ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Monday, April 30, 2012

බලාගෙනයි..ඔබේ Facebook එකත් ප්‍රවේශම් කරගන්න


තමන්ගේ අනන්‍යතාවය සදහා අන්තර්ජාලයේ ඇති හොදම සහ ආරක්ෂිත සමාජ ජාලය Facebook වේ. සමහර අයට යහළුවන් දහස් ගණනින් ඇත. යහළුවන් ගණන වැඩි වෙන එක එක අතකට හොද නමුත් අනිත් අතට අනාරක්ෂිත මට්ටමේ ඇත. ඒ සදහා ඔබේ Facebook account එක ආරක්ෂාවට අනුගමනය කල යුතු දේ ඇත. ගැහැණු ළමයිගේ ගිණූම් වලින් පෙනි සිටින විවිධාකාර පුද්ගලයන් ඔබත් සමග ලෙන්ගතු වි ඔබ මුලා කර ඔබේ Facebook account එකෙහි ඊමේල් ලිපිනය සහ රහස් අංකය ලබා ගෙන Facebook account එකේ පාලනය ඔවුන්ගේ අතට ගනි. එවිට ඔබට කරන්නට කිසිම දෙයක් නැත.
ස්වර්ණවාහිණියේ පුවත් වලට පවා Facebook account එකේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය සෝරා ගෙන ගිණුම් ඔවුන්ගේ පාලනයට අරගෙන අසභ්‍ය දර්ශන , පින්තුර එක් කරන බවත්, කප්පම් ලබා ගන්නා බවත් මෑතකදි විකාශය කලේය. කෙසේ වෙතත් අප ආරක්ෂාකාරි විය යුතුය. ඔබ පහත ආකාරයට ආරක්ෂාකාර වන්න.

1. ගැහුණු ළමයෙකුගේ පින්තුරයක් සහිත අඩ නිරුවතින් හෝ නිරුවතින් profile පින්තුයක් ඇත්නම් එය 98% ක්ම බොරු ගිණුම් වන අතර එය පිරිමින්ගේ ගිණුම්ය. ඔවුන් සමග chat කිරිමේදි පරිසම් වෙන්න. ඔබේ Facebook account එකේ ඒ වගේ ගිණූම් ඇත්නම් ඔබේ ගිණුමෙන් ඉවත් කරන්න. Report කරන්න. අන්තිමට Block කරල දාන්න. ගැහැණූ ළමයි එම පින්තුර සහිත අයත් එක්ක කථා කිරිමෙන් වලිකින්න. ගැහැණු ළමයිද ඔවුන් මුලා කර ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගනි.

2. ඔබ නොදන්නා කිසිදු ලින්ක් එකක් ක්ල්ක් කිරිමෙන් වලකින්න.

3. සමහර අය තෑගි දෙන බවට සහ එක් එක් වරප්‍රසාද දෙන බව පවසා ලින්ක් එවයි. එහි ඇත්තේ නැවත ඔබේ ගිණුමට Login වෙන්න කියාය. ඔබ නැවත Login වුවහොත් ඔබේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය ඔවුන් සකස් කර ගත් මෘදුකාංගය මගින් ඔවුන්ගේ පරිගණකයේ මතක ගබඩාවට යයි. එවිට ඔබේ ගිණුම ඔබට අහිමි වි හමාරය.

4. කිසිම කෙනෙකුට, කුමන හේතුවක් උඩවත් ඔබේ Facebook account එකේ රහස් අංකය ලබා නොදෙන්න. එය වැඩකාරයෙක්ගේ අතට පත් වුනොත් කවදාවත් ඔබේ Facebook account ලබා ගත නොහැක.

5. ඔබේ ගිණුම පහත පරිදි ආරක්ෂා කර ගන්න. මේය සකස් කිරිම සදහා ඔබ Mozilla Firefox පාවිච්චි කරන්න. ඔබ පලමුව Mobile වලට ගොස් Add a Phone තියෙන තැන Click කරන්න. ඉන් පසු Password යන ස්ථානයේ ඔබේ රහස් අංකය යොදන්න. ඉන් පසු එය Confirm කලාට පසු ඔබට එන dialog box එකේ ලංකාවට අයත් දුරකථන සමාගමක් තෝරන්න එයි. ඔබේ ජංගම දුරකථනය අයත් සමාගම තෝරන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථයෙන් කැපිටල් F අකුර ටයිප් කර 32665 ට යවන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථනයට පැමිණෙන code එහි ටයිප් කර Next මත Click කරන්න. ඉන් පසුව ඔබ නැවත account setting වලට යන්න. ඊට පසු security වලට ගොස් Login Approvals වලට යන්න. ඉන් පසු “Require me to enter a security code each time an unrecognized computer or device tries to access my account “ යන ස්ථානයේ හරි ලකුණ යොදන්න. ඉන් පසු එන dialog box එකේ පහල ඇති Setup now යන ස්ථානය Click කරන්න. ඉන් පසුව ඔබේ දුරකථනයට code එකක් පැමිණේ එය එම ස්ථානයේ සටහන් කරන්න. ඉන් පසුව පැමිණෙන dialog box එකට නමක් ලබා දෙන්න. ඉන් පසු ඔබේ ගිණුමට Login වෙකොට ඔබේ දුරකථනයට code එකක් පැමිණේ. එය සටහන් කරන තුරු ඔබේ ගිණුම කාටවත් විවෘත කල නොහැක. කවුරු හෝ ඔබේ ගිණුමේ රහස් අංකය දැන ගෙන login වුවහොත් ඔබේ දුරකථනය පැමිණෙන Code එකින් එය දැන ගත හැක. ඔහුට ඒ Code එක නොදෙන කවදාවත් ඔබේ ගිණුම විවෘත කල නොහැක. දැන් සම්පුර්ණ ඔබේ Facebook account එකෙහි පාලනය ඔබ අතේය. ඔබට ජය. 


