ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Showing posts with label Other. Show all posts
Showing posts with label Other. Show all posts

Sunday, June 24, 2012

රාවණා රජු සොයාගිය ගමනාන්තය...


ශ්‍රි ලන්කාවේ විසු රාවණා රජතුමා රාමන් රාවණ මහ සන්ග්‍රාමයෙන් මියගිය බැව් රාමායනය පවසනා නමුත්,රාමගේ හී පහරින් සිහි මුසපත් වු රාවණ රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ
"මහ කුඩුගල කදු" මුදුනේ සුරක්ශිතව තැන්පත් කර ඇති අතර, එම සිරුර ගන්ගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමන අතර ඉට පසු රාවණා රජුට නැවත සිහි ලැබෙන බවත් දීර්ඝතම සිහිමුර්ජාවෙන් සිහි ලැබු රාවණා රජ තෙමේ භාවනා කීරීම පිණිස හිමාල වනයේ මහා දභගස් අරණට... යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්තයක සදහන්වේ.

මෙම පුවතේ සත්යය අසත්තාවය කොතෙනෙක්දැයි අපි නොදනිමි.
දැනට සියවස් පහකට පමණ පෙරලියා ඇති මෙම පුස්කොළ සටහන ඉට පෙර ලියා තිබුණ රන් පතී ඊරුවලින් උපුටාගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.
රාවණා රජතුමාගේ රාජකීය රන් මිරිවැඩිසගල නුවර එලියේ හක්ගල කද්බැවුමෙ පතොක් උයන මැද ඉතා ගවුරවනීය ලෙස තැන්පත් කර ඇති බැවත්, එය නයි පෙණ හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභිෂණ රජු විසින් බවත්ද එහි සදහන්ය. රාවණා දේහය සොයා ගැනීමට ප්‍රථම මෙම රන් මිරිවැඩි සගල අවුරුදු 95 ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනක තබාගෙන පැමින ශ්‍රි දේහය අසල තැබිය යුතු බවත් එම පතිරුවල වැඩිදුරටත් සදහන්වේ.

හග්ගල තිබෙන මෙම රන් මිරිවැඩි සගල නිධානය ලබා බැනීම සදහා කිසිදු බිලිපුජාවක් ඕන නැතිබවත්, එයට සහාභගි වන තැනැත්තා මස් මාන්ෂ බක්ෂණයෙන් තොර වයස අවුරුදු 50 ඉක්ම වු පුද්ගලයෙක් විය යුතු බවත් එහි සදහන්වේ.
මේ සියල්ලටම පෙර හක්ගල කදු මුදුනේ තුන්මන් හන්දියේ ගල් කුලක සගවා තිබෙන"පසින්ගල් මාණික්කය" ගත යුතුව ඇත. එම මාණික්කය අතට ගත යුත්තේ මුලින්ම රාවණ ආකර්ෂණ මන්තරයෙන් 1108 වරක් ජප කර සුවද දුම් අල්ලා රතු මල් දමක් එම ගිරිකුළ අසල තබා පුද පුජා කළ යුතුය.එවිට සෙයිලමය මන්ජුසාව විවුත වනු ඇත.අනතුරුව රක්ත වර්ණ පට පිළියෙන් දැත් වසාගෙන එම ගෝලාකාර පසින්ගල් මැණික අතට ගෙන මල් යහනාවක් මත තබා නැවත රාවණ ආකර්ෂණ මන්ත්‍රයෙන් ජප කළ යුතුය. මෙම කටයුතු සදහා බිලි පිදිම සම්පුර්ණයෙන්ම තහනම්ය.
රාවණා දේහය සොයා ආරම්භ කිරිමේ පළමුවැනි පියවර වී ඇත්තේ මෙම පසින්ගල් මැණික සොයා ගැනීමයි. එය කිසිවිට නිධන් හොරුන්ට කළ නොහැකි ක්‍රිරියාවක් වන්නේ අටසිල් සමාදන් වූ පිරිමි පුද්ගලයින් 108 දෙනෙක් සුදූ මල් වට්ටි එක බැගින් ගෙන කරණීයමෙත්ත සූත්‍රය ස්ජ්ජායනා කරමින් ලග්ගල කදු තරණය සදහා ඇසළ පසළොස්වක දිනය පිටත් විය යුතු බැවිනි.

මෙම පසින්ගල් මැණික සමන් මල් යහනක තබා රාවණා ආකර්ෂණ මන්තරයෙන් ජප කරන විට රාවණාගේ රන් මිරිවැඩිසගල ලබා ගන්නා ක්‍රමයත්, මෙම මාණික්කය රත්නය තුළින් පෙනෙන බැව් සිද්ධ රාජ පති ඉ රුවල සදහන්ව තිබේ.
රාවණා අදිරාජයාගේ රන්,රීදි,මුතු මැණික් සතර මහ නිදානයද රාවණාගල(වත්මන් රාගල) කන්දේ සෙයිලම මන්ජුසාවක් තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව එක් පුද්ගලයකුගේ පරිබෝජනයට පත් නෝකළ යුතු බවත් එම වස්තුව රෝහණ ප්‍රදේසයේ,සබරගමුව� �� සහා මදයම කදුකරයේ සන්වර්දන කටයුතු සදකා යෙදිය යුතු බැව් පැවසේ,මෙම පුස්කොළ ග්‍රන්තයේ සදහන් බෝහෝ කරුණු මිනිසෙකුට කළ නොහැකි දෙවල් ලෙස එක්වරම පෙනී යන නමුත් එහි සත්තයක් ඇත.
නමත්, කවරදා හෝ යම් දිනක කෙසේ හෝ මෙම කරුණු සිදුවනු ඇතැයි සිද්ද රාජ පත් ඉ රුවල පැවැසේ.
වර්ෂ දහස් ගණනකට පෙර යුද්දයෙන් මියගිය රාවණා රජතුමාට නැවත පණ ලැබීම විස්වාස කළ නෙහැකි කතාවකි. නමුත්, රාවණ රජතුමා කිසිදිනක කිසිවෙක් අතින මියනොයෙන බවට මහ බ්‍රහ්මයාගෙන් වරලත් එකම මනුෂයා බැව් අප අමතක නොකළ යුතුය.රාවණ දේවත්වයට සමීප වු මිනිසෙකි.

"රාම - රාවණ මහා සන්ග්‍රාමයේදී සිදුවී තිබෙන්නේ රාවණා රජු මියයැම නොව විෂ හී සැරයෙන් සිහිමුර්ජාවීම බවත්,රාවණා නැවත පණ ලබන්නේ මහා බ්‍රාහ්මයාගේ ආශිර්වාදයෙන් බවත් සිද්ද රාජ පත් ඉ රුවල සදහන් වී තිබේ. රාවණා රජු යුද්දයෙදි මිය නොගිය බැව් සදහන් කරන රාවණ කතා පුස්කොළ ග්‍රන්තයද පවසන්නේ රාම රාවණා ගැටුමෙන් රාවණා මිය නොගිය අතර සිහිමුර්ජා වු රාවණා සිරුර මහකුඩුගල ගිරි ශිඛරයේ සෙයිලමය මන්ජුසාවක තැන්පත් කළ බවකි".


රාවණා රජු සමයේ  සිදුවු අපුර්වතම සිදුවිම් රැසක් අපෙන් ඔබට වැඩි විස්තර සදහා පහත ලින්කුව කිල්ක් කරන්න..

Saturday, June 9, 2012

පුදුම Airport එකක් මෙන්න !

ජිබ්රෝල්ටා කියන්නේ ස්පාඤ්ඤ අර්ධද්වීපයේ පහලින්ම ඇති කුඩා බිම් කඩක්. ඒ අසල ඇති ජිබ්රෝල්ටා සමුද්‍රසන්ධියට නම වැටී ඇත්තේද මේ රට නිසා. මෙය අභ්‍යන්තර පරිපාලනයක් ඇති බ්‍රිතාන්‍ය භූමියක් (self-governing British overseas territory), හරියට ඕස්ට්‍රේලියාව වගේ.
අරුමපුදුම දේ තමයි ජිබ්රෝල්ටාවේ ගුවන්තොටුපලේ ධාවන තීරුව (runaway) හරහා මහාමාර්ගයක් වැටී තිබීම ! අපේ රටේ දුම්රිය මාර්ග හරහා වැටී ඇති පාරවල් වල වාහන ගමනාගමනය දුම්රියක් එන විට ගේට්ටු දමා නතර කරන්නාක් මෙන් මෙහි ගුවන්යානයක් පැමිනෙන/යන විට මහාමාර්ගයේ වාහන ගමනාගමනය ගේට්ටු මගින් නවත්වනවා.

මෙසේ වීමට හේතුව මොකක්ද කියලා මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පේනවා. මේ රට බොහොම පටු එකක්. හරස් අතට ගුවන් පථයක් ඉදිකරාට පස්සේ පාරක් හදන්න ඉඩ කොහෙද? මේ ගුවන් පථයෙත් කොටසක් හදා තියෙන්නෙ මුහුද ගොඩකිරීමෙන් බවයි පේන්නෙ.
මෙන්න බලන්න ඡායාරූප ටික:

මට මේක දැක්කාම තවත් දෙයක් මතක් උනා. ඒ තමයි “හිත ඇත්නම් පත කුඩාද?” කියන ආප්තෝපදේශය.

Tuesday, May 22, 2012

මෙන්න Game ගහන අයට පානදුරෙන් තැනක්...


මෙන්න COMPUTER GAME ගහන්න කැමති අයට පාන්දුරෙන් තැනක්..පසු ගිය දවසක පානදුරේ පාළම හන්දියේදි SENZO GAMING ZONE එක විවෘත කලා ඔබේ වෙනුවෙන්ම..මෙහිදි ඔබ සැමට අලුතෙන්ම ආපු COMPUTER GAMES ක්‍රිඩා කරන්න අවස්ථාව සැලසෙනවා..එමෙන්ම ගහන්න අකමැති අයට මෙහිදි FACEBOOK යන්න EMAILS බලන්න SONGS DOWNLOAD කරන්න ඕනම දෙයක් කරන්න පුලුවන්..මෙහි ඔබ වෙනුවෙන් අය කරන්නේ පුංචි මුදලක්පැයකට රු.50ක් වගෙම පැය භාගයකට රු.30 වගේ සුලු මුදලක් අය කරන්නේ.මෙය SNET ආයතනයේ තවත් සමාජ සත්කාරයක්..එන්න ඔබත් පැමිණ බලන්න.. ප්‍රමාද නොවන්න..පහතින් බලන්න SENZO GAMING ZONE ආරම්භ කරපු දවසේ විශේෂ අවස්ථා කිහිපයක්......




