ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Showing posts with label Gadgets. Show all posts
Showing posts with label Gadgets. Show all posts

Thursday, August 30, 2012

Sandriesoft & Radio Kalutara වෙතින් Free Advertising Network එකක් - Admine!

      ඔන්න යාලුවනේ මම අලුත් වැඩක් පටන් ගත්තා... ගොඩ දවසකින් තමයි මේ අලුත් දෙයක් කරන්නට පටන් ගත්තේ.. මේක අපේ යාලුවන්ටත් අලුත්ම අත්දැකීමක් වේවි.. ඇත්තෙන්ම මෙය දැන්වීම් ප්‍රචාරය කිරීමේ අති සාර්ථකම ක්‍රමයයි කිව්වොත් ඒක 100%ක් නිවැරදියි... මොකක්ද මේ Free Advertising Network එකක්  කියන්නේ..? මේක අපේ බ්ලොග් අඩවි පවත්වාගෙන යන හැමෝටම සුභ ආරංචියක් වේවි... Sandriesoft  And Radio Kalutara වෙතින් මෙම Free Advertising Network එකක් පවත්වාගෙන යාමට හේතුව සහ මෙමගින් අපගේ ප්‍රධානතම අරමුණ වනුයේ ශ්‍රී ලාංකික අප වෙනුවෙන් පුළුල් පාඨක පිරිසක් වෙත ඔබගේ බ්ලොගය හෝ වෙබ් අඩවිය ගෙනයාමය. Free Advertising Network එකක් නොමැතිව අපගේ බ්ලොග් අඩවියට, වෙබ් අඩවියට නව සාමාජිකයින්, නව පාඨකයින් ගෙන්වාගැනීමේ අපහසුතාවයක් ඇත. නමුත් මෙවැනි  Free Advertising Network එකක් මගින් සැම දෙනා හට එක හා සමාන පුළුල් ප්‍රචාරයක් ලබාදීමට හැකිවීමය. තවද හුදෙක් මෙවැනි  Advertising Network එකකට දැන්වීමක් ඇතුළුකිරීමට  ඔබට අවශ්‍ය වුවහොත් ඔබට සාමාන්‍යයෙන් සැළකිය යුතු මුදලක් ගෙවා එම ප්‍රචාරණ කටයුත්ත සිදුකරගැනීමට සිදුවේ... නමුත් Sandriesoft  And Radio Kalutara මෙම සේවාව පවත්වාගෙන යන්නේ කිසිදු සැගවුනු ගාස්තුවක් ද නොමැතිවය. ඉතින් මේ වෙනුවෙන් අප කළ යුත්තේ අපගේ අඩවියේ සුළු ඉඩක් ලබාදීම පමණි. අප සැම වෙනුවෙන් ඔබට කළයුත්තේ එය පමණක් ම වීම වැදගත්ය...

Admine! ක්‍රියාකාරීත්වය කෙසේද?

            Admine! දැන්වීම් ප්‍රචාරණය සදහා 468x60 ප්‍රමාණයේ ඉඩක් අවශ්‍ය වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... වැඩිම දැන්වීම් ප්‍රමාණයකට ප්‍රචාරණය සදහා ඉඩ සැලැස්වීමට නිරන්තරයෙන්  Admine! ක්‍රියාත්මක වේ. වරකට දැන්වීම් එකකට වඩා දර්ශනය කිරීමේ හැකියාව Admine! සතු බැවින් ඔබගේ දැන්වීමට එමගින් ද වැඩි Impressions ප්‍රමාණයක් හිමිවේ.
.
Admine! දැන්වීම් සේවාව වෙත දැන්වීම් එකතු කරන්නේ කෙසේද?

            Admine! දැන්වීමක ප්‍රමාණය 468x60 වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... මෙම ප්‍රමාණයට සකස්කළ ඔබගේ දැන්වීමේ,

1. පින්තූරයට අදාළ ලින්කුව
2. ඔබගේ අඩවියේ ලින්කුව
3. ඔබගේ අඩවියේ නාමය

      යන දත්ත ඇතුළත් කළ විද්‍යුත් ලිපියක් admine@radiokalutara.com වෙත යොමුකළ යුතුය. ඔබගේ දැන්වීම පැය 24 ක් ඇතුළත  Admine! දැන්වීම් සේවාවට ඇතුළු කෙරේ.. තවද මේ සදහා ඔබට විවිධ ආකාරයේ අමතර දැන්වීම් 4ක් ඇතුළත් කිරීමට අවස්ථාව Admine! මගින් ඉඩ සළස්වා දේ... ඔබ එක්කරන සෑම වෙබ් අඩවියක්ම Admine! වෙත ඇතුළත් කිරීම සදහා Admine! Publisher Code එක එම එක් එක් අඩවියේ ඇතුළත් කිරීම සිදුකිරීම අත්‍යාවශ්‍ය වේ. මක් නිසාද යත් අපගේ මෙම සේවාවේ සේවය ඉහළින් ලැබීමට එය ඉවහල්වන නිසාමය..


