ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Sunday, June 16, 2013

LED දැන්වීම් පුවරු නිෂ්පාදනය මුල සිට සරලවම

 LED Bulb භාවිතා කර තැනු LED Sign Board  , LED Advertising Board මගින් දැන්වීම් ප්‍රචාරණය දැන් ඉහල යමින් පවතී.ලංකාවේ පළමු වරට ඔබටත්  මාසිකව අසීමිත ආදායම් ලබා ගත හැකි මෙම නව දැන්වීම් කලාව TechnoPlus LED අපි ඒ සදහා LED Sign Board නිර්මාණය මුල සිට සරලවම ඉගෙන ගැනිම සදහා DVD Magazine එකක් නිශ්පාදනය කොට ඇත.LED මොඩියුලයේ සිට සරල සිංහලින් කියා දෙන මෙම පාඩම් මාලාවට වීඩියෝ දර්ශන සහිත DVD තැටියක් ලබාදේ.ඉලෙක්ට්‍රොණික දැනුම හා පරිගණක දැනුම මද අයකුට උවත් පහසුවෙන් තේරුම ගෙන LED නාම පුවරු සකස් කල හැකි පරිදි මෙම පාඩම් මාලාව ඉදිරි පත් කර ඇත.අද රටේ පුවරු නිශ්පාදනය සදහා අඩු මිලට උපාංග ලබාගත හෙයින් අපි අප රටේ සියලු දෙනාටම ඉගෙන ගැනිම සදහා මෙම DVD Magazine එක නිශ්පාදනය කරන ලදි.

මෙම පාඩම් මාලව සහිත DVD සගරාව රු.1000 වැනි සුළු මුදලකි.



 මෙය ලබා ගැනිම සදහා ඔබකල යුත්තේ රුපියල් 1000ක මුදලක් අපගේ හැටන් නැෂනල් බැංකුවට දැමිම පමණි.මුදල් දැමිමෙන් පසු අපහට දුරකථන ඇමතුමක් ලබාදෙන්න.ඉන් පසු ඔබේ නිවසටම DVD Magazine එක ලැබිමට සලස්වනු ලැබේ.

 අපගේ බැංකු විස්තර

Mr. P.H.L.D.Silva,
Hatton Nationla Bank ( HNB).
Kalutara Branch.
Account No : 034020268463

 

Friday, August 31, 2012

What is Local Ad Click? - මොකද්ද මේ ලෝකල් ඇඩ් ක්ලික්


අන්තර්ජාලය හරහා නිවසේ සිටම මුදල් ඉපයීමේ විව්ධ ක්‍රම රාශියක් ඇති අතර ඒ සඳහා විවිධ පාඨමාලා ඇති බව පුවත් පත් දැන්වීම් හරහාද ඔබ ඕනෑතරම් දැක ඇත. මෙමඟින් අති විශාල මුදලක්  ඉපයීමේ නීත්‍යානූකූල ක්‍රම ඇති නමුත් බහුල වශයෙන් ඇත්තේ ව්‍යාජ ක්‍රම බැවින් ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුය.

මේ දිනවල අන්තර්ජාල හරහා මුදල් ඉපයීමේ ක්‍රමයක් ලෝකයේ රටවල් 65 ක මෙන් ශ්‍රී ලංකා තුළද බහුල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. LocalAdClick.net නමින් හඳුන්වනු ලබන වෙබ් අඩවියක් හරහා සිදුකරනු ලබන මෙම මුදල්  ඉපයීමේ ක්‍රමය තවත් එක් පිරමීඩාකාර ක්‍රමයක් බවට පසුගියදා එක්තරා ගුවන් විදුලි නාළිකාවක වැඩසටහනක් මඟින් ප්‍රචාරය කරනු ලැබුවා.
පිරමීඩාකාර ක්‍රම ලංකාව තුළ තහනම් දෙයකි.