Wednesday, May 16, 2012

මා සිහිනයේ කුමරියක් ඔබත් ඔබයි..ආදරියත් ඔබයි..

What is "Love" means?
ඉතින් කොහොමද, මම අපි ඔය  ගොල්ලන්ට කියන්න යන්නේ ජිව්තේ ගැන කතාවක් එ වගෙම  මෙක අපි ගොඩක් අයට  ප්‍රයොජන වත් වෙන ව්දියේ කතාවක්,ඔන්න ඉතින් එකමත් එක කාලෙක ලමයෙක් හිටියා මේ ලමයට ලොකු ප්‍රස්නයක්  තිබුනා  එක අපි ගොඩක් අයට පොදු ප්‍රස්නයක් එ තමයි “ආදරය කියන්නේ මොකක්ද කියන  එක”,ඉතින් දවසක් මෙ  ලමයා මෙ ප්‍රස්නය එයාගෙ ගුරැවරයාගෙන් ඇහුවා එතකොට

ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා,

ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඔයා ඉරිගු හෙනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල  අරගන එන්න ඔන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු  හෙන හරහා යන්න  පුලුවනඑක පාරයි, ආපහු හැරෙන්න බැ.

මෙක අහපු ලමයා ඉරිගු හෙනක යනවා, ඉස්සරහම ලොකු ඉරිගු කරලක් තියනවා දැක්කත්  තව ඉස්සරහට තව ලොකු ඉරිගු කරල් ඇති කියලා හිතපු ලමයා තව ඉස්සරහට යනවා මේ  වගෙ තව ට්ක ට්ක දුරක් ආවට පස්සේ ලමයට තෙරෙනවා දැන් තියන  ඉරිගු කරල් ඉස්සල්ලා තිබුන ඉරිගු කරල් වලට වඩා පොඩ්යි කියලා,

එතකොට එයාට තෙරනවා ලොකුම කරල එයාට මගහැරැනා කියලා.නමුත් එයාට ආපහු හැරෙන්න   බැ.ඉතින් ලමයා ගොඩක් දුකෙන් ගුරැවරයට වෙච්ච දේ කිව්වා.

එතකොට ගුරැවරයා කියනවා “ඔක තමයි ආදරෙ කියන්නෙ , අපි හැම වෙලාවෙම හොදම දේ හොයනවා නමුත් ඒ දේ අපිට මග හැරැන බව දැන ගන්න කොට පමා වැඩ්යි”

එතකොට ව්වහය කියන්නේ මොකටද ලමයා ඇහුවා,

එතකොට ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඉස්සල්ලා වගෙම ඔයා ඉරිගු හෙනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල අරගන එන්න ඔන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු  හෙන හරහා යන්න පුලුවන එක පාරයි, ආපහු  හැරෙන්න බැ.

ඉතින් ලමයා ආපහු ඉරිගු හෙනක යනවා, ගිහින් ඉස්සල්ලා වැරෑද්ද ආපහු කරන් නැ   කියලා සාමාන්‍ය ඉරිගු කරලක් අරගන ගුරැවරයා ලගට යනවා,

එතකොට ගුරැවරයා මෙහෙම කියනවා, මෙපාර ඔයා ගෙනපු ඉරිගු කරල ගොඩක් හොදයි,  මෙ ඉරිගු කරල ගෙන්න ඔයාට ව්ස්වාසය හා අඨ්ෂ්ටානය තිබුනා.මෙක තමයි ඔයාට ලැබුනහොදම දේ, මෙකට තමයි ව්වහය කියන්නේ.


බලන්න මේ කතාවෙන් කොච්චර ලස්සනට මෙ දෙක තෙරැම් කරලා දුන්නද කියලා,අපේ  ජිව්තේත් ඉරිගු හෙන වගේ තමයි, අපිට ජිව්තේ හරහා යනන්න පුලුවන් එකම එක පාරක් ව්තරයි එක හින්දා මෙ කතාවෙන් කියන දේ අපේ ජිව්තයට ගොඩක් වැදගත් දැන්  ඉතින් හොදට හිතලා බලන්න ඔයාටත් හොදම දේ මග හැරිලද කියලා.
 හැබැයි මෙහෙම කියන්නේ ඇත්තටම නිසල් ජනික් සිල්වා.. අහලා බලන්නකො ඔහුගේ ගිතය... පහල තියෙන DOWNLOAD ලින්කුවේන් කරගන්න සින්දුව

Tuesday, May 15, 2012

පින් පව් කරන අරුම පුදුම වැඩ

    ඔන්න අපිත් 2012 A/L අස්සේ තවත් පොස්ට් එකක් දාන්න කල්පනා කරලා දැම්මා මේක බලන්නකො.. මේක ලියන්න අපි ගොඩාක් කරුනු හොයාගත්තා බුදුසරණ පුවත්පතෙන්..
ඛුද්දක නිකායට අයත් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු යන ග්‍රන්ථ පරිශීලනය    කරන විට පින හා පව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඉතා පුළුල් අවබෝධයක්   ඇති කර ගැනීමට හැකිය. පින හා පව පිළිබඳ පිළිනොගන්නා මිථ්‍යාදෘෂ්ඨික   පිරිස්ද වෙසෙන සමාජයක, තාක්ෂණික දියුණුව ‘දියුණුව‘ යැයි කියා සිතාගෙන   සිටින බොහෝ දෙනකුට තම මිථ්‍යාමත සුණු විසුණු කර දමා ගැනීමට තිබෙන හොඳම   සාක්‍ෂිය නම් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු පාලියයි. මෙම කොටස් වලින්   
ඉදිරිපත් කෙරෙන කතා කියවා බැලීමෙන් අපට පුණ්‍ය විපාක හා පාප විපාක   ක්‍රියාත්මක වෙන අකාරය ඉගෙන ගැනීමට පුළුවන.


යම් කෙනකු මෙම කතා පුවත් ඉතා හොඳින් කියවා බැලුවහොත් පාප  ක්‍රියාවන්ගෙන් වෙන් වී පුණ්‍ය ක්‍රියාවල යෙදීමට අනිවාර්යයෙන්ම සිතට   ගනු ඇත. එමෙන්ම පව්කම්වල යෙදීම සම්පූර්ණයෙන්ම අත්හැර දමනු ඇත. විවිධ   පාප කර්ම වලට අනුව විඳීමට සිදුවී ඇති වචනයෙන් විස්තර කළ නොහැකි, ඉතා   
අමිහිරි, අප්‍රසන්න, කඨෝර , කටුක දුක් වේදනා පිළිබඳ දැනගත් විට,   අවබෝධයක් තිබෙන කිසිවකු පාප කර්ම කිරීමට කැමැතිවේද යන්න සැක සහිතය.

මෙම ලිපිය මගින් අප දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන්නේ කතා කිහිපයක්  පමණක් උදාහරණ වශයෙන් දක්වමිනි. එහෙත් මෙම කතා වැඩි ප්‍රමාණයක් කියවා   ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. වාණිජමය පදනම මත පමණක් රැඳී සිටිමින් හුදු   විනෝදාස්වාදය පිණිස ටෙලිනාට්‍ය , චිත්‍රපට, වේදිකා නාට්‍ය, නවකතා හා   කෙටි කතා ආදිය නිර්මාණය කරන, රචනා කරන නිර්මාණකරුවන්ට හරවත් වස්තු බීජ   
රාශියක් මේ කතා තුළින් ලබා ගත හැකිය. ඒ තුළින් මෙලොව පරලොව යහපත සලසා  
දීමේ මහඟු වැඩපිළිවෙළක් දියත් කිරීමට ඔවුන්ට හැකියාව සැලසේ. ඒ ඔස්සේ    එම නිර්මාණකරුවන්ට සුගති සම්පත් සලසා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවද සලසා ගත   හැකිවේ.

අනෙක් අතට පුද්ගල සන්තානය තුළ රාග, ද්වේෂ සහ මෝහ ජනනය කරන නිර්මාණ ඉදිරිපත් කිරීම එම නිර්මාණකරුවන්ට අහිත පිණිස පවතින අතර තමන්   පිළිගත්තත් නොපිළිගත්තත් මරණින් මතු දුගතියට යෑමට සිදුවීමේ ඉඩ ඇත. ඒ බව   අප මෙහි දී දක්වන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුවය. මේ වන විට කුඩා   දරුවන්ගේ සිත් සතන් හුදු විනීදාස්වාදයටම බර කරන කාටුන් වැඩසටහන් අප රටේ
   ඉතාමත් ජනපි‍්‍රයව පවතී. ඒවා තුළින් දරුවාට රට , දැය , සමය ආදිය පිළිබඳ    කිසිදු ආකාරයක හැඟීමක් හෝ අපගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ජාතික වීරවරුන්    ගැන කිසිදු තොරතුරක් හෝ අධ්‍යාපනයක් හෝ ලබා නොදෙයි. ඒවායින් දරුවාට   ලැබෙන කිසිදු දහම් දැනුමක්ද නැත. දරුවාගේ පෞරුෂ වර්ධයක් ඒ තුළින් සිදු   නොවේ. දැනට ශ්‍රී ලංකාවේ විකාශය වන සමහර කාටුන් පිටරටවලින් ආනයනය කරන   ඒවා වන අතර ඒවාට කෝටි ගණන් මුදල් යට කිරීමට සිදු බව වාර්තා වෙයි.

එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම බෞද්ධ රූපවාහිනි නාලිකාව වන, ගෞරවනීය   දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යනු   ලබන බෞද්ධයා නාලිකාව ඔස්සේ අප බෝධී සත්වයන් වහන්සේගේ චරිත කතා මුල්   කරගෙන ඉතා වටිනා කාටුන් වැඩසටහන් පුංචි දරුවන්ට නැරැඹීමට අවස්ථාව සලසා   දී තිබීම අප කවුරුත් අගය කළ යුතුය. එමෙන්ම මේ රටේ චිර ප්‍රසිද්ධ චිත්‍ර  
 කතා රචකයන් දෙපොළක වන සඳලංකාවේ සුමතිපාල හා ජෝතිපාල දෙසොහොයුරන් එකල   විකට හා ආදර කතා වැනි සාමාන්‍ය චිත්‍ර කතා රචනා කළත් දැන්, පූජනීය   කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, බුද්ධ කාලීන   භාරතයේ සිදුවූ සත්‍ය සිද්ධී මුල්කොට ඉතාමත් වටිනා චිත්‍රකතා පෙළක්   නිර්මාණය කොට තිබේ. සෑම දරුවකුම කියවිය යුතු චරිත කතා පෙළක් ලෙස ඒවා 
හැඳින්විය හැකිය. බාහියදාරුචීරිය මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන්   වහන්සේ සහ සුමන සාමණේරයන් වහන්සේ වැනි උදාර චරිත මෙම කතා පෙළෙහි දක්නට   ලැබේ. කර්ම විපාක විඳීමට සිදුවන ආකාරය ආදිය එම කතා තුළින් විමසා දත   හැකිය.

දැන් අපි පේ‍්‍රත වස්තු පාලියේ දෙවැනි වර්ගය වන උබ්බරීවර්ගයෙ දෙවැනි   කතාව මඳක් විමසා බලමු. එහි නම් සාරිපුත්ත ථෙරස්ස මාතු පේත වත්ථු ‘   නම්වේ. එනම්, පෙර භවයක සාරිපුත්ත තෙරුණ්ගේ මව ගැන කියැවෙන පේ‍්‍රත   වස්තුවයි. කලින් භවයකදී සැරියුත් මහ රහතන් වහන්සේගේ මෑණී කෙනෙකුව සිටි   
තැනැත්තියක් තමන් විසින් කරන ලද පාප කර්ම මුල් කරගෙන පේ‍්‍රත ලෝකයේ   ඉපදුණි. ඇය සැරියුත් මහ රහතන් වහන්සේ බැහැ දකින්නට වූ පැමිණ තමන් විඳින   අනන්ත දුක් විස්තර කළාය. තමන් මහා බඩසයින් පෙළෙන බවත් ආහාර පිණිස   ගැනීමට සිදු වී ඇත්තේ කාරා විසි කරන කෙළ ,සොටු, සෙම, පිලිස්සෙන   
මළසිරුරුවලින් උතුරන වුරුණූ තෙල්, දරුවන් වදද්දී ගලන ලේ , තුවාලවලින්   වැගිරෙන ලේ, සැරව, ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසූචි සහ   සත්තුන්ගේ ලේ සැරව ආදිය බවත් ඇය විසින් පවසන ලදී. පිහිට පිළිසරණක් නැති   ඇය අමු සොහොනේ නිදාගන්නා බවත් පැවසුවාය. ඒ නිසා ඇය ඉල්ලා සිටියේ ලේ,   
සැරව අනුභව කරන ජීවිතයෙන් ගැලවීමට දානයක් දී පින් අනුමෝදන් කරන ලෙසයි.

ඉන්පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇගේ වචනයට කන්දි මුගලන් මහ රහතන්   වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ හා කප්පිත මහරහතන් වහන්සේ යන මහ   රහතන් වහන්සේට මේ පිළිබඳ දැනුම් දී කුටියක් සාදා සිව් දිශාවෙන් වඩින   මහා සංඝරත්නයට පූජා කොට ආහාරපාන ආදියත් මහා සංඝරත්නයට පූජා කොට ඒ පින ඒ   මැණියන්ට අනුමෝදන් කළ සේක. එසැණින්ම ඇගේ සිරුර පිරිසිදු වී පවිත්‍ර   
වස්ත්‍රවලින් සැරසුණු අතර ඒවා කසී සළුවලටත් වඩා උසස් වූ අතර ඉන්පසුව ඇය   සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැසීමට පැමිණියාය. ඉන්පසුව මහ රහතන්   වහන්සේට ඇය දකින්නට ලැබුණේ සෑම දිශාවකින්ම බබළන ඕෂධී තාරුකාවක් මෙනි.   ඇයට එවැනි දිව්‍යමය තත්ත්වයක් හා බැබළීමක් ලැබුණේ සැරියුත් මහරහතන්   වහන්සේ සිදුකරන ලද පින අනුමෝදන් වීමෙනි.

ඇතැම් අය සිතාගෙන සිටින්නේ තමන් කොයි ආකාරයෙන් ජීවත් වුවත් සිදුවන   විශේෂ අයහපතක් නැති බවයි. එහෙත් ශාරිපුත්ත මහ රහතන් වහන්සේට මීට පෙර   භවයක මැණියන් වූ තැනැත්තියටත් මෙවැනි භයානක ඉරණමකට මුහුණදීමට සිදුවූවා   නම් අප ගැන කවර කතාද? එතුමිය ගලවා ගැනීමට එදා සාරිපුත්ත තෙරුණ් වහන්සේ   වැඩ සිටියා වුවත් අද අපව ගලවා ගන්නේ කවුද?

එමෙන්ම ‘මත්තා ‘ පේතවත්ථූවේද අපට ඉතාමත් වැදගත් වන , එමෙන්ම වර්තමාන   සමාජයටත් ඉතාමත් අත්‍යවශ්‍ය කතා ප්‍රවෘත්තියක් දක්නට ලැබේ. ‘තිස්සා ‘   සහ ‘මත්තා ‘ නම් වු බිරින්දෑවරුන් දෙදෙනකු අතරින් මත්තා නම් තැනැත්තිය   විවිධ අකුසල කර්ම කිරීම නිසා පේ‍්‍රත ලෝකයේ ඉපිද අපමණ දුක් විඳින   
ආකාරයත් පසුව පින් අනුමෝදන් වී ඒ තත්වයෙන් මිදුණූ ආකාරයත් දැක්වේ. ඇගේ   සිරුරේ නූල් පොටක්වත් නොතිබූ අතර කෙට්ටු, නහරවැල් පෑදුණූ, ඉලඇට ඉල්පී   ඇති සිරුරක් ඇයට හිමි විය. එයට හේතු වූයේ මිනිස් ලොව සිටිද්දි ඇය සතු   වු දුර්ගුණයන්ය. එනම් නපුරු බව, පරුෂ වචන කීම, ඊර්ෂ්‍යා කිරීම, මසුරුකම   හා කෛරාටික වීමයි. එමෙන්ම ඇගේ මුළු සිරුර පුරාම පස් තැවරී තිබුණි. එයට   හේතුව තිස්සා නම් බිරිඳ නා පිරිසුදු වී ලස්සනට හැඳ ගෙන සිටින අවස්ථාවක   මත්තා කළේ ඊටත් වඩා අලංකාර වීමයි. ඉන්පසුව තිස්සා ස්වාමියාත් සමග කතා   කිරීම නුරුස්නා ලද මත්තා ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයෙන් පස් අහුරකින්   තිස්සාට දමා ගැසීමේ පව මේ තත්ත්වයට පත්වීමට හේතුව විය. එමෙන්ම එකී   පේ‍්‍රතිය සිටියේ සිය ශරීරය පුරාම කසමිනි.එයට හේතු වූයේ මේ දෙදෙනා   කැලයට බෙහෙත් සොයා ගිය විටෙක තිස්සා බෙහෙත් ගෙනාවත් මත්තා කහඹිලියා   ගෙඩි ගෙනැවිත් ඒවා නිස්සාගේ ඇෙඳ් විසුරුවා දැමීමයි.

ඊළඟට ඇයට නිර්වස්ත්‍රයෙන් සිටීමට සිදු වූයේ තවත් එබඳුම අකුසල කර්මයක   පාක වශයෙනි. එකල යහළුවන් හා නැදැයන් එකතු වූ අවස්ථාවකට ආරාධනාව   ලැබුණේ. ස්වාමියාටත් තිස්සාටත්ය. ඒ අවස්ථාවේදි මත්තා \ස්සාගේ   වස්ත්‍රයක් සොරකම් කිරීම හේතුවෙන් මෙම කර්ම විපාකය ලැබුණි. එමෙන්ම ඒ   පේ‍්‍රතියගේ ශරීරයෙන් අසූචි ගඳක් හැමීය. එයට හේතුව වූයේ තිස්සා නම්   බිරිඳගේ සුවඳ වර්ග, මල් මාලා සහ වටිනා සුවඳ විලවුන් මත්තා විසින්   වැසිකිළි වළක දමනු ලැබීමයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ යමකු යම් අකුසල   කර්මයක් කළහොත් ඒවායේ විපාක මේ ආකාරයෙන් ලබා දෙන බවයි.

වත්මන් සමාජයේද බොහෝ දෙනෙක් කිසිදු ගණනකට නැතිව මෙවැනි අකුසල කර්ම හා     අකටයුතුකම් සිදු කරති.


ඒ අයටද මේ අයුරින් පේ‍්‍රත ලෝකයේ ඉපදී විපාක විඳීමට සිදු වීමේ අවදානම   ඇත. එසේ නැතිනම් නිරය, තිරිසන් අපාය සහ අසුරකාය ආදියට යෑමේ අවදානම ඇත.

පේ‍්‍රත වස්තු ඇසුරෙන් අකුසල විපාක විඳීමට සිදුවන ආකාරය කතාපුවත්   දෙකකින් ඉහත ගෙන හැර දක්වනු ලැබිණි. දැන් අප පුණ්‍ය විපාක පිළිබඳව   විමසා බැලීම වටී. පැහැදුණූ සිතින් යුක්තව කුඩා හෝ පිනක් කර ගත්තද ඒ   සඳහා යහපත් පුණ්‍ය විපාක හිමිවන බව විමාන වස්තුවේ ඇති කතා ප්‍රවෘත්ති   වලින් ප්‍රකට වේ. එයට උදාහරණ විමාන වස්තුවේ පීඨවිමාන කතා වස්තු ඇසුරෙන්   පැහැදිලි කරමු. එක් තැනැත්තියක මනුෂ්‍ය ලෝකයේ සිටින කාලයේදි ස්වාමීන්   වහන්සේට එමෙන්ම මහ රහතන් වහන්සේට වැඩ සිටීමට ආසනයක් පිළියෙළ කොට වන්දනා   කොට නමස්කාර කොට දානයක් පූජා කර ගැනීමෙන් ලබාගත් පුණ්‍ය විපාක අනුව   දිව්‍ය ලෝකයේ දේවතාදුවක් ලෙස ඉපිද උසස් සැප අනුභව කිරීමට වරම් ලබා 
තිබේ. ඒ අනුව අලංකාර දිව්‍ය සළුපිළි සහ දිව්‍ය මල්මාලා ඇයට හිමි විය.   හිඳ ගැනීමට තිබෙන ආසනයද මනරම් දැකුම් කළු වූවකි. එය රනින් නිමවූවක් වන   අතර තමා කැමැති දිශාවට සිතේ වේගයෙන් ගමන් කරයි. එවිට ඇය බබළන අතර   වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වැන්න.

ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ නමකට පුටුවක් පූජා කර ගැනීම තුළින්   මෙවැනි මහානුභාව සම්පන්න තත්ත්වයක් ඇතිවේනම් තවත් පින්කම් කරන්නේ නම්   ලැබෙන ආනිශංස ගැන කවර කතාද? එබැවින් අප ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සරණ   ගොස් ඒ ශි‍්‍ර සද්ධර්මය පිළිගෙන කටයුතු කළහොත් අපට පේ‍්‍රත ලෝක ආදියේ   කටුක දුක් වේදනාවලින් මිදී දිව්‍යාලෝකවල දිව්‍යමය සැප අනුභව කිරීමට  
අවස්ථාව ලැබේ. කෙසේ වෙතත් ඒ සැපත් තාවකාලික බැවින් අප උත්සාහ කළ යුත්තේ 
 පරම සැප වූ නිවන් සැප මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීමටය. ඔබ සැම   දෙනාටම ඒ භාග්‍යය උදාවේවා!

Sunday, May 13, 2012

ඔබත් හොල්මන් විශ්වාස කරනවාද?

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අපි අවා පොස්ට් එකක් දාන්න.. මොකද අපේ සෙට් එකට මේ පාර උසස් පෙළ. ඉතින් පාඩම් කරනවා පන්ති යනවා ගොඩක් වැඩ.. බලන්නකො අද අපි ලියපු පොස්ට් එක..

හොල්මන් අවතාර විශ්වාස කරන්න ආමාරුයි.ඒත් අද සමාජය දෙස බැලුවහම හොල්මන් අවතාර පිළිගන්න අය ජීවත් වෙනවා.අපට හොල්මන් අවතාර ගැන මුලින්ම දැන ගන්නේ අපි පුංචිම කාලයේදී.කොහොම උනත් ඉතින් ලොකු කුඩා කවුරුත් හොල්මන් අවතාර ගැන කථා අහන්න තියෙන්නෙ පුදුම කැමත්තක්නෙ.බොහෝ පොත්පත්වලත් හොල්මන් ගැන සදහන් වෙනවා.


සමහර අය මේ හොල්මන් අවතාර දැකල තියනව කියලත් කියනවනෙ. විද්‍යාත්මකව ඔප්පුකරල නැති උනාට හොල්මන් අවතාර කියල දෙයක් ඇත්තටම තියනව වෙන්නත් පුලුවන්.සමහර ස්ථාන වල හොල්මන් අවතාර තියනව කියල අපිට අහන්න ලැබෙනව. පාලු ගෙවල්, සොහොන් පිටි වගේ තැන්වල හොල්මන් අවතාර ගැවසෙනව කියල බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.ඇත්තෙන්ම මම නම් හිතන්නේ හොල්මන් කියලා දෙයක් නැහැ කියලා.පාලු ගෙවල්,සොහොන් පිටි ළගින් යන කොට සමහර අය කියනවා ඔතන හොල්මන් ඉන්නව කියලා.එතකොට ඒ පුද්ගලයාට ඒ ගැන බය හිතෙනවා.එතනින් යන කොට යන්නේ බයෙන්.ගහක කොළයක් බිමට වැටුණත් ඔය ඉන්නේ හොල්මනක් කියලා බයේ දුවනවා.


මට මේ හොල්මන් අවතාර ගැන ලියන්න හිතුනේ අපේ පැත්තෙත් ඔය වගේ සිද්දියක් වුන නිසා.ඒ ගෙදර අය හොල්මන් දැකලා බය වෙලා.දැන් ඒ අයට හොදයි.මම නම් හිතන්නේ හොල්මන් අවතාර තියෙන්නේ ‍අපේ සිත තමයි කියලා. ඇත්තටම හොල්මන් අවතාර කියලා දෙයක් තියෙනවද?ඔයලා හිතන්නේ කොහොමද?

Tuesday, May 8, 2012

ගෙදරටම වෙලා Dongale එකේ Lock එක කඩමු

මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.

මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.





මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන් 
http://bb5.at/huawei.php?imei=###############
ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම්
http://bb5.at/huawei.php?imei=354300020014078

(needs internet connection)

එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock code එක සදහන් වෙනවා.


අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 41850586

දැන් කොහොමද unlock කරන්නේ. වෙන SIM එකක් දැම්මම Mobile partner ම unlock code එක ඉල්ලනවා නම් මේ code එක එන්ටෙර් කරන්න. එහෙම නැත්නම් පහත ක්‍රමය කරන්න

මුලින්ම මොඩෙම් එක සම්බන්ධ කරලා mobile partner රන් මෙවවනම් එකෙන් exit වෙන්න. ඊට පස්සෙ settings->control panel->system->hardware->device manager open කරගන්න. දැන් ports යටතේ HUAWEI Mobile Connect – 3G PC UI interface කියන එක හොයාගෙන එකත් එක්ක තියෙන COM පොර්ට් නොම්බරය බලාගන්න. 


අපේ උදාහරනයේ විදිහටනම් COM4.

ඊලගට programs ->accessories ->communications –>Hyperterminal
වෙත ගොස් HyperTerminal window ලබාගෙන කලින් බලාගත් පොර්ට් එකට සදහා පිහිටුම් සකස් කරගන්න.









දැන් HyperTerminal එක connect කරගන්න.



දැන් මේ එකේ AT (A යතුර, T යතුර සහ Enter යතුර) විධානය ලබාදෙන්න. එතකොට සියල්ල නිවරදිව තිබෙනම් "OK" යනුවෙන පිලිතුරු ලබෙවි. මීලගට 
AT^CARDLOCK= "########" විධානය ලබාදෙන්න.  ######## කියන්නේ අදාල කේත අංකයයි. අපේ උදාහරනයේ විදිහටනම්
AT^CARDLOCK="41850586"

එවිට පිලිතුරු වශයෙන්
^CARDLOCK 2,10,0 ලබෙවි.

දැන් unlock කිරීම ඉවරයි. මොඩෙම් එක කැමති විදිහකට පාවිච්චි කරන්න පුලුවන්. වෙනස් පිලිතුරක් ලැබුනොත් යම් තැනක වරදක් වෙලා තියෙනවා. නැවත උත්සාහ කරන්න කලින් මේකෙ comment එකක් දාන්න. (උත්සාහ කරන්න පුලුවන් 10 වරක් පමනයි).


මේ අගොස්තු අපි සෙට් එකට උසස් පෙළ නිසා පොස්ට් දැමිම තවකාලිකව අදින් නවත්තනු ලැබේ.. යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් අමතන්න අපට


අපව සම්බන්ධ කර ගත හැකි මාර්ග
Tel | දු.අංකය  : +94774483783
Email | ඉමේල් : dilranga@ymail.com
                         lahirudilranga@gmail.com
FB                 : www.facebook.com/ranga3d                       www.facebook.com/SoftZoneKalutara


Friday, May 4, 2012

ශ්‍රද්ධාව හා ප්‍රඥාව මතුගම මහින්ද හිමියන්ගේ බසින්


පානදුර රාජකීය විද්‍යාලයේ ධර්මාචාර්ය මතුගම මහින්ද හිමි විසින් ශ්‍රද්ධාව හා ප්‍රඥාව විස්තර කරන අයුරු බලන්න මෙසේ.