      Admine! දැන්වීම් සේවාවට ඇතුළත් කරන වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කළ යුතු Admine! Publisher Code පහළින් ලබාගෙන එය ඔබගේ වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කරන්න.





      ඉතින් මේ සේවාව හොදින් පවත්වා ගෙන යාමට ඔබ, අප සැමගේ දායකත්වය අත්‍යවශ්‍යයි.. Admine! දැන්වීම් සේවාව පිළිබදව යම්කිසි ගැටලු ඇතහොත් ඒ සදහා ඉහත සදහන් කළ විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.. Admine! දැන්වීම් සේවාව සදහා ඔබ සැම ඉහළ ප්‍රතිචාරයක් දක්වාවි යන්න මාගේ හැගීමයි... ස්තූතියි!

Tuesday, July 17, 2012

මෙන්න අපෙන් රේඩියො කළුතර අහන්න Portable App එකක්

මෙන්න අපෙන් රේඩියො කළුතර අහන්න Portable   App එකක්...දැන් රේඩියො කළුතර නවතම තාක්ෂණයෙන් යුන් මෘදුකාංගයකින් ශ්‍රවනය කිරිමට දැන් ඔබට අවස්ථාවක්.. අපි අපි මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ විශේෂයෙන් Radio Zone Kalutara ව්‍යප්තියට අත හිත දෙන සැම දෙනවාම..එය ඔබට ශ්‍රවනය කිරිමට අවම වශයෙන් 32kbps වේගයෙන් යුත් අන්තර්ජාල සබදතාවයක් තිබිය යුතුයි.. ඔබ මෙම මෘදුකාංගය පහත ලින්කුවෙන් බාගෙන..එමෙන්ම නවිනතම තාක්ෂණයෙන් සැදු තවත් පරිගණක මෘදුකාංග මෙන්ම ජංගම දුරකථන මෘදුකාංග කිහිපයක්ම ලගදිම..
New Version Radio Kalutara Portable Player
ඔබ මෙය විවෘත කිරිමෙන් පසුව දිස්වන අයුරු.
පලමුව මෙම ලින්කුවෙන් අප මෘදුකාංගය බාගන්න..




OLD Version Radio Kalutara Portable Player
 ඔබ මෙය විවෘත කිරිමෙන් පසුව දිස්වන අයුරු.
පලමුව මෙම ලින්කුවෙන් අප මෘදුකාංගය බාගන්න..

මෘදුකාංගය පිලිබද ඔබේ අදහසුත් අපට කළ යන්න..

Sunday, July 15, 2012

ගල් යුගයේ ඉහලම තාක්ෂණය හමු වෙයි

ඔන්න ඉතින් දවස් කිහිපයක නිහැඩියවෙන් පස්සේ ඔන්න මම අදත් ඔයාලාට කියන්න යන්නේ අපුරු දෙයක් ගැන.. මේ කියවලා බලලා හොද නම් කොමින්ට් එකකුත් දාලාම යන්නකො....ගොඩනැගිලි 100 කටත් වඩා නටඹුන් සමූහයක්  ඕක්නිහී දී සොයා ගෙන තිබේ. එය බි‍්‍රතාන්‍යයේ ලෝක ප‍්‍රකට ස්ටෝන්හෙන්ජ්වලට වඩා අවුරුදු 800 ක් තරම් පැරණි බව සමස්ථානික කාබන් විශ්ලේෂණයෙන් සොයා ගෙන තිබේ.
එනම් සමස්ථානික කාබන් විශ්ලේෂණ අනුව මෙම නටඹුන් වසර 5000 කටත් වඩා පැරණි බව පුරාවිද්‍යා ගවේෂකයන් මගින් හෙළි කරගෙන තිබේ. මෙම පුරා විද්‍යාත්මක ඉහල වටිනාකමකින් යුත් පුදබිම හඳුන්වන්නේ ඕක්නේ (Orkney) නමිනි. එය  ‘නෙස් ඔෆ් බ්‍රෝඞ්ගා’ අසල පිහිටිතැනක්. 
‘මේ ජීවිත කාලයටම සරිලන ඉතා විශිෂ්ට සොයා ගැනීමක්’  බව BBC පුරාවිද්‍යා විස්තර විචාරක නීල් ඔලිවර් පවසා ඇත. මේ තරම් විශාල පරිසරයක් පුරා පැතිර ඇති නටබුන් මෙතෙක් සොයා ගෙන නැති බව ඔහුගේ අදහසයි. මෙමගින් ලෝකය හා විශ්වය පිළිබඳ නව ශිලා යුගයේ විසූ මිනිසා තුළ පැවති විශ්වාසයන් හා ආගමික භාවිතයන් පිළිබඳ අභිරහස් ලොවට එළිවනු නොඅනුමානයි. එම නිසා මෙම භූමි පෙදෙස ඉතා අනර්ඝවත් කවුළුවක් බව ඔහු තව දුරටත් සඳහන් කර ඇත. දැනට නටබුන් 14 ක් පමණ සොයා ගෙන ඇති අතර තාපභූභෞතික තාක්ෂණයට අනුව තවත් නටඹුන් 100 ක් පමණ ඇතැයි අනුමාන කෙරේ. මෙම ස්ථානයෙහි තවමත් ගවේශනය කර ඇත්තේ සියයට දහයකටත් අඩු ප‍්‍රමාණයක් වන අතර ලැබී ඇති නටඹුන් විශ්ලේෂණයෙන් මෙය පැරණි ආරාමයක නටඹුන් යැයි පර්යේෂකයන් නිගමනය කොට ඇත.

