ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Showing posts with label World. Show all posts
Showing posts with label World. Show all posts

Sunday, June 16, 2013

LED දැන්වීම් පුවරු නිෂ්පාදනය මුල සිට සරලවම

 LED Bulb භාවිතා කර තැනු LED Sign Board  , LED Advertising Board මගින් දැන්වීම් ප්‍රචාරණය දැන් ඉහල යමින් පවතී.ලංකාවේ පළමු වරට ඔබටත්  මාසිකව අසීමිත ආදායම් ලබා ගත හැකි මෙම නව දැන්වීම් කලාව TechnoPlus LED අපි ඒ සදහා LED Sign Board නිර්මාණය මුල සිට සරලවම ඉගෙන ගැනිම සදහා DVD Magazine එකක් නිශ්පාදනය කොට ඇත.LED මොඩියුලයේ සිට සරල සිංහලින් කියා දෙන මෙම පාඩම් මාලාවට වීඩියෝ දර්ශන සහිත DVD තැටියක් ලබාදේ.ඉලෙක්ට්‍රොණික දැනුම හා පරිගණක දැනුම මද අයකුට උවත් පහසුවෙන් තේරුම ගෙන LED නාම පුවරු සකස් කල හැකි පරිදි මෙම පාඩම් මාලාව ඉදිරි පත් කර ඇත.අද රටේ පුවරු නිශ්පාදනය සදහා අඩු මිලට උපාංග ලබාගත හෙයින් අපි අප රටේ සියලු දෙනාටම ඉගෙන ගැනිම සදහා මෙම DVD Magazine එක නිශ්පාදනය කරන ලදි.

මෙම පාඩම් මාලව සහිත DVD සගරාව රු.1000 වැනි සුළු මුදලකි.



 මෙය ලබා ගැනිම සදහා ඔබකල යුත්තේ රුපියල් 1000ක මුදලක් අපගේ හැටන් නැෂනල් බැංකුවට දැමිම පමණි.මුදල් දැමිමෙන් පසු අපහට දුරකථන ඇමතුමක් ලබාදෙන්න.ඉන් පසු ඔබේ නිවසටම DVD Magazine එක ලැබිමට සලස්වනු ලැබේ.

 අපගේ බැංකු විස්තර

Mr. P.H.L.D.Silva,
Hatton Nationla Bank ( HNB).
Kalutara Branch.
Account No : 034020268463

 

Friday, August 31, 2012

What is Local Ad Click? - මොකද්ද මේ ලෝකල් ඇඩ් ක්ලික්


අන්තර්ජාලය හරහා නිවසේ සිටම මුදල් ඉපයීමේ විව්ධ ක්‍රම රාශියක් ඇති අතර ඒ සඳහා විවිධ පාඨමාලා ඇති බව පුවත් පත් දැන්වීම් හරහාද ඔබ ඕනෑතරම් දැක ඇත. මෙමඟින් අති විශාල මුදලක්  ඉපයීමේ නීත්‍යානූකූල ක්‍රම ඇති නමුත් බහුල වශයෙන් ඇත්තේ ව්‍යාජ ක්‍රම බැවින් ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුය.

මේ දිනවල අන්තර්ජාල හරහා මුදල් ඉපයීමේ ක්‍රමයක් ලෝකයේ රටවල් 65 ක මෙන් ශ්‍රී ලංකා තුළද බහුල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. LocalAdClick.net නමින් හඳුන්වනු ලබන වෙබ් අඩවියක් හරහා සිදුකරනු ලබන මෙම මුදල්  ඉපයීමේ ක්‍රමය තවත් එක් පිරමීඩාකාර ක්‍රමයක් බවට පසුගියදා එක්තරා ගුවන් විදුලි නාළිකාවක වැඩසටහනක් මඟින් ප්‍රචාරය කරනු ලැබුවා.
පිරමීඩාකාර ක්‍රම ලංකාව තුළ තහනම් දෙයකි.

මෙම LocalAdClick.net වෙබ් අඩවිය ගැන අපද තොරතුරු සොයා බැලීමක් කරනු ලැබුවා. මතුපිටින් බැලූ බැල්මට මෙය පිරමීඩාකාර ක්‍රමයක් ලෙස කෙනෙකු සිතුවද, එම ගුවන් විදුලි වැඩසටහනෙන් කතා බහට ලක් නොවුනු වෙනත් පැත්තක්ද මෙහි තිබෙන බවට අපට දැනගන්නට හැකිවුණා. මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ඉපයීම ආරම්භ කිරීමට නම්, ඒ සඳහා මුදල් ගෙවා ලබාගැනීමට පැකේජයන් 3 ක් ඇත. ගෝල්ඩ්, සිල්වර්, බ්‍රෝන්ස් යනුවෙන් හඳුන්වනු ලබන මෙම පැකේජයන් පිළිවෙලින් ඩොලර් 500,300,150  වේ.

ලියාපදිංචි වීමට අවශ්‍ය පැකේජයට අදාළ වටිනාකමින් යුත් E-Pin ක් මිලදී ගත යුතු වේ. එය දැනට මේ මඟින් දැන්වීම් නරඹා මුදල් උපයන කෙනෙකු උපයන ලද මුදල් වලින් අළුතින් ලබාගන්නා පැකේජයන්ට අදාළ වටිනාකම රීලෝඩ් එකක් හැටියට පරිවර්තනය කර ලබා ගත යුතුය. මෙම රීලෝඩ් ක්‍රමය E-Pin යනුවෙන් හඳුන්වයි.

ලංකාව තුළ වැඩි වශයෙන් ඩොලර් 500 ගොල්ඩ් පැකේජය ලබා ගන්නා අතර එහිදී LocalAdClick.net වෙබ් අඩවිය සතියකට ඔබට නැරඹීමට වීඩියෝ වෙළඳ දැන්වීම් 5 ක් ලබාදෙයි. එම දැන්වීමකට ඩොලර් 10 බැගින් ඩොලර් 50 ක් සතියකට ඔබට ගෙවීමක් කරනු ලබයි. එවිට මසකට ඩොලර් 200 ක ආදායමක් ඔබට හිමිවේ. ඔබේ ගිණුමේ ඩොලර් 500 ක් එකතු වූ විට වෙබ් අඩවිය හරහා ඔබේ බැංකු ගිණුමට එකවර මුදල් ගෙන්වා ගත හැකිය. එසේත් නොමැතිනම් අළුතින් මෙහි ලියාපදිංචි වීමට සිටින කෙනෙකුගේ ලියාපදිංචියට අවශ්‍ය වටිනාකමට අදාළව  E-Pin එකක් සාදා මුදල් ලබාගත හැකිය.

පිරමීඩාකාර ක්‍රම තුළදී තවත් පුද්ගලයෙකුව හඳුන්වාදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු දෙයක් වන අතර අවසාන අවස්ථාවේදී ඉතුරු වන පුද්ගලයාට පාඩු ලැබීමට සිදු වේ. එහෙත් මෙම මුදල් ඉපයීමේ ක්‍රමය සඳහා තවත් කෙනෙකුව හඳුන්වාදීම අනිවාර්ය කටයුත්තක් නොවන්නේ, ඔබ උපයන මුදල එම වෙබ් අඩවිය හරහා එකවර ඔබගේ බැංකු ගිණුමට ලබගත හැකි ක්‍රමවේදයක් තිබෙන බැවිනි.

අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ, මෙම වෙබ් අඩවිය සම්බන්ධව අප මෙවන් වූ ආකාරයේ ලිපියක් ලිවීමට පෙළඹුනේ මෙම වෙබ් අඩවිය තුළ ඔබද ලියාපදිංචි විය යුතුය යැයි පැවසීමට නොවන බව ඉතාමත් කාරුණිකව සලකන්න. අප ඉදිරිපත් වූයේ මෙම වෙබ් අඩවියේ සත්‍ය ස්වභාවය පෙන්වා දීමට පමණි. මෙම මුදල් ඉපයීමේ ක්‍රමය තුළ ශ්‍රී ලාංකීය නීතියට පටහැනි යමක් ඇත්නම් පමණක්, මහ බැංකුවේ දායකත්වය ඇතිව මෙය තහනම් කරනු ඇතැයි අප බලපොරොත්තු වන්නෙමු.

ඔබේ මුදල් ඔබ දැඩි ලෙස විස්වාස කරනු ලබන දෙයකට මිස අන් කිසිම දෙයකට නොයොදවන්න

Thursday, August 30, 2012

Sandriesoft & Radio Kalutara වෙතින් Free Advertising Network එකක් - Admine!

      ඔන්න යාලුවනේ මම අලුත් වැඩක් පටන් ගත්තා... ගොඩ දවසකින් තමයි මේ අලුත් දෙයක් කරන්නට පටන් ගත්තේ.. මේක අපේ යාලුවන්ටත් අලුත්ම අත්දැකීමක් වේවි.. ඇත්තෙන්ම මෙය දැන්වීම් ප්‍රචාරය කිරීමේ අති සාර්ථකම ක්‍රමයයි කිව්වොත් ඒක 100%ක් නිවැරදියි... මොකක්ද මේ Free Advertising Network එකක්  කියන්නේ..? මේක අපේ බ්ලොග් අඩවි පවත්වාගෙන යන හැමෝටම සුභ ආරංචියක් වේවි... Sandriesoft  And Radio Kalutara වෙතින් මෙම Free Advertising Network එකක් පවත්වාගෙන යාමට හේතුව සහ මෙමගින් අපගේ ප්‍රධානතම අරමුණ වනුයේ ශ්‍රී ලාංකික අප වෙනුවෙන් පුළුල් පාඨක පිරිසක් වෙත ඔබගේ බ්ලොගය හෝ වෙබ් අඩවිය ගෙනයාමය. Free Advertising Network එකක් නොමැතිව අපගේ බ්ලොග් අඩවියට, වෙබ් අඩවියට නව සාමාජිකයින්, නව පාඨකයින් ගෙන්වාගැනීමේ අපහසුතාවයක් ඇත. නමුත් මෙවැනි  Free Advertising Network එකක් මගින් සැම දෙනා හට එක හා සමාන පුළුල් ප්‍රචාරයක් ලබාදීමට හැකිවීමය. තවද හුදෙක් මෙවැනි  Advertising Network එකකට දැන්වීමක් ඇතුළුකිරීමට  ඔබට අවශ්‍ය වුවහොත් ඔබට සාමාන්‍යයෙන් සැළකිය යුතු මුදලක් ගෙවා එම ප්‍රචාරණ කටයුත්ත සිදුකරගැනීමට සිදුවේ... නමුත් Sandriesoft  And Radio Kalutara මෙම සේවාව පවත්වාගෙන යන්නේ කිසිදු සැගවුනු ගාස්තුවක් ද නොමැතිවය. ඉතින් මේ වෙනුවෙන් අප කළ යුත්තේ අපගේ අඩවියේ සුළු ඉඩක් ලබාදීම පමණි. අප සැම වෙනුවෙන් ඔබට කළයුත්තේ එය පමණක් ම වීම වැදගත්ය...

