ හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභිෂණ රජු විසින් බවත්ද එහි සදහන්ය. රාවණා දේහය සොයා ගැනීමට ප්‍රථම මෙම රන් මිරිවැඩි සගල අවුරුදු 95 ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනක තබාගෙන පැමින ශ්‍රි දේහය අසල තැබිය යුතු බවත් එම පතිරුවල වැඩිදුරටත් සදහන්වේ.

හග්ගල තිබෙන මෙම රන් මිරිවැඩි සගල නිධානය ලබා බැනීම සදහා කිසිදු බිලිපුජාවක් ඕන නැතිබවත්, එයට සහාභගි වන තැනැත්තා මස් මාන්ෂ බක්ෂණයෙන් තොර වයස අවුරුදු 50 ඉක්ම වු පුද්ගලයෙක් විය යුතු බවත් එහි සදහන්වේ.
මේ සියල්ලටම පෙර හක්ගල කදු මුදුනේ තුන්මන් හන්දියේ ගල් කුලක සගවා තිබෙන"පසින්ගල් මාණික්කය" ගත යුතුව ඇත. එම මාණික්කය අතට ගත යුත්තේ මුලින්ම රාවණ ආකර්ෂණ මන්තරයෙන් 1108 වරක් ජප කර සුවද දුම් අල්ලා රතු මල් දමක් එම ගිරිකුළ අසල තබා පුද පුජා කළ යුතුය.එවිට සෙයිලමය මන්ජුසාව විවුත වනු ඇත.අනතුරුව රක්ත වර්ණ පට පිළියෙන් දැත් වසාගෙන එම ගෝලාකාර පසින්ගල් මැණික අතට ගෙන මල් යහනාවක් මත තබා නැවත රාවණ ආකර්ෂණ මන්ත්‍රයෙන් ජප කළ යුතුය. මෙම කටයුතු සදහා බිලි පිදිම සම්පුර්ණයෙන්ම තහනම්ය.
රාවණා දේහය සොයා ආරම්භ කිරිමේ පළමුවැනි පියවර වී ඇත්තේ මෙම පසින්ගල් මැණික සොයා ගැනීමයි. එය කිසිවිට නිධන් හොරුන්ට කළ නොහැකි ක්‍රිරියාවක් වන්නේ අටසිල් සමාදන් වූ පිරිමි පුද්ගලයින් 108 දෙනෙක් සුදූ මල් වට්ටි එක බැගින් ගෙන කරණීයමෙත්ත සූත්‍රය ස්ජ්ජායනා කරමින් ලග්ගල කදු තරණය සදහා ඇසළ පසළොස්වක දිනය පිටත් විය යුතු බැවිනි.

මෙම පසින්ගල් මැණික සමන් මල් යහනක තබා රාවණා ආකර්ෂණ මන්තරයෙන් ජප කරන විට රාවණාගේ රන් මිරිවැඩිසගල ලබා ගන්නා ක්‍රමයත්, මෙම මාණික්කය රත්නය තුළින් පෙනෙන බැව් සිද්ධ රාජ පති ඉ රුවල සදහන්ව තිබේ.
රාවණා අදිරාජයාගේ රන්,රීදි,මුතු මැණික් සතර මහ නිදානයද රාවණාගල(වත්මන් රාගල) කන්දේ සෙයිලම මන්ජුසාවක් තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව එක් පුද්ගලයකුගේ පරිබෝජනයට පත් නෝකළ යුතු බවත් එම වස්තුව රෝහණ ප්‍රදේසයේ,සබරගමුව� �� සහා මදයම කදුකරයේ සන්වර්දන කටයුතු සදකා යෙදිය යුතු බැව් පැවසේ,මෙම පුස්කොළ ග්‍රන්තයේ සදහන් බෝහෝ කරුණු මිනිසෙකුට කළ නොහැකි දෙවල් ලෙස එක්වරම පෙනී යන නමුත් එහි සත්තයක් ඇත.
නමත්, කවරදා හෝ යම් දිනක කෙසේ හෝ මෙම කරුණු සිදුවනු ඇතැයි සිද්ද රාජ පත් ඉ රුවල පැවැසේ.
වර්ෂ දහස් ගණනකට පෙර යුද්දයෙන් මියගිය රාවණා රජතුමාට නැවත පණ ලැබීම විස්වාස කළ නෙහැකි කතාවකි. නමුත්, රාවණ රජතුමා කිසිදිනක කිසිවෙක් අතින මියනොයෙන බවට මහ බ්‍රහ්මයාගෙන් වරලත් එකම මනුෂයා බැව් අප අමතක නොකළ යුතුය.රාවණ දේවත්වයට සමීප වු මිනිසෙකි.

"රාම - රාවණ මහා සන්ග්‍රාමයේදී සිදුවී තිබෙන්නේ රාවණා රජු මියයැම නොව විෂ හී සැරයෙන් සිහිමුර්ජාවීම බවත්,රාවණා නැවත පණ ලබන්නේ මහා බ්‍රාහ්මයාගේ ආශිර්වාදයෙන් බවත් සිද්ද රාජ පත් ඉ රුවල සදහන් වී තිබේ. රාවණා රජු යුද්දයෙදි මිය නොගිය බැව් සදහන් කරන රාවණ කතා පුස්කොළ ග්‍රන්තයද පවසන්නේ රාම රාවණා ගැටුමෙන් රාවණා මිය නොගිය අතර සිහිමුර්ජා වු රාවණා සිරුර මහකුඩුගල ගිරි ශිඛරයේ සෙයිලමය මන්ජුසාවක තැන්පත් කළ බවකි".


රාවණා රජු සමයේ  සිදුවු අපුර්වතම සිදුවිම් රැසක් අපෙන් ඔබට වැඩි විස්තර සදහා පහත ලින්කුව කිල්ක් කරන්න..

Tuesday, May 15, 2012

පින් පව් කරන අරුම පුදුම වැඩ

    ඔන්න අපිත් 2012 A/L අස්සේ තවත් පොස්ට් එකක් දාන්න කල්පනා කරලා දැම්මා මේක බලන්නකො.. මේක ලියන්න අපි ගොඩාක් කරුනු හොයාගත්තා බුදුසරණ පුවත්පතෙන්..
ඛුද්දක නිකායට අයත් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු යන ග්‍රන්ථ පරිශීලනය    කරන විට පින හා පව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඉතා පුළුල් අවබෝධයක්   ඇති කර ගැනීමට හැකිය. පින හා පව පිළිබඳ පිළිනොගන්නා මිථ්‍යාදෘෂ්ඨික   පිරිස්ද වෙසෙන සමාජයක, තාක්ෂණික දියුණුව ‘දියුණුව‘ යැයි කියා සිතාගෙන   සිටින බොහෝ දෙනකුට තම මිථ්‍යාමත සුණු විසුණු කර දමා ගැනීමට තිබෙන හොඳම   සාක්‍ෂිය නම් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු පාලියයි. මෙම කොටස් වලින්   
ඉදිරිපත් කෙරෙන කතා කියවා බැලීමෙන් අපට පුණ්‍ය විපාක හා පාප විපාක   ක්‍රියාත්මක වෙන අකාරය ඉගෙන ගැනීමට පුළුවන.