බි‍්‍රතාන්‍යයේ ඉපැරණිම බිතුසිතුවම් යැයි විය හැකි රූප හමුවූ ඕක්නි නටබුන්

‘නෙස් ඔෆ් බ්‍රෝඞ්ගා’ ගල් කුලූනු වළල්ල

Tuesday, July 3, 2012

Radio Zone Kalutara දැන් ඔයලාගේ Android එකෙත්

මෙන්න අපෙන් රේඩියො කළුතර අහන්න Android App එකක්...දැන් රේඩියො කළුතර නවතම තාක්ෂණයෙන් යුන් මෘදුකාංගයකින් ශ්‍රවනය කිරිමට දැන් ඔබට අවස්ථාවක්.. අපි අපි මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ විශේෂයෙන් Radio Zone Kalutara ව්‍යප්තියට අත හිත දෙන සැම දෙනවාම..Radio Zone Kalutara දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් පාදක ජංගම දුරකතනය ඔස්සේද සවන් දිය හැක. ඒ සඳහා පහත ඇප්ලිකේෂනය ඔබගේ ජංගම දුරකතනයට එකතු කරගන්න. ඔබ මෙම මෘදුකාංගය පහත ලින්කුවෙන් බාගෙන..එමෙන්ම නවිනතම තාක්ෂණයෙන් සැදු තවත් පරිගණක මෘදුකාංග මෙන්ම ජංගම දුරකථන මෘදුකාංග කිහිපයක්ම ලගදිම..

 පලමුව මෙම ලින්කුවෙන් අප මෘදුකාංගය බාගන්න..

Google Play
 



 
 ඔබ මෙය විවෘත කිරිමෙන් පසුව දිස්වන අයුරු
 
 
 


මෘදුකාංගය පිලිබද ඔබේ අදහසුත් අපට කළ යන්න..





Wednesday, June 27, 2012

Radio Zone Kalutara නවතම තාක්ෂණයෙන් දැන්..

දැන් රේඩියො කළුතර නවතම තාක්ෂණයෙන් යුන් මෘදුකාංගයකින් ශ්‍රවනය කිරිමට දැන් ඔබට අවස්ථාවක්.. අපි මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ විශේෂයෙන් හංස මධුසංක අමරසේකර සොහුරාව සහ ඩිරේන් දන්තනාරයන සොහුරාව  ..එය ඔබට ශ්‍රවනය කිරිමට අවම වශයෙන් 64kbps වේගයෙන් යුත් අන්තර්ජාල සබදතාවයක් තිබිය යුතුයි..සහ අවම වශයෙන් තව Windows .NET Framework 4.0 තිබිය යුතුය..
පළමුව ඔබ මෙම මෘදුකාංගය පහත ලින්කුවෙන් බාගෙන..ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න..එමෙන්ම නවිනතම තාක්ෂණයෙන් සැදු තවත් පරිගණක මෘදුකාංග මෙන්ම ජංගම දුරකථන මෘදුකාංග කිහිපයක්ම ලගදිම..



 
පලමුව මෙම ලින්කුවෙන් අප මෘදුකාංගය බාගන්න..

මෙම මෘදුකාංගය පරිගණකය ස්ථාපනයෙන් පසුව ඔබට දිස්වන අයුරු..මෙහි Shortcut එකක් ඔබ පරිගණකයේ Start මෙනු එක තුල දක්නට ලැබේ..

නිල අනුග්‍රහය


මෘදුකාංගය පිලිබද ඔබේ අදහසුත් අපට කළ යන්න..






Saturday, June 9, 2012

පුදුම Airport එකක් මෙන්න !

