ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Showing posts with label html. Show all posts
Showing posts with label html. Show all posts

Thursday, August 30, 2012

Sandriesoft & Radio Kalutara වෙතින් Free Advertising Network එකක් - Admine!

      ඔන්න යාලුවනේ මම අලුත් වැඩක් පටන් ගත්තා... ගොඩ දවසකින් තමයි මේ අලුත් දෙයක් කරන්නට පටන් ගත්තේ.. මේක අපේ යාලුවන්ටත් අලුත්ම අත්දැකීමක් වේවි.. ඇත්තෙන්ම මෙය දැන්වීම් ප්‍රචාරය කිරීමේ අති සාර්ථකම ක්‍රමයයි කිව්වොත් ඒක 100%ක් නිවැරදියි... මොකක්ද මේ Free Advertising Network එකක්  කියන්නේ..? මේක අපේ බ්ලොග් අඩවි පවත්වාගෙන යන හැමෝටම සුභ ආරංචියක් වේවි... Sandriesoft  And Radio Kalutara වෙතින් මෙම Free Advertising Network එකක් පවත්වාගෙන යාමට හේතුව සහ මෙමගින් අපගේ ප්‍රධානතම අරමුණ වනුයේ ශ්‍රී ලාංකික අප වෙනුවෙන් පුළුල් පාඨක පිරිසක් වෙත ඔබගේ බ්ලොගය හෝ වෙබ් අඩවිය ගෙනයාමය. Free Advertising Network එකක් නොමැතිව අපගේ බ්ලොග් අඩවියට, වෙබ් අඩවියට නව සාමාජිකයින්, නව පාඨකයින් ගෙන්වාගැනීමේ අපහසුතාවයක් ඇත. නමුත් මෙවැනි  Free Advertising Network එකක් මගින් සැම දෙනා හට එක හා සමාන පුළුල් ප්‍රචාරයක් ලබාදීමට හැකිවීමය. තවද හුදෙක් මෙවැනි  Advertising Network එකකට දැන්වීමක් ඇතුළුකිරීමට  ඔබට අවශ්‍ය වුවහොත් ඔබට සාමාන්‍යයෙන් සැළකිය යුතු මුදලක් ගෙවා එම ප්‍රචාරණ කටයුත්ත සිදුකරගැනීමට සිදුවේ... නමුත් Sandriesoft  And Radio Kalutara මෙම සේවාව පවත්වාගෙන යන්නේ කිසිදු සැගවුනු ගාස්තුවක් ද නොමැතිවය. ඉතින් මේ වෙනුවෙන් අප කළ යුත්තේ අපගේ අඩවියේ සුළු ඉඩක් ලබාදීම පමණි. අප සැම වෙනුවෙන් ඔබට කළයුත්තේ එය පමණක් ම වීම වැදගත්ය...

Admine! ක්‍රියාකාරීත්වය කෙසේද?

            Admine! දැන්වීම් ප්‍රචාරණය සදහා 468x60 ප්‍රමාණයේ ඉඩක් අවශ්‍ය වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... වැඩිම දැන්වීම් ප්‍රමාණයකට ප්‍රචාරණය සදහා ඉඩ සැලැස්වීමට නිරන්තරයෙන්  Admine! ක්‍රියාත්මක වේ. වරකට දැන්වීම් එකකට වඩා දර්ශනය කිරීමේ හැකියාව Admine! සතු බැවින් ඔබගේ දැන්වීමට එමගින් ද වැඩි Impressions ප්‍රමාණයක් හිමිවේ.
.
Admine! දැන්වීම් සේවාව වෙත දැන්වීම් එකතු කරන්නේ කෙසේද?

            Admine! දැන්වීමක ප්‍රමාණය 468x60 වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... මෙම ප්‍රමාණයට සකස්කළ ඔබගේ දැන්වීමේ,