යාළුවන්ටත් දැන ගන්න මෙය
තමන්ගේ අනන්‍යතාවය සදහා අන්තර්ජාලයේ ඇති හොදම සහ ආරක්ෂිත සමාජ ජාලය Facebook වේ. සමහර අයට යහළුවන් දහස් ගණනින් ඇත. යහළුවන් ගණන වැඩි වෙන එක එක අතකට හොද නමුත් අනිත් අතට අනාරක්ෂිත මට්ටමේ ඇත. ඒ සදහා ඔබේ Facebook account එක ආරක්ෂාවට අනුගමනය කල යුතු දේ ඇත. ගැහැණු ළමයිගේ ගිණූම් වලින් පෙනි සිටින විවිධාකාර පුද්ගලයන් ඔබත් සමග ලෙන්ගතු වි ඔබ මුලා කර ඔබේ Facebook account එකෙහි ඊමේල් ලිපිනය සහ රහස් අංකය ලබා ගෙන Facebook account එකේ පාලනය ඔවුන්ගේ අතට ගනි. එවිට ඔබට කරන්නට කිසිම දෙයක් නැත.
ස්වර්ණවාහිණියේ පුවත් වලට පවා Facebook account එකේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය සෝරා ගෙන ගිණුම් ඔවුන්ගේ පාලනයට අරගෙන අසභ්‍ය දර්ශන , පින්තුර එක් කරන බවත්, කප්පම් ලබා ගන්නා බවත් මෑතකදි විකාශය කලේය. කෙසේ වෙතත් අප ආරක්ෂාකාරි විය යුතුය. ඔබ පහත ආකාරයට ආරක්ෂාකාර වන්න.

1. ගැහුණු ළමයෙකුගේ පින්තුරයක් සහිත අඩ නිරුවතින් හෝ නිරුවතින් profile පින්තුයක් ඇත්නම් එය 98% ක්ම බොරු ගිණුම් වන අතර එය පිරිමින්ගේ ගිණුම්ය. ඔවුන් සමග chat කිරිමේදි පරිසම් වෙන්න. ඔබේ Facebook account එකේ ඒ වගේ ගිණූම් ඇත්නම් ඔබේ ගිණුමෙන් ඉවත් කරන්න. Report කරන්න. අන්තිමට Block කරල දාන්න. ගැහැණූ ළමයි එම පින්තුර සහිත අයත් එක්ක කථා කිරිමෙන් වලිකින්න. ගැහැණු ළමයිද ඔවුන් මුලා කර ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගනි.

2. ඔබ නොදන්නා කිසිදු ලින්ක් එකක් ක්ල්ක් කිරිමෙන් වලකින්න.

3. සමහර අය තෑගි දෙන බවට සහ එක් එක් වරප්‍රසාද දෙන බව පවසා ලින්ක් එවයි. එහි ඇත්තේ නැවත ඔබේ ගිණුමට Login වෙන්න කියාය. ඔබ නැවත Login වුවහොත් ඔබේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය ඔවුන් සකස් කර ගත් මෘදුකාංගය මගින් ඔවුන්ගේ පරිගණකයේ මතක ගබඩාවට යයි. එවිට ඔබේ ගිණුම ඔබට අහිමි වි හමාරය.

4. කිසිම කෙනෙකුට, කුමන හේතුවක් උඩවත් ඔබේ Facebook account එකේ රහස් අංකය ලබා නොදෙන්න. එය වැඩකාරයෙක්ගේ අතට පත් වුනොත් කවදාවත් ඔබේ Facebook account ලබා ගත නොහැක.

