ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Friday, August 31, 2012

What is Local Ad Click? - මොකද්ද මේ ලෝකල් ඇඩ් ක්ලික්


අන්තර්ජාලය හරහා නිවසේ සිටම මුදල් ඉපයීමේ විව්ධ ක්‍රම රාශියක් ඇති අතර ඒ සඳහා විවිධ පාඨමාලා ඇති බව පුවත් පත් දැන්වීම් හරහාද ඔබ ඕනෑතරම් දැක ඇත. මෙමඟින් අති විශාල මුදලක්  ඉපයීමේ නීත්‍යානූකූල ක්‍රම ඇති නමුත් බහුල වශයෙන් ඇත්තේ ව්‍යාජ ක්‍රම බැවින් ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුය.

මේ දිනවල අන්තර්ජාල හරහා මුදල් ඉපයීමේ ක්‍රමයක් ලෝකයේ රටවල් 65 ක මෙන් ශ්‍රී ලංකා තුළද බහුල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. LocalAdClick.net නමින් හඳුන්වනු ලබන වෙබ් අඩවියක් හරහා සිදුකරනු ලබන මෙම මුදල්  ඉපයීමේ ක්‍රමය තවත් එක් පිරමීඩාකාර ක්‍රමයක් බවට පසුගියදා එක්තරා ගුවන් විදුලි නාළිකාවක වැඩසටහනක් මඟින් ප්‍රචාරය කරනු ලැබුවා.
පිරමීඩාකාර ක්‍රම ලංකාව තුළ තහනම් දෙයකි.

මෙම LocalAdClick.net වෙබ් අඩවිය ගැන අපද තොරතුරු සොයා බැලීමක් කරනු ලැබුවා. මතුපිටින් බැලූ බැල්මට මෙය පිරමීඩාකාර ක්‍රමයක් ලෙස කෙනෙකු සිතුවද, එම ගුවන් විදුලි වැඩසටහනෙන් කතා බහට ලක් නොවුනු වෙනත් පැත්තක්ද මෙහි තිබෙන බවට අපට දැනගන්නට හැකිවුණා. මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ඉපයීම ආරම්භ කිරීමට නම්, ඒ සඳහා මුදල් ගෙවා ලබාගැනීමට පැකේජයන් 3 ක් ඇත. ගෝල්ඩ්, සිල්වර්, බ්‍රෝන්ස් යනුවෙන් හඳුන්වනු ලබන මෙම පැකේජයන් පිළිවෙලින් ඩොලර් 500,300,150  වේ.

ලියාපදිංචි වීමට අවශ්‍ය පැකේජයට අදාළ වටිනාකමින් යුත් E-Pin ක් මිලදී ගත යුතු වේ. එය දැනට මේ මඟින් දැන්වීම් නරඹා මුදල් උපයන කෙනෙකු උපයන ලද මුදල් වලින් අළුතින් ලබාගන්නා පැකේජයන්ට අදාළ වටිනාකම රීලෝඩ් එකක් හැටියට පරිවර්තනය කර ලබා ගත යුතුය. මෙම රීලෝඩ් ක්‍රමය E-Pin යනුවෙන් හඳුන්වයි.

ලංකාව තුළ වැඩි වශයෙන් ඩොලර් 500 ගොල්ඩ් පැකේජය ලබා ගන්නා අතර එහිදී LocalAdClick.net වෙබ් අඩවිය සතියකට ඔබට නැරඹීමට වීඩියෝ වෙළඳ දැන්වීම් 5 ක් ලබාදෙයි. එම දැන්වීමකට ඩොලර් 10 බැගින් ඩොලර් 50 ක් සතියකට ඔබට ගෙවීමක් කරනු ලබයි. එවිට මසකට ඩොලර් 200 ක ආදායමක් ඔබට හිමිවේ. ඔබේ ගිණුමේ ඩොලර් 500 ක් එකතු වූ විට වෙබ් අඩවිය හරහා ඔබේ බැංකු ගිණුමට එකවර මුදල් ගෙන්වා ගත හැකිය. එසේත් නොමැතිනම් අළුතින් මෙහි ලියාපදිංචි වීමට සිටින කෙනෙකුගේ ලියාපදිංචියට අවශ්‍ය වටිනාකමට අදාළව  E-Pin එකක් සාදා මුදල් ලබාගත හැකිය.