Admine! ක්‍රියාකාරීත්වය කෙසේද?

            Admine! දැන්වීම් ප්‍රචාරණය සදහා 468x60 ප්‍රමාණයේ ඉඩක් අවශ්‍ය වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... වැඩිම දැන්වීම් ප්‍රමාණයකට ප්‍රචාරණය සදහා ඉඩ සැලැස්වීමට නිරන්තරයෙන්  Admine! ක්‍රියාත්මක වේ. වරකට දැන්වීම් එකකට වඩා දර්ශනය කිරීමේ හැකියාව Admine! සතු බැවින් ඔබගේ දැන්වීමට එමගින් ද වැඩි Impressions ප්‍රමාණයක් හිමිවේ.
.
Admine! දැන්වීම් සේවාව වෙත දැන්වීම් එකතු කරන්නේ කෙසේද?

            Admine! දැන්වීමක ප්‍රමාණය 468x60 වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... මෙම ප්‍රමාණයට සකස්කළ ඔබගේ දැන්වීමේ,

1. පින්තූරයට අදාළ ලින්කුව
2. ඔබගේ අඩවියේ ලින්කුව
3. ඔබගේ අඩවියේ නාමය

      යන දත්ත ඇතුළත් කළ විද්‍යුත් ලිපියක් admine@radiokalutara.com වෙත යොමුකළ යුතුය. ඔබගේ දැන්වීම පැය 24 ක් ඇතුළත  Admine! දැන්වීම් සේවාවට ඇතුළු කෙරේ.. තවද මේ සදහා ඔබට විවිධ ආකාරයේ අමතර දැන්වීම් 4ක් ඇතුළත් කිරීමට අවස්ථාව Admine! මගින් ඉඩ සළස්වා දේ... ඔබ එක්කරන සෑම වෙබ් අඩවියක්ම Admine! වෙත ඇතුළත් කිරීම සදහා Admine! Publisher Code එක එම එක් එක් අඩවියේ ඇතුළත් කිරීම සිදුකිරීම අත්‍යාවශ්‍ය වේ. මක් නිසාද යත් අපගේ මෙම සේවාවේ සේවය ඉහළින් ලැබීමට එය ඉවහල්වන නිසාමය..


      Admine! දැන්වීම් සේවාවට ඇතුළත් කරන වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කළ යුතු Admine! Publisher Code පහළින් ලබාගෙන එය ඔබගේ වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කරන්න.





      ඉතින් මේ සේවාව හොදින් පවත්වා ගෙන යාමට ඔබ, අප සැමගේ දායකත්වය අත්‍යවශ්‍යයි.. Admine! දැන්වීම් සේවාව පිළිබදව යම්කිසි ගැටලු ඇතහොත් ඒ සදහා ඉහත සදහන් කළ විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.. Admine! දැන්වීම් සේවාව සදහා ඔබ සැම ඉහළ ප්‍රතිචාරයක් දක්වාවි යන්න මාගේ හැගීමයි... ස්තූතියි!

Sunday, July 15, 2012

ගල් යුගයේ ඉහලම තාක්ෂණය හමු වෙයි

ඔන්න ඉතින් දවස් කිහිපයක නිහැඩියවෙන් පස්සේ ඔන්න මම අදත් ඔයාලාට කියන්න යන්නේ අපුරු දෙයක් ගැන.. මේ කියවලා බලලා හොද නම් කොමින්ට් එකකුත් දාලාම යන්නකො....ගොඩනැගිලි 100 කටත් වඩා නටඹුන් සමූහයක්  ඕක්නිහී දී සොයා ගෙන තිබේ. එය බි‍්‍රතාන්‍යයේ ලෝක ප‍්‍රකට ස්ටෝන්හෙන්ජ්වලට වඩා අවුරුදු 800 ක් තරම් පැරණි බව සමස්ථානික කාබන් විශ්ලේෂණයෙන් සොයා ගෙන තිබේ.
එනම් සමස්ථානික කාබන් විශ්ලේෂණ අනුව මෙම නටඹුන් වසර 5000 කටත් වඩා පැරණි බව පුරාවිද්‍යා ගවේෂකයන් මගින් හෙළි කරගෙන තිබේ. මෙම පුරා විද්‍යාත්මක ඉහල වටිනාකමකින් යුත් පුදබිම හඳුන්වන්නේ ඕක්නේ (Orkney) නමිනි. එය  ‘නෙස් ඔෆ් බ්‍රෝඞ්ගා’ අසල පිහිටිතැනක්. 
‘මේ ජීවිත කාලයටම සරිලන ඉතා විශිෂ්ට සොයා ගැනීමක්’  බව BBC පුරාවිද්‍යා විස්තර විචාරක නීල් ඔලිවර් පවසා ඇත. මේ තරම් විශාල පරිසරයක් පුරා පැතිර ඇති නටබුන් මෙතෙක් සොයා ගෙන නැති බව ඔහුගේ අදහසයි. මෙමගින් ලෝකය හා විශ්වය පිළිබඳ නව ශිලා යුගයේ විසූ මිනිසා තුළ පැවති විශ්වාසයන් හා ආගමික භාවිතයන් පිළිබඳ අභිරහස් ලොවට එළිවනු නොඅනුමානයි. එම නිසා මෙම භූමි පෙදෙස ඉතා අනර්ඝවත් කවුළුවක් බව ඔහු තව දුරටත් සඳහන් කර ඇත. දැනට නටබුන් 14 ක් පමණ සොයා ගෙන ඇති අතර තාපභූභෞතික තාක්ෂණයට අනුව තවත් නටඹුන් 100 ක් පමණ ඇතැයි අනුමාන කෙරේ. මෙම ස්ථානයෙහි තවමත් ගවේශනය කර ඇත්තේ සියයට දහයකටත් අඩු ප‍්‍රමාණයක් වන අතර ලැබී ඇති නටඹුන් විශ්ලේෂණයෙන් මෙය පැරණි ආරාමයක නටඹුන් යැයි පර්යේෂකයන් නිගමනය කොට ඇත.

බි‍්‍රතාන්‍යයේ ඉපැරණිම බිතුසිතුවම් යැයි විය හැකි රූප හමුවූ ඕක්නි නටබුන්

‘නෙස් ඔෆ් බ්‍රෝඞ්ගා’ ගල් කුලූනු වළල්ල

Sunday, June 24, 2012

රාවණා රජු සොයාගිය ගමනාන්තය...


ශ්‍රි ලන්කාවේ විසු රාවණා රජතුමා රාමන් රාවණ මහ සන්ග්‍රාමයෙන් මියගිය බැව් රාමායනය පවසනා නමුත්,රාමගේ හී පහරින් සිහි මුසපත් වු රාවණ රජුගේ දේහය නුවර එළිය දිස්ත්‍රික්කයේ
"මහ කුඩුගල කදු" මුදුනේ සුරක්ශිතව තැන්පත් කර ඇති අතර, එම සිරුර ගන්ගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමන අතර ඉට පසු රාවණා රජුට නැවත සිහි ලැබෙන බවත් දීර්ඝතම සිහිමුර්ජාවෙන් සිහි ලැබු රාවණා රජ තෙමේ භාවනා කීරීම පිණිස හිමාල වනයේ මහා දභගස් අරණට... යන බවත් ඉපැරණි පුස්කොළ ග්‍රන්තයක සදහන්වේ.

මෙම පුවතේ සත්යය අසත්තාවය කොතෙනෙක්දැයි අපි නොදනිමි.
දැනට සියවස් පහකට පමණ පෙරලියා ඇති මෙම පුස්කොළ සටහන ඉට පෙර ලියා තිබුණ රන් පතී ඊරුවලින් උපුටාගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.
රාවණා රජතුමාගේ රාජකීය රන් මිරිවැඩිසගල නුවර එලියේ හක්ගල කද්බැවුමෙ පතොක් උයන මැද ඉතා ගවුරවනීය ලෙස තැන්පත් කර ඇති බැවත්, එය නයි පෙණ හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභිෂණ රජු විසින් බවත්ද එහි සදහන්ය. රාවණා දේහය සොයා ගැනීමට ප්‍රථම මෙම රන් මිරිවැඩි සගල අවුරුදු 95 ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනක තබාගෙන පැමින ශ්‍රි දේහය අසල තැබිය යුතු බවත් එම පතිරුවල වැඩිදුරටත් සදහන්වේ.

හග්ගල තිබෙන මෙම රන් මිරිවැඩි සගල නිධානය ලබා බැනීම සදහා කිසිදු බිලිපුජාවක් ඕන නැතිබවත්, එයට සහාභගි වන තැනැත්තා මස් මාන්ෂ බක්ෂණයෙන් තොර වයස අවුරුදු 50 ඉක්ම වු පුද්ගලයෙක් විය යුතු බවත් එහි සදහන්වේ.
මේ සියල්ලටම පෙර හක්ගල කදු මුදුනේ තුන්මන් හන්දියේ ගල් කුලක සගවා තිබෙන"පසින්ගල් මාණික්කය" ගත යුතුව ඇත. එම මාණික්කය අතට ගත යුත්තේ මුලින්ම රාවණ ආකර්ෂණ මන්තරයෙන් 1108 වරක් ජප කර සුවද දුම් අල්ලා රතු මල් දමක් එම ගිරිකුළ අසල තබා පුද පුජා කළ යුතුය.එවිට සෙයිලමය මන්ජුසාව විවුත වනු ඇත.අනතුරුව රක්ත වර්ණ පට පිළියෙන් දැත් වසාගෙන එම ගෝලාකාර පසින්ගල් මැණික අතට ගෙන මල් යහනාවක් මත තබා නැවත රාවණ ආකර්ෂණ මන්ත්‍රයෙන් ජප කළ යුතුය. මෙම කටයුතු සදහා බිලි පිදිම සම්පුර්ණයෙන්ම තහනම්ය.
රාවණා දේහය සොයා ආරම්භ කිරිමේ පළමුවැනි පියවර වී ඇත්තේ මෙම පසින්ගල් මැණික සොයා ගැනීමයි. එය කිසිවිට නිධන් හොරුන්ට කළ නොහැකි ක්‍රිරියාවක් වන්නේ අටසිල් සමාදන් වූ පිරිමි පුද්ගලයින් 108 දෙනෙක් සුදූ මල් වට්ටි එක බැගින් ගෙන කරණීයමෙත්ත සූත්‍රය ස්ජ්ජායනා කරමින් ලග්ගල කදු තරණය සදහා ඇසළ පසළොස්වක දිනය පිටත් විය යුතු බැවිනි.