මෙම LocalAdClick.net වෙබ් අඩවිය ගැන අපද තොරතුරු සොයා බැලීමක් කරනු ලැබුවා. මතුපිටින් බැලූ බැල්මට මෙය පිරමීඩාකාර ක්‍රමයක් ලෙස කෙනෙකු සිතුවද, එම ගුවන් විදුලි වැඩසටහනෙන් කතා බහට ලක් නොවුනු වෙනත් පැත්තක්ද මෙහි තිබෙන බවට අපට දැනගන්නට හැකිවුණා. මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ඉපයීම ආරම්භ කිරීමට නම්, ඒ සඳහා මුදල් ගෙවා ලබාගැනීමට පැකේජයන් 3 ක් ඇත. ගෝල්ඩ්, සිල්වර්, බ්‍රෝන්ස් යනුවෙන් හඳුන්වනු ලබන මෙම පැකේජයන් පිළිවෙලින් ඩොලර් 500,300,150  වේ.

ලියාපදිංචි වීමට අවශ්‍ය පැකේජයට අදාළ වටිනාකමින් යුත් E-Pin ක් මිලදී ගත යුතු වේ. එය දැනට මේ මඟින් දැන්වීම් නරඹා මුදල් උපයන කෙනෙකු උපයන ලද මුදල් වලින් අළුතින් ලබාගන්නා පැකේජයන්ට අදාළ වටිනාකම රීලෝඩ් එකක් හැටියට පරිවර්තනය කර ලබා ගත යුතුය. මෙම රීලෝඩ් ක්‍රමය E-Pin යනුවෙන් හඳුන්වයි.

ලංකාව තුළ වැඩි වශයෙන් ඩොලර් 500 ගොල්ඩ් පැකේජය ලබා ගන්නා අතර එහිදී LocalAdClick.net වෙබ් අඩවිය සතියකට ඔබට නැරඹීමට වීඩියෝ වෙළඳ දැන්වීම් 5 ක් ලබාදෙයි. එම දැන්වීමකට ඩොලර් 10 බැගින් ඩොලර් 50 ක් සතියකට ඔබට ගෙවීමක් කරනු ලබයි. එවිට මසකට ඩොලර් 200 ක ආදායමක් ඔබට හිමිවේ. ඔබේ ගිණුමේ ඩොලර් 500 ක් එකතු වූ විට වෙබ් අඩවිය හරහා ඔබේ බැංකු ගිණුමට එකවර මුදල් ගෙන්වා ගත හැකිය. එසේත් නොමැතිනම් අළුතින් මෙහි ලියාපදිංචි වීමට සිටින කෙනෙකුගේ ලියාපදිංචියට අවශ්‍ය වටිනාකමට අදාළව  E-Pin එකක් සාදා මුදල් ලබාගත හැකිය.

පිරමීඩාකාර ක්‍රම තුළදී තවත් පුද්ගලයෙකුව හඳුන්වාදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු දෙයක් වන අතර අවසාන අවස්ථාවේදී ඉතුරු වන පුද්ගලයාට පාඩු ලැබීමට සිදු වේ. එහෙත් මෙම මුදල් ඉපයීමේ ක්‍රමය සඳහා තවත් කෙනෙකුව හඳුන්වාදීම අනිවාර්ය කටයුත්තක් නොවන්නේ, ඔබ උපයන මුදල එම වෙබ් අඩවිය හරහා එකවර ඔබගේ බැංකු ගිණුමට ලබගත හැකි ක්‍රමවේදයක් තිබෙන බැවිනි.

අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ, මෙම වෙබ් අඩවිය සම්බන්ධව අප මෙවන් වූ ආකාරයේ ලිපියක් ලිවීමට පෙළඹුනේ මෙම වෙබ් අඩවිය තුළ ඔබද ලියාපදිංචි විය යුතුය යැයි පැවසීමට නොවන බව ඉතාමත් කාරුණිකව සලකන්න. අප ඉදිරිපත් වූයේ මෙම වෙබ් අඩවියේ සත්‍ය ස්වභාවය පෙන්වා දීමට පමණි. මෙම මුදල් ඉපයීමේ ක්‍රමය තුළ ශ්‍රී ලාංකීය නීතියට පටහැනි යමක් ඇත්නම් පමණක්, මහ බැංකුවේ දායකත්වය ඇතිව මෙය තහනම් කරනු ඇතැයි අප බලපොරොත්තු වන්නෙමු.