ක්‍රි.පූ. 6 වන සියවස වන විට ඉන්දියාවේ පැවැති ආගමික දර්ශන මතවාද බොහොමයක් ඉදිරිපත් වී තිබුණේ භක්තිවාදය පදනම් කර ගෙන බව පෙනේ. භක්තිය යනු යම්කිසි අදෘෂ්‍යමාන බලවේගයක් හෝ දෙවියෙක්, බ්‍රාහ්මණයෙක් විශ්වාසයේ තබා ඇදහීමයි. මේ කාලය වන විට අප මහා බෝසතාණෝ තුසිත දෙව්ලොව සන්තුසිත දෙව් රජව වැඩ සිටි බව සඳහන් වේ. එතුමන්ට ජම්බුද්දීපයේ උපත ලැබීමට කාලය, දීපය, දේශය, කුලය, මව් යන පස් මහා බැලුම් බලා ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජුට හා මහාමායා දේවියට දාව වෙසක් පුණු පොහෝදා ලුම්බිණි නම් සල් උයනක බෝසත් කුමරු නමින් උපත ලැබීය .
මෙපින්වත් කුමරු ලෝකයට අර්ථයක් සිදු කරන බව දත් පේනකරුවන් සිදුහත් හෙවත් සිද්ධාර්ථ යන නම තැබීය. සියලු ශිල්ප හැදෑරූ සිදුහත් කුමරු සොළොස්වන වියේදී යසෝධරා නම් දේවිය සමඟ විවාහ පත්ව අවුරුදු 13ක් ගිහි සැප විඳ අවුරුදු 29 දී ගිහි සැප හැර මහා අභිනිෂ්ක්‍රමණය කළහ. පසුව පැවැදි වෙස් ගත් බෝසත් තවුසාණෝ පරම සත්‍ය සෙවීමට අවුරුදු 06 ක් දුෂ්කර ක්‍රියා කොට නිවනට මඟ එය නොවන බව දැන ශරීරයට සැප දුන්හ. දුක සැප දෙක නිවනට බාධා ගෙන දෙන බව දත් බෝසත් තවුසාණෝ සමබර දිවියක් පවත්වාගෙන යමින් මධ්‍යම ප්‍රතිපදාවෙන් (මැදුම් පිළිවෙතින්) සම්මා සම්බුද්ධත්වයට පත් වූහ.
අප එදිනදා ජීවිතයේදී බුද්ධ චරිතය හඳුනා නොගෙන විවිධ නාමයන්ගෙන් බුදුරජාණන් වහන්ස්ට ආමන්ත්‍රණය කරයි. සන්තුසිත දෙව් රජ බෝසත් කුමරු නමින් ද, බෝසත් කුමරු සිදුහත් කුමරු නමින් ද, සිදුහත් කුමරු බෝසත් තවුසා නමින් ද බෝසත් තවුසෝ බුදුරජාණන් වහන්සේ නමින් ද විවිධ චරිත නිරූපණය කළ අතර, මෙයින් ශ්‍රේෂ්ඨතම චරිතය බුද්ධ චරිතයයි.
බුදුබව ලැබූ බෝසත් තවුසෝ ලොවට හඳුන්වාදුන් බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය යන තෙරුවන් හි සූවිසි ගුණ සමුදාය හරියට අවබෝධ කරගත් තැනැත්තා නියම ශ්‍රද්ධා වන්තයාය. මෙම ලිපිය සමාරම්භයේදී සඳහන් කළ භක්තිය ශ්‍රද්ධාවට වඩා වෙනස් ය. භක්තිය අදෘෂ්‍යමාන බලවේග කෙරෙත් ශ්‍රද්ධාව තුණුරුවන් කෙරෙත් බැඳී ඇති බව ඔබට පසක් කර ගැනීමට අපහසු නොවනු ඇත.
බුදු දහම හඳුන්වාදෙන නිවන ආරම්භ වන්නේ ශීලයෙන් නොව ශ්‍රද්ධාවෙනි. ශ්‍රද්ධාව නැති තැනැත්තා තුණුරුවන් විශ්වාස නොකරයි. ශ්‍රද්ධාව ඇතොත් ඔහු සීලවන්තයෙක් වනු නොඅනුමානයි. බුදුදහමට පමණක් උරුම වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරයි. එනම් ශ්‍රද්ධාව, ශීලය, චාගය, සමාධිය (භාවනාව) හා ප්‍රඥාවයි. ශ්‍රද්ධාවන්තයා හැමවිටම ශීල වන්තයෙකි. බෞද්ධයා ආරක්ෂා කරන ශීලය පන්සිල්, අටසිල්, දසසිල්, ආජීව අට්ඨමක සිල්, සාමණේර දසසිල්, උපසම්පදා සිල් පමණක් නොව විනය පිටකයේ භික්ඛුඛන්ධකයේ විනය නීති 227 ක් ද, භික්ඛුණි ඛන්ධකයේ විනය නීති 223 ක් ද නිර්දේශ කරයි.
එවැනි ශිලයක් ලෝකයේ කිසිම දහමක් දර්ශනයක් ඉදිරිපත් නොකරයි. එසේම ශීලයේ පිහිටි බෞද්ධයා මීළඟට චාගය හෙවත් පරිත්‍යාගය පුරුදු කරයි. චාගය යනු දානයයි. බුදුදහම දානය විග්‍රහකර ඇත්තේ මානවයාගේ තණ්හාව නැති කොට නිවනට මග පෙන්වන ආකාරයටයි. බෝසතාණන් වහන්සේ කල්ප ගණනක් සංසාරයේ සැරි සරමින් දාන පාරමිතා, දාන උප පාරමිතා, දාන පරමත්ථ පාරමිතා පුරුදු පුහුණු කළේ බුදු බවට මාර්ගය එයම වන නිසාය. මෙවැනි දානාධ්‍යාශයක් කිසිම ආගමක, දර්ශනයක දක්නට නොලැබේ.
දානය පුරුදු පුහුණු කරන බෞද්ධයා මීළගට පුරුදු පුහුණු කරන්නේ සමාධිය හෙවත් භාවනාවයි. නිවැරදි භාවනාව ඇත්තේ ද බුදු දහමේ පමණි. බුදුදහම ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් හඳුන්වා දෙයි. එනම්,
1. සමථ භාවනාව
2. විදර්ශනා භාවනාව
සමථ භාවනාවට පාදක වූ කමටහන් 40 කි. එය වඩන තැනැත්තා සිත දියුණු කරයි. එසේ සිත දියුණු කරන තැනැත්තා මීළඟට පුරුදු පුහුණු කරන්නේ විදර්ශනා භාවනාවයි. මෙය බුදු දහම හඳුන්වන්නේ ප්‍රඥා භාවනාව යනුවෙනි. ප්‍රඥාව ඇත්තේ බුදු දහමේ පමණි. අප ප්‍රඥාවන්තයින් යයි කියන්නේ බුදු, පසේබුදු, මහා රහතුන් වහන්සේලාටයි. මෙහි සඳහන් ප්‍රඥව යනු කුමක්ද? ප්‍රශ්නයකි.
බුදුදහම ප්‍රඥාව යයි කියන්නේ සත්ත්ව ශරීරයේ ඇති රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ යන පංචස්කන්ධය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් දැකීමයි. එසේ දුටු උතුමෝ නම් බුදු, පසේබුදු, මහා රහතුන්මය. මේ අනුව නිවනට මඟ ආරම්භ කරන්නේ සීලයෙන් නොව ශ්‍රද්ධාවෙන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයෙන් පසක් කොට ගෙන මෙ දුක් ඇති සසරින් එතරව අපි නිවනට මඟ සලසා ගමු.


සටහන

Monday, April 30, 2012

බලාගෙනයි..ඔබේ Facebook එකත් ප්‍රවේශම් කරගන්න


තමන්ගේ අනන්‍යතාවය සදහා අන්තර්ජාලයේ ඇති හොදම සහ ආරක්ෂිත සමාජ ජාලය Facebook වේ. සමහර අයට යහළුවන් දහස් ගණනින් ඇත. යහළුවන් ගණන වැඩි වෙන එක එක අතකට හොද නමුත් අනිත් අතට අනාරක්ෂිත මට්ටමේ ඇත. ඒ සදහා ඔබේ Facebook account එක ආරක්ෂාවට අනුගමනය කල යුතු දේ ඇත. ගැහැණු ළමයිගේ ගිණූම් වලින් පෙනි සිටින විවිධාකාර පුද්ගලයන් ඔබත් සමග ලෙන්ගතු වි ඔබ මුලා කර ඔබේ Facebook account එකෙහි ඊමේල් ලිපිනය සහ රහස් අංකය ලබා ගෙන Facebook account එකේ පාලනය ඔවුන්ගේ අතට ගනි. එවිට ඔබට කරන්නට කිසිම දෙයක් නැත.
ස්වර්ණවාහිණියේ පුවත් වලට පවා Facebook account එකේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය සෝරා ගෙන ගිණුම් ඔවුන්ගේ පාලනයට අරගෙන අසභ්‍ය දර්ශන , පින්තුර එක් කරන බවත්, කප්පම් ලබා ගන්නා බවත් මෑතකදි විකාශය කලේය. කෙසේ වෙතත් අප ආරක්ෂාකාරි විය යුතුය. ඔබ පහත ආකාරයට ආරක්ෂාකාර වන්න.

1. ගැහුණු ළමයෙකුගේ පින්තුරයක් සහිත අඩ නිරුවතින් හෝ නිරුවතින් profile පින්තුයක් ඇත්නම් එය 98% ක්ම බොරු ගිණුම් වන අතර එය පිරිමින්ගේ ගිණුම්ය. ඔවුන් සමග chat කිරිමේදි පරිසම් වෙන්න. ඔබේ Facebook account එකේ ඒ වගේ ගිණූම් ඇත්නම් ඔබේ ගිණුමෙන් ඉවත් කරන්න. Report කරන්න. අන්තිමට Block කරල දාන්න. ගැහැණූ ළමයි එම පින්තුර සහිත අයත් එක්ක කථා කිරිමෙන් වලිකින්න. ගැහැණු ළමයිද ඔවුන් මුලා කර ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගනි.

2. ඔබ නොදන්නා කිසිදු ලින්ක් එකක් ක්ල්ක් කිරිමෙන් වලකින්න.

3. සමහර අය තෑගි දෙන බවට සහ එක් එක් වරප්‍රසාද දෙන බව පවසා ලින්ක් එවයි. එහි ඇත්තේ නැවත ඔබේ ගිණුමට Login වෙන්න කියාය. ඔබ නැවත Login වුවහොත් ඔබේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය ඔවුන් සකස් කර ගත් මෘදුකාංගය මගින් ඔවුන්ගේ පරිගණකයේ මතක ගබඩාවට යයි. එවිට ඔබේ ගිණුම ඔබට අහිමි වි හමාරය.

4. කිසිම කෙනෙකුට, කුමන හේතුවක් උඩවත් ඔබේ Facebook account එකේ රහස් අංකය ලබා නොදෙන්න. එය වැඩකාරයෙක්ගේ අතට පත් වුනොත් කවදාවත් ඔබේ Facebook account ලබා ගත නොහැක.

5. ඔබේ ගිණුම පහත පරිදි ආරක්ෂා කර ගන්න. මේය සකස් කිරිම සදහා ඔබ Mozilla Firefox පාවිච්චි කරන්න. ඔබ පලමුව Mobile වලට ගොස් Add a Phone තියෙන තැන Click කරන්න. ඉන් පසු Password යන ස්ථානයේ ඔබේ රහස් අංකය යොදන්න. ඉන් පසු එය Confirm කලාට පසු ඔබට එන dialog box එකේ ලංකාවට අයත් දුරකථන සමාගමක් තෝරන්න එයි. ඔබේ ජංගම දුරකථනය අයත් සමාගම තෝරන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථයෙන් කැපිටල් F අකුර ටයිප් කර 32665 ට යවන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථනයට පැමිණෙන code එහි ටයිප් කර Next මත Click කරන්න. ඉන් පසුව ඔබ නැවත account setting වලට යන්න. ඊට පසු security වලට ගොස් Login Approvals වලට යන්න. ඉන් පසු “Require me to enter a security code each time an unrecognized computer or device tries to access my account “ යන ස්ථානයේ හරි ලකුණ යොදන්න. ඉන් පසු එන dialog box එකේ පහල ඇති Setup now යන ස්ථානය Click කරන්න. ඉන් පසුව ඔබේ දුරකථනයට code එකක් පැමිණේ එය එම ස්ථානයේ සටහන් කරන්න. ඉන් පසුව පැමිණෙන dialog box එකට නමක් ලබා දෙන්න. ඉන් පසු ඔබේ ගිණුමට Login වෙකොට ඔබේ දුරකථනයට code එකක් පැමිණේ. එය සටහන් කරන තුරු ඔබේ ගිණුම කාටවත් විවෘත කල නොහැක. කවුරු හෝ ඔබේ ගිණුමේ රහස් අංකය දැන ගෙන login වුවහොත් ඔබේ දුරකථනය පැමිණෙන Code එකින් එය දැන ගත හැක. ඔහුට ඒ Code එක නොදෙන කවදාවත් ඔබේ ගිණුම විවෘත කල නොහැක. දැන් සම්පුර්ණ ඔබේ Facebook account එකෙහි පාලනය ඔබ අතේය. ඔබට ජය. 