1. පින්තූරයට අදාළ ලින්කුව
2. ඔබගේ අඩවියේ ලින්කුව
3. ඔබගේ අඩවියේ නාමය

      යන දත්ත ඇතුළත් කළ විද්‍යුත් ලිපියක් admine@radiokalutara.com වෙත යොමුකළ යුතුය. ඔබගේ දැන්වීම පැය 24 ක් ඇතුළත  Admine! දැන්වීම් සේවාවට ඇතුළු කෙරේ.. තවද මේ සදහා ඔබට විවිධ ආකාරයේ අමතර දැන්වීම් 4ක් ඇතුළත් කිරීමට අවස්ථාව Admine! මගින් ඉඩ සළස්වා දේ... ඔබ එක්කරන සෑම වෙබ් අඩවියක්ම Admine! වෙත ඇතුළත් කිරීම සදහා Admine! Publisher Code එක එම එක් එක් අඩවියේ ඇතුළත් කිරීම සිදුකිරීම අත්‍යාවශ්‍ය වේ. මක් නිසාද යත් අපගේ මෙම සේවාවේ සේවය ඉහළින් ලැබීමට එය ඉවහල්වන නිසාමය..


      Admine! දැන්වීම් සේවාවට ඇතුළත් කරන වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කළ යුතු Admine! Publisher Code පහළින් ලබාගෙන එය ඔබගේ වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කරන්න.





      ඉතින් මේ සේවාව හොදින් පවත්වා ගෙන යාමට ඔබ, අප සැමගේ දායකත්වය අත්‍යවශ්‍යයි.. Admine! දැන්වීම් සේවාව පිළිබදව යම්කිසි ගැටලු ඇතහොත් ඒ සදහා ඉහත සදහන් කළ විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.. Admine! දැන්වීම් සේවාව සදහා ඔබ සැම ඉහළ ප්‍රතිචාරයක් දක්වාවි යන්න මාගේ හැගීමයි... ස්තූතියි!

Tuesday, April 24, 2012

මොනවද මේ MFA වෙබ් අඩවි, ඔබ MFA වෙබ් අඩ්වි හිමි කරුවෙක්ද?


සමහර විට ඔබ MFA වෙබ් අඩවි කියන්නෙ කුමක්දැයි හරියාකාරව නොදන්නවා ඇති. MFA නම් Made For Adsense යන්නයි, ඒ කියන්නෙ Google Adsense පමණක් අරමුණු කරගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීමයි. අන්තර්ජාලයේ මුදල් සෙවීමට පටන් ගන්නා නවකයන් තමන්ගේ ආරම්භය ලබා ගන්නේ Google Adsense මගිනි. නමුත් මෙහිදී බොහො දෙනෙක් පොට වරද්දා ගනී. ඔවුන් පළමුව උත්සාහ කරන්නේ ඉතා සීමිත අන්තර්ගතයක් ඇති වෙබ් අඩවියක් හො බ්ලොග් එකක් නිර්මාණය කර Google Adsense දැන්වීම් එක් කිරීමය.
එහෙනම් MFA වෙබ් අඩවියක් හදුනා ගන්නා හැටි බලමු, වර්තමානයේ නොම්ලේ ලබා දෙන බ්ලොග් සේවා (Blogspot, WordPress)මගින් බොහො දෙනෙක් මෙවැනි වෙබ් අඩවි නිර්මාණය කරගනී. වඩාත්ම ප්‍රචලිත ක්‍රමය නම් highest paying keywords(Mesothelioma, Domains yahoo, Home loan, Health insurance වැනි ප්‍රචලිත සෙවුම්) භාවිතා කර බ්ලොග් එකක් නිර්මාණය කිරීමයි. මෙවැනි මාතෘකා අපට නුහුරු නිසා අනෙකුත් වෙබ් අඩවි මගින් කරුණු කෙලින්ම පිටපත් කර වෙබ් පිටු කිහිපයක් එකතු කර Google Adsense දැන්වීම් උපරිම ප්‍රමාණයක් එක් කරයි. පසුව කරන්නේ ප්‍රසිද්ධ Web forums වලට ගොස් කිරීමය නැතහොත් Ads මත Click කිරීමට අනෙක් අය පෙලඹවීමය. එම නිසා බොහො දෙනෙක් තමන්ටම ලැබෙන Google Adsense ගිණුම සදහටම අහිමි කරගනී. ඇත්තටම Adsense යනු අපට ලබා දී ඇති මහගු අවස්ථාවකි, ඉතින් Adsense සමග වැඩ කිරීමේදි පහත කරුණු ගැනත් සලකා බලන්න.
  • තමාටම දිගු කලක් වෙබ් අඩවි යාවත්කාලින කළ හැකි මාතෘකා තොරාගන්න. එය ඔබගේ අධ්යාපනයට, විනොදාස්වාදයට කරන දේ, රැකියාවට අදාල මාතෘකා විය හැක.
  • වෙබ් අඩවියට සැලකිය යුතු Traffic එකක් නැත්නම් තාවකාලිකව Google Adsense දැන්වීම් පළකිරීමෙන් වලකින්න, මෙම ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ අවම වශයෙන් දිනකට නිත්ය පිවිසුම් (Unique visitors) 100 වත් තිබිය යුතු කියාය.
  • සෙවුම් යන්ත්‍ර මගින් ලැබෙන පිවිසුම් ප්‍රමාණය වැඩි කරගන්න, මෙ සදහා Search Engine Optimization(SEO) කිරීම අනිවාර්යය.
  • Google Analytics , Google Webmaster Central වැනි සේවාවක් මගින් වෙබ් අඩවියේ වාර්තා ගැන අවධියෙන් සිටින්න.
  • Google Adsense නිල බ්ලොග් සටහන මගින් නවතම සොයාගැනීම් සහ උපාය මාර්ග ගැන අවබොධයක් ලබාගන්න.