මෙම පසින්ගල් මැණික සමන් මල් යහනක තබා රාවණා ආකර්ෂණ මන්තරයෙන් ජප කරන විට රාවණාගේ රන් මිරිවැඩිසගල ලබා ගන්නා ක්‍රමයත්, මෙම මාණික්කය රත්නය තුළින් පෙනෙන බැව් සිද්ධ රාජ පති ඉ රුවල සදහන්ව තිබේ.
රාවණා අදිරාජයාගේ රන්,රීදි,මුතු මැණික් සතර මහ නිදානයද රාවණාගල(වත්මන් රාගල) කන්දේ සෙයිලම මන්ජුසාවක් තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව තැන්පත් කර ඇත.එම නිදානයේ වස්තුව එක් පුද්ගලයකුගේ පරිබෝජනයට පත් නෝකළ යුතු බවත් එම වස්තුව රෝහණ ප්‍රදේසයේ,සබරගමුව� �� සහා මදයම කදුකරයේ සන්වර්දන කටයුතු සදකා යෙදිය යුතු බැව් පැවසේ,මෙම පුස්කොළ ග්‍රන්තයේ සදහන් බෝහෝ කරුණු මිනිසෙකුට කළ නොහැකි දෙවල් ලෙස එක්වරම පෙනී යන නමුත් එහි සත්තයක් ඇත.
නමත්, කවරදා හෝ යම් දිනක කෙසේ හෝ මෙම කරුණු සිදුවනු ඇතැයි සිද්ද රාජ පත් ඉ රුවල පැවැසේ.
වර්ෂ දහස් ගණනකට පෙර යුද්දයෙන් මියගිය රාවණා රජතුමාට නැවත පණ ලැබීම විස්වාස කළ නෙහැකි කතාවකි. නමුත්, රාවණ රජතුමා කිසිදිනක කිසිවෙක් අතින මියනොයෙන බවට මහ බ්‍රහ්මයාගෙන් වරලත් එකම මනුෂයා බැව් අප අමතක නොකළ යුතුය.රාවණ දේවත්වයට සමීප වු මිනිසෙකි.

"රාම - රාවණ මහා සන්ග්‍රාමයේදී සිදුවී තිබෙන්නේ රාවණා රජු මියයැම නොව විෂ හී සැරයෙන් සිහිමුර්ජාවීම බවත්,රාවණා නැවත පණ ලබන්නේ මහා බ්‍රාහ්මයාගේ ආශිර්වාදයෙන් බවත් සිද්ද රාජ පත් ඉ රුවල සදහන් වී තිබේ. රාවණා රජු යුද්දයෙදි මිය නොගිය බැව් සදහන් කරන රාවණ කතා පුස්කොළ ග්‍රන්තයද පවසන්නේ රාම රාවණා ගැටුමෙන් රාවණා මිය නොගිය අතර සිහිමුර්ජා වු රාවණා සිරුර මහකුඩුගල ගිරි ශිඛරයේ සෙයිලමය මන්ජුසාවක තැන්පත් කළ බවකි".


රාවණා රජු සමයේ  සිදුවු අපුර්වතම සිදුවිම් රැසක් අපෙන් ඔබට වැඩි විස්තර සදහා පහත ලින්කුව කිල්ක් කරන්න..

Thursday, June 14, 2012

කළුතරින් මුලු විශ්වයටම ඔබේ හඩ..

 අප කාණ්ඩායම මගින් සැකසු ලැබු අන්තර්ජාල
රේඩියොව..ඔක්තොම්බර් මස 1වන දින රාත්‍රි 9ට යෙදෙන සුබ මොහොතින් සජිවිව ලොව පුරා විකාශනය කිරිමට සියලු කටයුතු යොදා ඇත.. ශ්‍රි ලංකාවේ හඩ එතැන් පටන් සැම දිනයකම විශ්වය පුරාම විහිදුවලිමට කටයුතු යොදා ඇත.. මෙහෙදි ශ්‍රි ලංකාවේ නිවේදෙනයට,ගායන‍යට,වාදනයට,ගීත රචනයට, ශබ්ද පරිපාලන‍යට, යන ආදි විශේෂ දක්ෂතා වලින් පරිපුර්ණ තරුණ තරුණියන්ට තම දක්ෂතාවය ලොවටම පෙන්වන්න අප විසින් ඉඩදෙන්නමු.
 එමෙන්ම තවද ඔබේ පාසලේ, ගමේ, ආගමික ස්ථානයේ විශේෂ අවස්ථාවක් වෙතොත් අප වෙත ඉල්ලිමක් කර අප අන්තර්ජාල ගුවන් විදුලියෙන් එය මුලු විශ්වයටම සජිවිව විකාශය කිරිමටද ඉඩ කඩ යොදා ඇත..

 
නැතහොත් අප වෙබ් අඩියේ ඉහල තිබෙන Join Us යන ලින්කුව Click කිරිමෙන්ද අප සමග එක් විය හැක..
 

Saturday, June 9, 2012

පුදුම Airport එකක් මෙන්න !

ජිබ්රෝල්ටා කියන්නේ ස්පාඤ්ඤ අර්ධද්වීපයේ පහලින්ම ඇති කුඩා බිම් කඩක්. ඒ අසල ඇති ජිබ්රෝල්ටා සමුද්‍රසන්ධියට නම වැටී ඇත්තේද මේ රට නිසා. මෙය අභ්‍යන්තර පරිපාලනයක් ඇති බ්‍රිතාන්‍ය භූමියක් (self-governing British overseas territory), හරියට ඕස්ට්‍රේලියාව වගේ.
අරුමපුදුම දේ තමයි ජිබ්රෝල්ටාවේ ගුවන්තොටුපලේ ධාවන තීරුව (runaway) හරහා මහාමාර්ගයක් වැටී තිබීම ! අපේ රටේ දුම්රිය මාර්ග හරහා වැටී ඇති පාරවල් වල වාහන ගමනාගමනය දුම්රියක් එන විට ගේට්ටු දමා නතර කරන්නාක් මෙන් මෙහි ගුවන්යානයක් පැමිනෙන/යන විට මහාමාර්ගයේ වාහන ගමනාගමනය ගේට්ටු මගින් නවත්වනවා.

මෙසේ වීමට හේතුව මොකක්ද කියලා මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පේනවා. මේ රට බොහොම පටු එකක්. හරස් අතට ගුවන් පථයක් ඉදිකරාට පස්සේ පාරක් හදන්න ඉඩ කොහෙද? මේ ගුවන් පථයෙත් කොටසක් හදා තියෙන්නෙ මුහුද ගොඩකිරීමෙන් බවයි පේන්නෙ.
මෙන්න බලන්න ඡායාරූප ටික:

මට මේක දැක්කාම තවත් දෙයක් මතක් උනා. ඒ තමයි “හිත ඇත්නම් පත කුඩාද?” කියන ආප්තෝපදේශය.

Monday, May 28, 2012

මෙන්න ඔයාටත් Online ගබඩාවක්..

අපි හැමෝටම තිබෙන ගැටළුවක් තමයි පරිඝණකයේ ගබඩා කර ඇති වැදගත් තොරතුරු සුරක්ෂිතව තබා ගැනීම. මේ ගැන මගේත් අවධානය යොමු වුනේ පසුගිය දවසක මගේ මිතුරෙකුට වුන ඇබැද්දියක් නිසා. පරිඝණකයේ  මෙහෙයුම් පද්ධතිය හදිසියේම ක්‍රියා විරහිතවීම නිසා එහි ගබඩා කර තිබූ දත්ත නැවත ලබා ගැනීම ප්‍රබල ගැටළුක් බවට පත්වුනා. සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් ප්‍රතිසාධනය (recover) කර ගත්තත් සාර්ථක දත්ත රක්ෂිතයක අවශ්‍යතාවය දැනුනේ එදා.
පරිඝණකයේ දෝෂ, මෙහෙයුම් පද්ධතියේ  දෝෂ සහ අනිෂ්ට මෘදුකාංග (malware) වැනි විවිධ හේතු නිසා එසේ අප ගබඩා කර ඇති වැදගත් තොරතුරුවලට හානි සිදුවිය හැක. දත්ත රක්ෂිතය සඳහා සංයුක්ත තැටි, ඩිජිටල් විඩියෝ තැටි, USB ෆ්ලෑෂ් ධාවකයන්, බාහිර දෘඩ තැටි වැනි විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. නමුත් මේ කිසිම ක්‍රමයක් සම්පූර්ණයෙන්ම සාර්ථක නැහැ. ‍විවිධ හේතු නිසා මෙම මාධ්‍ය වල ද දෝෂ ඇතිවෙන්න ඉඩ තිබෙනවා.
ඉතින් මේ සඳහා ඇති සාර්ථකම විසඳුම තමා සබැඳි රක්ෂිතයක(online backup) පිහිට ලබා ගැනීම. අපට නොමිලේ ලැබෙන් එවන් සේවාවක් තමා ඩ්‍රොප්බොක්ස්(Dropbox). ඩ්‍රොප්බොක්ස් වෙතින් අපගේ දත්ත ගබඩා කිරීමට ගිගාබයිට් දෙකක අවකාශයක් නොමිලේ ලැබෙනවා.