5. ඔබේ ගිණුම පහත පරිදි ආරක්ෂා කර ගන්න. මේය සකස් කිරිම සදහා ඔබ Mozilla Firefox පාවිච්චි කරන්න. ඔබ පලමුව Mobile වලට ගොස් Add a Phone තියෙන තැන Click කරන්න. ඉන් පසු Password යන ස්ථානයේ ඔබේ රහස් අංකය යොදන්න. ඉන් පසු එය Confirm කලාට පසු ඔබට එන dialog box එකේ ලංකාවට අයත් දුරකථන සමාගමක් තෝරන්න එයි. ඔබේ ජංගම දුරකථනය අයත් සමාගම තෝරන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථයෙන් කැපිටල් F අකුර ටයිප් කර 32665 ට යවන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථනයට පැමිණෙන code එහි ටයිප් කර Next මත Click කරන්න. ඉන් පසුව ඔබ නැවත account setting වලට යන්න. ඊට පසු security වලට ගොස් Login Approvals වලට යන්න. ඉන් පසු “Require me to enter a security code each time an unrecognized computer or device tries to access my account “ යන ස්ථානයේ හරි ලකුණ යොදන්න. ඉන් පසු එන dialog box එකේ පහල ඇති Setup now යන ස්ථානය Click කරන්න. ඉන් පසුව ඔබේ දුරකථනයට code එකක් පැමිණේ එය එම ස්ථානයේ සටහන් කරන්න. ඉන් පසුව පැමිණෙන dialog box එකට නමක් ලබා දෙන්න. ඉන් පසු ඔබේ ගිණුමට Login වෙකොට ඔබේ දුරකථනයට code එකක් පැමිණේ. එය සටහන් කරන තුරු ඔබේ ගිණුම කාටවත් විවෘත කල නොහැක. කවුරු හෝ ඔබේ ගිණුමේ රහස් අංකය දැන ගෙන login වුවහොත් ඔබේ දුරකථනය පැමිණෙන Code එකින් එය දැන ගත හැක. ඔහුට ඒ Code එක නොදෙන කවදාවත් ඔබේ ගිණුම විවෘත කල නොහැක. දැන් සම්පුර්ණ ඔබේ Facebook account එකෙහි පාලනය ඔබ අතේය. ඔබට ජය. 







 

යාළුවන්ටත් දැන ගන්න මෙය Share කරන්න. මේක හොද නම් Comment එකකුත් දමන්න අමතක කරන්න එපා....... කරන්න.