යම් කෙනකු මෙම කතා පුවත් ඉතා හොඳින් කියවා බැලුවහොත් පාප  ක්‍රියාවන්ගෙන් වෙන් වී පුණ්‍ය ක්‍රියාවල යෙදීමට අනිවාර්යයෙන්ම සිතට   ගනු ඇත. එමෙන්ම පව්කම්වල යෙදීම සම්පූර්ණයෙන්ම අත්හැර දමනු ඇත. විවිධ   පාප කර්ම වලට අනුව විඳීමට සිදුවී ඇති වචනයෙන් විස්තර කළ නොහැකි, ඉතා   
අමිහිරි, අප්‍රසන්න, කඨෝර , කටුක දුක් වේදනා පිළිබඳ දැනගත් විට,   අවබෝධයක් තිබෙන කිසිවකු පාප කර්ම කිරීමට කැමැතිවේද යන්න සැක සහිතය.

මෙම ලිපිය මගින් අප දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන්නේ කතා කිහිපයක්  පමණක් උදාහරණ වශයෙන් දක්වමිනි. එහෙත් මෙම කතා වැඩි ප්‍රමාණයක් කියවා   ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. වාණිජමය පදනම මත පමණක් රැඳී සිටිමින් හුදු   විනෝදාස්වාදය පිණිස ටෙලිනාට්‍ය , චිත්‍රපට, වේදිකා නාට්‍ය, නවකතා හා   කෙටි කතා ආදිය නිර්මාණය කරන, රචනා කරන නිර්මාණකරුවන්ට හරවත් වස්තු බීජ   
රාශියක් මේ කතා තුළින් ලබා ගත හැකිය. ඒ තුළින් මෙලොව පරලොව යහපත සලසා  
දීමේ මහඟු වැඩපිළිවෙළක් දියත් කිරීමට ඔවුන්ට හැකියාව සැලසේ. ඒ ඔස්සේ    එම නිර්මාණකරුවන්ට සුගති සම්පත් සලසා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවද සලසා ගත   හැකිවේ.

අනෙක් අතට පුද්ගල සන්තානය තුළ රාග, ද්වේෂ සහ මෝහ ජනනය කරන නිර්මාණ ඉදිරිපත් කිරීම එම නිර්මාණකරුවන්ට අහිත පිණිස පවතින අතර තමන්   පිළිගත්තත් නොපිළිගත්තත් මරණින් මතු දුගතියට යෑමට සිදුවීමේ ඉඩ ඇත. ඒ බව   අප මෙහි දී දක්වන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුවය. මේ වන විට කුඩා   දරුවන්ගේ සිත් සතන් හුදු විනීදාස්වාදයටම බර කරන කාටුන් වැඩසටහන් අප රටේ
   ඉතාමත් ජනපි‍්‍රයව පවතී. ඒවා තුළින් දරුවාට රට , දැය , සමය ආදිය පිළිබඳ    කිසිදු ආකාරයක හැඟීමක් හෝ අපගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ජාතික වීරවරුන්    ගැන කිසිදු තොරතුරක් හෝ අධ්‍යාපනයක් හෝ ලබා නොදෙයි. ඒවායින් දරුවාට   ලැබෙන කිසිදු දහම් දැනුමක්ද නැත. දරුවාගේ පෞරුෂ වර්ධයක් ඒ තුළින් සිදු   නොවේ. දැනට ශ්‍රී ලංකාවේ විකාශය වන සමහර කාටුන් පිටරටවලින් ආනයනය කරන   ඒවා වන අතර ඒවාට කෝටි ගණන් මුදල් යට කිරීමට සිදු බව වාර්තා වෙයි.

එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම බෞද්ධ රූපවාහිනි නාලිකාව වන, ගෞරවනීය   දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යනු   ලබන බෞද්ධයා නාලිකාව ඔස්සේ අප බෝධී සත්වයන් වහන්සේගේ චරිත කතා මුල්   කරගෙන ඉතා වටිනා කාටුන් වැඩසටහන් පුංචි දරුවන්ට නැරැඹීමට අවස්ථාව සලසා   දී තිබීම අප කවුරුත් අගය කළ යුතුය. එමෙන්ම මේ රටේ චිර ප්‍රසිද්ධ චිත්‍ර  
 කතා රචකයන් දෙපොළක වන සඳලංකාවේ සුමතිපාල හා ජෝතිපාල දෙසොහොයුරන් එකල   විකට හා ආදර කතා වැනි සාමාන්‍ය චිත්‍ර කතා රචනා කළත් දැන්, පූජනීය   කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, බුද්ධ කාලීන   භාරතයේ සිදුවූ සත්‍ය සිද්ධී මුල්කොට ඉතාමත් වටිනා චිත්‍රකතා පෙළක්   නිර්මාණය කොට තිබේ. සෑම දරුවකුම කියවිය යුතු චරිත කතා පෙළක් ලෙස ඒවා 
හැඳින්විය හැකිය. බාහියදාරුචීරිය මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන්   වහන්සේ සහ සුමන සාමණේරයන් වහන්සේ වැනි උදාර චරිත මෙම කතා පෙළෙහි දක්නට   ලැබේ. කර්ම විපාක විඳීමට සිදුවන ආකාරය ආදිය එම කතා තුළින් විමසා දත   හැකිය.

දැන් අපි පේ‍්‍රත වස්තු පාලියේ දෙවැනි වර්ගය වන උබ්බරීවර්ගයෙ දෙවැනි   කතාව මඳක් විමසා බලමු. එහි නම් සාරිපුත්ත ථෙරස්ස මාතු පේත වත්ථු ‘   නම්වේ. එනම්, පෙර භවයක සාරිපුත්ත තෙරුණ්ගේ මව ගැන කියැවෙන පේ‍්‍රත   වස්තුවයි. කලින් භවයකදී සැරියුත් මහ රහතන් වහන්සේගේ මෑණී කෙනෙකුව සිටි   
තැනැත්තියක් තමන් විසින් කරන ලද පාප කර්ම මුල් කරගෙන පේ‍්‍රත ලෝකයේ   ඉපදුණි. ඇය සැරියුත් මහ රහතන් වහන්සේ බැහැ දකින්නට වූ පැමිණ තමන් විඳින   අනන්ත දුක් විස්තර කළාය. තමන් මහා බඩසයින් පෙළෙන බවත් ආහාර පිණිස   ගැනීමට සිදු වී ඇත්තේ කාරා විසි කරන කෙළ ,සොටු, සෙම, පිලිස්සෙන   
මළසිරුරුවලින් උතුරන වුරුණූ තෙල්, දරුවන් වදද්දී ගලන ලේ , තුවාලවලින්   වැගිරෙන ලේ, සැරව, ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසූචි සහ   සත්තුන්ගේ ලේ සැරව ආදිය බවත් ඇය විසින් පවසන ලදී. පිහිට පිළිසරණක් නැති   ඇය අමු සොහොනේ නිදාගන්නා බවත් පැවසුවාය. ඒ නිසා ඇය ඉල්ලා සිටියේ ලේ,   
සැරව අනුභව කරන ජීවිතයෙන් ගැලවීමට දානයක් දී පින් අනුමෝදන් කරන ලෙසයි.