ජිබ්රෝල්ටා කියන්නේ ස්පාඤ්ඤ අර්ධද්වීපයේ පහලින්ම ඇති කුඩා බිම් කඩක්. ඒ අසල ඇති ජිබ්රෝල්ටා සමුද්‍රසන්ධියට නම වැටී ඇත්තේද මේ රට නිසා. මෙය අභ්‍යන්තර පරිපාලනයක් ඇති බ්‍රිතාන්‍ය භූමියක් (self-governing British overseas territory), හරියට ඕස්ට්‍රේලියාව වගේ.
අරුමපුදුම දේ තමයි ජිබ්රෝල්ටාවේ ගුවන්තොටුපලේ ධාවන තීරුව (runaway) හරහා මහාමාර්ගයක් වැටී තිබීම ! අපේ රටේ දුම්රිය මාර්ග හරහා වැටී ඇති පාරවල් වල වාහන ගමනාගමනය දුම්රියක් එන විට ගේට්ටු දමා නතර කරන්නාක් මෙන් මෙහි ගුවන්යානයක් පැමිනෙන/යන විට මහාමාර්ගයේ වාහන ගමනාගමනය ගේට්ටු මගින් නවත්වනවා.

මෙසේ වීමට හේතුව මොකක්ද කියලා මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පේනවා. මේ රට බොහොම පටු එකක්. හරස් අතට ගුවන් පථයක් ඉදිකරාට පස්සේ පාරක් හදන්න ඉඩ කොහෙද? මේ ගුවන් පථයෙත් කොටසක් හදා තියෙන්නෙ මුහුද ගොඩකිරීමෙන් බවයි පේන්නෙ.
මෙන්න බලන්න ඡායාරූප ටික:

මට මේක දැක්කාම තවත් දෙයක් මතක් උනා. ඒ තමයි “හිත ඇත්නම් පත කුඩාද?” කියන ආප්තෝපදේශය.

Monday, May 28, 2012

මෙන්න ඔයාටත් Online ගබඩාවක්..

අපි හැමෝටම තිබෙන ගැටළුවක් තමයි පරිඝණකයේ ගබඩා කර ඇති වැදගත් තොරතුරු සුරක්ෂිතව තබා ගැනීම. මේ ගැන මගේත් අවධානය යොමු වුනේ පසුගිය දවසක මගේ මිතුරෙකුට වුන ඇබැද්දියක් නිසා. පරිඝණකයේ  මෙහෙයුම් පද්ධතිය හදිසියේම ක්‍රියා විරහිතවීම නිසා එහි ගබඩා කර තිබූ දත්ත නැවත ලබා ගැනීම ප්‍රබල ගැටළුක් බවට පත්වුනා. සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් ප්‍රතිසාධනය (recover) කර ගත්තත් සාර්ථක දත්ත රක්ෂිතයක අවශ්‍යතාවය දැනුනේ එදා.
පරිඝණකයේ දෝෂ, මෙහෙයුම් පද්ධතියේ  දෝෂ සහ අනිෂ්ට මෘදුකාංග (malware) වැනි විවිධ හේතු නිසා එසේ අප ගබඩා කර ඇති වැදගත් තොරතුරුවලට හානි සිදුවිය හැක. දත්ත රක්ෂිතය සඳහා සංයුක්ත තැටි, ඩිජිටල් විඩියෝ තැටි, USB ෆ්ලෑෂ් ධාවකයන්, බාහිර දෘඩ තැටි වැනි විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ කිසිම ක්‍රමයක් සම්පූර්ණයෙන්ම සාර්ථක නැහැ. ‍විවිධ හේතු නිසා මෙම මාධ්‍ය වල ද දෝෂ ඇතිවෙන්න ඉඩ තිබෙනවා.
ඉතින් මේ සඳහා ඇති සාර්ථකම විසඳුම තමා සබැඳි රක්ෂිතයක(online backup) පිහිට ලබා ගැනීම. අපට නොමිලේ ලැබෙන් එවන් සේවාවක් තමා ඩ්‍රොප්බොක්ස්(Dropbox). ඩ්‍රොප්බොක්ස් වෙතින් අපගේ දත්ත ගබඩා කිරීමට ගිගාබයිට් දෙකක අවකාශයක් නොමිලේ ලැබෙනවා.