Monday, April 23, 2012

HTML මුල සිට සරලවම..


ඔන්න අපිත් හිතුව අද ඉදන් HTML පාඩමක් පටන් ගන්න.ඈත්තටම මේ HTML භාවිතා කරන්නෙ වෙබ් අඩවි නිර්මානය කිරීමට.සරල වෙබ් අඩවියක් සෑදීමට HTML යොදා ගත හෑක.නමුත් Facebook,twitter,yahoo,Google,my space,වෑනි වෙබ් අඩවි සෑදීමට HTML ප්‍රමානවත් නොවේ.නමුත් ඒවාට මූලික පදනම සපයන්නේ HTML වලින් ය.හොදයි.කතා කරා ඈති.අපි ඉස්සෙල්ල පුංචිම තෑනින් පටන් ගමු නේද.ඒක වඩාත් හොදයි.හොදයි.අපි ඉස්සෙල්ලම බලමු මේ.HTML කියන අකුරු 4 තේරුම මොකද්ද කියලා.

                                                                          H-Hyper
T-Text
M-Markup                                                                                            L- Language  
                                

ඔන්න දෑන් තේරුනානෙ HTML කියන එකේ අකුරු වලින් කියවෙන එක.හරි ඔයාල දෑනගන්න ඕන තව දෙයක් තියෙනවා.ඒ තමයි ඔය ඕනම HTML ඩොකියුමෙන්ට් එකක් සේව් කරන්න ඕන .HTML කියන ෆෝමෑට් එකෙන්.උදාහරනයක් විදිහට අපි ඩොකියුමන්ට් එකේ නම welcome කියල ගනිමු.එතකොට සේව් කරන්න ඕනෙ.welcome.html යන ආකාරයට සේව් කරන්න ඕන.හොදයි ඊ ලගට අපි බලමු සරල HTML කේතයක්.


<html>
<title>
~welcome~
</title>
<head>
~welcome to  Soft Zone web site~
</head>
<body>
<h1> This is my first code</h1>
</body>
</html>

ඕක නෝට්පෑඩ් එකට පේස්ට් කරගෙන ඔයා කෑමති නමකින් .html ආකාරයට සේව් කරන්න. ඊට පස්සෙ ඔයාගෙ වෙබ් බ්‍රව්සර් එක හරහා එය ඕපන් වේවි.

තව දෙයක් කියන්න තියෙනවා. මේ HTML කේස් සෙන්සිටිව් භාශාවක් නෙමෙයි.ඒ කියන්නෙ මෙයාට කෑපිටල් සිම්පල් භේදයක් නෑ.ඒ කියන්නෙ අපි කෑපිටල් අකුරින් ටයිප් කරත් කමක් නෑ සිම්පල් අකුරින් ටයිප් කරත් කමක් නෑ.

හොදයි අදට මම නවතිනවා.ඔයාලට ගෑටලු තියෙනම් කියන්න.ඔයාලගෙ යෝජනාත් ඉදිරිපත් කරන්න. මම ඔයාලගෙ අදහස් බලාපොරොත්තු වෙනවා.එහෙනම් තවත් HTML පාඩමකින්  හමුවෙමු