ඩ්‍රොප්බොක්ස්හි ක්‍රියාකාරීත්වය සරලයි, ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය ස්ථාපනය කර ගත් පසු My Dropbox නම් ෆෝල්ඩරයක් ඔබේ පරිඝණකයේ ස්ථාපනය වනවා. ඔබ කළ යුත්තේ ඔබට රක්ෂිත කිරීමට අවැසි ගොනු (files) මෙම ෆෝල්ඩරයට පිටපත් (copy) කිරීම පමණයි. එම ගොනු ඩ්‍රොප්බොක්ස් අඩවිය සමග ස්වයං-සමමුහුර්ත (Auto Synchronization) වීමකට ලක් වෙනවා. මෙසේ ගබඩා වන දත්ත වෙත ලොව ඕනෑම තැනක සිට අන්තර්ජාලය හරහා ප්‍රවේශ වීමේ හැකියාව ද ලැබෙනවා. ඩ්‍රොප්බොක්ස් මෘදුකාංගය වින්ඩෝස්, ඇපල් මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා නොමිලේ ලබා ගත හැකියි.
තවද ඔබේ මිතුරන්ට ඩ්‍රොප්බොක්ස් වෙත යවන ආරාධනාවක් ඔබේ මිතුරෙකු පිළිගතහොත් ඔබට තවත් අමතර මෙගා බයිට් 250ක අවකාශයක් වෙන් වෙනවා (මෙසේ ගිගාබයිට් 3ක් දක්වා අමතර අවකාශයක් ලබා ගැනීමට පුළුවන්).
ඩ්‍රොප්බොක්ස් මගින් අපේ දත්ත ගබඩා කිරීමට ලැබෙන ඉඩ සීමා සහිත වුවත් එය අපගේ වැදගත් තොරතුරු රැක ගැනීමට සාර්ථක පිළියමක්යැයි මා සිතනවා. තවද ඔබට අවැසි නම් මුදල් ගෙවා ලැබෙන ඉඩ ප්‍රමාණය ගිගාබයිට් 50ක් හෝ 100ක් දක්වා වැඩි කර ගත හැකියි.
ඩ්‍රොප්බොක්ස් අඩවියට ප්‍රවේශ වීමට පහත සබැඳිය භාවිතා කරන්න
 

Tuesday, May 22, 2012

මෙන්න Game ගහන අයට පානදුරෙන් තැනක්...


මෙන්න COMPUTER GAME ගහන්න කැමති අයට පාන්දුරෙන් තැනක්..පසු ගිය දවසක පානදුරේ පාළම හන්දියේදි SENZO GAMING ZONE එක විවෘත කලා ඔබේ වෙනුවෙන්ම..මෙහිදි ඔබ සැමට අලුතෙන්ම ආපු COMPUTER GAMES ක්‍රිඩා කරන්න අවස්ථාව සැලසෙනවා..එමෙන්ම ගහන්න අකමැති අයට මෙහිදි FACEBOOK යන්න EMAILS බලන්න SONGS DOWNLOAD කරන්න ඕනම දෙයක් කරන්න පුලුවන්..මෙහි ඔබ වෙනුවෙන් අය කරන්නේ පුංචි මුදලක්පැයකට රු.50ක් වගෙම පැය භාගයකට රු.30 වගේ සුලු මුදලක් අය කරන්නේ.මෙය SNET ආයතනයේ තවත් සමාජ සත්කාරයක්..එන්න ඔබත් පැමිණ බලන්න.. ප්‍රමාද නොවන්න..පහතින් බලන්න SENZO GAMING ZONE ආරම්භ කරපු දවසේ විශේෂ අවස්ථා කිහිපයක්......




Wednesday, May 16, 2012

කෙල්ලේ.....සිත වසග වෙලා....කෙල්ලේ


යහලුවනි අපිට මේ දවස් වල ගොඩාක් වැඩ.. මොකද අපේ කාණ්ඩායම මේ දවස් වල අගොස්තු තියෙන උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සුදානම් වෙනවා..  මේ ලිපිය දාන්න කියලා අපිට කිව්වේ නිසල් ජනික් සොහොයුරායි..දියොගො සැම්සන් සොහොයුරායි.. කෙල්ලන් ගැන ඔබේ හිතින්ම හිතලා බලන්න ඇත්ත නේද? කියලා...
මචං උඹලත් කෙල්ලගෙන් ඇන්ඳෙනවා කියල දන්නවා නමුත් ඔප්පු කරගන්න බැහැ... ඔප්පු කරගන්න ඕන උනත් ඒකට ක්‍රමයක් නැතුවම දුක්විදින සහෝදරයෝ අපි අතර ඕන තරම් ඉන්නවා... ඉතින් ඒ නිසා මම කරපු පොඩි වැඩක තමයි මේ මම කියන්න යන්නේ... මේක අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක්.. හැබැයි කිසිම වෙලාවක මේක කෙල්ලට කියන්න එපා...

මෙන්න මෙහෙමයි කරන්නේ ,

කෙලගේ phone එක අතට ගත්තහම මුලින්ම inbox එකේ සහ sent items වල තියෙන msg ටික ගණන් කර ගනින්... ඊට පස්සේ, msg settings වලට ගිහිල්ලා sms counter, [recive/sent] සහ rest all call timers කරන්න ඕනේ... දැන් ඉතින් මුකුත් නොදන්නවා වගේ කෙල්ලට phone එක දෙන්නයි තියෙන්නේ... මේ වෙනකොට උඹලට තේරෙයි කරන්න ඕන දේ...
ආයේ දවසක කෙල්ල මීට‍ උනහම උඹට බලන්න තියෙන්නේ inbox එකේ තියෙන msg සහ sent items වල තියෙන msg ගාන... වෙනස වටහාගන්න විදිහ මම කියන්නම්....

sent items in sent item folder - 20
inbox items in inbox folder - 28
-----------------------------------
counters වල

sent items counter - 48
inbox items counter - 54
-----------------------------------

එතකොට inbox and sent items වල තිබ්බ මැසේජ් වලට මොකද උනේ....
ඔය ගැන අහන්න කලින් කෙල්ලගෙන තව දෙතුන් වතාවක් අහපන් මම හැර වෙන කවුද මේකට msg කලේ... මට හැර වෙන කාටද msg කලේ කියල..... උත්තරය අනුව ගන්න තීරණය උඹට භාරයි......
කෙල්ලව විශ්වාස නැත්නම් මොකටද උබ love කරන්නේ

සහෝ.. මම මේ කියන්නේ තමන්ව රවට්ටනවා කියල දැනෙනවා නමුත් හරියටම දන ගන්න විදිහක් නැති සහෝදරයන්ට තමන්ගේ සැකය ගැන අදහසක් ගන්න ක්‍රමයක්.... එහෙම සහෝදරයෝ අද ඕන තරම් එළකිරි එකේ ඉන්නවා... හැමෝටම හොඳ පෙම්වතියන් ලැබෙන්නේ නැහැ...

මම ඒ දුක විදලා තියෙන නිසා මම තව කොල්ලෙක් අමාරුවේ වැටෙන්න කලින් මේ ගැන කිව්වේ
එතකොට දැන් හැමෝම ජිවත් වෙන්නේ මාලිගවලනේ....

මම කිව්වේ දුප්පත් පැළ වල ජිවත් වෙන අහිංසක කොල්ලෙකුට තමන්ගේ කෙල්ල ගැන දැන ගන්න ක්‍රමයක්...
මොකද කොල්ලෙක් දුක විදිනකොට ඕන තරම් අය ඉන්නව කෙල්ලගේ ඇද කියන්න.. නමුත් දුකට පත වෙන්න කලින් කොල්ලගේ ඇස් දෙක පාදන්න කවුරුත් නැහැ..

මොකද අපි හැමෝටම එක වගේ හොඳ කෙල්ලෝ හම්බ වෙන්නේ නැහැ... එක මම කියනව වට වැඩා හොඳයි හැමෝම තමන්ගේ හදවත් වලට තට්ටු කරලා ඇහුවොත්!!!!
මම නම් කෙල්ලෝ විශ්වාස කරන්නේ නැහැ... :yes::yes:

කෙල්ලෝ කියන්නේ ,
සල්ලි පස්සේ දුවන
පෙනුම පස්සේ දුවන
හැකියාව පස්සේ දුවන
කැපී පේන තැනට ලං වෙන
දිනන පැත්තට අදින

කොල්ලන්ට වඩා ආත්මාර්ථකාමී පිරිසක්....මේ ලොකේ තව නැ................

ඔයාට හොද කොල්ලෙක්/කෙල්ලෙක් ලැබෙන්න ඇති... නමුත් එහෙම නොවන එහෙම නොවී දුක විදින ගොඩ දෙනෙක් මේ එළකිරි එකේ ඉන්නවා... ආදරේ ඔය කියන තරම් උතුම් නම් ඇද වැඩිහිටි නිවාස වල අම්මල තාත්තල ඉන්නේ ඇයි? අපිට ආදරේ උගන්වන මුල් ගුරුවරු එයාලා... එහෙනම් ඔය කියන විදිහට වැඩිහිටි නිවාස වැහෙන්න ඕනේ.... කොයි කෙල්ලද තමන්ට රැකවරණයක් ලබා දෙන්න බැරි කොල්ලෙකුට ආදරේ කරන්නේ... ඇස් වපර කොල්ලෙක් එක්ක යාලු වෙච්ච කෙල්ලෙක් ඉන්නවද?
කකුලක් කොර වෙච්ච කොල්ලෙක් එක්ක යාලු වෙච්ච කෙල්ලෙක් ඉන්වද...
අනිත් එක ඔය විදිහට මහා ලොකුවට බෙරිහන් දෙන්න එපා.. ඔයාට පුලුවන්ද කකුල් දෙක නැති පිරිමියෙකුට ආදරේ කරන්න...
හි හි.. හීනෙන තමයි... කෝ එතකොට ඔය කියන ආදරේ,,,

කෙල්ලෝ ආදරේ කියන්නේ විඳීමට පමනක් සීමාවූ දෙයකට...

මෙහෙමයි... මම නම් දුක විඳපු කොල්ලෙක්... ඒ වගේම ඕනෑම වෙලාවක දුක කියන දේ ආදරෙන් බාරගන්න සුදානම් කොල්ලෙක්.... අන්න ඒ නිසා මට නම් උඹල ඔය කියන කිසි දෙයක් වැඩක නැහැ...
හැබැයි එක දෙයක්...
උඩ පැන පැන දඟලන උඹල එකෙක් වත තමුන්ගේ ජීවිතය හැර වෙනකෙනෙකුගේ ජිවිතයක් ගැන හිතන්නේ නැහැ කියන එක මෙතැනදී හොඳටම පැහැදිලි වෙන්ව.... මේ කමෙන්ට් කියවන ඕනෑම කෙනෙකුට තේරෙනවා...