ඩ්‍රොප්බොක්ස්හි ක්‍රියාකාරීත්වය සරලයි, ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය ස්ථාපනය කර ගත් පසු My Dropbox නම් ෆෝල්ඩරයක් ඔබේ පරිඝණකයේ ස්ථාපනය වනවා. ඔබ කළ යුත්තේ ඔබට රක්ෂිත කිරීමට අවැසි ගොනු (files) මෙම ෆෝල්ඩරයට පිටපත් (copy) කිරීම පමණයි. එම ගොනු ඩ්‍රොප්බොක්ස් අඩවිය සමග ස්වයං-සමමුහුර්ත (Auto Synchronization) වීමකට ලක් වෙනවා. මෙසේ ගබඩා වන දත්ත වෙත ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය හරහා ප්‍රවේශ වීමේ හැකියාව ද ලැබෙනවා. ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය වින්ඩෝස්, ඇපල් මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේ ලබා ගත හැකියි.
තවද ඔබේ මිතුරන්ට ඩ්‍රොප්බොක්ස් වෙත යවන ආරාධනාවක් ඔබේ මිතුරෙකු පිළිගතහොත් ඔබට තවත් අමතර මෙගා බයිට් 250ක අවකාශයක් වෙන් වෙනවා (මෙසේ ගිගාබයිට් 3ක් දක්වා අමතර අවකාශයක් ලබා ගැනීමට පුළුවන්).
ඩ්‍රොප්බොක්ස් මගින් අපේ දත්ත ගබඩා කිරීමට ලැබෙන ඉඩ සීමා සහිත වුවත් එය අපගේ වැදගත් තොරතුරු රැක ගැනීමට සාර්ථක පිළියමක්යැයි මා සිතනවා. තවද ඔබට අවැසි නම් මුදල් ගෙවා ලැබෙන ඉඩ ප්‍රමාණය ගිගාබයිට් 50ක් හෝ 100ක් දක්වා වැඩි කර ගත හැකියි.
ඩ්‍රොප්බොක්ස් අඩවියට ප්‍රවේශ වීමට පහත සබැඳිය භාවිතා කරන්න
 

Tuesday, May 8, 2012

ගෙදරටම වෙලා Dongale එකේ Lock එක කඩමු

මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.

මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.





මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන් 
http://bb5.at/huawei.php?imei=###############
ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම්
http://bb5.at/huawei.php?imei=354300020014078

(needs internet connection)

එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock code එක සදහන් වෙනවා.


අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 41850586

දැන් කොහොමද unlock කරන්නේ. වෙන SIM එකක් දැම්මම Mobile partner ම unlock code එක ඉල්ලනවා නම් මේ code එක එන්ටෙර් කරන්න. එහෙම නැත්නම් පහත ක්‍රමය කරන්න

මුලින්ම මොඩෙම් එක සම්බන්ධ කරලා mobile partner රන් මෙවවනම් එකෙන් exit වෙන්න. ඊට පස්සෙ settings->control panel->system->hardware->device manager open කරගන්න. දැන් ports යටතේ HUAWEI Mobile Connect – 3G PC UI interface කියන එක හොයාගෙන එකත් එක්ක තියෙන COM පොර්ට් නොම්බරය බලාගන්න. 


අපේ උදාහරනයේ විදිහටනම් COM4.

ඊලගට programs ->accessories ->communications –>Hyperterminal
වෙත ගොස් HyperTerminal window ලබාගෙන කලින් බලාගත් පොර්ට් එකට සදහා පිහිටුම් සකස් කරගන්න.









දැන් HyperTerminal එක connect කරගන්න.



දැන් මේ එකේ AT (A යතුර, T යතුර සහ Enter යතුර) විධානය ලබාදෙන්න. එතකොට සියල්ල නිවරදිව තිබෙනම් "OK" යනුවෙන පිලිතුරු ලබෙවි. මීලගට 
AT^CARDLOCK= "########" විධානය ලබාදෙන්න.  ######## කියන්නේ අදාල කේත අංකයයි. අපේ උදාහරනයේ විදිහටනම්
AT^CARDLOCK="41850586"

එවිට පිලිතුරු වශයෙන්
^CARDLOCK 2,10,0 ලබෙවි.

දැන් unlock කිරීම ඉවරයි. මොඩෙම් එක කැමති විදිහකට පාවිච්චි කරන්න පුලුවන්. වෙනස් පිලිතුරක් ලැබුනොත් යම් තැනක වරදක් වෙලා තියෙනවා. නැවත උත්සාහ කරන්න කලින් මේකෙ comment එකක් දාන්න. (උත්සාහ කරන්න පුලුවන් 10 වරක් පමනයි).


මේ අගොස්තු අපි සෙට් එකට උසස් පෙළ නිසා පොස්ට් දැමිම තවකාලිකව අදින් නවත්තනු ලැබේ.. යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් අමතන්න අපට


අපව සම්බන්ධ කර ගත හැකි මාර්ග
Tel | දු.අංකය  : +94774483783
Email | ඉමේල් : dilranga@ymail.com
                         lahirudilranga@gmail.com
FB                 : www.facebook.com/ranga3d                       www.facebook.com/SoftZoneKalutara