යාළුවන්ටත් දැන ගන්න මෙය
තමන්ගේ අනන්‍යතාවය සදහා අන්තර්ජාලයේ ඇති හොදම සහ ආරක්ෂිත සමාජ ජාලය Facebook වේ. සමහර අයට යහළුවන් දහස් ගණනින් ඇත. යහළුවන් ගණන වැඩි වෙන එක එක අතකට හොද නමුත් අනිත් අතට අනාරක්ෂිත මට්ටමේ ඇත. ඒ සදහා ඔබේ Facebook account එක ආරක්ෂාවට අනුගමනය කල යුතු දේ ඇත. ගැහැණු ළමයිගේ ගිණූම් වලින් පෙනි සිටින විවිධාකාර පුද්ගලයන් ඔබත් සමග ලෙන්ගතු වි ඔබ මුලා කර ඔබේ Facebook account එකෙහි ඊමේල් ලිපිනය සහ රහස් අංකය ලබා ගෙන Facebook account එකේ පාලනය ඔවුන්ගේ අතට ගනි. එවිට ඔබට කරන්නට කිසිම දෙයක් නැත.
ස්වර්ණවාහිණියේ පුවත් වලට පවා Facebook account එකේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය සෝරා ගෙන ගිණුම් ඔවුන්ගේ පාලනයට අරගෙන අසභ්‍ය දර්ශන , පින්තුර එක් කරන බවත්, කප්පම් ලබා ගන්නා බවත් මෑතකදි විකාශය කලේය. කෙසේ වෙතත් අප ආරක්ෂාකාරි විය යුතුය. ඔබ පහත ආකාරයට ආරක්ෂාකාර වන්න.

1. ගැහුණු ළමයෙකුගේ පින්තුරයක් සහිත අඩ නිරුවතින් හෝ නිරුවතින් profile පින්තුයක් ඇත්නම් එය 98% ක්ම බොරු ගිණුම් වන අතර එය පිරිමින්ගේ ගිණුම්ය. ඔවුන් සමග chat කිරිමේදි පරිසම් වෙන්න. ඔබේ Facebook account එකේ ඒ වගේ ගිණූම් ඇත්නම් ඔබේ ගිණුමෙන් ඉවත් කරන්න. Report කරන්න. අන්තිමට Block කරල දාන්න. ගැහැණූ ළමයි එම පින්තුර සහිත අයත් එක්ක කථා කිරිමෙන් වලිකින්න. ගැහැණු ළමයිද ඔවුන් මුලා කර ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගනි.

2. ඔබ නොදන්නා කිසිදු ලින්ක් එකක් ක්ල්ක් කිරිමෙන් වලකින්න.

3. සමහර අය තෑගි දෙන බවට සහ එක් එක් වරප්‍රසාද දෙන බව පවසා ලින්ක් එවයි. එහි ඇත්තේ නැවත ඔබේ ගිණුමට Login වෙන්න කියාය. ඔබ නැවත Login වුවහොත් ඔබේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය ඔවුන් සකස් කර ගත් මෘදුකාංගය මගින් ඔවුන්ගේ පරිගණකයේ මතක ගබඩාවට යයි. එවිට ඔබේ ගිණුම ඔබට අහිමි වි හමාරය.

4. කිසිම කෙනෙකුට, කුමන හේතුවක් උඩවත් ඔබේ Facebook account එකේ රහස් අංකය ලබා නොදෙන්න. එය වැඩකාරයෙක්ගේ අතට පත් වුනොත් කවදාවත් ඔබේ Facebook account ලබා ගත නොහැක.

5. ඔබේ ගිණුම පහත පරිදි ආරක්ෂා කර ගන්න. මේය සකස් කිරිම සදහා ඔබ Mozilla Firefox පාවිච්චි කරන්න. ඔබ පලමුව Mobile වලට ගොස් Add a Phone තියෙන තැන Click කරන්න. ඉන් පසු Password යන ස්ථානයේ ඔබේ රහස් අංකය යොදන්න. ඉන් පසු එය Confirm කලාට පසු ඔබට එන dialog box එකේ ලංකාවට අයත් දුරකථන සමාගමක් තෝරන්න එයි. ඔබේ ජංගම දුරකථනය අයත් සමාගම තෝරන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථයෙන් කැපිටල් F අකුර ටයිප් කර 32665 ට යවන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථනයට පැමිණෙන code එහි ටයිප් කර Next මත Click කරන්න. ඉන් පසුව ඔබ නැවත account setting වලට යන්න. ඊට පසු security වලට ගොස් Login Approvals වලට යන්න. ඉන් පසු “Require me to enter a security code each time an unrecognized computer or device tries to access my account “ යන ස්ථානයේ හරි ලකුණ යොදන්න. ඉන් පසු එන dialog box එකේ පහල ඇති Setup now යන ස්ථානය Click කරන්න. ඉන් පසුව ඔබේ දුරකථනයට code එකක් පැමිණේ එය එම ස්ථානයේ සටහන් කරන්න. ඉන් පසුව පැමිණෙන dialog box එකට නමක් ලබා දෙන්න. ඉන් පසු ඔබේ ගිණුමට Login වෙකොට ඔබේ දුරකථනයට code එකක් පැමිණේ. එය සටහන් කරන තුරු ඔබේ ගිණුම කාටවත් විවෘත කල නොහැක. කවුරු හෝ ඔබේ ගිණුමේ රහස් අංකය දැන ගෙන login වුවහොත් ඔබේ දුරකථනය පැමිණෙන Code එකින් එය දැන ගත හැක. ඔහුට ඒ Code එක නොදෙන කවදාවත් ඔබේ ගිණුම විවෘත කල නොහැක. දැන් සම්පුර්ණ ඔබේ Facebook account එකෙහි පාලනය ඔබ අතේය. ඔබට ජය. 







 

යාළුවන්ටත් දැන ගන්න මෙය Share කරන්න. මේක හොද නම් Comment එකකුත් දමන්න අමතක කරන්න එපා....... කරන්න.

Saturday, April 28, 2012

දෙරණ City Of Dance අනුශුරතාවය කළුතරට

ටිවි දෙරණෙන් සංවිධානය කල City Of Dance Season 3 අවසාන වටය ඊයේ (2012/04/28 )දිනයෙදි මහරගම තරුණ සේවා පරිශ්‍රයේදි නිමවාට පත් විය.. එහිදි හොදම නර්තන කාණ්ඩායම ලෙස අභිෂේක ලැබුවේ Gampaha Dangerous නර්තන කාණ්ඩායමයි..එහි කාණ්ඩායම් අනුශුරතාවය දිනුවේ කළුතර Royal Warriors නර්තන කණ්ඩායමයි.  දෙරණ City Of Dance එකල නර්තන තරගාවලියේ ශුරතාවය හිමි කරගත්තේ ඉමල්ෂා තොමස් සොහොයුරියයි.දෙරණ City Of Dance එකල නර්තන තරගාවලියේ අනුශුරතාවය හිමි කරගත්තේ නදිෂ් රන්දික සොහොයුරායි. SOFT ZONE | KALUTARA අපි City Of Dance Season 3හි ජයග්‍රහණය කල නොකල සියලු දෙනාටම සුභ පතන්නෙමු.. ඔබේ අනාගතය කළා ලොව එලිය කරන්නට දායකත්වය ලැබ්වේ කියා අපි ප්‍රර්ථනා කරන්නෙමු.

 
Gampaha Dangerous නර්තන කාණ්ඩායම


 
කළුතර Royal Warriors



ඉමල්ෂා තොමස්


නදිෂ් රන්දික



දෙරණ City Of Dance Season 3 Final Show  විශේෂ අවස්ථා කිහිපයක්

Derana City Of Dance Season 3 Final Show (48)Derana City Of Dance Season 3 Final Show (26)Derana City Of Dance Season 3 Final Show (29)Derana City Of Dance Season 3 Final Show (35)Derana City Of Dance Season 3 Final Show (39)Derana City Of Dance Season 3 Final Show (40)Derana City Of Dance Season 3 Final Show (49)

Derana City Of Dance Season 3 Final Show (2)