ඉන්පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇගේ වචනයට කන්දි මුගලන් මහ රහතන්   වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ හා කප්පිත මහරහතන් වහන්සේ යන මහ   රහතන් වහන්සේට මේ පිළිබඳ දැනුම් දී කුටියක් සාදා සිව් දිශාවෙන් වඩින   මහා සංඝරත්නයට පූජා කොට ආහාරපාන ආදියත් මහා සංඝරත්නයට පූජා කොට ඒ පින ඒ   මැණියන්ට අනුමෝදන් කළ සේක. එසැණින්ම ඇගේ සිරුර පිරිසිදු වී පවිත්‍ර   
වස්ත්‍රවලින් සැරසුණු අතර ඒවා කසී සළුවලටත් වඩා උසස් වූ අතර ඉන්පසුව ඇය   සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැසීමට පැමිණියාය. ඉන්පසුව මහ රහතන්   වහන්සේට ඇය දකින්නට ලැබුණේ සෑම දිශාවකින්ම බබළන ඕෂධී තාරුකාවක් මෙනි.   ඇයට එවැනි දිව්‍යමය තත්ත්වයක් හා බැබළීමක් ලැබුණේ සැරියුත් මහරහතන්   වහන්සේ සිදුකරන ලද පින අනුමෝදන් වීමෙනි.

ඇතැම් අය සිතාගෙන සිටින්නේ තමන් කොයි ආකාරයෙන් ජීවත් වුවත් සිදුවන   විශේෂ අයහපතක් නැති බවයි. එහෙත් ශාරිපුත්ත මහ රහතන් වහන්සේට මීට පෙර   භවයක මැණියන් වූ තැනැත්තියටත් මෙවැනි භයානක ඉරණමකට මුහුණදීමට සිදුවූවා   නම් අප ගැන කවර කතාද? එතුමිය ගලවා ගැනීමට එදා සාරිපුත්ත තෙරුණ් වහන්සේ   වැඩ සිටියා වුවත් අද අපව ගලවා ගන්නේ කවුද?

එමෙන්ම ‘මත්තා ‘ පේතවත්ථූවේද අපට ඉතාමත් වැදගත් වන , එමෙන්ම වර්තමාන   සමාජයටත් ඉතාමත් අත්‍යවශ්‍ය කතා ප්‍රවෘත්තියක් දක්නට ලැබේ. ‘තිස්සා ‘   සහ ‘මත්තා ‘ නම් වු බිරින්දෑවරුන් දෙදෙනකු අතරින් මත්තා නම් තැනැත්තිය   විවිධ අකුසල කර්ම කිරීම නිසා පේ‍්‍රත ලෝකයේ ඉපිද අපමණ දුක් විඳින   
ආකාරයත් පසුව පින් අනුමෝදන් වී ඒ තත්වයෙන් මිදුණූ ආකාරයත් දැක්වේ. ඇගේ   සිරුරේ නූල් පොටක්වත් නොතිබූ අතර කෙට්ටු, නහරවැල් පෑදුණූ, ඉලඇට ඉල්පී   ඇති සිරුරක් ඇයට හිමි විය. එයට හේතු වූයේ මිනිස් ලොව සිටිද්දි ඇය සතු   වු දුර්ගුණයන්ය. එනම් නපුරු බව, පරුෂ වචන කීම, ඊර්ෂ්‍යා කිරීම, මසුරුකම   හා කෛරාටික වීමයි. එමෙන්ම ඇගේ මුළු සිරුර පුරාම පස් තැවරී තිබුණි. එයට   හේතුව තිස්සා නම් බිරිඳ නා පිරිසුදු වී ලස්සනට හැඳ ගෙන සිටින අවස්ථාවක   මත්තා කළේ ඊටත් වඩා අලංකාර වීමයි. ඉන්පසුව තිස්සා ස්වාමියාත් සමග කතා   කිරීම නුරුස්නා ලද මත්තා ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයෙන් පස් අහුරකින්   තිස්සාට දමා ගැසීමේ පව මේ තත්ත්වයට පත්වීමට හේතුව විය. එමෙන්ම එකී   පේ‍්‍රතිය සිටියේ සිය ශරීරය පුරාම කසමිනි.එයට හේතු වූයේ මේ දෙදෙනා   කැලයට බෙහෙත් සොයා ගිය විටෙක තිස්සා බෙහෙත් ගෙනාවත් මත්තා කහඹිලියා   ගෙඩි ගෙනැවිත් ඒවා නිස්සාගේ ඇෙඳ් විසුරුවා දැමීමයි.

ඊළඟට ඇයට නිර්වස්ත්‍රයෙන් සිටීමට සිදු වූයේ තවත් එබඳුම අකුසල කර්මයක   පාක වශයෙනි. එකල යහළුවන් හා නැදැයන් එකතු වූ අවස්ථාවකට ආරාධනාව   ලැබුණේ. ස්වාමියාටත් තිස්සාටත්ය. ඒ අවස්ථාවේදි මත්තා \ස්සාගේ   වස්ත්‍රයක් සොරකම් කිරීම හේතුවෙන් මෙම කර්ම විපාකය ලැබුණි. එමෙන්ම ඒ   පේ‍්‍රතියගේ ශරීරයෙන් අසූචි ගඳක් හැමීය. එයට හේතුව වූයේ තිස්සා නම්   බිරිඳගේ සුවඳ වර්ග, මල් මාලා සහ වටිනා සුවඳ විලවුන් මත්තා විසින්   වැසිකිළි වළක දමනු ලැබීමයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ යමකු යම් අකුසල   කර්මයක් කළහොත් ඒවායේ විපාක මේ ආකාරයෙන් ලබා දෙන බවයි.

වත්මන් සමාජයේද බොහෝ දෙනෙක් කිසිදු ගණනකට නැතිව මෙවැනි අකුසල කර්ම හා     අකටයුතුකම් සිදු කරති.


ඒ අයටද මේ අයුරින් පේ‍්‍රත ලෝකයේ ඉපදී විපාක විඳීමට සිදු වීමේ අවදානම   ඇත. එසේ නැතිනම් නිරය, තිරිසන් අපාය සහ අසුරකාය ආදියට යෑමේ අවදානම ඇත.

