ආයුබොවන් ! අපි ඔබව සාදරයෙන් පිළිගනිමු...

ආයුබොවන් ! SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගනු ලබයි....

එක්වන්න ඔබත් අප සමග...

ඔබත් අදම අපි සමග එකතු වි ඔබේ අනාගතයට යන පාර එලිපෙහෙලි කරගන්න...

Radio Zone Portable මෘදුකාංගය...

ඔබත් දැන්ම Radio Zone Portable මෘදුකාංගය Download කරගන්න

අපේ Photography පන්තිය....

අපේ Photography පන්තිය.... සම්පුර්ණයෙන්ම නොමිලේ.. කිසිදු මුදලක් අය නොකෙරේ......

ස්තුතියි පැම්ණියාට..

SOFT ZONE | KALUTARA වෙබ් අඩවිය වෙත පැමිණි ඔබ සැමට අපගේ ප්‍රණාමය..

Showing posts with label virus. Show all posts
Showing posts with label virus. Show all posts

Friday, August 31, 2012

What is Local Ad Click? - මොකද්ද මේ ලෝකල් ඇඩ් ක්ලික්


අන්තර්ජාලය හරහා නිවසේ සිටම මුදල් ඉපයීමේ විව්ධ ක්‍රම රාශියක් ඇති අතර ඒ සඳහා විවිධ පාඨමාලා ඇති බව පුවත් පත් දැන්වීම් හරහාද ඔබ ඕනෑතරම් දැක ඇත. මෙමඟින් අති විශාල මුදලක්  ඉපයීමේ නීත්‍යානූකූල ක්‍රම ඇති නමුත් බහුල වශයෙන් ඇත්තේ ව්‍යාජ ක්‍රම බැවින් ඔබ ඉතාමත් කල්පනාකාරී විය යුතුය.

මේ දිනවල අන්තර්ජාල හරහා මුදල් ඉපයීමේ ක්‍රමයක් ලෝකයේ රටවල් 65 ක මෙන් ශ්‍රී ලංකා තුළද බහුල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. LocalAdClick.net නමින් හඳුන්වනු ලබන වෙබ් අඩවියක් හරහා සිදුකරනු ලබන මෙම මුදල්  ඉපයීමේ ක්‍රමය තවත් එක් පිරමීඩාකාර ක්‍රමයක් බවට පසුගියදා එක්තරා ගුවන් විදුලි නාළිකාවක වැඩසටහනක් මඟින් ප්‍රචාරය කරනු ලැබුවා.
පිරමීඩාකාර ක්‍රම ලංකාව තුළ තහනම් දෙයකි.

මෙම LocalAdClick.net වෙබ් අඩවිය ගැන අපද තොරතුරු සොයා බැලීමක් කරනු ලැබුවා. මතුපිටින් බැලූ බැල්මට මෙය පිරමීඩාකාර ක්‍රමයක් ලෙස කෙනෙකු සිතුවද, එම ගුවන් විදුලි වැඩසටහනෙන් කතා බහට ලක් නොවුනු වෙනත් පැත්තක්ද මෙහි තිබෙන බවට අපට දැනගන්නට හැකිවුණා. මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ඉපයීම ආරම්භ කිරීමට නම්, ඒ සඳහා මුදල් ගෙවා ලබාගැනීමට පැකේජයන් 3 ක් ඇත. ගෝල්ඩ්, සිල්වර්, බ්‍රෝන්ස් යනුවෙන් හඳුන්වනු ලබන මෙම පැකේජයන් පිළිවෙලින් ඩොලර් 500,300,150  වේ.

ලියාපදිංචි වීමට අවශ්‍ය පැකේජයට අදාළ වටිනාකමින් යුත් E-Pin ක් මිලදී ගත යුතු වේ. එය දැනට මේ මඟින් දැන්වීම් නරඹා මුදල් උපයන කෙනෙකු උපයන ලද මුදල් වලින් අළුතින් ලබාගන්නා පැකේජයන්ට අදාළ වටිනාකම රීලෝඩ් එකක් හැටියට පරිවර්තනය කර ලබා ගත යුතුය. මෙම රීලෝඩ් ක්‍රමය E-Pin යනුවෙන් හඳුන්වයි.