Sunday, April 29, 2012

බ්ලොග් ලියන්නන්ට වටිනා උපදෙස්


අපි පොස්ට් එකක් දාන්න නෙවේ හිටියේ. ඒත් සමහර බ්ලොග් කියවනකොට හිතට එන කේන්තියත් එක්ක මේ ටික නොකියාම බෑ. අපි ඇහුවොත් ඔයාලගෙන් ඇයි බ්ලොග් එකක් හදාගත්තෙ කියලා කවි ලියන්න, විහිළු කතා ලියන්න, අත්දැකීම් බෙදාහදාගන්න, සොෆ්ට්වෙයාර් ගැන කියලාදෙන්න ... ඔයවගේ කාරණා සිය ගනනක් උනත් උත්තර ලැබෙන්න ඉඩ තියනවා. ඒවගේම කාගෙන්හරි ඇහුවොත් මොන විදියේ බ්ලොග්ද බලන්න කැමති කියලා ඒත් ඔය ලිස්ට් එකම අඩුවැඩි වශයෙන් උත්තර විදියට ලැබේවි. ඉතින් ඔය විදියට බ්ලොග් ලියන්න කියවන්න අපි එනව මිසක් කවුරුහරි අපේ බ්ලොග් එකට තොරණ බලන්න එනවද? ඒ වගේම අපේ බ්ලොග් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ කාටහරි තොරණ් පෙන්නන්නද?..:D හරි හරි කලබල වෙන්න එපා. කාරනේ මේකයි. සමහර බ්ලොග් ඇස්වලට හරි අමාරුයි. ඒවගේම ඒවායේ තියන ඇනිමේෂන්, ඇස් කඩාගෙන යන වර්ණ අපිට නං හරිම වධයක්. මම නං කොයියම්ම වෙලාවක වත් බ්ලොග් එකක අන්තර්ගතය මිසක් ඒක ලස්සනට තියනවද කියන එක ගැන හොයන්නෙ නෑ. මම හිතන හැටියට නං සයිට් එක ලස්සනට තියනවනං හොදයි තමයි, ඒත් ඒක කරදරයක් නොවෙන ගානට තියෙන්න ඕන. හරියටම දැනීමක් නැති වුනත් ඔය අපි දාගන්නා එක එක ගැජට් වලින් සයිට් එක ලෝඩ් වෙන්න ගතවෙන කාලයත් වැඩි වෙනවා මං හිතන්නෙ. මම මට හිතෙන හැටියට කියන්නං එක එක අංග මොන විදියට සකස් වෙන්න ඕනද කියන කාරණය. පෙළගැස්ම අපි පළමු වතාවට සයිට් එකට ඇවිල්ලා දැනට උඩින්ම තියන පෝස්ට් එක කියෙවුවට පස්සෙ ඒකෙ කලියෙන් දාපු පෝස්ට් කියවන්න හිතුනොත් කරදරයක් නැතිව ඒ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට අදාල ලිපි කැටගරි වශයෙන් තියන එක වැදගත්. විශේෂයෙන්ම සමහර සයිටි තියනවා අද සොෆ්ට්වෙයා ගැන දාලා ඊලග දවසේ ආදරය ගැන ලියපු. එතකොට සොෆ්ට්වෙයා ඕන අයට ඒව බලන්නයි ආදරය ගැන බලන්න ඕන අයට ඒවා බලන්නයි ලේසියෙන් පුලුවන්නේ. අනිත් කාරනේ වර්ණය ‍පාට ගැන කියනවනං වැදගත්ම කාරනේ තමයි බැක්ග්‍රවුන්ඩ් එකේ පාටයි කොටන අකුරු වල පාටයි මැච් වෙනවද කියනඑක. අපි අද දැක්ක සයිට් එකක් ඒකෙ බැක්ග්‍රවුන්ඩ් එක කලු පාට. අකුරු තද නිල්පාට. පෝස්ට් එක බලන්නම ඕන හින්දා ඒක කොපි කරලා වර්ඩ් ෆයිල් එකකට අතහැරලා තමයි කියවගත්තේ..ලොල්ය. මම දැකලා තියන ලෝකෙම ජනප්‍රිය ගොඩාක් සයිට් හදලා තියෙන්නෙ තද වර්ණ භාවිතා නොකර. ඒනිසා බැක්ග්‍රවුන්ඩ් කලර් එකට නං තද පාට දාන්නෙපා රජෝ කියවන්න බෑ. තදපාට බැක්ග්‍රවුන්ඩ් ගොඩක්ම තියෙන්නෙ වැල සයිට් වල ගැජට් බැජට් මේවා ගැන කියනවා නං කොච්චර දාගත්තත් කමක් නෑ කරදරයක් නැති විදියට. සයිටි එක ලෝඩ් වෙන්න ගතවෙන කාලය ගැන හිතලා බලලා දාගන්නව මිසක් කවුරුහරි දුන්නු පලියට ගන්න එපා. ජාලෙ ස්ලෝ කොම්පීතරයකින් ඔයාලගෙ සයිට් එකට ගිහිල්ලා බලන්න කොච්චර වෙලා යනවද කියලා. මොකද එක එක්කෙනාගෙ ජාල සම්බන්ධකං එක එක විදියනේ. මම අද කියපු අර සයිට් එකේ පෝස්ට් එකේ අකුරු උඩත් ඇනිමේෂන් එකක් දුවනවා.අකුරු සයිස් එක 14 වත් තියනවනං තමයි හොද. මොකද අපි වගේ වයසට ගිය අයත් මේවා බලනවානෙ. හැබැයි කොළ පාට, දම්පාට වගේ ඇස් කඩාගෙන යන පාට දාන්නෙපා. කොමෙන්ටු පෙට්ටිය අනේ මම කියපු අර සයිට් එකට කොමෙන්ට් එකක් දාන්න ගියා ඒකෙ තියන වැරදි ගැන කියලා. ගහෙං වැටුන මිණිහට ගොනා ඇන්නා වගේ මේං ඒකෙ සැට් කොරලා තියනවා අර වර්ඩ් වෙරිපිකේසන්ද මොකද්ද උලව්ව. අර ඊමේල් එකක් හදන්න යනකොට ටයිප් කරන්න දෙන්නෙ ආරළු බූරළු අකුරු ටිකක්. අන්න ඒක තමයි.(ඕක තියෙන්නෙ මේ කවුරුහරි ප්‍රෝගෑම් එකක් හදලා නන්ස්ටොප් කොමෙන්ටු දායි කියලානේ. එහෙම එකක් තාම සිංහල බ්ලොග් අවකාශෙ සිද්ධ වෙලා නැතුව ඇති) මම එතනින් පස්සෙ කොමෙන්ටුව නොලියම ආවා. අන්න ඒ වෙලාවෙ තමයි කේන්ති ගිහින් මේ පෝස්ට් එක කොටන්න පටන් ගත්තෙ. දැං කේන්තිය නිවුනත් අත රිදෙනවා හොදටෝම. එහෙනං මම ගිහිං එන්නං. ඔපීසිය වහලා නිසා මේ දවස් දෙකේ බ්ලොග් කියවන්න විදියක් නෑ. ඒත් නොවැරදීම සදුදා එනවා. ලිපිය ගැන කොමෙන්ටුවකුත් කොටලම යන්න. වර්ඩ් වෙරිපිකේසන් නෑ හොදද?..:) ප.ලි. මේවගේ ජනප්‍රිය වෙන්න දෙන අවවාද හැමෝගෙන්ම ලැබෙන්නෙ නෑ, හරිය!