අනිත් එක එළකිරි එකේ ඇස් දෙක ඇරලා බලන ඕනෑම කෙනෙකුට පේනවා කවුරු හරි දවසකට තමන්ගේ කෙල්ල හින්ද විදින දුක ගැන ත්‍රෙඩ් එකක් දාල තියෙනව.... මෙහෙමයි... මම මෙතන පොස්ට් එක දැම්මේ ඔයාල වගේ ආදරෙයන් පොහොසාත් සර්වසම්පුර්ණ අයට නෙමෙයි... ආදරයෙන් දුක කියන දේ හිමි වේවි කියල බයෙන් ඉන්න සහෝදරයන්ට බලන්න... දුක සැප කිසි විටෙක ස්ථිර නැහැ කියන එක තේරුම් ගන්න.... ආදරය කියන දේට සීමාවක් තියෙනවා කියන දේ මතක තියාගෙන තම තමුන් ජිවත් උනොත් හොඳයි.... :පි

තව දෙයක් මම මේක කියන්නේ පිරිමින්ට....
කෙල්ලෝ උඹල ඔය හිතාගෙන ඉන්න ජාතියේ එවුන් නෙමෙයි.... මනමේ කුමාරයාගේ කඩුව වෙනුවට කොපුව දුන්නෙත් ඔය ආදරේ කියන දේ කරපු පෙම්වතියම තමයි..
අද කාලයේ කොච්චර කෙල්ලෝ චපලද කියල උඹලම හිතපල්ලා...
නිකන් හීන ලෝකවල ජිවත් වෙන්නේ නැතුව....
සෙනෙහසට සමකරන්න පුළුවන් ආදරයක් මේ ලෝකේ නැහැ...
සෙනෙහස සොයාගත්ත මගේ මිතුරන්ට මම සුබ පතනව...
ආදරේ හොයන මගේ යාලුවනේ... කෙල්ලෝ කියන්නේ එහෙම්ම පිටින් ජීවමාන උගුලක්‌...

ඔච්චාරටම අවංකව ආදරේ කරනවා නම් පුළුවන් නම් වැල නොබලා ස්වයං වින්දනය කරන්නේ නැතුව ඉදපල්ලා.. තමන්ගේ ආදරේ උතුම් කොට සලකලා...

කෙල්ලොන්ට...

මහලොකුවට ආදරේ කරන කෙල්ලෝ මොකද නළුවෝ... ගායකයෝ... ලොකු කරගෙන දගලන්නේ...

අනේ මේ... නිකන් ඉදපල්ලා බං...

මේ වගේ කෙල්ලන් ගැනත් අත්දැකිම් තියෙනවානම් කොම්න්ට් එකක් දාලා යන්න..
මේ මම මෙච්චර වෙලා මෙව්වා කියේ ඔයාලාට කෙල්ලන් ගැන යමක් තෙරුම් ගන්න... එත් මේක මට කිව්වේ දියොගො සැම්සන්.. මේ තමයි ඔහුගේ අලුත්ම ගිතය කෙල්ලන් ගැන. පල්ලේගා තියෙන ලින්කුවෙන් සින්දුව කරගන්න... එහෙමනම් අපි ගිහින් එන්නම් අදට..

මා සිහිනයේ කුමරියක් ඔබත් ඔබයි..ආදරියත් ඔබයි..

What is "Love" means?
ඉතින් කොහොමද, මම අපි ඔය  ගොල්ලන්ට කියන්න යන්නේ ජිව්තේ ගැන කතාවක් එ වගෙම  මෙක අපි ගොඩක් අයට  ප්‍රයොජන වත් වෙන ව්දියේ කතාවක්,ඔන්න ඉතින් එකමත් එක කාලෙක ලමයෙක් හිටියා මේ ලමයට ලොකු ප්‍රස්නයක්  තිබුනා  එක අපි ගොඩක් අයට පොදු ප්‍රස්නයක් එ තමයි “ආදරය කියන්නේ මොකක්ද කියන  එක”,ඉතින් දවසක් මෙ  ලමයා මෙ ප්‍රස්නය එයාගෙ ගුරැවරයාගෙන් ඇහුවා එතකොට

ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා,

ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඔයා ඉරිගු හෙනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල  අරගන එන්න ඔන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු  හෙන හරහා යන්න  පුලුවනඑක පාරයි, ආපහු හැරෙන්න බැ.

මෙක අහපු ලමයා ඉරිගු හෙනක යනවා, ඉස්සරහම ලොකු ඉරිගු කරලක් තියනවා දැක්කත්  තව ඉස්සරහට තව ලොකු ඉරිගු කරල් ඇති කියලා හිතපු ලමයා තව ඉස්සරහට යනවා මේ  වගෙ තව ට්ක ට්ක දුරක් ආවට පස්සේ ලමයට තෙරෙනවා දැන් තියන  ඉරිගු කරල් ඉස්සල්ලා තිබුන ඉරිගු කරල් වලට වඩා පොඩ්යි කියලා,

එතකොට එයාට තෙරනවා ලොකුම කරල එයාට මගහැරැනා කියලා.නමුත් එයාට ආපහු හැරෙන්න   බැ.ඉතින් ලමයා ගොඩක් දුකෙන් ගුරැවරයට වෙච්ච දේ කිව්වා.

එතකොට ගුරැවරයා කියනවා “ඔක තමයි ආදරෙ කියන්නෙ , අපි හැම වෙලාවෙම හොදම දේ හොයනවා නමුත් ඒ දේ අපිට මග හැරැන බව දැන ගන්න කොට පමා වැඩ්යි”

එතකොට ව්වහය කියන්නේ මොකටද ලමයා ඇහුවා,

එතකොට ගුරැවරයා මෙහෙම උත්තරයක් දෙනවා ඔයාට ඔකට උත්තරයක් ඔන නම් ඉස්සල්ලා වගෙම ඔයා ඉරිගු හෙනකට ගිහිල්ලා ලොකුම ඉරිගු කරල අරගන එන්න ඔන, හැබැයි එක කොන්දේසියක් තියනවා ඔයාට ඉරිගු  හෙන හරහා යන්න පුලුවන එක පාරයි, ආපහු  හැරෙන්න බැ.

ඉතින් ලමයා ආපහු ඉරිගු හෙනක යනවා, ගිහින් ඉස්සල්ලා වැරෑද්ද ආපහු කරන් නැ   කියලා සාමාන්‍ය ඉරිගු කරලක් අරගන ගුරැවරයා ලගට යනවා,

එතකොට ගුරැවරයා මෙහෙම කියනවා, මෙපාර ඔයා ගෙනපු ඉරිගු කරල ගොඩක් හොදයි,  මෙ ඉරිගු කරල ගෙන්න ඔයාට ව්ස්වාසය හා අඨ්ෂ්ටානය තිබුනා.මෙක තමයි ඔයාට ලැබුනහොදම දේ, මෙකට තමයි ව්වහය කියන්නේ.


බලන්න මේ කතාවෙන් කොච්චර ලස්සනට මෙ දෙක තෙරැම් කරලා දුන්නද කියලා,අපේ  ජිව්තේත් ඉරිගු හෙන වගේ තමයි, අපිට ජිව්තේ හරහා යනන්න පුලුවන් එකම එක පාරක් ව්තරයි එක හින්දා මෙ කතාවෙන් කියන දේ අපේ ජිව්තයට ගොඩක් වැදගත් දැන්  ඉතින් හොදට හිතලා බලන්න ඔයාටත් හොදම දේ මග හැරිලද කියලා.
 හැබැයි මෙහෙම කියන්නේ ඇත්තටම නිසල් ජනික් සිල්වා.. අහලා බලන්නකො ඔහුගේ ගිතය... පහල තියෙන DOWNLOAD ලින්කුවේන් කරගන්න සින්දුව

Tuesday, May 15, 2012

පින් පව් කරන අරුම පුදුම වැඩ

    ඔන්න අපිත් 2012 A/L අස්සේ තවත් පොස්ට් එකක් දාන්න කල්පනා කරලා දැම්මා මේක බලන්නකො.. මේක ලියන්න අපි ගොඩාක් කරුනු හොයාගත්තා බුදුසරණ පුවත්පතෙන්..
ඛුද්දක නිකායට අයත් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු යන ග්‍රන්ථ පරිශීලනය    කරන විට පින හා පව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඉතා පුළුල් අවබෝධයක්   ඇති කර ගැනීමට හැකිය. පින හා පව පිළිබඳ පිළිනොගන්නා මිථ්‍යාදෘෂ්ඨික   පිරිස්ද වෙසෙන සමාජයක, තාක්ෂණික දියුණුව ‘දියුණුව‘ යැයි කියා සිතාගෙන   සිටින බොහෝ දෙනකුට තම මිථ්‍යාමත සුණු විසුණු කර දමා ගැනීමට තිබෙන හොඳම   සාක්‍ෂිය නම් විමාන වස්තු හා පේ‍්‍රත වස්තු පාලියයි. මෙම කොටස් වලින්   
ඉදිරිපත් කෙරෙන කතා කියවා බැලීමෙන් අපට පුණ්‍ය විපාක හා පාප විපාක   ක්‍රියාත්මක වෙන අකාරය ඉගෙන ගැනීමට පුළුවන.


යම් කෙනකු මෙම කතා පුවත් ඉතා හොඳින් කියවා බැලුවහොත් පාප  ක්‍රියාවන්ගෙන් වෙන් වී පුණ්‍ය ක්‍රියාවල යෙදීමට අනිවාර්යයෙන්ම සිතට   ගනු ඇත. එමෙන්ම පව්කම්වල යෙදීම සම්පූර්ණයෙන්ම අත්හැර දමනු ඇත. විවිධ   පාප කර්ම වලට අනුව විඳීමට සිදුවී ඇති වචනයෙන් විස්තර කළ නොහැකි, ඉතා   
අමිහිරි, අප්‍රසන්න, කඨෝර , කටුක දුක් වේදනා පිළිබඳ දැනගත් විට,   අවබෝධයක් තිබෙන කිසිවකු පාප කර්ම කිරීමට කැමැතිවේද යන්න සැක සහිතය.