Sunday, April 29, 2012

බ්ලොග් ලියන්නන්ට වටිනා උපදෙස්


අපි පොස්ට් එකක් දාන්න නෙවේ හිටියේ. ඒත් සමහර බ්ලොග් කියවනකොට හිතට එන කේන්තියත් එක්ක මේ ටික නොකියාම බෑ. අපි ඇහුවොත් ඔයාලගෙන් ඇයි බ්ලොග් එකක් හදාගත්තෙ කියලා කවි ලියන්න, විහිළු කතා ලියන්න, අත්දැකීම් බෙදාහදාගන්න, සොෆ්ට්වෙයාර් ගැන කියලාදෙන්න ... ඔයවගේ කාරණා සිය ගනනක් උනත් උත්තර ලැබෙන්න ඉඩ තියනවා. ඒවගේම කාගෙන්හරි ඇහුවොත් මොන විදියේ බ්ලොග්ද බලන්න කැමති කියලා ඒත් ඔය ලිස්ට් එකම අඩුවැඩි වශයෙන් උත්තර විදියට ලැබේවි. ඉතින් ඔය විදියට බ්ලොග් ලියන්න කියවන්න අපි එනව මිසක් කවුරුහරි අපේ බ්ලොග් එකට තොරණ බලන්න එනවද? ඒ වගේම අපේ බ්ලොග් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ කාටහරි තොරණ් පෙන්නන්නද?..:D හරි හරි කලබල වෙන්න එපා. කාරනේ මේකයි. සමහර බ්ලොග් ඇස්වලට හරි අමාරුයි. ඒවගේම ඒවායේ තියන ඇනිමේෂන්, ඇස් කඩාගෙන යන වර්ණ අපිට නං හරිම වධයක්. මම නං කොයියම්ම වෙලාවක වත් බ්ලොග් එකක අන්තර්ගතය මිසක් ඒක ලස්සනට තියනවද කියන එක ගැන හොයන්නෙ නෑ. මම හිතන හැටියට නං සයිට් එක ලස්සනට තියනවනං හොදයි තමයි, ඒත් ඒක කරදරයක් නොවෙන ගානට තියෙන්න ඕන. හරියටම දැනීමක් නැති වුනත් ඔය අපි දාගන්නා එක එක ගැජට් වලින් සයිට් එක ලෝඩ් වෙන්න ගතවෙන කාලයත් වැඩි වෙනවා මං හිතන්නෙ. මම මට හිතෙන හැටියට කියන්නං එක එක අංග මොන විදියට සකස් වෙන්න ඕනද කියන කාරණය. පෙළගැස්ම අපි පළමු වතාවට සයිට් එකට ඇවිල්ලා දැනට උඩින්ම තියන පෝස්ට් එක කියෙවුවට පස්සෙ ඒකෙ කලියෙන් දාපු පෝස්ට් කියවන්න හිතුනොත් කරදරයක් නැතිව ඒ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට අදාල ලිපි කැටගරි වශයෙන් තියන එක වැදගත්. විශේෂයෙන්ම සමහර සයිටි තියනවා අද සොෆ්ට්වෙයා ගැන දාලා ඊලග දවසේ ආදරය ගැන ලියපු. එතකොට සොෆ්ට්වෙයා ඕන අයට ඒව බලන්නයි ආදරය ගැන බලන්න ඕන අයට ඒවා බලන්නයි ලේසියෙන් පුලුවන්නේ. අනිත් කාරනේ වර්ණය ‍පාට ගැන කියනවනං වැදගත්ම කාරනේ තමයි බැක්ග්‍රවුන්ඩ් එකේ පාටයි කොටන අකුරු වල පාටයි මැච් වෙනවද කියනඑක. අපි අද දැක්ක සයිට් එකක් ඒකෙ බැක්ග්‍රවුන්ඩ් එක කලු පාට. අකුරු තද නිල්පාට. පෝස්ට් එක බලන්නම ඕන හින්දා ඒක කොපි කරලා වර්ඩ් ෆයිල් එකකට අතහැරලා තමයි කියවගත්තේ..ලොල්ය. මම දැකලා තියන ලෝකෙම ජනප්‍රිය ගොඩාක් සයිට් හදලා තියෙන්නෙ තද වර්ණ භාවිතා නොකර. ඒනිසා බැක්ග්‍රවුන්ඩ් කලර් එකට නං තද පාට දාන්නෙපා රජෝ කියවන්න බෑ. තදපාට බැක්ග්‍රවුන්ඩ් ගොඩක්ම තියෙන්නෙ වැල සයිට් වල ගැජට් බැජට් මේවා ගැන කියනවා නං කොච්චර දාගත්තත් කමක් නෑ කරදරයක් නැති විදියට. සයිටි එක ලෝඩ් වෙන්න ගතවෙන කාලය ගැන හිතලා බලලා දාගන්නව මිසක් කවුරුහරි දුන්නු පලියට ගන්න එපා. ජාලෙ ස්ලෝ කොම්පීතරයකින් ඔයාලගෙ සයිට් එකට ගිහිල්ලා බලන්න කොච්චර වෙලා යනවද කියලා. මොකද එක එක්කෙනාගෙ ජාල සම්බන්ධකං එක එක විදියනේ. මම අද කියපු අර සයිට් එකේ පෝස්ට් එකේ අකුරු උඩත් ඇනිමේෂන් එකක් දුවනවා.අකුරු සයිස් එක 14 වත් තියනවනං තමයි හොද. මොකද අපි වගේ වයසට ගිය අයත් මේවා බලනවානෙ. හැබැයි කොළ පාට, දම්පාට වගේ ඇස් කඩාගෙන යන පාට දාන්නෙපා. කොමෙන්ටු පෙට්ටිය අනේ මම කියපු අර සයිට් එකට කොමෙන්ට් එකක් දාන්න ගියා ඒකෙ තියන වැරදි ගැන කියලා. ගහෙං වැටුන මිණිහට ගොනා ඇන්නා වගේ මේං ඒකෙ සැට් කොරලා තියනවා අර වර්ඩ් වෙරිපිකේසන්ද මොකද්ද උලව්ව. අර ඊමේල් එකක් හදන්න යනකොට ටයිප් කරන්න දෙන්නෙ ආරළු බූරළු අකුරු ටිකක්. අන්න ඒක තමයි.(ඕක තියෙන්නෙ මේ කවුරුහරි ප්‍රෝගෑම් එකක් හදලා නන්ස්ටොප් කොමෙන්ටු දායි කියලානේ. එහෙම එකක් තාම සිංහල බ්ලොග් අවකාශෙ සිද්ධ වෙලා නැතුව ඇති) මම එතනින් පස්සෙ කොමෙන්ටුව නොලියම ආවා. අන්න ඒ වෙලාවෙ තමයි කේන්ති ගිහින් මේ පෝස්ට් එක කොටන්න පටන් ගත්තෙ. දැං කේන්තිය නිවුනත් අත රිදෙනවා හොදටෝම. එහෙනං මම ගිහිං එන්නං. ඔපීසිය වහලා නිසා මේ දවස් දෙකේ බ්ලොග් කියවන්න විදියක් නෑ. ඒත් නොවැරදීම සදුදා එනවා. ලිපිය ගැන කොමෙන්ටුවකුත් කොටලම යන්න. වර්ඩ් වෙරිපිකේසන් නෑ හොදද?..:) ප.ලි. මේවගේ ජනප්‍රිය වෙන්න දෙන අවවාද හැමෝගෙන්ම ලැබෙන්නෙ නෑ, හරිය!

Saturday, April 28, 2012

දෙරණ City Of Dance අනුශුරතාවය කළුතරට

ටිවි දෙරණෙන් සංවිධානය කල City Of Dance Season 3 අවසාන වටය ඊයේ (2012/04/28 )දිනයෙදි මහරගම තරුණ සේවා පරිශ්‍රයේදි නිමවාට පත් විය.. එහිදි හොදම නර්තන කාණ්ඩායම ලෙස අභිෂේක ලැබුවේ Gampaha Dangerous නර්තන කාණ්ඩායමයි..එහි කාණ්ඩායම් අනුශුරතාවය දිනුවේ කළුතර Royal Warriors නර්තන කණ්ඩායමයි.  දෙරණ City Of Dance එකල නර්තන තරගාවලියේ ශුරතාවය හිමි කරගත්තේ ඉමල්ෂා තොමස් සොහොයුරියයි.දෙරණ City Of Dance එකල නර්තන තරගාවලියේ අනුශුරතාවය හිමි කරගත්තේ නදිෂ් රන්දික සොහොයුරායි. SOFT ZONE | KALUTARA අපි City Of Dance Season 3හි ජයග්‍රහණය කල නොකල සියලු දෙනාටම සුභ පතන්නෙමු.. ඔබේ අනාගතය කළා ලොව එලිය කරන්නට දායකත්වය ලැබ්වේ කියා අපි ප්‍රර්ථනා කරන්නෙමු.