පේ‍්‍රත වස්තු ඇසුරෙන් අකුසල විපාක විඳීමට සිදුවන ආකාරය කතාපුවත්   දෙකකින් ඉහත ගෙන හැර දක්වනු ලැබිණි. දැන් අප පුණ්‍ය විපාක පිළිබඳව   විමසා බැලීම වටී. පැහැදුණූ සිතින් යුක්තව කුඩා හෝ පිනක් කර ගත්තද ඒ   සඳහා යහපත් පුණ්‍ය විපාක හිමිවන බව විමාන වස්තුවේ ඇති කතා ප්‍රවෘත්ති   වලින් ප්‍රකට වේ. එයට උදාහරණ විමාන වස්තුවේ පීඨවිමාන කතා වස්තු ඇසුරෙන්   පැහැදිලි කරමු. එක් තැනැත්තියක මනුෂ්‍ය ලෝකයේ සිටින කාලයේදි ස්වාමීන්   වහන්සේට එමෙන්ම මහ රහතන් වහන්සේට වැඩ සිටීමට ආසනයක් පිළියෙළ කොට වන්දනා   කොට නමස්කාර කොට දානයක් පූජා කර ගැනීමෙන් ලබාගත් පුණ්‍ය විපාක අනුව   දිව්‍ය ලෝකයේ දේවතාදුවක් ලෙස ඉපිද උසස් සැප අනුභව කිරීමට වරම් ලබා 
තිබේ. ඒ අනුව අලංකාර දිව්‍ය සළුපිළි සහ දිව්‍ය මල්මාලා ඇයට හිමි විය.   හිඳ ගැනීමට තිබෙන ආසනයද මනරම් දැකුම් කළු වූවකි. එය රනින් නිමවූවක් වන   අතර තමා කැමැති දිශාවට සිතේ වේගයෙන් ගමන් කරයි. එවිට ඇය බබළන අතර   වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වැන්න.

ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ නමකට පුටුවක් පූජා කර ගැනීම තුළින්   මෙවැනි මහානුභාව සම්පන්න තත්ත්වයක් ඇතිවේනම් තවත් පින්කම් කරන්නේ නම්   ලැබෙන ආනිශංස ගැන කවර කතාද? එබැවින් අප ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සරණ   ගොස් ඒ ශි‍්‍ර සද්ධර්මය පිළිගෙන කටයුතු කළහොත් අපට පේ‍්‍රත ලෝක ආදියේ   කටුක දුක් වේදනාවලින් මිදී දිව්‍යාලෝකවල දිව්‍යමය සැප අනුභව කිරීමට  
අවස්ථාව ලැබේ. කෙසේ වෙතත් ඒ සැපත් තාවකාලික බැවින් අප උත්සාහ කළ යුත්තේ 
 පරම සැප වූ නිවන් සැප මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීමටය. ඔබ සැම   දෙනාටම ඒ භාග්‍යය උදාවේවා!

Friday, May 4, 2012

ශ්‍රද්ධාව හා ප්‍රඥාව මතුගම මහින්ද හිමියන්ගේ බසින්


පානදුර රාජකීය විද්‍යාලයේ ධර්මාචාර්ය මතුගම මහින්ද හිමි විසින් ශ්‍රද්ධාව හා ප්‍රඥාව විස්තර කරන අයුරු බලන්න මෙසේ.