මෙම ලිපිය මගින් අප දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන්නේ කතා කිහිපයක්  පමණක් උදාහරණ වශයෙන් දක්වමිනි. එහෙත් මෙම කතා වැඩි ප්‍රමාණයක් කියවා   ගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි. වාණිජමය පදනම මත පමණක් රැඳී සිටිමින් හුදු   විනෝදාස්වාදය පිණිස ටෙලිනාට්‍ය , චිත්‍රපට, වේදිකා නාට්‍ය, නවකතා හා   කෙටි කතා ආදිය නිර්මාණය කරන, රචනා කරන නිර්මාණකරුවන්ට හරවත් වස්තු බීජ   
රාශියක් මේ කතා තුළින් ලබා ගත හැකිය. ඒ තුළින් මෙලොව පරලොව යහපත සලසා  
දීමේ මහඟු වැඩපිළිවෙළක් දියත් කිරීමට ඔවුන්ට හැකියාව සැලසේ. ඒ ඔස්සේ    එම නිර්මාණකරුවන්ට සුගති සම්පත් සලසා ගැනීමේ ඉඩ ප්‍රස්ථාවද සලසා ගත   හැකිවේ.

අනෙක් අතට පුද්ගල සන්තානය තුළ රාග, ද්වේෂ සහ මෝහ ජනනය කරන නිර්මාණ ඉදිරිපත් කිරීම එම නිර්මාණකරුවන්ට අහිත පිණිස පවතින අතර තමන්   පිළිගත්තත් නොපිළිගත්තත් මරණින් මතු දුගතියට යෑමට සිදුවීමේ ඉඩ ඇත. ඒ බව   අප මෙහි දී දක්වන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුවය. මේ වන විට කුඩා   දරුවන්ගේ සිත් සතන් හුදු විනීදාස්වාදයටම බර කරන කාටුන් වැඩසටහන් අප රටේ
   ඉතාමත් ජනපි‍්‍රයව පවතී. ඒවා තුළින් දරුවාට රට , දැය , සමය ආදිය පිළිබඳ    කිසිදු ආකාරයක හැඟීමක් හෝ අපගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ජාතික වීරවරුන්    ගැන කිසිදු තොරතුරක් හෝ අධ්‍යාපනයක් හෝ ලබා නොදෙයි. ඒවායින් දරුවාට   ලැබෙන කිසිදු දහම් දැනුමක්ද නැත. දරුවාගේ පෞරුෂ වර්ධයක් ඒ තුළින් සිදු   නොවේ. දැනට ශ්‍රී ලංකාවේ විකාශය වන සමහර කාටුන් පිටරටවලින් ආනයනය කරන   ඒවා වන අතර ඒවාට කෝටි ගණන් මුදල් යට කිරීමට සිදු බව වාර්තා වෙයි.

එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම බෞද්ධ රූපවාහිනි නාලිකාව වන, ගෞරවනීය   දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යනු   ලබන බෞද්ධයා නාලිකාව ඔස්සේ අප බෝධී සත්වයන් වහන්සේගේ චරිත කතා මුල්   කරගෙන ඉතා වටිනා කාටුන් වැඩසටහන් පුංචි දරුවන්ට නැරැඹීමට අවස්ථාව සලසා   දී තිබීම අප කවුරුත් අගය කළ යුතුය. එමෙන්ම මේ රටේ චිර ප්‍රසිද්ධ චිත්‍ර  
 කතා රචකයන් දෙපොළක වන සඳලංකාවේ සුමතිපාල හා ජෝතිපාල දෙසොහොයුරන් එකල   විකට හා ආදර කතා වැනි සාමාන්‍ය චිත්‍ර කතා රචනා කළත් දැන්, පූජනීය   කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, බුද්ධ කාලීන   භාරතයේ සිදුවූ සත්‍ය සිද්ධී මුල්කොට ඉතාමත් වටිනා චිත්‍රකතා පෙළක්   නිර්මාණය කොට තිබේ. සෑම දරුවකුම කියවිය යුතු චරිත කතා පෙළක් ලෙස ඒවා 
හැඳින්විය හැකිය. බාහියදාරුචීරිය මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන්   වහන්සේ සහ සුමන සාමණේරයන් වහන්සේ වැනි උදාර චරිත මෙම කතා පෙළෙහි දක්නට   ලැබේ. කර්ම විපාක විඳීමට සිදුවන ආකාරය ආදිය එම කතා තුළින් විමසා දත   හැකිය.

දැන් අපි පේ‍්‍රත වස්තු පාලියේ දෙවැනි වර්ගය වන උබ්බරීවර්ගයෙ දෙවැනි   කතාව මඳක් විමසා බලමු. එහි නම් සාරිපුත්ත ථෙරස්ස මාතු පේත වත්ථු ‘   නම්වේ. එනම්, පෙර භවයක සාරිපුත්ත තෙරුණ්ගේ මව ගැන කියැවෙන පේ‍්‍රත   වස්තුවයි. කලින් භවයකදී සැරියුත් මහ රහතන් වහන්සේගේ මෑණී කෙනෙකුව සිටි   
තැනැත්තියක් තමන් විසින් කරන ලද පාප කර්ම මුල් කරගෙන පේ‍්‍රත ලෝකයේ   ඉපදුණි. ඇය සැරියුත් මහ රහතන් වහන්සේ බැහැ දකින්නට වූ පැමිණ තමන් විඳින   අනන්ත දුක් විස්තර කළාය. තමන් මහා බඩසයින් පෙළෙන බවත් ආහාර පිණිස   ගැනීමට සිදු වී ඇත්තේ කාරා විසි කරන කෙළ ,සොටු, සෙම, පිලිස්සෙන   
මළසිරුරුවලින් උතුරන වුරුණූ තෙල්, දරුවන් වදද්දී ගලන ලේ , තුවාලවලින්   වැගිරෙන ලේ, සැරව, ස්ත්‍රී පුරුෂ ශරීරවලින් ගලන වෙනත් අසූචි සහ   සත්තුන්ගේ ලේ සැරව ආදිය බවත් ඇය විසින් පවසන ලදී. පිහිට පිළිසරණක් නැති   ඇය අමු සොහොනේ නිදාගන්නා බවත් පැවසුවාය. ඒ නිසා ඇය ඉල්ලා සිටියේ ලේ,   
සැරව අනුභව කරන ජීවිතයෙන් ගැලවීමට දානයක් දී පින් අනුමෝදන් කරන ලෙසයි.

ඉන්පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇගේ වචනයට කන්දි මුගලන් මහ රහතන්   වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ හා කප්පිත මහරහතන් වහන්සේ යන මහ   රහතන් වහන්සේට මේ පිළිබඳ දැනුම් දී කුටියක් සාදා සිව් දිශාවෙන් වඩින   මහා සංඝරත්නයට පූජා කොට ආහාරපාන ආදියත් මහා සංඝරත්නයට පූජා කොට ඒ පින ඒ   මැණියන්ට අනුමෝදන් කළ සේක. එසැණින්ම ඇගේ සිරුර පිරිසිදු වී පවිත්‍ර   
වස්ත්‍රවලින් සැරසුණු අතර ඒවා කසී සළුවලටත් වඩා උසස් වූ අතර ඉන්පසුව ඇය   සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැසීමට පැමිණියාය. ඉන්පසුව මහ රහතන්   වහන්සේට ඇය දකින්නට ලැබුණේ සෑම දිශාවකින්ම බබළන ඕෂධී තාරුකාවක් මෙනි.   ඇයට එවැනි දිව්‍යමය තත්ත්වයක් හා බැබළීමක් ලැබුණේ සැරියුත් මහරහතන්   වහන්සේ සිදුකරන ලද පින අනුමෝදන් වීමෙනි.

ඇතැම් අය සිතාගෙන සිටින්නේ තමන් කොයි ආකාරයෙන් ජීවත් වුවත් සිදුවන   විශේෂ අයහපතක් නැති බවයි. එහෙත් ශාරිපුත්ත මහ රහතන් වහන්සේට මීට පෙර   භවයක මැණියන් වූ තැනැත්තියටත් මෙවැනි භයානක ඉරණමකට මුහුණදීමට සිදුවූවා   නම් අප ගැන කවර කතාද? එතුමිය ගලවා ගැනීමට එදා සාරිපුත්ත තෙරුණ් වහන්සේ   වැඩ සිටියා වුවත් අද අපව ගලවා ගන්නේ කවුද?

එමෙන්ම ‘මත්තා ‘ පේතවත්ථූවේද අපට ඉතාමත් වැදගත් වන , එමෙන්ම වර්තමාන   සමාජයටත් ඉතාමත් අත්‍යවශ්‍ය කතා ප්‍රවෘත්තියක් දක්නට ලැබේ. ‘තිස්සා ‘   සහ ‘මත්තා ‘ නම් වු බිරින්දෑවරුන් දෙදෙනකු අතරින් මත්තා නම් තැනැත්තිය   විවිධ අකුසල කර්ම කිරීම නිසා පේ‍්‍රත ලෝකයේ ඉපිද අපමණ දුක් විඳින   
ආකාරයත් පසුව පින් අනුමෝදන් වී ඒ තත්වයෙන් මිදුණූ ආකාරයත් දැක්වේ. ඇගේ   සිරුරේ නූල් පොටක්වත් නොතිබූ අතර කෙට්ටු, නහරවැල් පෑදුණූ, ඉලඇට ඉල්පී   ඇති සිරුරක් ඇයට හිමි විය. එයට හේතු වූයේ මිනිස් ලොව සිටිද්දි ඇය සතු   වු දුර්ගුණයන්ය. එනම් නපුරු බව, පරුෂ වචන කීම, ඊර්ෂ්‍යා කිරීම, මසුරුකම   හා කෛරාටික වීමයි. එමෙන්ම ඇගේ මුළු සිරුර පුරාම පස් තැවරී තිබුණි. එයට   හේතුව තිස්සා නම් බිරිඳ නා පිරිසුදු වී ලස්සනට හැඳ ගෙන සිටින අවස්ථාවක   මත්තා කළේ ඊටත් වඩා අලංකාර වීමයි. ඉන්පසුව තිස්සා ස්වාමියාත් සමග කතා   කිරීම නුරුස්නා ලද මත්තා ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයෙන් පස් අහුරකින්   තිස්සාට දමා ගැසීමේ පව මේ තත්ත්වයට පත්වීමට හේතුව විය. එමෙන්ම එකී   පේ‍්‍රතිය සිටියේ සිය ශරීරය පුරාම කසමිනි.එයට හේතු වූයේ මේ දෙදෙනා   කැලයට බෙහෙත් සොයා ගිය විටෙක තිස්සා බෙහෙත් ගෙනාවත් මත්තා කහඹිලියා   ගෙඩි ගෙනැවිත් ඒවා නිස්සාගේ ඇෙඳ් විසුරුවා දැමීමයි.