 
Gampaha Dangerous නර්තන කාණ්ඩායම


 
කළුතර Royal Warriors



ඉමල්ෂා තොමස්


නදිෂ් රන්දික



දෙරණ City Of Dance Season 3 Final Show  විශේෂ අවස්ථා කිහිපයක්

Derana City Of Dance Season 3 Final Show (48)Derana City Of Dance Season 3 Final Show (26)Derana City Of Dance Season 3 Final Show (29)Derana City Of Dance Season 3 Final Show (35)Derana City Of Dance Season 3 Final Show (39)Derana City Of Dance Season 3 Final Show (40)Derana City Of Dance Season 3 Final Show (49)

Derana City Of Dance Season 3 Final Show (2)


Friday, April 27, 2012

ලෝක විනාශය දෙසැම්බර් 12


ලෝක විනාශය ලබන වසරේ (2012) දෙසැම්බර් 12 වැනිදා සිදුවන බව පසුගිය සතියේදී නැවත වරක්‌ තහවුරු කරන ලදී. මෙම තහවුරුවද සිදුකරන ලද්දේ මායාවරුන්ගේ දින දර්ශනයේ අලුතින් සොයාගත් පිටපතක්‌ ආශ්‍රයෙනි.
මායා දින දර්ශනය මෙයට වසර 5125 කට පෙර මැක්‌සිකෝවේ විසූ “මායා” නමැති මනුෂ්‍ය කොට්‌ඨාසය විසින් සකස්‌ කරන ලද්දකි. මැටි පුවරුවල මුද්‍රණය කළ එම දින දර්ශනය 2012.12.12 දින අවසන් වෙයි. එයින් පසු දින දර්ශනයේ අලුත් ඇරඹුමක්‌ නැති බැවින් එදිනට ලෝකය අවසන් වන බව පසුගිය කාලය තුළ තිබූ ප්‍රකට පිළිගැනීම විය. ලෝක විනාශය ආකාර දෙකකට සිදුවිය හැක. එක්‌කෝ ලෝකය පුපුරා කැඩී බිඳී විනාශ වී යැම එක්‌ ආකාරයකි. ලෝකයේ ඇති සියලු ජීව ද්‍රව්‍ය විනාශයට පත් වීම දෙවන ආකාරයයි. මේ දෙකෙන් පළමුවැන්න පූර්ණ ලෝක විනාශයක්‌ ලෙස සැලකේ. දෙවැන්නට පසු කවර හෝ අවස්‌ථාවක ජීවය යළි හට ගැනීමට ඉඩ ඇති බැවින් එය අර්ධ ලෝක විනාශයකි. ඉතා දියුණු ශිෂ්ටාචාරයක්‌ ලෙස මෙයට වසර 5125 කට පෙර පැවැතියා වූද, ඉතා පරෙස්‌සමෙන් “කාලය” දිනවලට බෙදා සිය කැලැන්ඩරය සැදුව වූද, දෙවියන් හෝ පිටසක්‌වල දියුණු ජීවීන් සමග ගනුදෙනු කළ ජාතියක්‌ ලෙස සලකනු ලැබුවා වූද මායාවරුන්ගේ ලෝක විනාශ අනාවැකිය දෙවන වරටත් තහවුරු කෙරෙන මේ මොහොත වූ කලී පූර්ණ ලෝක විනාශයක්‌ පිළිබඳ නවීන විද්‍යාත්මක අනාවැකි සමූහයක්‌ද පළ වී ඇති යුගයකි. පෘථිවිය විශ්වයේ පිහිටි අධි ගුරුත්ව කලාපයක්‌ වන කලු කුහරයක්‌ මගින් ගිල දැමීම, පෘථිවිය සූර්යයා දෙසට වේගයෙන් ඇදී ගොස්‌ එහි ගැටී විනාශ වීම, යෝධ ඇස්‌ටොරොයිඩයක ගැටී විනාශ වීම වැනි දෙයක්‌ සිදුවීමට ඇති ඉඩකඩ බහුල බවට මත පළ වී තිබේ.