ඔබේ මුදල් ඔබ දැඩි ලෙස විස්වාස කරනු ලබන දෙයකට මිස අන් කිසිම දෙයකට නොයොදවන්න

Thursday, August 30, 2012

Sandriesoft & Radio Kalutara වෙතින් Free Advertising Network එකක් - Admine!

      ඔන්න යාලුවනේ මම අලුත් වැඩක් පටන් ගත්තා... ගොඩ දවසකින් තමයි මේ අලුත් දෙයක් කරන්නට පටන් ගත්තේ.. මේක අපේ යාලුවන්ටත් අලුත්ම අත්දැකීමක් වේවි.. ඇත්තෙන්ම මෙය දැන්වීම් ප්‍රචාරය කිරීමේ අති සාර්ථකම ක්‍රමයයි කිව්වොත් ඒක 100%ක් නිවැරදියි... මොකක්ද මේ Free Advertising Network එකක්  කියන්නේ..? මේක අපේ බ්ලොග් අඩවි පවත්වාගෙන යන හැමෝටම සුභ ආරංචියක් වේවි... Sandriesoft  And Radio Kalutara වෙතින් මෙම Free Advertising Network එකක් පවත්වාගෙන යාමට හේතුව සහ මෙමගින් අපගේ ප්‍රධානතම අරමුණ වනුයේ ශ්‍රී ලාංකික අප වෙනුවෙන් පුළුල් පාඨක පිරිසක් වෙත ඔබගේ බ්ලොගය හෝ වෙබ් අඩවිය ගෙනයාමය. Free Advertising Network එකක් නොමැතිව අපගේ බ්ලොග් අඩවියට, වෙබ් අඩවියට නව සාමාජිකයින්, නව පාඨකයින් ගෙන්වාගැනීමේ අපහසුතාවයක් ඇත. නමුත් මෙවැනි  Free Advertising Network එකක් මගින් සැම දෙනා හට එක හා සමාන පුළුල් ප්‍රචාරයක් ලබාදීමට හැකිවීමය. තවද හුදෙක් මෙවැනි  Advertising Network එකකට දැන්වීමක් ඇතුළුකිරීමට  ඔබට අවශ්‍ය වුවහොත් ඔබට සාමාන්‍යයෙන් සැළකිය යුතු මුදලක් ගෙවා එම ප්‍රචාරණ කටයුත්ත සිදුකරගැනීමට සිදුවේ... නමුත් Sandriesoft  And Radio Kalutara මෙම සේවාව පවත්වාගෙන යන්නේ කිසිදු සැගවුනු ගාස්තුවක් ද නොමැතිවය. ඉතින් මේ වෙනුවෙන් අප කළ යුත්තේ අපගේ අඩවියේ සුළු ඉඩක් ලබාදීම පමණි. අප සැම වෙනුවෙන් ඔබට කළයුත්තේ එය පමණක් ම වීම වැදගත්ය...

Admine! ක්‍රියාකාරීත්වය කෙසේද?

            Admine! දැන්වීම් ප්‍රචාරණය සදහා 468x60 ප්‍රමාණයේ ඉඩක් අවශ්‍ය වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... වැඩිම දැන්වීම් ප්‍රමාණයකට ප්‍රචාරණය සදහා ඉඩ සැලැස්වීමට නිරන්තරයෙන්  Admine! ක්‍රියාත්මක වේ. වරකට දැන්වීම් එකකට වඩා දර්ශනය කිරීමේ හැකියාව Admine! සතු බැවින් ඔබගේ දැන්වීමට එමගින් ද වැඩි Impressions ප්‍රමාණයක් හිමිවේ.
.
Admine! දැන්වීම් සේවාව වෙත දැන්වීම් එකතු කරන්නේ කෙසේද?