ඊළඟට ඇයට නිර්වස්ත්‍රයෙන් සිටීමට සිදු වූයේ තවත් එබඳුම අකුසල කර්මයක   පාක වශයෙනි. එකල යහළුවන් හා නැදැයන් එකතු වූ අවස්ථාවකට ආරාධනාව   ලැබුණේ. ස්වාමියාටත් තිස්සාටත්ය. ඒ අවස්ථාවේදි මත්තා \ස්සාගේ   වස්ත්‍රයක් සොරකම් කිරීම හේතුවෙන් මෙම කර්ම විපාකය ලැබුණි. එමෙන්ම ඒ   පේ‍්‍රතියගේ ශරීරයෙන් අසූචි ගඳක් හැමීය. එයට හේතුව වූයේ තිස්සා නම්   බිරිඳගේ සුවඳ වර්ග, මල් මාලා සහ වටිනා සුවඳ විලවුන් මත්තා විසින්   වැසිකිළි වළක දමනු ලැබීමයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ යමකු යම් අකුසල   කර්මයක් කළහොත් ඒවායේ විපාක මේ ආකාරයෙන් ලබා දෙන බවයි.

වත්මන් සමාජයේද බොහෝ දෙනෙක් කිසිදු ගණනකට නැතිව මෙවැනි අකුසල කර්ම හා     අකටයුතුකම් සිදු කරති.


ඒ අයටද මේ අයුරින් පේ‍්‍රත ලෝකයේ ඉපදී විපාක විඳීමට සිදු වීමේ අවදානම   ඇත. එසේ නැතිනම් නිරය, තිරිසන් අපාය සහ අසුරකාය ආදියට යෑමේ අවදානම ඇත.

පේ‍්‍රත වස්තු ඇසුරෙන් අකුසල විපාක විඳීමට සිදුවන ආකාරය කතාපුවත්   දෙකකින් ඉහත ගෙන හැර දක්වනු ලැබිණි. දැන් අප පුණ්‍ය විපාක පිළිබඳව   විමසා බැලීම වටී. පැහැදුණූ සිතින් යුක්තව කුඩා හෝ පිනක් කර ගත්තද ඒ   සඳහා යහපත් පුණ්‍ය විපාක හිමිවන බව විමාන වස්තුවේ ඇති කතා ප්‍රවෘත්ති   වලින් ප්‍රකට වේ. එයට උදාහරණ විමාන වස්තුවේ පීඨවිමාන කතා වස්තු ඇසුරෙන්   පැහැදිලි කරමු. එක් තැනැත්තියක මනුෂ්‍ය ලෝකයේ සිටින කාලයේදි ස්වාමීන්   වහන්සේට එමෙන්ම මහ රහතන් වහන්සේට වැඩ සිටීමට ආසනයක් පිළියෙළ කොට වන්දනා   කොට නමස්කාර කොට දානයක් පූජා කර ගැනීමෙන් ලබාගත් පුණ්‍ය විපාක අනුව   දිව්‍ය ලෝකයේ දේවතාදුවක් ලෙස ඉපිද උසස් සැප අනුභව කිරීමට වරම් ලබා 
තිබේ. ඒ අනුව අලංකාර දිව්‍ය සළුපිළි සහ දිව්‍ය මල්මාලා ඇයට හිමි විය.   හිඳ ගැනීමට තිබෙන ආසනයද මනරම් දැකුම් කළු වූවකි. එය රනින් නිමවූවක් වන   අතර තමා කැමැති දිශාවට සිතේ වේගයෙන් ගමන් කරයි. එවිට ඇය බබළන අතර   වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වැන්න.

ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ නමකට පුටුවක් පූජා කර ගැනීම තුළින්   මෙවැනි මහානුභාව සම්පන්න තත්ත්වයක් ඇතිවේනම් තවත් පින්කම් කරන්නේ නම්   ලැබෙන ආනිශංස ගැන කවර කතාද? එබැවින් අප ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සරණ   ගොස් ඒ ශි‍්‍ර සද්ධර්මය පිළිගෙන කටයුතු කළහොත් අපට පේ‍්‍රත ලෝක ආදියේ   කටුක දුක් වේදනාවලින් මිදී දිව්‍යාලෝකවල දිව්‍යමය සැප අනුභව කිරීමට  
අවස්ථාව ලැබේ. කෙසේ වෙතත් ඒ සැපත් තාවකාලික බැවින් අප උත්සාහ කළ යුත්තේ 
 පරම සැප වූ නිවන් සැප මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීමටය. ඔබ සැම   දෙනාටම ඒ භාග්‍යය උදාවේවා!

Sunday, May 13, 2012

ඔබත් හොල්මන් විශ්වාස කරනවාද?

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අපි අවා පොස්ට් එකක් දාන්න.. මොකද අපේ සෙට් එකට මේ පාර උසස් පෙළ. ඉතින් පාඩම් කරනවා පන්ති යනවා ගොඩක් වැඩ.. බලන්නකො අද අපි ලියපු පොස්ට් එක..

හොල්මන් අවතාර විශ්වාස කරන්න ආමාරුයි.ඒත් අද සමාජය දෙස බැලුවහම හොල්මන් අවතාර පිළිගන්න අය ජීවත් වෙනවා.අපට හොල්මන් අවතාර ගැන මුලින්ම දැන ගන්නේ අපි පුංචිම කාලයේදී.කොහොම උනත් ඉතින් ලොකු කුඩා කවුරුත් හොල්මන් අවතාර ගැන කථා අහන්න තියෙන්නෙ පුදුම කැමත්තක්නෙ.බොහෝ පොත්පත්වලත් හොල්මන් ගැන සදහන් වෙනවා.


සමහර අය මේ හොල්මන් අවතාර දැකල තියනව කියලත් කියනවනෙ. විද්‍යාත්මකව ඔප්පුකරල නැති උනාට හොල්මන් අවතාර කියල දෙයක් ඇත්තටම තියනව වෙන්නත් පුලුවන්.සමහර ස්ථාන වල හොල්මන් අවතාර තියනව කියල අපිට අහන්න ලැබෙනව. පාලු ගෙවල්, සොහොන් පිටි වගේ තැන්වල හොල්මන් අවතාර ගැවසෙනව කියල බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.ඇත්තෙන්ම මම නම් හිතන්නේ හොල්මන් කියලා දෙයක් නැහැ කියලා.පාලු ගෙවල්,සොහොන් පිටි ළගින් යන කොට සමහර අය කියනවා ඔතන හොල්මන් ඉන්නව කියලා.එතකොට ඒ පුද්ගලයාට ඒ ගැන බය හිතෙනවා.එතනින් යන කොට යන්නේ බයෙන්.ගහක කොළයක් බිමට වැටුණත් ඔය ඉන්නේ හොල්මනක් කියලා බයේ දුවනවා.


මට මේ හොල්මන් අවතාර ගැන ලියන්න හිතුනේ අපේ පැත්තෙත් ඔය වගේ සිද්දියක් වුන නිසා.ඒ ගෙදර අය හොල්මන් දැකලා බය වෙලා.දැන් ඒ අයට හොදයි.මම නම් හිතන්නේ හොල්මන් අවතාර තියෙන්නේ ‍අපේ සිත තමයි කියලා. ඇත්තටම හොල්මන් අවතාර කියලා දෙයක් තියෙනවද?ඔයලා හිතන්නේ කොහොමද?

Tuesday, May 8, 2012

ගෙදරටම වෙලා Dongale එකේ Lock එක කඩමු

මොඩෙම් lock/unlock කිරීම ලංකාවේ නීති විරෝදී දෙයක් නෙවෙයි. ඒත් එමගින් තමන්ගේ සේවාදායකයා සමග ඇති සෙවා ගිවිසුම අවලංගු වෙන්න පුලුවන්. ඒක නිසා මේක කරන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන්න.
මේ කියන ක්‍රමය Huawei USB 3G/HSDPA මොඩෙම් ඕනෙම මාදිලියකට වලංගුයි.

මොඩෙම් එකක් unlock කරගන්න මුලින්ම ඔන වෙන්නෙ අදාල කේත අංකයයි (unlock code). හුවාවි මොඩෙම් සදහා මේ කේත අංකය පදනම් වෙලා තියෙන්නෙ මොඩෙම් එකේ IMEI නොම්බරය මතයි. ඒක නිසා මුලින්ම මොඩෙම් එකෙ IMEI අංකය හොයගන්න. මේක ඉලක්කම් 15 ක නොම්බරයක්. මේක මොඩමෙයෙම හෝ ඇසිරුමෙ සදහන් කරලා තියෙනවා. නැත්නම් Mobile partner එකෙ Tools -> Diagnostic යටතේ බලාගන්න.





මෙ අංකය 354300020014078 යයි සිතමු. දැන් අදාල unlock කෙතය සොයගමු. මේකට කරන්න තියෙන්නෙ IE, Firefox වගේ ඕනම browser එකක් ඇරලා address එක වශයෙන් 
http://bb5.at/huawei.php?imei=###############
ලබ දෙන එකයි. මේ address එකේ ############## වෙනුවට මොඩමයේ IMEI අංකය යොදගන්න. අපේ උදාහරනයේ විදිහටනම්
http://bb5.at/huawei.php?imei=354300020014078

(needs internet connection)

එවිට ඔබට මෙවන් පිටුවක් ලැබෙවි. මෙකෙ අදාල unlock code එක සදහන් වෙනවා.


අපේ උදාහරනයේ විදිහටනම් unlock code එක 41850586

දැන් කොහොමද unlock කරන්නේ. වෙන SIM එකක් දැම්මම Mobile partner ම unlock code එක ඉල්ලනවා නම් මේ code එක එන්ටෙර් කරන්න. එහෙම නැත්නම් පහත ක්‍රමය කරන්න

මුලින්ම මොඩෙම් එක සම්බන්ධ කරලා mobile partner රන් මෙවවනම් එකෙන් exit වෙන්න. ඊට පස්සෙ settings->control panel->system->hardware->device manager open කරගන්න. දැන් ports යටතේ HUAWEI Mobile Connect – 3G PC UI interface කියන එක හොයාගෙන එකත් එක්ක තියෙන COM පොර්ට් නොම්බරය බලාගන්න. 