පිරමීඩාකාර ක්‍රම තුළදී තවත් පුද්ගලයෙකුව හඳුන්වාදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු දෙයක් වන අතර අවසාන අවස්ථාවේදී ඉතුරු වන පුද්ගලයාට පාඩු ලැබීමට සිදු වේ. එහෙත් මෙම මුදල් ඉපයීමේ ක්‍රමය සඳහා තවත් කෙනෙකුව හඳුන්වාදීම අනිවාර්ය කටයුත්තක් නොවන්නේ, ඔබ උපයන මුදල එම වෙබ් අඩවිය හරහා එකවර ඔබගේ බැංකු ගිණුමට ලබගත හැකි ක්‍රමවේදයක් තිබෙන බැවිනි.

අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ, මෙම වෙබ් අඩවිය සම්බන්ධව අප මෙවන් වූ ආකාරයේ ලිපියක් ලිවීමට පෙළඹුනේ මෙම වෙබ් අඩවිය තුළ ඔබද ලියාපදිංචි විය යුතුය යැයි පැවසීමට නොවන බව ඉතාමත් කාරුණිකව සලකන්න. අප ඉදිරිපත් වූයේ මෙම වෙබ් අඩවියේ සත්‍ය ස්වභාවය පෙන්වා දීමට පමණි. මෙම මුදල් ඉපයීමේ ක්‍රමය තුළ ශ්‍රී ලාංකීය නීතියට පටහැනි යමක් ඇත්නම් පමණක්, මහ බැංකුවේ දායකත්වය ඇතිව මෙය තහනම් කරනු ඇතැයි අප බලපොරොත්තු වන්නෙමු.

ඔබේ මුදල් ඔබ දැඩි ලෙස විස්වාස කරනු ලබන දෙයකට මිස අන් කිසිම දෙයකට නොයොදවන්න

Thursday, August 30, 2012

Sandriesoft & Radio Kalutara වෙතින් Free Advertising Network එකක් - Admine!

      ඔන්න යාලුවනේ මම අලුත් වැඩක් පටන් ගත්තා... ගොඩ දවසකින් තමයි මේ අලුත් දෙයක් කරන්නට පටන් ගත්තේ.. මේක අපේ යාලුවන්ටත් අලුත්ම අත්දැකීමක් වේවි.. ඇත්තෙන්ම මෙය දැන්වීම් ප්‍රචාරය කිරීමේ අති සාර්ථකම ක්‍රමයයි කිව්වොත් ඒක 100%ක් නිවැරදියි... මොකක්ද මේ Free Advertising Network එකක්  කියන්නේ..? මේක අපේ බ්ලොග් අඩවි පවත්වාගෙන යන හැමෝටම සුභ ආරංචියක් වේවි... Sandriesoft  And Radio Kalutara වෙතින් මෙම Free Advertising Network එකක් පවත්වාගෙන යාමට හේතුව සහ මෙමගින් අපගේ ප්‍රධානතම අරමුණ වනුයේ ශ්‍රී ලාංකික අප වෙනුවෙන් පුළුල් පාඨක පිරිසක් වෙත ඔබගේ බ්ලොගය හෝ වෙබ් අඩවිය ගෙනයාමය. Free Advertising Network එකක් නොමැතිව අපගේ බ්ලොග් අඩවියට, වෙබ් අඩවියට නව සාමාජිකයින්, නව පාඨකයින් ගෙන්වාගැනීමේ අපහසුතාවයක් ඇත. නමුත් මෙවැනි  Free Advertising Network එකක් මගින් සැම දෙනා හට එක හා සමාන පුළුල් ප්‍රචාරයක් ලබාදීමට හැකිවීමය. තවද හුදෙක් මෙවැනි  Advertising Network එකකට දැන්වීමක් ඇතුළුකිරීමට  ඔබට අවශ්‍ය වුවහොත් ඔබට සාමාන්‍යයෙන් සැළකිය යුතු මුදලක් ගෙවා එම ප්‍රචාරණ කටයුත්ත සිදුකරගැනීමට සිදුවේ... නමුත් Sandriesoft  And Radio Kalutara මෙම සේවාව පවත්වාගෙන යන්නේ කිසිදු සැගවුනු ගාස්තුවක් ද නොමැතිවය. ඉතින් මේ වෙනුවෙන් අප කළ යුත්තේ අපගේ අඩවියේ සුළු ඉඩක් ලබාදීම පමණි. අප සැම වෙනුවෙන් ඔබට කළයුත්තේ එය පමණක් ම වීම වැදගත්ය...