            Admine! දැන්වීමක ප්‍රමාණය 468x60 වේ. මෙම ඉඩ තුළ Admine! දැන්වීම් සියල්ල දර්ශනය කෙරේ... මෙම ප්‍රමාණයට සකස්කළ ඔබගේ දැන්වීමේ,

1. පින්තූරයට අදාළ ලින්කුව
2. ඔබගේ අඩවියේ ලින්කුව
3. ඔබගේ අඩවියේ නාමය

      යන දත්ත ඇතුළත් කළ විද්‍යුත් ලිපියක් admine@radiokalutara.com වෙත යොමුකළ යුතුය. ඔබගේ දැන්වීම පැය 24 ක් ඇතුළත  Admine! දැන්වීම් සේවාවට ඇතුළු කෙරේ.. තවද මේ සදහා ඔබට විවිධ ආකාරයේ අමතර දැන්වීම් 4ක් ඇතුළත් කිරීමට අවස්ථාව Admine! මගින් ඉඩ සළස්වා දේ... ඔබ එක්කරන සෑම වෙබ් අඩවියක්ම Admine! වෙත ඇතුළත් කිරීම සදහා Admine! Publisher Code එක එම එක් එක් අඩවියේ ඇතුළත් කිරීම සිදුකිරීම අත්‍යාවශ්‍ය වේ. මක් නිසාද යත් අපගේ මෙම සේවාවේ සේවය ඉහළින් ලැබීමට එය ඉවහල්වන නිසාමය..


      Admine! දැන්වීම් සේවාවට ඇතුළත් කරන වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කළ යුතු Admine! Publisher Code පහළින් ලබාගෙන එය ඔබගේ වෙබ් අඩවි/ බ්ලොග් අඩවි සදහා ඇතුළත් කරන්න.





      ඉතින් මේ සේවාව හොදින් පවත්වා ගෙන යාමට ඔබ, අප සැමගේ දායකත්වය අත්‍යවශ්‍යයි.. Admine! දැන්වීම් සේවාව පිළිබදව යම්කිසි ගැටලු ඇතහොත් ඒ සදහා ඉහත සදහන් කළ විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.. Admine! දැන්වීම් සේවාව සදහා ඔබ සැම ඉහළ ප්‍රතිචාරයක් දක්වාවි යන්න මාගේ හැගීමයි... ස්තූතියි!

Tuesday, July 17, 2012

මෙන්න අපෙන් රේඩියො කළුතර අහන්න Portable App එකක්

මෙන්න අපෙන් රේඩියො කළුතර අහන්න Portable   App එකක්...දැන් රේඩියො කළුතර නවතම තාක්ෂණයෙන් යුන් මෘදුකාංගයකින් ශ්‍රවනය කිරිමට දැන් ඔබට අවස්ථාවක්.. අපි අපි මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ විශේෂයෙන් Radio Zone Kalutara ව්‍යප්තියට අත හිත දෙන සැම දෙනවාම..එය ඔබට ශ්‍රවනය කිරිමට අවම වශයෙන් 32kbps වේගයෙන් යුත් අන්තර්ජාල සබදතාවයක් තිබිය යුතුයි.. ඔබ මෙම මෘදුකාංගය පහත ලින්කුවෙන් බාගෙන..එමෙන්ම නවිනතම තාක්ෂණයෙන් සැදු තවත් පරිගණක මෘදුකාංග මෙන්ම ජංගම දුරකථන මෘදුකාංග කිහිපයක්ම ලගදිම..
New Version Radio Kalutara Portable Player
ඔබ මෙය විවෘත කිරිමෙන් පසුව දිස්වන අයුරු.
පලමුව මෙම ලින්කුවෙන් අප මෘදුකාංගය බාගන්න..




OLD Version Radio Kalutara Portable Player
 ඔබ මෙය විවෘත කිරිමෙන් පසුව දිස්වන අයුරු.
පලමුව මෙම ලින්කුවෙන් අප මෘදුකාංගය බාගන්න..

මෘදුකාංගය පිලිබද ඔබේ අදහසුත් අපට කළ යන්න..