ක්‍රි.පූ. 6 වන සියවස වන විට ඉන්දියාවේ පැවැති ආගමික දර්ශන මතවාද බොහොමයක් ඉදිරිපත් වී තිබුණේ භක්තිවාදය පදනම් කර ගෙන බව පෙනේ. භක්තිය යනු යම්කිසි අදෘෂ්‍යමාන බලවේගයක් හෝ දෙවියෙක්, බ්‍රාහ්මණයෙක් විශ්වාසයේ තබා ඇදහීමයි. මේ කාලය වන විට අප මහා බෝසතාණෝ තුසිත දෙව්ලොව සන්තුසිත දෙව් රජව වැඩ සිටි බව සඳහන් වේ. එතුමන්ට ජම්බුද්දීපයේ උපත ලැබීමට කාලය, දීපය, දේශය, කුලය, මව් යන පස් මහා බැලුම් බලා ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජුට හා මහාමායා දේවියට දාව වෙසක් පුණු පොහෝදා ලුම්බිණි නම් සල් උයනක බෝසත් කුමරු නමින් උපත ලැබීය .
මෙපින්වත් කුමරු ලෝකයට අර්ථයක් සිදු කරන බව දත් පේනකරුවන් සිදුහත් හෙවත් සිද්ධාර්ථ යන නම තැබීය. සියලු ශිල්ප හැදෑරූ සිදුහත් කුමරු සොළොස්වන වියේදී යසෝධරා නම් දේවිය සමඟ විවාහ පත්ව අවුරුදු 13ක් ගිහි සැප විඳ අවුරුදු 29 දී ගිහි සැප හැර මහා අභිනිෂ්ක්‍රමණය කළහ. පසුව පැවැදි වෙස් ගත් බෝසත් තවුසාණෝ පරම සත්‍ය සෙවීමට අවුරුදු 06 ක් දුෂ්කර ක්‍රියා කොට නිවනට මඟ එය නොවන බව දැන ශරීරයට සැප දුන්හ. දුක සැප දෙක නිවනට බාධා ගෙන දෙන බව දත් බෝසත් තවුසාණෝ සමබර දිවියක් පවත්වාගෙන යමින් මධ්‍යම ප්‍රතිපදාවෙන් (මැදුම් පිළිවෙතින්) සම්මා සම්බුද්ධත්වයට පත් වූහ.
අප එදිනදා ජීවිතයේදී බුද්ධ චරිතය හඳුනා නොගෙන විවිධ නාමයන්ගෙන් බුදුරජාණන් වහන්ස්ට ආමන්ත්‍රණය කරයි. සන්තුසිත දෙව් රජ බෝසත් කුමරු නමින් ද, බෝසත් කුමරු සිදුහත් කුමරු නමින් ද, සිදුහත් කුමරු බෝසත් තවුසා නමින් ද බෝසත් තවුසෝ බුදුරජාණන් වහන්සේ නමින් ද විවිධ චරිත නිරූපණය කළ අතර, මෙයින් ශ්‍රේෂ්ඨතම චරිතය බුද්ධ චරිතයයි.
බුදුබව ලැබූ බෝසත් තවුසෝ ලොවට හඳුන්වාදුන් බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය යන තෙරුවන් හි සූවිසි ගුණ සමුදාය හරියට අවබෝධ කරගත් තැනැත්තා නියම ශ්‍රද්ධා වන්තයාය. මෙම ලිපිය සමාරම්භයේදී සඳහන් කළ භක්තිය ශ්‍රද්ධාවට වඩා වෙනස් ය. භක්තිය අදෘෂ්‍යමාන බලවේග කෙරෙත් ශ්‍රද්ධාව තුණුරුවන් කෙරෙත් බැඳී ඇති බව ඔබට පසක් කර ගැනීමට අපහසු නොවනු ඇත.
බුදු දහම හඳුන්වාදෙන නිවන ආරම්භ වන්නේ ශීලයෙන් නොව ශ්‍රද්ධාවෙනි. ශ්‍රද්ධාව නැති තැනැත්තා තුණුරුවන් විශ්වාස නොකරයි. ශ්‍රද්ධාව ඇතොත් ඔහු සීලවන්තයෙක් වනු නොඅනුමානයි. බුදුදහමට පමණක් උරුම වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරයි. එනම් ශ්‍රද්ධාව, ශීලය, චාගය, සමාධිය (භාවනාව) හා ප්‍රඥාවයි. ශ්‍රද්ධාවන්තයා හැමවිටම ශීල වන්තයෙකි. බෞද්ධයා ආරක්ෂා කරන ශීලය පන්සිල්, අටසිල්, දසසිල්, ආජීව අට්ඨමක සිල්, සාමණේර දසසිල්, උපසම්පදා සිල් පමණක් නොව විනය පිටකයේ භික්ඛුඛන්ධකයේ විනය නීති 227 ක් ද, භික්ඛුණි ඛන්ධකයේ විනය නීති 223 ක් ද නිර්දේශ කරයි.
එවැනි ශිලයක් ලෝකයේ කිසිම දහමක් දර්ශනයක් ඉදිරිපත් නොකරයි. එසේම ශීලයේ පිහිටි බෞද්ධයා මීළඟට චාගය හෙවත් පරිත්‍යාගය පුරුදු කරයි. චාගය යනු දානයයි. බුදුදහම දානය විග්‍රහකර ඇත්තේ මානවයාගේ තණ්හාව නැති කොට නිවනට මග පෙන්වන ආකාරයටයි. බෝසතාණන් වහන්සේ කල්ප ගණනක් සංසාරයේ සැරි සරමින් දාන පාරමිතා, දාන උප පාරමිතා, දාන පරමත්ථ පාරමිතා පුරුදු පුහුණු කළේ බුදු බවට මාර්ගය එයම වන නිසාය. මෙවැනි දානාධ්‍යාශයක් කිසිම ආගමක, දර්ශනයක දක්නට නොලැබේ.
දානය පුරුදු පුහුණු කරන බෞද්ධයා මීළගට පුරුදු පුහුණු කරන්නේ සමාධිය හෙවත් භාවනාවයි. නිවැරදි භාවනාව ඇත්තේ ද බුදු දහමේ පමණි. බුදුදහම ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් හඳුන්වා දෙයි. එනම්,
1. සමථ භාවනාව
2. විදර්ශනා භාවනාව
සමථ භාවනාවට පාදක වූ කමටහන් 40 කි. එය වඩන තැනැත්තා සිත දියුණු කරයි. එසේ සිත දියුණු කරන තැනැත්තා මීළඟට පුරුදු පුහුණු කරන්නේ විදර්ශනා භාවනාවයි. මෙය බුදු දහම හඳුන්වන්නේ ප්‍රඥා භාවනාව යනුවෙනි. ප්‍රඥාව ඇත්තේ බුදු දහමේ පමණි. අප ප්‍රඥාවන්තයින් යයි කියන්නේ බුදු, පසේබුදු, මහා රහතුන් වහන්සේලාටයි. මෙහි සඳහන් ප්‍රඥව යනු කුමක්ද? ප්‍රශ්නයකි.
බුදුදහම ප්‍රඥාව යයි කියන්නේ සත්ත්ව ශරීරයේ ඇති රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ යන පංචස්කන්ධය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් දැකීමයි. එසේ දුටු උතුමෝ නම් බුදු, පසේබුදු, මහා රහතුන්මය. මේ අනුව නිවනට මඟ ආරම්භ කරන්නේ සීලයෙන් නොව ශ්‍රද්ධාවෙන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයෙන් පසක් කොට ගෙන මෙ දුක් ඇති සසරින් එතරව අපි නිවනට මඟ සලසා ගමු.


සටහන

Thursday, May 3, 2012

වෙසක් ගැන අපි කියන කථා


වෙසක් පුන් පොහෝ දිනය සමස්ත විශ්වයටම ඉතා වැදගත් දිනයක් ලෙස හැදින්විය හැක. එය හුදෙක් ලංකා වාසීන්ට පමණක් නොව, සියලුම සත්ත්ව ප්‍රජාවටම ඉතා වැදගත් දිනයකි. ලොව අතිශය දුර්ලභ වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ බුද්ධත්වය අපේක්ෂාවෙන් ලබනු ලබන අවසන් ජන්මොත්සවයත්, සම්මා සම්බුද්ධත්වයට පත් වීමත්, ස්ඛන්ධ පරිනිර්වාණයට පත්වීමත් යන කරුණු තුන විශේෂයෙන් මෙම පුර පසලොස්වල පුන් පොහෝ දින සිහිපත් කෙරේ. මීට අමතරව,
  • බෝ සතුන්ගේ ශ්‍රේෂ්ට සිංහනාදය සිදු කිරීම.
  • කිසාගෝතමියගේ නිබ්බුත පද ඇසීම.
  • රාහුල කුමරුන්ගේ උපත.
  • ගිහිගෙය හැරයාම.
  • යමාමහ පෙළහර පෑම.
  • බුදුරජානන් වහන්සේ කැලණියට වැඩම කිරීම.
  • විජයාගමනය.
  • දෙවන පෑතිස් රජුන්ගේ දෙවන රාජාභිෂේකය.
  • රුවන්වැලි මහා සෑය තැනීම ආරම්භ කිරීම.
  • ආනන්ද මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වීම.
  • සිංහල බෞද්ධ අභිෂේක දිනය.
  • මහාවිහාර උපසම්පදාව යන කරුණු සියල්ලම සිදු වූයේ වෙසක් මාසය තුලය.
වසරකට යෙදෙන පොහොය 12 අතරින් ඉතාම වැදගත් ම  පොහොය ලෙස වෙසක් පුර පසළොස්වක පොහොය හැදින්විය හැකිය. විශේෂයෙන් බුදුරජානන් වහන්සේගේ ජිවිතයේ වැදගත් ම මංගල කරුණු තුනක් සිහිපත් කෙරෙන මෙම දිනය '' සක්වල වයිශාක්‍ය  මංගල්‍ය '' ලෙස හැදින්විය හැකිය. පරිසරහි පවා මහත් වෙනස්කම් රාශියක් දැකිය හැකි මෙම කාල පරාසය තුල ගහකොළ පලබරින් යුක්තව මලින් අලංකාරවත්වී බබලනු දැකිය හැකිය. සතා සිවුපාවා පවා තම අලුත ලොව එලිය දුටු පැටවුන් සමග ඉතා සතුටින් කල්ගත කරනු දැකගත හැකිය. ඉතා ශීතල හා ඉතා උණුසුම් නොවූ කාලගුණික තත්වයකින් යුක්ත, මද්‍යස්ථ කාලගුණික තත්වයක් මෙම කාල පරිච්චේදය තුල දැකගත හැකිය. මේ සියලු දෙනාගේම උත්සාහය බෝධිසත්ත්වයින් වහන්සේගේ ජන්මෝත්සවය සැමරීම බව නම් විශේෂයෙන් ම කිව යුතුම ය. 