Friday, April 27, 2012

ලෝක විනාශය දෙසැම්බර් 12


ලෝක විනාශය ලබන වසරේ (2012) දෙසැම්බර් 12 වැනිදා සිදුවන බව පසුගිය සතියේදී නැවත වරක්‌ තහවුරු කරන ලදී. මෙම තහවුරුවද සිදුකරන ලද්දේ මායාවරුන්ගේ දින දර්ශනයේ අලුතින් සොයාගත් පිටපතක්‌ ආශ්‍රයෙනි.
මායා දින දර්ශනය මෙයට වසර 5125 කට පෙර මැක්‌සිකෝවේ විසූ “මායා” නමැති මනුෂ්‍ය කොට්‌ඨාසය විසින් සකස්‌ කරන ලද්දකි. මැටි පුවරුවල මුද්‍රණය කළ එම දින දර්ශනය 2012.12.12 දින අවසන් වෙයි. එයින් පසු දින දර්ශනයේ අලුත් ඇරඹුමක්‌ නැති බැවින් එදිනට ලෝකය අවසන් වන බව පසුගිය කාලය තුළ තිබූ ප්‍රකට පිළිගැනීම විය. ලෝක විනාශය ආකාර දෙකකට සිදුවිය හැක. එක්‌කෝ ලෝකය පුපුරා කැඩී බිඳී විනාශ වී යැම එක්‌ ආකාරයකි. ලෝකයේ ඇති සියලු ජීව ද්‍රව්‍ය විනාශයට පත් වීම දෙවන ආකාරයයි. මේ දෙකෙන් පළමුවැන්න පූර්ණ ලෝක විනාශයක්‌ ලෙස සැලකේ. දෙවැන්නට පසු කවර හෝ අවස්‌ථාවක ජීවය යළි හට ගැනීමට ඉඩ ඇති බැවින් එය අර්ධ ලෝක විනාශයකි. ඉතා දියුණු ශිෂ්ටාචාරයක්‌ ලෙස මෙයට වසර 5125 කට පෙර පැවැතියා වූද, ඉතා පරෙස්‌සමෙන් “කාලය” දිනවලට බෙදා සිය කැලැන්ඩරය සැදුව වූද, දෙවියන් හෝ පිටසක්‌වල දියුණු ජීවීන් සමග ගනුදෙනු කළ ජාතියක්‌ ලෙස සලකනු ලැබුවා වූද මායාවරුන්ගේ ලෝක විනාශ අනාවැකිය දෙවන වරටත් තහවුරු කෙරෙන මේ මොහොත වූ කලී පූර්ණ ලෝක විනාශයක්‌ පිළිබඳ නවීන විද්‍යාත්මක අනාවැකි සමූහයක්‌ද පළ වී ඇති යුගයකි. පෘථිවිය විශ්වයේ පිහිටි අධි ගුරුත්ව කලාපයක්‌ වන කලු කුහරයක්‌ මගින් ගිල දැමීම, පෘථිවිය සූර්යයා දෙසට වේගයෙන් ඇදී ගොස්‌ එහි ගැටී විනාශ වීම, යෝධ ඇස්‌ටොරොයිඩයක ගැටී විනාශ වීම වැනි දෙයක්‌ සිදුවීමට ඇති ඉඩකඩ බහුල බවට මත පළ වී තිබේ.

මායාවරුන් යනු කවරෙක්‌ද? ඔවුන්ගේ විශේෂත්වය කුමක්‌ද? ලතින් ඇමරිකාවට අයත් මැක්‌සිකෝව, ගෝතමාලාව, යුකැටාන් ප්‍රදේශවලදී මෙයට වසර 5000 කට පෙර මායාවරු බිහි වූහ. මායා ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 240 වන විට ඉතා ඉක්‌මන් පිබිදීමකට ලක්‌ව ක්‍රි. වර්ෂ 900 දී අතුරුදන් විය. ජ්‍යාමිතික ස්‌වරූපවලට අනුව ඔවුන් විසින් ගොඩනංවන ලද පිරමීඩ විශේෂයක්‌ තිබේ. පඩි පේළි සහ විශාල වේදිකාවලින් සමන්විත කේතු ආකාර මෙකී පිරමීඩ අතුරින් මැක්‌සිකෝ නගරයේ දකුණින් පිහිටි චෝලුලා පිරමීඩය ඊජිප්තුවේ චියෝපස්‌ පිරමීඩයට වඩා විශාලය. මැක්‌සිකෝ නගරයට සැතපුම් 30 ක්‌ දකුණතින් පිහිටි ටියෝවිභූවතාන් පිරමීඩය වර්ග සැතපුම් 8 ක්‌ වසාගෙන පැතිර යයි. මේවා ඉදිකර ඇත්තේ ඈත අහසේ තාරකා රාශිවල පිහිටීමට සමාන වන පරිදිය. වියෝවිභූවාතාන් ප්‍රදේශයේ ඇති පුරාවෘත්තවලට අනුව මෙයට සහස්‍ර බොහෝ ගණනකට පෙර එම ප්‍රදේශයේ ඉතා දියුණු ජීවීහු සමූහයක්‌ වාසය කළහ. දෙවියන් නොහොත් පිටසක්‌වල ජීවීන් එහි පැමිණ විවිධ කාරණා සම්බන්ධයෙන් උපදෙස්‌ එම ජීවීන්ගෙන් ලබා ගත්හ. ඒ වන විට අපේ මුතුන් මිත්තන් වන හෝමෝසේපියන් වානරයන් බිහි වී නැත.

නූතන ලෝකයේ වෙසෙන අපි ග්‍රෙගරි නමැති රෝමන් පාප් තුමා විසින් සාදන ලද ග්‍රෙගරියානු කැලැන්ඩරය අනුව කටයුතු කරන්නෙමු. මේ කැලැන්ඩරයට අනුව අවුරුද්දට පැය 24 බැගින් දවස්‌ 365 කි. මායා කැලැන්ඩරය ඊටත් වඩා නිවැරැදි බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. සිය කැලැන්ඩරය යොදාගෙන සිදුකරන ගණිත රටා ආශ්‍රයෙන් මායා පිරමීඩ ගොඩනැඟීමට මායාවරු කටයුතු කළහ. සෑම වසර 52 ක්‌ පාසාම තම පිරමීඩවල නිශ්චිත පිය ගැටපෙළ ගණනක්‌ ඉදිකර නිම කළ මායාවරු තම සමස්‌ත පැවැත්ම කැලැන්ඩරයට සමරූපී ලෙස සැකසූහ. මායා කැලැන්ඩරයට අනුව ක්‍රි.පූ. 3114 සිට ක්‍රි.ව. 2012 දක්‌වා “බක්‌තුන්” නමින් හැඳින්වෙන කාල පරාස 13 ක්‌ තිබේ. බක්‌තුනයකට අවුරුදු 394 ක්‌ අයත්ය. 13 වන බක්‌තුනය ලබන වසරේ දෙසැම්බර් 12 වැනිදාට සම්පූර්ණ වන්නේය.

ක්‍රි.පූ. 240 පමණ සිට පිරමීඩ ගොඩනැඟීම පටන් ගත් මායාවරු ක්‍රි.ව. 900 වන විට ඒවා සම්පූර්ණ කර යළි කවදාවත් ආපසු නොඑනු පිණිස ප්‍රදේශය අත්හැර ගියහ. පාලනය නොකෙරුණු සංග්‍රාම, ජනගහන වර්ධනය නිසා වැසි වනාන්තර විනාශ වීම, එම නිසා ජලය හිඟ වීම යන කාරණා ඔවුන්ගේ නොඑන ගමනට හේතුව බව සමහර විද්වතුන්ගේ මතයයි. එහෙත් පසුගිය කාලයේදී මැක්‌සිකෝවේ හා ගෝතමාලාවේ මහ වන මැද තිබී හමු වූ විශාල වැව් සහ ජලාපවහන පද්ධති මගින් පෙනී ගියේ මායාවරුන් කවදාවත් ජල හිඟයකට මුහුණ නොදුන් බවය.

Chariots of Gords නමැති සුප්‍රකට ග්‍රන්ථය ලියූ වොන් ඩැනිකන් නමැති පර්යේෂකයා මායා සංස්‌කෘතියේ අතුරුදන්වීම ගැන වෙනස්‌ මතයක්‌ දරයිá එනම් මෙයට වසර දහස්‌ ගණනකට පෙර පිටසක්‌වල වැසියන් පිරිසක්‌ මායා ශිෂ්ටාචාරය බැලීමට පෘථිවියට පැමිණියහ. ඔවුන් ආපසු ගියේ හරියටම නම් කෙරුණු අනාගත දවසක මායාවරුන් සමග ජීවත් වීමට එන බවට පොරොන්දු වෙමිනි. ඔවුන් ආපසු එන විට ඔවුන්ට ජීවත් වීම සඳහා යෝග්‍ය වන පරිදි මායාවරුන් පාලනය කළ ප්‍රදේශයේ ගොඩනැඟිලි ඉදිකරන ලෙස පිටසක්‌වල වාසීහු මායාවරුන්ට දැන්වූහ. මෙකී පිටසක්‌වල කණ්‌ඩායම් නායකයා වූ කුකුලාන් (ඇතැම් පොත්වල දැක්‌වෙන්නේ ඔහුගේ නම බොලොක්‌ සොක්‌තෝ ලෙසය.) තම දෙවියන් ලෙස පිළිගැනීමට මායාවරු එකඟ වූහ. එහෙත් නියමිත කාලයේදී තම දෙවිවරුන් ආපසු තමන් වෙත නොආ බැවින් කලකිරුණු සිත් ඇති මායාවරු ප්‍රදේශය අත්හැර ගියහ.

මායාවරු බෙහෙවින් බුද්ධිමත් ජාතියක්‌ වූහ. ඇමරිකාවේ ආදිවාසීන් වන මේ ජනයා පෙරදිගින් සංක්‍රමණය වූ බවට පිළිගැනීමක්‌ පවතී. වීනස්‌ ග්‍රහයා සූර්යයා වටා පරිභ්‍රමණය වීමට පෘථිවියේ දිනවලින් 589 ක්‌ ගත වන බව ඔවුහු දැන සිටියහ. එසේම පෘථිවි ග්‍රහයා සූර්යයා වටා පරිභ්‍රමණය වීමට දින 365.2420 ක්‌ ගතවන බවද ඔවුහු කියා සිටියහ. මේ ගණන දශම 0.2 ක්‌ දක්‌වා නිවැරැදිය. එහෙත් ශිෂ්ටාචාරයක්‌ වශයෙන් ඔවුන්ගේ පිරිහීම අදටත් අබිරහසකි.

ලෝක විනාශය ගැන කාලයෙන් කාලයට අනාවැකි පළ කළ බොහෝ දෙනා සිටියද, බොහෝ ලිපි ලේඛන හමු වුවද මායාවරුන්ගේ දින දර්ශනයෙන් කියෑවෙන කතාව ලෙහෙසියෙන් අත්හැර දැමීමට විද්වතුන් කැමති නැත්තේ මායාවරුන්ගේ අනාවැකි මනෝ මූලික නොවන ගණිතය සහ ගණනය කිරීම් මත පදනම් වූ ඒවා නිසාය.

මෙය උපුටා ගැනිමකි..

Tuesday, April 24, 2012

මොනවද මේ MFA වෙබ් අඩවි, ඔබ MFA වෙබ් අඩ්වි හිමි කරුවෙක්ද?