Sunday, July 15, 2012

ගල් යුගයේ ඉහලම තාක්ෂණය හමු වෙයි

ඔන්න ඉතින් දවස් කිහිපයක නිහැඩියවෙන් පස්සේ ඔන්න මම අදත් ඔයාලාට කියන්න යන්නේ අපුරු දෙයක් ගැන.. මේ කියවලා බලලා හොද නම් කොමින්ට් එකකුත් දාලාම යන්නකො....ගොඩනැගිලි 100 කටත් වඩා නටඹුන් සමූහයක්  ඕක්නිහී දී සොයා ගෙන තිබේ. එය බි‍්‍රතාන්‍යයේ ලෝක ප‍්‍රකට ස්ටෝන්හෙන්ජ්වලට වඩා අවුරුදු 800 ක් තරම් පැරණි බව සමස්ථානික කාබන් විශ්ලේෂණයෙන් සොයා ගෙන තිබේ.
එනම් සමස්ථානික කාබන් විශ්ලේෂණ අනුව මෙම නටඹුන් වසර 5000 කටත් වඩා පැරණි බව පුරාවිද්‍යා ගවේෂකයන් මගින් හෙළි කරගෙන තිබේ. මෙම පුරා විද්‍යාත්මක ඉහල වටිනාකමකින් යුත් පුදබිම හඳුන්වන්නේ ඕක්නේ (Orkney) නමිනි. එය  ‘නෙස් ඔෆ් බ්‍රෝඞ්ගා’ අසල පිහිටිතැනක්. 
‘මේ ජීවිත කාලයටම සරිලන ඉතා විශිෂ්ට සොයා ගැනීමක්’  බව BBC පුරාවිද්‍යා විස්තර විචාරක නීල් ඔලිවර් පවසා ඇත. මේ තරම් විශාල පරිසරයක් පුරා පැතිර ඇති නටබුන් මෙතෙක් සොයා ගෙන නැති බව ඔහුගේ අදහසයි. මෙමගින් ලෝකය හා විශ්වය පිළිබඳ නව ශිලා යුගයේ විසූ මිනිසා තුළ පැවති විශ්වාසයන් හා ආගමික භාවිතයන් පිළිබඳ අභිරහස් ලොවට එළිවනු නොඅනුමානයි. එම නිසා මෙම භූමි පෙදෙස ඉතා අනර්ඝවත් කවුළුවක් බව ඔහු තව දුරටත් සඳහන් කර ඇත. දැනට නටබුන් 14 ක් පමණ සොයා ගෙන ඇති අතර තාපභූභෞතික තාක්ෂණයට අනුව තවත් නටඹුන් 100 ක් පමණ ඇතැයි අනුමාන කෙරේ. මෙම ස්ථානයෙහි තවමත් ගවේශනය කර ඇත්තේ සියයට දහයකටත් අඩු ප‍්‍රමාණයක් වන අතර ලැබී ඇති නටඹුන් විශ්ලේෂණයෙන් මෙය පැරණි ආරාමයක නටඹුන් යැයි පර්යේෂකයන් නිගමනය කොට ඇත.

බි‍්‍රතාන්‍යයේ ඉපැරණිම බිතුසිතුවම් යැයි විය හැකි රූප හමුවූ ඕක්නි නටබුන්

‘නෙස් ඔෆ් බ්‍රෝඞ්ගා’ ගල් කුලූනු වළල්ල

Tuesday, July 3, 2012

Radio Zone Kalutara දැන් ඔයලාගේ Android එකෙත්

මෙන්න අපෙන් රේඩියො කළුතර අහන්න Android App එකක්...දැන් රේඩියො කළුතර නවතම තාක්ෂණයෙන් යුන් මෘදුකාංගයකින් ශ්‍රවනය කිරිමට දැන් ඔබට අවස්ථාවක්.. අපි අපි මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ විශේෂයෙන් Radio Zone Kalutara ව්‍යප්තියට අත හිත දෙන සැම දෙනවාම..Radio Zone Kalutara දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් පාදක ජංගම දුරකතනය ඔස්සේද සවන් දිය හැක. ඒ සඳහා පහත ඇප්ලිකේෂනය ඔබගේ ජංගම දුරකතනයට එකතු කරගන්න. ඔබ මෙම මෘදුකාංගය පහත ලින්කුවෙන් බාගෙන..එමෙන්ම නවිනතම තාක්ෂණයෙන් සැදු තවත් පරිගණක මෘදුකාංග මෙන්ම ජංගම දුරකථන මෘදුකාංග කිහිපයක්ම ලගදිම..

 පලමුව මෙම ලින්කුවෙන් අප මෘදුකාංගය බාගන්න..

Google Play
 



 
 ඔබ මෙය විවෘත කිරිමෙන් පසුව දිස්වන අයුරු
 
 
 


මෘදුකාංගය පිලිබද ඔබේ අදහසුත් අපට කළ යන්න..