මායාවරුන් යනු කවරෙක්‌ද? ඔවුන්ගේ විශේෂත්වය කුමක්‌ද? ලතින් ඇමරිකාවට අයත් මැක්‌සිකෝව, ගෝතමාලාව, යුකැටාන් ප්‍රදේශවලදී මෙයට වසර 5000 කට පෙර මායාවරු බිහි වූහ. මායා ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 240 වන විට ඉතා ඉක්‌මන් පිබිදීමකට ලක්‌ව ක්‍රි. වර්ෂ 900 දී අතුරුදන් විය. ජ්‍යාමිතික ස්‌වරූපවලට අනුව ඔවුන් විසින් ගොඩනංවන ලද පිරමීඩ විශේෂයක්‌ තිබේ. පඩි පේළි සහ විශාල වේදිකාවලින් සමන්විත කේතු ආකාර මෙකී පිරමීඩ අතුරින් මැක්‌සිකෝ නගරයේ දකුණින් පිහිටි චෝලුලා පිරමීඩය ඊජිප්තුවේ චියෝපස්‌ පිරමීඩයට වඩා විශාලය. මැක්‌සිකෝ නගරයට සැතපුම් 30 ක්‌ දකුණතින් පිහිටි ටියෝවිභූවතාන් පිරමීඩය වර්ග සැතපුම් 8 ක්‌ වසාගෙන පැතිර යයි. මේවා ඉදිකර ඇත්තේ ඈත අහසේ තාරකා රාශිවල පිහිටීමට සමාන වන පරිදිය. වියෝවිභූවාතාන් ප්‍රදේශයේ ඇති පුරාවෘත්තවලට අනුව මෙයට සහස්‍ර බොහෝ ගණනකට පෙර එම ප්‍රදේශයේ ඉතා දියුණු ජීවීහු සමූහයක්‌ වාසය කළහ. දෙවියන් නොහොත් පිටසක්‌වල ජීවීන් එහි පැමිණ විවිධ කාරණා සම්බන්ධයෙන් උපදෙස්‌ එම ජීවීන්ගෙන් ලබා ගත්හ. ඒ වන විට අපේ මුතුන් මිත්තන් වන හෝමෝසේපියන් වානරයන් බිහි වී නැත.

නූතන ලෝකයේ වෙසෙන අපි ග්‍රෙගරි නමැති රෝමන් පාප් තුමා විසින් සාදන ලද ග්‍රෙගරියානු කැලැන්ඩරය අනුව කටයුතු කරන්නෙමු. මේ කැලැන්ඩරයට අනුව අවුරුද්දට පැය 24 බැගින් දවස්‌ 365 කි. මායා කැලැන්ඩරය ඊටත් වඩා නිවැරැදි බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. සිය කැලැන්ඩරය යොදාගෙන සිදුකරන ගණිත රටා ආශ්‍රයෙන් මායා පිරමීඩ ගොඩනැඟීමට මායාවරු කටයුතු කළහ. සෑම වසර 52 ක්‌ පාසාම තම පිරමීඩවල නිශ්චිත පිය ගැටපෙළ ගණනක්‌ ඉදිකර නිම කළ මායාවරු තම සමස්‌ත පැවැත්ම කැලැන්ඩරයට සමරූපී ලෙස සැකසූහ. මායා කැලැන්ඩරයට අනුව ක්‍රි.පූ. 3114 සිට ක්‍රි.ව. 2012 දක්‌වා “බක්‌තුන්” නමින් හැඳින්වෙන කාල පරාස 13 ක්‌ තිබේ. බක්‌තුනයකට අවුරුදු 394 ක්‌ අයත්ය. 13 වන බක්‌තුනය ලබන වසරේ දෙසැම්බර් 12 වැනිදාට සම්පූර්ණ වන්නේය.

ක්‍රි.පූ. 240 පමණ සිට පිරමීඩ ගොඩනැඟීම පටන් ගත් මායාවරු ක්‍රි.ව. 900 වන විට ඒවා සම්පූර්ණ කර යළි කවදාවත් ආපසු නොඑනු පිණිස ප්‍රදේශය අත්හැර ගියහ. පාලනය නොකෙරුණු සංග්‍රාම, ජනගහන වර්ධනය නිසා වැසි වනාන්තර විනාශ වීම, එම නිසා ජලය හිඟ වීම යන කාරණා ඔවුන්ගේ නොඑන ගමනට හේතුව බව සමහර විද්වතුන්ගේ මතයයි. එහෙත් පසුගිය කාලයේදී මැක්‌සිකෝවේ හා ගෝතමාලාවේ මහ වන මැද තිබී හමු වූ විශාල වැව් සහ ජලාපවහන පද්ධති මගින් පෙනී ගියේ මායාවරුන් කවදාවත් ජල හිඟයකට මුහුණ නොදුන් බවය.

Chariots of Gords නමැති සුප්‍රකට ග්‍රන්ථය ලියූ වොන් ඩැනිකන් නමැති පර්යේෂකයා මායා සංස්‌කෘතියේ අතුරුදන්වීම ගැන වෙනස්‌ මතයක්‌ දරයිá එනම් මෙයට වසර දහස්‌ ගණනකට පෙර පිටසක්‌වල වැසියන් පිරිසක්‌ මායා ශිෂ්ටාචාරය බැලීමට පෘථිවියට පැමිණියහ. ඔවුන් ආපසු ගියේ හරියටම නම් කෙරුණු අනාගත දවසක මායාවරුන් සමග ජීවත් වීමට එන බවට පොරොන්දු වෙමිනි. ඔවුන් ආපසු එන විට ඔවුන්ට ජීවත් වීම සඳහා යෝග්‍ය වන පරිදි මායාවරුන් පාලනය කළ ප්‍රදේශයේ ගොඩනැඟිලි ඉදිකරන ලෙස පිටසක්‌වල වාසීහු මායාවරුන්ට දැන්වූහ. මෙකී පිටසක්‌වල කණ්‌ඩායම් නායකයා වූ කුකුලාන් (ඇතැම් පොත්වල දැක්‌වෙන්නේ ඔහුගේ නම බොලොක්‌ සොක්‌තෝ ලෙසය.) තම දෙවියන් ලෙස පිළිගැනීමට මායාවරු එකඟ වූහ. එහෙත් නියමිත කාලයේදී තම දෙවිවරුන් ආපසු තමන් වෙත නොආ බැවින් කලකිරුණු සිත් ඇති මායාවරු ප්‍රදේශය අත්හැර ගියහ.