අපේ උදාහරනයේ විදිහටනම් COM4.

ඊලගට programs ->accessories ->communications –>Hyperterminal
වෙත ගොස් HyperTerminal window ලබාගෙන කලින් බලාගත් පොර්ට් එකට සදහා පිහිටුම් සකස් කරගන්න.









දැන් HyperTerminal එක connect කරගන්න.



දැන් මේ එකේ AT (A යතුර, T යතුර සහ Enter යතුර) විධානය ලබාදෙන්න. එතකොට සියල්ල නිවරදිව තිබෙනම් "OK" යනුවෙන පිලිතුරු ලබෙවි. මීලගට 
AT^CARDLOCK= "########" විධානය ලබාදෙන්න.  ######## කියන්නේ අදාල කේත අංකයයි. අපේ උදාහරනයේ විදිහටනම්
AT^CARDLOCK="41850586"

එවිට පිලිතුරු වශයෙන්
^CARDLOCK 2,10,0 ලබෙවි.

දැන් unlock කිරීම ඉවරයි. මොඩෙම් එක කැමති විදිහකට පාවිච්චි කරන්න පුලුවන්. වෙනස් පිලිතුරක් ලැබුනොත් යම් තැනක වරදක් වෙලා තියෙනවා. නැවත උත්සාහ කරන්න කලින් මේකෙ comment එකක් දාන්න. (උත්සාහ කරන්න පුලුවන් 10 වරක් පමනයි).


මේ අගොස්තු අපි සෙට් එකට උසස් පෙළ නිසා පොස්ට් දැමිම තවකාලිකව අදින් නවත්තනු ලැබේ.. යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් අමතන්න අපට


අපව සම්බන්ධ කර ගත හැකි මාර්ග
Tel | දු.අංකය  : +94774483783
Email | ඉමේල් : dilranga@ymail.com
                         lahirudilranga@gmail.com
FB                 : www.facebook.com/ranga3d                       www.facebook.com/SoftZoneKalutara


Friday, May 4, 2012

ශ්‍රද්ධාව හා ප්‍රඥාව මතුගම මහින්ද හිමියන්ගේ බසින්


පානදුර රාජකීය විද්‍යාලයේ ධර්මාචාර්ය මතුගම මහින්ද හිමි විසින් ශ්‍රද්ධාව හා ප්‍රඥාව විස්තර කරන අයුරු බලන්න මෙසේ.

ක්‍රි.පූ. 6 වන සියවස වන විට ඉන්දියාවේ පැවැති ආගමික දර්ශන මතවාද බොහොමයක් ඉදිරිපත් වී තිබුණේ භක්තිවාදය පදනම් කර ගෙන බව පෙනේ. භක්තිය යනු යම්කිසි අදෘෂ්‍යමාන බලවේගයක් හෝ දෙවියෙක්, බ්‍රාහ්මණයෙක් විශ්වාසයේ තබා ඇදහීමයි. මේ කාලය වන විට අප මහා බෝසතාණෝ තුසිත දෙව්ලොව සන්තුසිත දෙව් රජව වැඩ සිටි බව සඳහන් වේ. එතුමන්ට ජම්බුද්දීපයේ උපත ලැබීමට කාලය, දීපය, දේශය, කුලය, මව් යන පස් මහා බැලුම් බලා ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජුට හා මහාමායා දේවියට දාව වෙසක් පුණු පොහෝදා ලුම්බිණි නම් සල් උයනක බෝසත් කුමරු නමින් උපත ලැබීය .
මෙපින්වත් කුමරු ලෝකයට අර්ථයක් සිදු කරන බව දත් පේනකරුවන් සිදුහත් හෙවත් සිද්ධාර්ථ යන නම තැබීය. සියලු ශිල්ප හැදෑරූ සිදුහත් කුමරු සොළොස්වන වියේදී යසෝධරා නම් දේවිය සමඟ විවාහ පත්ව අවුරුදු 13ක් ගිහි සැප විඳ අවුරුදු 29 දී ගිහි සැප හැර මහා අභිනිෂ්ක්‍රමණය කළහ. පසුව පැවැදි වෙස් ගත් බෝසත් තවුසාණෝ පරම සත්‍ය සෙවීමට අවුරුදු 06 ක් දුෂ්කර ක්‍රියා කොට නිවනට මඟ එය නොවන බව දැන ශරීරයට සැප දුන්හ. දුක සැප දෙක නිවනට බාධා ගෙන දෙන බව දත් බෝසත් තවුසාණෝ සමබර දිවියක් පවත්වාගෙන යමින් මධ්‍යම ප්‍රතිපදාවෙන් (මැදුම් පිළිවෙතින්) සම්මා සම්බුද්ධත්වයට පත් වූහ.
අප එදිනදා ජීවිතයේදී බුද්ධ චරිතය හඳුනා නොගෙන විවිධ නාමයන්ගෙන් බුදුරජාණන් වහන්ස්ට ආමන්ත්‍රණය කරයි. සන්තුසිත දෙව් රජ බෝසත් කුමරු නමින් ද, බෝසත් කුමරු සිදුහත් කුමරු නමින් ද, සිදුහත් කුමරු බෝසත් තවුසා නමින් ද බෝසත් තවුසෝ බුදුරජාණන් වහන්සේ නමින් ද විවිධ චරිත නිරූපණය කළ අතර, මෙයින් ශ්‍රේෂ්ඨතම චරිතය බුද්ධ චරිතයයි.
බුදුබව ලැබූ බෝසත් තවුසෝ ලොවට හඳුන්වාදුන් බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය යන තෙරුවන් හි සූවිසි ගුණ සමුදාය හරියට අවබෝධ කරගත් තැනැත්තා නියම ශ්‍රද්ධා වන්තයාය. මෙම ලිපිය සමාරම්භයේදී සඳහන් කළ භක්තිය ශ්‍රද්ධාවට වඩා වෙනස් ය. භක්තිය අදෘෂ්‍යමාන බලවේග කෙරෙත් ශ්‍රද්ධාව තුණුරුවන් කෙරෙත් බැඳී ඇති බව ඔබට පසක් කර ගැනීමට අපහසු නොවනු ඇත.
බුදු දහම හඳුන්වාදෙන නිවන ආරම්භ වන්නේ ශීලයෙන් නොව ශ්‍රද්ධාවෙනි. ශ්‍රද්ධාව නැති තැනැත්තා තුණුරුවන් විශ්වාස නොකරයි. ශ්‍රද්ධාව ඇතොත් ඔහු සීලවන්තයෙක් වනු නොඅනුමානයි. බුදුදහමට පමණක් උරුම වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරයි. එනම් ශ්‍රද්ධාව, ශීලය, චාගය, සමාධිය (භාවනාව) හා ප්‍රඥාවයි. ශ්‍රද්ධාවන්තයා හැමවිටම ශීල වන්තයෙකි. බෞද්ධයා ආරක්ෂා කරන ශීලය පන්සිල්, අටසිල්, දසසිල්, ආජීව අට්ඨමක සිල්, සාමණේර දසසිල්, උපසම්පදා සිල් පමණක් නොව විනය පිටකයේ භික්ඛුඛන්ධකයේ විනය නීති 227 ක් ද, භික්ඛුණි ඛන්ධකයේ විනය නීති 223 ක් ද නිර්දේශ කරයි.
එවැනි ශිලයක් ලෝකයේ කිසිම දහමක් දර්ශනයක් ඉදිරිපත් නොකරයි. එසේම ශීලයේ පිහිටි බෞද්ධයා මීළඟට චාගය හෙවත් පරිත්‍යාගය පුරුදු කරයි. චාගය යනු දානයයි. බුදුදහම දානය විග්‍රහකර ඇත්තේ මානවයාගේ තණ්හාව නැති කොට නිවනට මග පෙන්වන ආකාරයටයි. බෝසතාණන් වහන්සේ කල්ප ගණනක් සංසාරයේ සැරි සරමින් දාන පාරමිතා, දාන උප පාරමිතා, දාන පරමත්ථ පාරමිතා පුරුදු පුහුණු කළේ බුදු බවට මාර්ගය එයම වන නිසාය. මෙවැනි දානාධ්‍යාශයක් කිසිම ආගමක, දර්ශනයක දක්නට නොලැබේ.
දානය පුරුදු පුහුණු කරන බෞද්ධයා මීළගට පුරුදු පුහුණු කරන්නේ සමාධිය හෙවත් භාවනාවයි. නිවැරදි භාවනාව ඇත්තේ ද බුදු දහමේ පමණි. බුදුදහම ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් හඳුන්වා දෙයි. එනම්,
1. සමථ භාවනාව
2. විදර්ශනා භාවනාව
සමථ භාවනාවට පාදක වූ කමටහන් 40 කි. එය වඩන තැනැත්තා සිත දියුණු කරයි. එසේ සිත දියුණු කරන තැනැත්තා මීළඟට පුරුදු පුහුණු කරන්නේ විදර්ශනා භාවනාවයි. මෙය බුදු දහම හඳුන්වන්නේ ප්‍රඥා භාවනාව යනුවෙනි. ප්‍රඥාව ඇත්තේ බුදු දහමේ පමණි. අප ප්‍රඥාවන්තයින් යයි කියන්නේ බුදු, පසේබුදු, මහා රහතුන් වහන්සේලාටයි. මෙහි සඳහන් ප්‍රඥව යනු කුමක්ද? ප්‍රශ්නයකි.
බුදුදහම ප්‍රඥාව යයි කියන්නේ සත්ත්ව ශරීරයේ ඇති රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ යන පංචස්කන්ධය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් දැකීමයි. එසේ දුටු උතුමෝ නම් බුදු, පසේබුදු, මහා රහතුන්මය. මේ අනුව නිවනට මඟ ආරම්භ කරන්නේ සීලයෙන් නොව ශ්‍රද්ධාවෙන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයෙන් පසක් කොට ගෙන මෙ දුක් ඇති සසරින් එතරව අපි නිවනට මඟ සලසා ගමු.


සටහන