සමහර විට ඔබ MFA වෙබ් අඩවි කියන්නෙ කුමක්දැයි හරියාකාරව නොදන්නවා ඇති. MFA නම් Made For Adsense යන්නයි, ඒ කියන්නෙ Google Adsense පමණක් අරමුණු කරගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීමයි. අන්තර්ජාලයේ මුදල් සෙවීමට පටන් ගන්නා නවකයන් තමන්ගේ ආරම්භය ලබා ගන්නේ Google Adsense මගිනි. නමුත් මෙහිදී බොහො දෙනෙක් පොට වරද්දා ගනී. ඔවුන් පළමුව උත්සාහ කරන්නේ ඉතා සීමිත අන්තර්ගතයක් ඇති වෙබ් අඩවියක් හො බ්ලොග් එකක් නිර්මාණය කර Google Adsense දැන්වීම් එක් කිරීමය.
එහෙනම් MFA වෙබ් අඩවියක් හදුනා ගන්නා හැටි බලමු, වර්තමානයේ නොම්ලේ ලබා දෙන බ්ලොග් සේවා (Blogspot, WordPress)මගින් බොහො දෙනෙක් මෙවැනි වෙබ් අඩවි නිර්මාණය කරගනී. වඩාත්ම ප්‍රචලිත ක්‍රමය නම් highest paying keywords(Mesothelioma, Domains yahoo, Home loan, Health insurance වැනි ප්‍රචලිත සෙවුම්) භාවිතා කර බ්ලොග් එකක් නිර්මාණය කිරීමයි. මෙවැනි මාතෘකා අපට නුහුරු නිසා අනෙකුත් වෙබ් අඩවි මගින් කරුණු කෙලින්ම පිටපත් කර වෙබ් පිටු කිහිපයක් එකතු කර Google Adsense දැන්වීම් උපරිම ප්‍රමාණයක් එක් කරයි. පසුව කරන්නේ ප්‍රසිද්ධ Web forums වලට ගොස් කිරීමය නැතහොත් Ads මත Click කිරීමට අනෙක් අය පෙලඹවීමය. එම නිසා බොහො දෙනෙක් තමන්ටම ලැබෙන Google Adsense ගිණුම සදහටම අහිමි කරගනී. ඇත්තටම Adsense යනු අපට ලබා දී ඇති මහගු අවස්ථාවකි, ඉතින් Adsense සමග වැඩ කිරීමේදි පහත කරුණු ගැනත් සලකා බලන්න.
  • තමාටම දිගු කලක් වෙබ් අඩවි යාවත්කාලින කළ හැකි මාතෘකා තොරාගන්න. එය ඔබගේ අධ්යාපනයට, විනොදාස්වාදයට කරන දේ, රැකියාවට අදාල මාතෘකා විය හැක.
  • වෙබ් අඩවියට සැලකිය යුතු Traffic එකක් නැත්නම් තාවකාලිකව Google Adsense දැන්වීම් පළකිරීමෙන් වලකින්න, මෙම ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ අවම වශයෙන් දිනකට නිත්ය පිවිසුම් (Unique visitors) 100 වත් තිබිය යුතු කියාය.
  • සෙවුම් යන්ත්‍ර මගින් ලැබෙන පිවිසුම් ප්‍රමාණය වැඩි කරගන්න, මෙ සදහා Search Engine Optimization(SEO) කිරීම අනිවාර්යය.
  • Google Analytics , Google Webmaster Central වැනි සේවාවක් මගින් වෙබ් අඩවියේ වාර්තා ගැන අවධියෙන් සිටින්න.
  • Google Adsense නිල බ්ලොග් සටහන මගින් නවතම සොයාගැනීම් සහ උපාය මාර්ග ගැන අවබොධයක් ලබාගන්න.

Monday, April 23, 2012

Dialog, Mobitel, SLT ෆොන් වලට නොමිලේ කොල් ගමුද?





මුලින්ම මම කොමෙන්ට් දාපු හැමෝටම මගේ ස්තුතිය පිරිනමනවා.

මේ වැඩේ කරන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින්.

http://evaphone.com
ඔය සයිට් එකට ගිහින් මොනවත් වෙනස් කරන්නේ නැතුව මේ විදිහට නොම්මරය ටයිප් කරන්න.

  • උදාහරනයක් විදිහට අපි කුරුණෑගල නොම්මරයක් ගනිමු...

  • ඩයලොග් (+9477*******) සහ මොබිටෙල් (+9471*******) නොම්මර වලටත් ඔය විදිහටම ගන්න පුලුවන්.




ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න.එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් ඔයාගේ කෝල් එකට සම්බන්ඳ වෙයි.

විශේෂයෙන් කියන්න ඕන මම මේ පෝස්ට් එක දැම්මේ බ්ලොග් එකේ දාන්න පෝස්ට් නැතුව නෙවෙයි.නැත්තම් සමහර අය එහෙමත් කියයි.මම මේක දැම්මේ පිට රට කෝල් කරනවට වඩා ලංකාවට කෝල් කරන ක්‍රම වැඩිය කස්ටිය දන්නේ නැති නිසා වගේම මේක ගොඩාක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතලයි.අනිත් හේතුව තමා කොමෙන්ට්ස් දාන එකේ ප්‍රයෝජනය පෙන්වන්න.

ඔන්න දැන් නෙට් එකෙන්ම කෝල් කරලා මල් කඩන්න පුලුවන්.. :P :P

Sathish Perera Passes Away | සතිෂ් පෙරේරා දැයෙන් සමුගනියි..

ජනප‍්‍රිය ගායන ශිල්පී සතිෂ් පෙරේරා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (23) අලූයම අභාවප‍්‍රාප්ත වුනා. ප‍්‍රවීන ගායන ශිල්පී ෂෙල්ටන් පෙරේරාගේ පුතු වන සතිෂ් පෙරේරා මිය යන විට 45 වැනි වියේ පසු වුණා. අවසන් ලියුමයි ඔබට ලියන්නේ., මිහිරැති වසන්ත කාලේ වැනි ජනප‍්‍රිය ගීත රැසක් ගායනා කරමින් මෙරට සංගීත ක්ෂේත‍්‍රයේ තරුවක් බවට සතිෂ් පත්වුණා. කලා පවුලක ප‍්‍රධාන පුරුකක් වන සතිෂ්, ජනප‍්‍රිය ගායන ශිල්පිනියක් සහ නිවේදිකාවක වන අනුරාධා පෙරේරාගේ සොහොයුරායි.





Sunday, April 22, 2012

මට ඔයාගේ Mobile Number එක දෙනවද ?


මට ඔයාගේ Mobile Number එක දෙනවද ? සමහර අය කෙලින්ම බැ කියනවා, සමහරැ   පස්සේ
 හිතලා කියන්නම් කියනවා අනිත් අය ඔයාට ව්තරයි දෙන්නේ කියලා කෙලින්ම  
දෙනවා, ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා තව කට්ටියක් ඉන්නවා එගොල්ලො කියන්නේ “මම 
 දන්නැ (i Don't Know)”, තව මොනවා ඇහුවත් ඔච්චරම තමයි ඉතින්,
සරලවම
කියනවා නම් කෙල්ල ලස්සන වැඩි වෙන තරමට නම්බර් එක ගන්න අමාරැ   වැඩිවෙනවා,
මෙක හැබැයි වෙනස් වෙන වෙලාවලුත් ඔන තරම් තියනවා. මට කියන්න ඔන   කලේ ඔවා නෙමෙයි, තවත් track එකෙන් පිට පනින්න කලින් ඔන්න මම කෙලින්ම කතාවට බහිනවා.

මෙන්න මෙක තමයි සිද්දිය අපිට පුලුවන්ද මෙ  “මට ඔයාගේ Mobile Number එක  
දෙනවද ? ” කියන ප්‍රශ්නෙට හම්බවෙන උත්තරෙ මත කෙල්ලෙක් හොදයි ද නරකයි ද  
කියලා කියන්න ? මම මෙ සම්බන්දව කිසිම මතයක් දැනට දරන්නේ නැ, එක නිසා මම  
දන්න අදුරන අය සෙට් එකක් සම්බන්ද කරගන මම ජනමත ව්චාරයක් පැවැත්තුවා,

දැනට තියන ප්‍රතිචල තමයි පහළ දාල තියෙන්නේ, මෙක ගැන මාව මරන් කන්න හදන්න   එපා මෙකට මම සම්බන්ද වෙන්නේ නිරික්ෂකයෙක් විදිහට ව්තරයි.

ඔන්න මම ඔයගොල්ලන්ටත් අවස්ථාවක් දෙනවා මගේ මේ උතුම් සමාජ සත් කියාවට  
සම්බන්ද වෙන්න, කැමති අය ඔන්න ඔය option වලින් කැමති එකක් තොරලා තමතමන්ගේ 
 මතය ප්‍රකාශ කරන්නකො, ගැහැණු පිරිම බව හින්දත් අවසාන නිගමනයට බලපැම් ඇතිවෙන්න පුලුවන් නිසා ඔන්න   එක ගැනත් සැලකිලිමත් වෙන්න ඔන හරිද??


මෙතෙන්දි   අදුරගන දවස් දෙක තුනකට  පස්සේ ”මට ඔයාගේ Mobile Number එක දෙනවද ? ” කියන  එක ඇහුවට පස්සේ කිසිම  අවුලක් නැතුව Number එක දෙන කෙල්ලෙක් ගැන මොකද  ඔයගොල්ලන්ගේ මතය??

නොමිලේ ඇඩ් එකක් දාගන්න | Free Advertise


ඔබට ඔබගෙ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කිරීමට අවශ්‍යද??? මෙන්න එයට අනගි අවස්ථවක් ඔබට ඔබගෙ අඩවිය පිලිබද දැන්විම් නොමිලේම මෙම අඩවිය තුල පලකිරිමට අවස්ථවක්
 ඔබට කිරිමට තිබෙන්නෙ  අපේ  Form එක පුරවා එවිම පමණි...



සැයු:

ඔබගේ දැන්වීමේ ප්‍රමාණය 150 X 150 විය යුතුය ඔබගේ දැන්වීම් පළකිරීම සිදුකරනු ලබන්නේ පුර්ණ අධික්ෂණයකින් පසුවය.ඔබගේ දැන්වීමක් නොමිලේ මාස 2ක කාලයක් ප්‍රදර්ශනය කරනු ලබයි.
පුර්ණ කාලීනව ඔබගේ දැන්වීම් පලකිරීමට නම් අපේ අඩවිය පිළිබද දැන්වීම් ඔබගේ අඩවිය තුල ප්‍රදර්ශනය යුතුය....

මෙම සේවාව ගැන ඔබට යම් කිසි ගැටලුවක් මතු වුවහොත් අපට අමතන්න...

Email : softzonekalutara@gmail.com
Tel : +94774483783