මායාවරු බෙහෙවින් බුද්ධිමත් ජාතියක්‌ වූහ. ඇමරිකාවේ ආදිවාසීන් වන මේ ජනයා පෙරදිගින් සංක්‍රමණය වූ බවට පිළිගැනීමක්‌ පවතී. වීනස්‌ ග්‍රහයා සූර්යයා වටා පරිභ්‍රමණය වීමට පෘථිවියේ දිනවලින් 589 ක්‌ ගත වන බව ඔවුහු දැන සිටියහ. එසේම පෘථිවි ග්‍රහයා සූර්යයා වටා පරිභ්‍රමණය වීමට දින 365.2420 ක්‌ ගතවන බවද ඔවුහු කියා සිටියහ. මේ ගණන දශම 0.2 ක්‌ දක්‌වා නිවැරැදිය. එහෙත් ශිෂ්ටාචාරයක්‌ වශයෙන් ඔවුන්ගේ පිරිහීම අදටත් අබිරහසකි.

ලෝක විනාශය ගැන කාලයෙන් කාලයට අනාවැකි පළ කළ බොහෝ දෙනා සිටියද, බොහෝ ලිපි ලේඛන හමු වුවද මායාවරුන්ගේ දින දර්ශනයෙන් කියෑවෙන කතාව ලෙහෙසියෙන් අත්හැර දැමීමට විද්වතුන් කැමති නැත්තේ මායාවරුන්ගේ අනාවැකි මනෝ මූලික නොවන ගණිතය සහ ගණනය කිරීම් මත පදනම් වූ ඒවා නිසාය.

මෙය උපුටා ගැනිමකි..

Thursday, April 26, 2012

මෙන්න පරිගණක වෛරසයක් සීරුවෙන්-බලා‍ගෙනයි!

අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මෙම වෛරසය පරිගණකයට ඇතුළුවීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත් අනතුරුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් සංසදය පවසයි.

http://www.dcwg.org/detect වෙබ් අඩවියට පිවිසීමෙන් සිය පරිගණකය මෙම වෛරසයෙන් සුරක්ෂිත කර ගැනීමට පියවර ගත හැකි වන බවද සංසදය සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වන තුරු මේ පිළිබදව සිය සංසදයට කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද සංසදයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය ( FBI) මගින් ලබන ජුලි මස 9දා මෙම අහිතකර පරිගණක වෛරසයෙන් අන්තර්ජාලය සුරක්ෂිත කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද සංසදය සදහන් කරයි.

ඉහත දිනට පසු මෙම වෛරසයට ලක්ව තිබෙන පරිගණක ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැති වන බවද සංසදය පවසයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වේ. 

මෙම ලිපිය උපුටා ගැනිමකි..


Tuesday, April 24, 2012

මොනවද මේ MFA වෙබ් අඩවි, ඔබ MFA වෙබ් අඩ්වි හිමි කරුවෙක්ද?


සමහර විට ඔබ MFA වෙබ් අඩවි කියන්නෙ කුමක්දැයි හරියාකාරව නොදන්නවා ඇති. MFA නම් Made For Adsense යන්නයි, ඒ කියන්නෙ Google Adsense පමණක් අරමුණු කරගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීමයි. අන්තර්ජාලයේ මුදල් සෙවීමට පටන් ගන්නා නවකයන් තමන්ගේ ආරම්භය ලබා ගන්නේ Google Adsense මගිනි. නමුත් මෙහිදී බොහො දෙනෙක් පොට වරද්දා ගනී. ඔවුන් පළමුව උත්සාහ කරන්නේ ඉතා සීමිත අන්තර්ගතයක් ඇති වෙබ් අඩවියක් හො බ්ලොග් එකක් නිර්මාණය කර Google Adsense දැන්වීම් එක් කිරීමය.
එහෙනම් MFA වෙබ් අඩවියක් හදුනා ගන්නා හැටි බලමු, වර්තමානයේ නොම්ලේ ලබා දෙන බ්ලොග් සේවා (Blogspot, WordPress)මගින් බොහො දෙනෙක් මෙවැනි වෙබ් අඩවි නිර්මාණය කරගනී. වඩාත්ම ප්‍රචලිත ක්‍රමය නම් highest paying keywords(Mesothelioma, Domains yahoo, Home loan, Health insurance වැනි ප්‍රචලිත සෙවුම්) භාවිතා කර බ්ලොග් එකක් නිර්මාණය කිරීමයි. මෙවැනි මාතෘකා අපට නුහුරු නිසා අනෙකුත් වෙබ් අඩවි මගින් කරුණු කෙලින්ම පිටපත් කර වෙබ් පිටු කිහිපයක් එකතු කර Google Adsense දැන්වීම් උපරිම ප්‍රමාණයක් එක් කරයි. පසුව කරන්නේ ප්‍රසිද්ධ Web forums වලට ගොස් කිරීමය නැතහොත් Ads මත Click කිරීමට අනෙක් අය පෙලඹවීමය. එම නිසා බොහො දෙනෙක් තමන්ටම ලැබෙන Google Adsense ගිණුම සදහටම අහිමි කරගනී. ඇත්තටම Adsense යනු අපට ලබා දී ඇති මහගු අවස්ථාවකි, ඉතින් Adsense සමග වැඩ කිරීමේදි පහත කරුණු ගැනත් සලකා බලන්න.
  • තමාටම දිගු කලක් වෙබ් අඩවි යාවත්කාලින කළ හැකි මාතෘකා තොරාගන්න. එය ඔබගේ අධ්යාපනයට, විනොදාස්වාදයට කරන දේ, රැකියාවට අදාල මාතෘකා විය හැක.
  • වෙබ් අඩවියට සැලකිය යුතු Traffic එකක් නැත්නම් තාවකාලිකව Google Adsense දැන්වීම් පළකිරීමෙන් වලකින්න, මෙම ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ අවම වශයෙන් දිනකට නිත්ය පිවිසුම් (Unique visitors) 100 වත් තිබිය යුතු කියාය.
  • සෙවුම් යන්ත්‍ර මගින් ලැබෙන පිවිසුම් ප්‍රමාණය වැඩි කරගන්න, මෙ සදහා Search Engine Optimization(SEO) කිරීම අනිවාර්යය.
  • Google Analytics , Google Webmaster Central වැනි සේවාවක් මගින් වෙබ් අඩවියේ වාර්තා ගැන අවධියෙන් සිටින්න.
  • Google Adsense නිල බ්ලොග් සටහන මගින් නවතම සොයාගැනීම් සහ උපාය මාර්ග ගැන අවබොධයක් ලබාගන්න.