ඇතැම් ශාස්තෘවරුන්ගේ ජීවිතයෙහි විශේෂ අවසථා සිහිපත් කිරීමේදී බොහෝවිට අපට දැකගත හැකිවන්නේ ලක්ෂ සංඛ්‍යාත සත්ත්ව කොට්ඨාසයකට තම තමන්ගේ ජීවිතය පූජා කිරීමට සිදුවන බවයි. නමුත් බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරනවිට මීට හාත්පසින්ම වෙනස් වූ ස්වභාවයක් දැකගත හැකිය. අර්ථාන්විත වූ අවිහිංසාවාදයක් පදනම් කරගත් බුදුදහම තුල දහස් සංඛ්‍යාත සත්ත්වයන්ගේ ජිවිත අභය දානය ලැබීමෙන් සැනසීමට පත් වෙති. සමස්ථ බෞද්ධ ජනතාවම දන් දෙති , සීලාදී ගුණධර්ම ආරක්ෂා කරති , භාවනාමය පුණ්‍ය කර්ම වල යෙදෙති.... මෙසේ සමස්ථ ලෝකයාම බිය වෙනුවට සැනසීම ලබති. මෙත්තා , කරුණා , මුදිතා , උපේක්ෂා යන ශ්‍රේෂ්ට වූ විහරණයන් වඩාත් වර්ධනය කරන කාල පරාසයක් ලෙසින් මෙම කාල පරාසය හැදින්විය හැකිය.
මෙම මහා භද්‍ර කල්පයට අසංඛේය්ය කල්ප සතරකුත් කල්ප ලක්ෂයකට පෙර දීපන්කර නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුන් ලොව පහල වුහ. ලෝක සත්ත්වයාට මහත් අනුකම්පාවෙන් ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලීමේ එකම බලාපොරොත්තුවෙන් යුක්තව උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය ලොවට දේශනා කරමින් ගම් දනවු සිසාරා වැඩම කරමින් ලෝක සත්ත්වයා සසර දුකින් මුදවාලූහ. එකල්හිදී සුමේධ නම් මහා පණ්ඩිතයෙක් හිමවත් පව්ව අසුරුකරමින් ධ්‍යාන වඩමින් කල්ගත කළේය. දිනක් එතුමා රම්‍ය නම් නගරය ඉහල ආකාසයෙන් ගමන් කරන විට ඒ නගරයේ සියලුම මිනිසුන් එකතු වී ඉතා අලංකාරවත් ලෙසින් එම නගරය සරසනු දුටුවේය. එසේ දැක එම නගරයට පැමිණ මේ සඳහා කාරනා කුමක් දැ යි විමසා දැනගෙන '' බුද්ධ '' යන නමත් ඇසීමට ඉතා දුර්ලභය යැ යි කියා තමන්ටත් යම් වැඩක් කරන්නට හැකි දැ යි විමසා සිටියේය. එවිට එම නුවරුන් කතිකා කොට නිම කිරීමට අපහසු හාත්පස මඩින් ගැවසුණු ප්‍රදේශයක් සරසන ලෙස භාර දුන්නේය.
තමන්ගේ ධ්‍යාන සමාපත්ති සුවයෙන් දිව්‍ය ලෝකයන්ගෙන් පවා දිව්‍යමය රතනයන් රැගෙනවිත් හෝ හිමවත් පව්වෙන් අනර්ඝ මල් ගෙනවිත් තමන්ට ලැබුණු කොටසෙහි කටයුතු අවසන් කල හැකි වුවත් අද මම කය ම වෙහෙසා බුදුරජානන් වහන්සේට පූජාවක් කලයුතු යැ යි සිතා වෙහෙස මහන්සි වී එම කොටස පිළිසකර කරන්නට විය. නමුත් ඒ වනවිට හාර ලක්ෂයක් මහා රහතුන් වහන්සේලා පිරිවරාගෙන දීපංකර දසබලයන් වහන්සේ පිඩු පිණිස රම්‍ය නගරයට පිවිසියහ. තමන් ලත් බිමෙහි වැඩ අවසන් කරගත නො හැකි වූ සුමේධ පණ්ඩිතයන් වහන්සේ තමන් ඇද සිටි අඳුන් දිවි සම්කඩ බිම අතුරා දසබලයන් වහන්සේ ඇතුළු හාර ලක්ෂයක් මහරහතන් වහන්සේලා බිමෙහි ඇති මඩ නො පාගා මාගේ ශරීරය මත පා තබා මෙයින් ඔබ්බට වැඩම කරත්වා යි සිතා, අද දින මම මගේ ජීවිතය බුදු පාමොක් මහා සඟ රුවනට පූජා කරනවා යැ යි සිතා බිම වැද හොත්තේය. මෙම ස්ථානයට පැමිණි බුදුරජාණන් වහන්සේ මොහුගේ සිතුවිලි බලා මම මෙන් මොහුත් බුද්ධත්වය ම ප්‍රර්ථනා කොට මෙහි වැතිර සිටින බව දැන නියත විවරණ දී වදාළහ. එතැන් පටන් සසර සැරිසරන්නා වූ මුන් වහන්සේ දාන , සීල , නෙක්ඛම්මාදී වශයෙන් සම තින්සත් පාරමිතා පූරණය කොට වෙස්සන්තර ආත්ම භාවයෙන් මිදී '' සන්තුසිත '' නම් දිව්‍ය පුත්‍රයාව ඉපිද තුසිත දිව්‍ය ලෝකයෙහි වාසය කළේය. දිනක් සන්තුසිත දිව්‍ය පුත්‍රයා වෙත පැමිණි දස දහසක් සක්වල දෙවි බඹුන් '' මහා වීරයන් වහන්ස... ඔබ වහන්සේ සක්විති රජකමක් හෝ සක්‍ර පදවියක් .... ප්‍රර්ථනා කරමින් පාරමී දහම් නො පිරුවෙමු. හුදෙක් බුදුබව ම ප්‍රර්ථනා කරමින් ම සියලු දුක් කම්කටොලු විදිමින් භයානක සසරෙහි පැමිණියෙමු. දැන් එම කටයුත්ත සඳහා කාලය පැමිණ ඇත. මහා වීරයාණන් වහන්ස බුදු බව ලැබීම සඳහා මවුකුස පිළිසිඳ ගන්නා මැනවි '' යැ යි ආරාධනා කළහ. පසුව එම ආරාධනාව භාරගත් සන්තුසිත දිව්‍ය පුත්‍රයා කාලය , දීපය , දේශය , කුලය , මව යන පංච විලෝකනයන් සම්පූර්ණ කොට මහාමායා නම් උතුම් ගුණැති බෝධිසත්ව මාතාව කුස පිළිසිඳ ගත්හ. රන් ගුහාවක වෙසෙන කේසර සිංහරාජයෙකු සේ පූර්ණ දස මසක් කුස තුල සිටි බෝධිසත්ත්වයින් වහන්සේ වෙසක් පුර පසළොස්වක පොහෝ  දින ලුම්බිණි සල් උයනේහිදී මිනිසත් ලොව උපත ලැබුවේය. මවු කුසින් ලොව එලිය දුටු උන්වහන්සේ ප්‍රථමයෙන් ම බ්‍රහ්මයන් විසින් ද දෙවනුව සතරවරම් දෙවියන් විසින් ද අනතුරුව මිනිසුන් විසින්ද ඉතා ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්නා ලදී. එසේ පිළිගන්නා ලද බෝධිසත්ත්වයින් වහන්සේ උතුරු දිශාභිමුඛව පියවර සතක් ගමන් කොට '' අග්ගෝ හමස්මි ලෝකස්ස...... '' මම ලොවට අග්‍ර වෙමි ..... යනුවෙන් අභීත සිංහ නාදය පැතිර වූහ. මෙය උන්වහන්සේගේ ප්‍රථම සිංහ නාදය විය.
සියලු කුමාර සම්පත්තියෙන් යුක්තව පෝෂණය වන සිදුහත් කුමරුවන් නම් තැබීමේ උත්සවයට සහභාගී වූ බමුණන්ගේ අනාවැකියට අනුව ගිහිගෙදරින් නික්මයාවී යන බිය නිසා සුද්ධෝදන රජු විසින් නිතර දැඩි මුරකාවල් මැද රම්‍ය , සුරම්‍ය , සුභ යන මාලිගාවන්හි ආරක්ෂා  කරන්නට විය. ක්‍රමයෙන් තුරුණු වියට පැමිණි සිදුහත් කුමරුවෝ තම නෑදෑයන්ගේ සැක දුරුකර සියලු ශිල්පයන් දක්වා යශෝදරාවන් සමග සරණ මංගල්ලයට පත් විය. දිනක් උයන් ක්‍රීඩා සඳහා යන අතරතුරදී දෙවියන් විසින් දක්වන ලද ලෙඩෙක් , මහල්ලෙක් , මළකඳක් , පැවිදිරුවක් යන සතර පෙර නිමිති දැක ගිහිගෙය පිළිබඳව කලකිරී තමන් ද සසර විමුක්තිය සොයා යා යුතු යැ යි සිතා නැවතත් තමා සිටින මාලිගයට පැමිණියේය. එසේ එන අතර තුරදී කිසාගෝතමිය විසින් කියන ලද '' නිබ්බුතා නූන සා මාතා..... '' මෙවැනි පුතෙකු ලද යම් මවක් වේ නම් ඇය ඒකාන්ත වශයෙන් ම නිවුණේ වේ ...... යන ප්‍රකාශය අසා තමන්ගේ ගෙල පැලදී ලක්ෂයක් වටිනා මාලය ඇයට තෑගිකොට යවා රජ මාලිගයට පැමිණියේය. මෙම නිබ්බුත පද අසන ලද්දේ අභිනිෂ්ක්‍රමණය කිරීමට ප්‍රථම දිනහිදී ය.
සිදුහත් කුමරුන් උයනෙහි සිටියදී රාජ්‍ය සේවකයෙක් විසින් ගෙන එන ලද හසුනකට අනුව යශෝදරා කුමරියට පුත් කුමාරයෙකු උපන් බව දැන ගත්තේය. '' රාහුලෝ ජාතෝ - බන්ධනං ජාතං '' රාහුලයෙක් උපන්නේය, බන්ධනයක් ඇතිවිය .... යන ප්‍රකාශනය සිදු කිරීමත් ගිහිගෙන් නික්ම යාමේ දැඩි උවමනාවත් සිදුහත් කුමරුවන්ට විය. රාත්‍රියෙහි දී තමන්ට නැටුම් දැක්වීමට පැමිණි නාට්‍යාංගනාවන්ගේ විප්‍රකාර දැක ඡන්න ඇමතියාත් සමග කන්ථක අසු පිටින් අභිනිෂ්ක්‍රමණය සිදු කළේය. එසේ අභිනිෂ්ක්‍රමණය සිදු කොට අනෝමා ගන්තෙරදී ඝටීකාර නම් මහා බ්‍රහ්මයා විසින් පිලිගන්වන ලද අට පිරිකර ගෙන පැවිදි බිමට පත් විය
සත්‍ය කුමක් දැ යි ගවේෂණය කරන සිදුහත් තාපසතුමා ක්‍රමයෙන් පැමිණ ආලාරකාලාම හා උද්දකරාමපුත්ත යන ගුරුවරුන් දෙදෙනෙකු යටතේ ධ්‍යාන වැඩීම පුරුදු පුහුණු විය. නමුත් එය හුදෙක් ධ්‍යාන වැඩීමක් පමණක් වන බවත් සර්වප්‍රකාරයෙන් කෙලෙස් නැසීමක් නො වන බවත් දැනගත් බෝධිසත්ත්වයන් වහන්සේ තනිව සත්‍ය සොයා යන්නට විය. එහිදී විශේෂයෙන් අත්තකිලමථානුයෝගයට අනුව තම ශරීරයට දැඩි දුක් දෙමින් පස්වග මහණුන්ගේ උපස්ථානය ලබමින් වීර්ය වඩන්නට විය. නමුත් පසුව එය නිවන් ලබන මග නො වන බව දැනගත් උන්වහන්සේ කුඩාකල වප් මගුල් උත්සවහිදී වඩන ලද ආනාපානසති භාවනාව සිහිපත් කොට ක්‍රමයෙන් ආහාය අනුභව කරන්නට පටන් ගත්තේය. ඒ බව දැනගත් පස්වග මහණුන් බෝධිසත්ත්වයන් නිවන් මගෙන් වෙන් වූ බව කියමින් උන්වහන්සේ අතහැර යන්නට වූහ. පසු කලෙක මෙම ආනාපානසති භාවනාව ම විදසුන් වශයෙන් වඩා වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දින සියලු කෙලෙසුන් නසා පුබ්බේ නිවාසානුස්සති ඥානය , චුතුපපාත ඥානය හා ආසවක්ඛය ඥානය යන ත්‍රිවිද්‍යා පසක් කොට ලොව යමෙකුට ලැබිය හැකි උතුම් ම පදවිය වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව බුද්ධ රාජ්ජ්‍යයෙහි අභිෂේක වූ සේක.
පුරා දින 49 ක් හෙවත් සති 7 විවේක සුවයෙන් සත්සතිය ගතකල බුදුරජාණන් වහන්සේ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද විලද මීපැණි වළදා පසුව පස්වග මහනුන් නිවන් සුවයෙන් සනසා තමන් වහන්සේ ඇතුළු රහතුන් 61 නමක් ලොවට දායාද කොට දෙවි බඹුන් සහිත සත්ත්ව ප්‍රජාවට අමා දම් වැසි වැස්ස වූ සේක. තමන්ගේ පුතනුවන් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව දැනගත සුද්ධෝදන රජතුමා අවස්ථා නවයකදී එක් එක් ඇමතියකු සමග 1000 දෙනා බුදුරජාණන් වහන්සේ සමීපයට කිඹුල්වත් පුරයට වැඩමකිරීමට ආරාධනා කර යැවුවත්, ඒ අය බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදිව බණ අසා අර්හත්වයට පත් වුහ. එ නමුත් බුදුරජාණන් වහන්සේට වෙහෙසක් යැ යි සිතා රජුගේ ආරාධනාව ඉදිරිපත් නො කළහ. පසුව පැවිදිවීමට අවසර ලබා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කාලුදායි ඇමතියා ඇතුළු 1000 දෙන ද අරහත්වයට පැමිණ සුදුසු අවස්ථාවේදී  කාලුදායි මහරහතන් වහන්සේ විසින් කරන ලද ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ 10010 ක් මහරහතන් වහන්සේලා සමගින් තම ජාත නගරය වන කිඹුල්වතට වැඩම කල සේක. තමන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසරකට පසුව එසේ තම ඥාතින් දැකීමට වැඩම කලත් , බුදු කෙනෙකුන් හට දැක්විය යුතු නිසි ගෞරවය තම ඥාතීන්ගෙන් නො ලැබීමත් ඥාතීන්ගේ සැක දුරුකිරීමත් යන කරුණු දෙක නිමිති කොටගෙන බුදුරජාණන් වහන්සේට බුදුවරයෙකුට පමණක් ආවේනික යමාමහ පෙළහර පෑමට සිදු වූ සේක. එසේ යමාමහ පෙළහර පෑම සිදු කලේ ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනයකදී ය. 