Tuesday, April 24, 2012

මොනවද මේ MFA වෙබ් අඩවි, ඔබ MFA වෙබ් අඩ්වි හිමි කරුවෙක්ද?


සමහර විට ඔබ MFA වෙබ් අඩවි කියන්නෙ කුමක්දැයි හරියාකාරව නොදන්නවා ඇති. MFA නම් Made For Adsense යන්නයි, ඒ කියන්නෙ Google Adsense පමණක් අරමුණු කරගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීමයි. අන්තර්ජාලයේ මුදල් සෙවීමට පටන් ගන්නා නවකයන් තමන්ගේ ආරම්භය ලබා ගන්නේ Google Adsense මගිනි. නමුත් මෙහිදී බොහො දෙනෙක් පොට වරද්දා ගනී. ඔවුන් පළමුව උත්සාහ කරන්නේ ඉතා සීමිත අන්තර්ගතයක් ඇති වෙබ් අඩවියක් හො බ්ලොග් එකක් නිර්මාණය කර Google Adsense දැන්වීම් එක් කිරීමය.
එහෙනම් MFA වෙබ් අඩවියක් හදුනා ගන්නා හැටි බලමු, වර්තමානයේ නොම්ලේ ලබා දෙන බ්ලොග් සේවා (Blogspot, WordPress)මගින් බොහො දෙනෙක් මෙවැනි වෙබ් අඩවි නිර්මාණය කරගනී. වඩාත්ම ප්‍රචලිත ක්‍රමය නම් highest paying keywords(Mesothelioma, Domains yahoo, Home loan, Health insurance වැනි ප්‍රචලිත සෙවුම්) භාවිතා කර බ්ලොග් එකක් නිර්මාණය කිරීමයි. මෙවැනි මාතෘකා අපට නුහුරු නිසා අනෙකුත් වෙබ් අඩවි මගින් කරුණු කෙලින්ම පිටපත් කර වෙබ් පිටු කිහිපයක් එකතු කර Google Adsense දැන්වීම් උපරිම ප්‍රමාණයක් එක් කරයි. පසුව කරන්නේ ප්‍රසිද්ධ Web forums වලට ගොස් කිරීමය නැතහොත් Ads මත Click කිරීමට අනෙක් අය පෙලඹවීමය. එම නිසා බොහො දෙනෙක් තමන්ටම ලැබෙන Google Adsense ගිණුම සදහටම අහිමි කරගනී. ඇත්තටම Adsense යනු අපට ලබා දී ඇති මහගු අවස්ථාවකි, ඉතින් Adsense සමග වැඩ කිරීමේදි පහත කරුණු ගැනත් සලකා බලන්න.
  • තමාටම දිගු කලක් වෙබ් අඩවි යාවත්කාලින කළ හැකි මාතෘකා තොරාගන්න. එය ඔබගේ අධ්යාපනයට, විනොදාස්වාදයට කරන දේ, රැකියාවට අදාල මාතෘකා විය හැක.
  • වෙබ් අඩවියට සැලකිය යුතු Traffic එකක් නැත්නම් තාවකාලිකව Google Adsense දැන්වීම් පළකිරීමෙන් වලකින්න, මෙම ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ අවම වශයෙන් දිනකට නිත්ය පිවිසුම් (Unique visitors) 100 වත් තිබිය යුතු කියාය.
  • සෙවුම් යන්ත්‍ර මගින් ලැබෙන පිවිසුම් ප්‍රමාණය වැඩි කරගන්න, මෙ සදහා Search Engine Optimization(SEO) කිරීම අනිවාර්යය.
  • Google Analytics , Google Webmaster Central වැනි සේවාවක් මගින් වෙබ් අඩවියේ වාර්තා ගැන අවධියෙන් සිටින්න.
  • Google Adsense නිල බ්ලොග් සටහන මගින් නවතම සොයාගැනීම් සහ උපාය මාර්ග ගැන අවබොධයක් ලබාගන්න.