නොමිලේ ගෙදරටම ලැබෙන Debit Card

මමත් මේ දවස් වල පොඩි අත්හදාබැලීම් වගයක් කරගෙන යනවා, එතකොට තමා මේ Prepaid MasterCard® ගැන දැනගන්න ලැබුනේ, ඒ ලංකාවේ අපිට අන්තර්ජාලයෙන් ලැබෙන ගෙවීම් මුදල් බවට පත් කිරීම තරමක් අපහසුයිනේ. තවම PayPal වලින් සම්පූර්ණ පහසුකම අප රටට සපයා නැති කම තමා ලොකුම අඩුව. ඉතින් මමත් PayPal මගින් ලැබෙන ගෙවීම් අපට ලබා ගත හැකි ආකරයකට පත් කරගන්න විවිධ උපක්‍රම සොයා බැලුවා. එතකොට තමා මේ පෙර ගෙවුම් credit card ගැන දැන ගන්න ලැබුනෙ. මේවා නොමිලේ දුන්නට වැඩ ගොඩක් කරන්න පුලුවන් වගේ. ඒවානම්,
  • සාමාන්‍ය Debit cardඑකක් ලබා ගැනීමට අපහසු අයට නොමිලේ ලබා ගත හැකි වීම (වයස 18 සම්පූර්ණ කල අයට)
  • අන්තර්ජාලයේ සිදු කරන ගෙවීම් ආරක්ෂිතව කිරීමට හැකි වීම
  • ATM මගින් මුදල් ලබා ගැනීමට පහසු වීම (ඔබට ලගම ATM එක මෙතනින් සොයාගන්න)
  • Freelance වෙබ් අඩවි වල අපට ලැබෙන ගෙවීම් පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම
මටත් මේ Credit Card එක අයදුම් කර ගෙදරටම නොමිලේ ගෙන්වගන්න සති 2-3 ක් ගත වුනා. එහෙනම් ඉක්මන් කළොත් හොදයි වගේ. ඇත්තටම මෙම සේවාව ලබා දෙන්නෙ Payoneer නම් වෙබ් අඩවිය. දැනට මෙම සේවාවට අනුබද්ධිතව වෙබ් අඩවි කිහිපයක් Debit cards ලබා දෙනවා. මම සම්බන්ධ වුනේ Odesk නම් වෙබ් අඩවියට. එහෙනම් මුලින්ම මෙම වෙබ් අඩවියෙ කෙනෙක් විදිහට ගිණුමක් ආරම්භ කරන්න. ඔය වැඩ ටික කරන අතරතුරේ Payoneer එකෙන් ලැබෙන Debit Card එකට අයදුම් කරන්න අදාල උපදෙස් ඔබට ලැබේවි. මේ මම ලබාගත් Debit card එක හා සමාන ආකෘතියක්

තවමත් මම මේ ගැන විවිධ අත්හදා බැලිම් කරගෙන යනවා. මෙම ලිපියත් ඉක්මනට පළ කලේ ඔයාලටත් Credit card එක කලින් අයදුම් කර ලබා ගත හැකි නිසා. එහෙනම් ප්‍රතිඵල ලැබෙන විදිහට මම මෙතන ප්‍රතිචාර දක්වන්නම්

මෙන්න SOFT ZONE | KALUTARA සමාජික ලහිරු දිල්රංග ඉල්ලිම් කරපු එක නොබොදා ගෙදරටම ආවා.

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D