Admine! ක්‍රියාකාරීත්වය කෙසේද?

            Admine! දැන්වීම් ප්‍රචාරණය සදහා 468x60 ප්‍රමාණයේ ඉඩක් අවශ්‍ය වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... වැඩිම දැන්වීම් ප්‍රමාණයකට ප්‍රචාරණය සදහා ඉඩ සැලැස්වීමට නිරන්තරයෙන්  Admine! ක්‍රියාත්මක වේ. වරකට දැන්වීම් එකකට වඩා දර්ශනය කිරීමේ හැකියාව Admine! සතු බැවින් ඔබගේ දැන්වීමට එමගින් ද වැඩි Impressions ප්‍රමාණයක් හිමිවේ.
.
Admine! දැන්වීම් සේවාව වෙත දැන්වීම් එකතු කරන්නේ කෙසේද?

            Admine! දැන්වීමක ප්‍රමාණය 468x60 වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... මෙම ප්‍රමාණයට සකස්කළ ඔබගේ දැන්වීමේ,

1. පින්තූරයට අදාළ ලින්කුව
2. ඔබගේ අඩවියේ ලින්කුව
3. ඔබගේ අඩවියේ නාමය

      යන දත්ත ඇතුළත් කළ විද්‍යුත් ලිපියක් admine@radiokalutara.com වෙත යොමුකළ යුතුය. ඔබගේ දැන්වීම පැය 24 ක් ඇතුළත  Admine! දැන්වීම් සේවාවට ඇතුළු කෙරේ.. තවද මේ සදහා ඔබට විවිධ ආකාරයේ අමතර දැන්වීම් 4ක් ඇතුළත් කිරීමට අවස්ථාව Admine! මගින් ඉඩ සළස්වා දේ... ඔබ එක්කරන සෑම වෙබ් අඩවියක්ම Admine! වෙත ඇතුළත් කිරීම සදහා Admine! Publisher Code එක එම එක් එක් අඩවියේ ඇතුළත් කිරීම සිදුකිරීම අත්‍යාවශ්‍ය වේ. මක් නිසාද යත් අපගේ මෙම සේවාවේ සේවය ඉහළින් ලැබීමට එය ඉවහල්වන නිසාමය..


      Admine! දැන්වීම් සේවාවට ඇතුළත් කරන වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කළ යුතු Admine! Publisher Code පහළින් ලබාගෙන එය ඔබගේ වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කරන්න.





      ඉතින් මේ සේවාව හොදින් පවත්වා ගෙන යාමට ඔබ, අප සැමගේ දායකත්වය අත්‍යවශ්‍යයි.. Admine! දැන්වීම් සේවාව පිළිබදව යම්කිසි ගැටලු ඇතහොත් ඒ සදහා ඉහත සදහන් කළ විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.. Admine! දැන්වීම් සේවාව සදහා ඔබ සැම ඉහළ ප්‍රතිචාරයක් දක්වාවි යන්න මාගේ හැගීමයි... ස්තූතියි!