නොමිලේ ගෙදරටම ලැබෙන Debit Card

මමත් මේ දවස් වල පොඩි අත්හදාබැලීම් වගයක් කරගෙන යනවා, එතකොට තමා මේ Prepaid MasterCard® ගැන දැනගන්න ලැබුනේ, ඒ ලංකාවේ අපිට අන්තර්ජාලයෙන් ලැබෙන ගෙවීම් මුදල් බවට පත් කිරීම තරමක් අපහසුයිනේ. තවම PayPal වලින් සම්පූර්ණ පහසුකම අප රටට සපයා නැති කම තමා ලොකුම අඩුව. ඉතින් මමත් PayPal මගින් ලැබෙන ගෙවීම් අපට ලබා ගත හැකි ආකරයකට පත් කරගන්න විවිධ උපක්‍රම සොයා බැලුවා. එතකොට තමා මේ පෙර ගෙවුම් credit card ගැන දැන ගන්න ලැබුනෙ. මේවා නොමිලේ දුන්නට වැඩ ගොඩක් කරන්න පුලුවන් වගේ. ඒවානම්,
  • සාමාන්‍ය Debit cardඑකක් ලබා ගැනීමට අපහසු අයට නොමිලේ ලබා ගත හැකි වීම (වයස 18 සම්පූර්ණ කල අයට)
  • අන්තර්ජාලයේ සිදු කරන ගෙවීම් ආරක්ෂිතව කිරීමට හැකි වීම
  • ATM මගින් මුදල් ලබා ගැනීමට පහසු වීම (ඔබට ලගම ATM එක මෙතනින් සොයාගන්න)
  • Freelance වෙබ් අඩවි වල අපට ලැබෙන ගෙවීම් පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම
මටත් මේ Credit Card එක අයදුම් කර ගෙදරටම නොමිලේ ගෙන්වගන්න සති 2-3 ක් ගත වුනා. එහෙනම් ඉක්මන් කළොත් හොදයි වගේ. ඇත්තටම මෙම සේවාව ලබා දෙන්නෙ Payoneer නම් වෙබ් අඩවිය. දැනට මෙම සේවාවට අනුබද්ධිතව වෙබ් අඩවි කිහිපයක් Debit cards ලබා දෙනවා. මම සම්බන්ධ වුනේ Odesk නම් වෙබ් අඩවියට. එහෙනම් මුලින්ම මෙම වෙබ් අඩවියෙ කෙනෙක් විදිහට ගිණුමක් ආරම්භ කරන්න. ඔය වැඩ ටික කරන අතරතුරේ Payoneer එකෙන් ලැබෙන Debit Card එකට අයදුම් කරන්න අදාල උපදෙස් ඔබට ලැබේවි. මේ මම ලබාගත් Debit card එක හා සමාන ආකෘතියක්

තවමත් මම මේ ගැන විවිධ අත්හදා බැලිම් කරගෙන යනවා. මෙම ලිපියත් ඉක්මනට පළ කලේ ඔයාලටත් Credit card එක කලින් අයදුම් කර ලබා ගත හැකි නිසා. එහෙනම් ප්‍රතිඵල ලැබෙන විදිහට මම මෙතන ප්‍රතිචාර දක්වන්නම්

මෙන්න SOFT ZONE | KALUTARA සමාජික ලහිරු දිල්රංග ඉල්ලිම් කරපු එක නොබොදා ගෙදරටම ආවා.

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D