ලංකාව තුළ වැඩි වශයෙන් ඩොලර් 500 ගොල්ඩ් පැකේජය ලබා ගන්නා අතර එහිදී LocalAdClick.net වෙබ් අඩවිය සතියකට ඔබට නැරඹීමට වීඩියෝ වෙළඳ දැන්වීම් 5 ක් ලබාදෙයි. එම දැන්වීමකට ඩොලර් 10 බැගින් ඩොලර් 50 ක් සතියකට ඔබට ගෙවීමක් කරනු ලබයි. එවිට මසකට ඩොලර් 200 ක ආදායමක් ඔබට හිමිවේ. ඔබේ ගිණුමේ ඩොලර් 500 ක් එකතු වූ විට වෙබ් අඩවිය හරහා ඔබේ බැංකු ගිණුමට එකවර මුදල් ගෙන්වා ගත හැකිය. එසේත් නොමැතිනම් අළුතින් මෙහි ලියාපදිංචි වීමට සිටින කෙනෙකුගේ ලියාපදිංචියට අවශ්‍ය වටිනාකමට අදාළව  E-Pin එකක් සාදා මුදල් ලබාගත හැකිය.

පිරමීඩාකාර ක්‍රම තුළදී තවත් පුද්ගලයෙකුව හඳුන්වාදීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු දෙයක් වන අතර අවසාන අවස්ථාවේදී ඉතුරු වන පුද්ගලයාට පාඩු ලැබීමට සිදු වේ. එහෙත් මෙම මුදල් ඉපයීමේ ක්‍රමය සඳහා තවත් කෙනෙකුව හඳුන්වාදීම අනිවාර්ය කටයුත්තක් නොවන්නේ, ඔබ උපයන මුදල එම වෙබ් අඩවිය හරහා එකවර ඔබගේ බැංකු ගිණුමට ලබගත හැකි ක්‍රමවේදයක් තිබෙන බැවිනි.

අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ, මෙම වෙබ් අඩවිය සම්බන්ධව අප මෙවන් වූ ආකාරයේ ලිපියක් ලිවීමට පෙළඹුනේ මෙම වෙබ් අඩවිය තුළ ඔබද ලියාපදිංචි විය යුතුය යැයි පැවසීමට නොවන බව ඉතාමත් කාරුණිකව සලකන්න. අප ඉදිරිපත් වූයේ මෙම වෙබ් අඩවියේ සත්‍ය ස්වභාවය පෙන්වා දීමට පමණි. මෙම මුදල් ඉපයීමේ ක්‍රමය තුළ ශ්‍රී ලාංකීය නීතියට පටහැනි යමක් ඇත්නම් පමණක්, මහ බැංකුවේ දායකත්වය ඇතිව මෙය තහනම් කරනු ඇතැයි අප බලපොරොත්තු වන්නෙමු.

ඔබේ මුදල් ඔබ දැඩි ලෙස විස්වාස කරනු ලබන දෙයකට මිස අන් කිසිම දෙයකට නොයොදවන්න

Thursday, April 26, 2012

මෙන්න පරිගණක වෛරසයක් සීරුවෙන්-බලා‍ගෙනයි!

අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මෙම වෛරසය පරිගණකයට ඇතුළුවීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත් අනතුරුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් සංසදය පවසයි.

http://www.dcwg.org/detect වෙබ් අඩවියට පිවිසීමෙන් සිය පරිගණකය මෙම වෛරසයෙන් සුරක්ෂිත කර ගැනීමට පියවර ගත හැකි වන බවද සංසදය සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වන තුරු මේ පිළිබදව සිය සංසදයට කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද සංසදයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය ( FBI) මගින් ලබන ජුලි මස 9දා මෙම අහිතකර පරිගණක වෛරසයෙන් අන්තර්ජාලය සුරක්ෂිත කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද සංසදය සදහන් කරයි.

ඉහත දිනට පසු මෙම වෛරසයට ලක්ව තිබෙන පරිගණක ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැති වන බවද සංසදය පවසයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වේ. 

මෙම ලිපිය උපුටා ගැනිමකි..