මෙසේ සමස්ත ලෝක සත්ත්වයාම අමා දම් සිසිලෙන් සැනසූ අප ශාන්ති නායකයානෝ ස්ඛන්ධ පරිනිර්වාණයෙන් සසර ගමන සර්වප්‍රකාරයෙන්ම නවතා දැමුවේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදීය.ආයුෂ වසර 80 පමණ වන විට ආනන්ද හිමියන් අමතා '' ආනන්ද , මාගේ ශරීරය දැන් දිරාගිය අබලන් ස්වභාවයට පත් වූ කරත්තයක් මෙනි '' යැ යි කියමින් ලෝක සත්ත්වයාට හිමි ජරා , ව්‍යාධි ..... ආදී සියලුම දුක් තමන් වහන්සේට ද උරුම බව කියමින් මාරයා විසින් කරන ලද පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීමේ ආරාධනාවත් පිළිගනිමින් කුසිනාරා නුවර උපවර්තන නම් සල් උයනට වැඩම කල සේක. එහිදී තමන් වහන්සේ පිරිනිවී වදාරන බව දැන්විය යුතු සියලු දෙනාටමත් දන්වා තථාගත ශ්‍රී දේහයට කෙසේනම් අවසන් බුහුමන් දැක්විය යුතුද කියා දෙමින් සියලුම දෙනා ආමන්ත්‍රණය කරමින් යම් හෝ සක කරුණක් මෙම ධර්මය පිළිබඳව ඇත්නම් විමසන ලෙසත කියා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය ලොවට ප්‍රකාශ කරමින් අනෙක වාරයක් ප්‍රථම ධ්‍යානයටත් ක්‍රමයෙන් නිරෝධ සමාපත්තියටත් සම වදිමින් අවසානයේ පරිනිර්වාණ ධාතුවෙන් නිවී සැනසී වදාළ සේක. මෙම මහා පරිනිර්වාණය සිදු වූයේ ද  වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී ය.

