Sunday, July 15, 2012

ගල් යුගයේ ඉහලම තාක්ෂණය හමු වෙයි

ඔන්න ඉතින් දවස් කිහිපයක නිහැඩියවෙන් පස්සේ ඔන්න මම අදත් ඔයාලාට කියන්න යන්නේ අපුරු දෙයක් ගැන.. මේ කියවලා බලලා හොද නම් කොමින්ට් එකකුත් දාලාම යන්නකො....ගොඩනැගිලි 100 කටත් වඩා නටඹුන් සමූහයක්  ඕක්නිහී දී සොයා ගෙන තිබේ. එය බි‍්‍රතාන්‍යයේ ලෝක ප‍්‍රකට ස්ටෝන්හෙන්ජ්වලට වඩා අවුරුදු 800 ක් තරම් පැරණි බව සමස්ථානික කාබන් විශ්ලේෂණයෙන් සොයා ගෙන තිබේ.
එනම් සමස්ථානික කාබන් විශ්ලේෂණ අනුව මෙම නටඹුන් වසර 5000 කටත් වඩා පැරණි බව පුරාවිද්‍යා ගවේෂකයන් මගින් හෙළි කරගෙන තිබේ. මෙම පුරා විද්‍යාත්මක ඉහල වටිනාකමකින් යුත් පුදබිම හඳුන්වන්නේ ඕක්නේ (Orkney) නමිනි. එය  ‘නෙස් ඔෆ් බ්‍රෝඞ්ගා’ අසල පිහිටිතැනක්. 
‘මේ ජීවිත කාලයටම සරිලන ඉතා විශිෂ්ට සොයා ගැනීමක්’  බව BBC පුරාවිද්‍යා විස්තර විචාරක නීල් ඔලිවර් පවසා ඇත. මේ තරම් විශාල පරිසරයක් පුරා පැතිර ඇති නටබුන් මෙතෙක් සොයා ගෙන නැති බව ඔහුගේ අදහසයි. මෙමගින් ලෝකය හා විශ්වය පිළිබඳ නව ශිලා යුගයේ විසූ මිනිසා තුළ පැවති විශ්වාසයන් හා ආගමික භාවිතයන් පිළිබඳ අභිරහස් ලොවට එළිවනු නොඅනුමානයි. එම නිසා මෙම භූමි පෙදෙස ඉතා අනර්ඝවත් කවුළුවක් බව ඔහු තව දුරටත් සඳහන් කර ඇත. දැනට නටබුන් 14 ක් පමණ සොයා ගෙන ඇති අතර තාපභූභෞතික තාක්ෂණයට අනුව තවත් නටඹුන් 100 ක් පමණ ඇතැයි අනුමාන කෙරේ. මෙම ස්ථානයෙහි තවමත් ගවේශනය කර ඇත්තේ සියයට දහයකටත් අඩු ප‍්‍රමාණයක් වන අතර ලැබී ඇති නටඹුන් විශ්ලේෂණයෙන් මෙය පැරණි ආරාමයක නටඹුන් යැයි පර්යේෂකයන් නිගමනය කොට ඇත.

බි‍්‍රතාන්‍යයේ ඉපැරණිම බිතුසිතුවම් යැයි විය හැකි රූප හමුවූ ඕක්නි නටබුන්

‘නෙස් ඔෆ් බ්‍රෝඞ්ගා’ ගල් කුලූනු වළල්ල

2 comments:

හොඳ ලිපියක්!

Strange "water hack" burns 2 lbs in your sleep

More than 160k men and women are using a simple and secret "liquids hack" to lose 1-2lbs each and every night in their sleep.

It's effective and works with anybody.

Here's how you can do it yourself:

1) Grab a glass and fill it with water half full

2) And then use this strange HACK

and you'll be 1-2lbs lighter when you wake up!

Post a Comment