එසේම බුද්ධත්වයෙන් 8 වන වසරේදී මණි අක්ඛිත නම් නා රජුගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කලේ ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමනොළ ගිරෙහි වම් සිරි පා සටහන තබන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක දිනයකදී ය. එසේම අටමස්ථාන , සොලොස්මස්තානයන් , දෙතිස්ඵල බෝඩින් වහන්සේලා වැඩසිටින ස්ථානයන්හි නිරෝධ සමාපත්තියෙන් සුළු කාල පරාසයක් වැඩවිසීම ද සිදු කලේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී ය. 
සිංහබාහු රජුගේ දෙටු පුතු වන විජය කුමරු 700 ක් දඹදිවින් නෙරපන ලද තම සේනාව සමග අප රටට පැමිණියේ ද වෙසක් පොහෝ දිනකදී ය. 
සිංහල ජාතිය තුල සදා අමරණීය රජ කෙනෙකුන් වන දේවානම් පියතිස්ස රජු දෙවන වරට අශෝක අධිරාජ්ජ්‍යා විසින් පරිත්‍යාග කරන ලද පන්චකකුධ භාණ්ඩයන්ගෙන් යුක්තව දෙවන වරට රාජාභිෂේකය සිදු කරන ලද්දේ ද වෙසක් පුර පසළොස්වක දිනකදීය.
 එළාර රජුන් ඇතුළු සියලු දමිල කැරලිකරුවන්  මර්ධනය කොට ලංකාද්වීපයම එක්සේසත් කරන ලද දුටුගැමුණු මහා නිරිදුන් විසින් ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා රුවන්වැලි මහා සෑ රජුන් පිහිටුවීම ආරම්භ කරන ලද්දේත් වෙසක් පුර පසළොස්වක දිනයක දී ය.
  
බුදු රජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක වූ ආනන්ද මහරහතන් වහන්සේ වසර 120 ක් ආයු වින්දනය කොට තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 40 කට පසුව රෝහිනී නදිය ඉහල ආකාසයෙහි දී  සතර ඉරියව්වෙන් තොරවම ස්ඛන්ධ පරිනිර්වාණ ධාතුවෙන් නිවී සැනසී වදාළේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකදී ය.
එසේම පුරාණ රජවරුන්ගේ රාජාභිෂේක දිනය වන්නේ ද වෙසක් මස පුර පසළොස්වක පොහෝ දිනය යි.
අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ආරම්භකළ මහාවිහාර වංශික මහා සඟ රුවනෙහි උපසම්පදා විනය ක්‍රමය සිදු කරනු ලබන්නේ ද වෙසක් පුන් පොහෝ දිනහිදී ය.
මෙසේ තෙමගුල සිහිපත් කිරීම මුලික කරගෙන ඒ හා සහ සම්භන්ධ බොහෝ කරුණු ද වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දා අනුස්මරණය කරනු ලැබීම බෞද්ධ කාහටත් විශේෂ කරුණක් වනු ඇත.


SOFT ZONE | KALUTARA වෙතින් ලෝකවාසි සියලුම දෙනාට සුබම සුබ වෙසක් මංගල්ලයක් වේවායි පතන්නේමු...