Monday, April 23, 2012

HTML මුල සිට සරලවම..


ඔන්න අපිත් හිතුව අද ඉදන් HTML පාඩමක් පටන් ගන්න.ඈත්තටම මේ HTML භාවිතා කරන්නෙ වෙබ් අඩවි නිර්මානය කිරීමට.සරල වෙබ් අඩවියක් සෑදීමට HTML යොදා ගත හෑක.නමුත් Facebook,twitter,yahoo,Google,my space,වෑනි වෙබ් අඩවි සෑදීමට HTML ප්‍රමානවත් නොවේ.නමුත් ඒවාට මූලික පදනම සපයන්නේ HTML වලින් ය.හොදයි.කතා කරා ඈති.අපි ඉස්සෙල්ල පුංචිම තෑනින් පටන් ගමු නේද.ඒක වඩාත් හොදයි.හොදයි.අපි ඉස්සෙල්ලම බලමු මේ.HTML කියන අකුරු 4 තේරුම මොකද්ද කියලා.

                                                                          H-Hyper
T-Text
M-Markup                                                                                            L- Language  
                                

ඔන්න දෑන් තේරුනානෙ HTML කියන එකේ අකුරු වලින් කියවෙන එක.හරි ඔයාල දෑනගන්න ඕන තව දෙයක් තියෙනවා.ඒ තමයි ඔය ඕනම HTML ඩොකියුමෙන්ට් එකක් සේව් කරන්න ඕන .HTML කියන ෆෝමෑට් එකෙන්.උදාහරනයක් විදිහට අපි ඩොකියුමන්ට් එකේ නම welcome කියල ගනිමු.එතකොට සේව් කරන්න ඕනෙ.welcome.html යන ආකාරයට සේව් කරන්න ඕන.හොදයි ඊ ලගට අපි බලමු සරල HTML කේතයක්.


<html>
<title>
~welcome~
</title>
<head>
~welcome to  Soft Zone web site~
</head>
<body>
<h1> This is my first code</h1>
</body>
</html>

ඕක නෝට්පෑඩ් එකට පේස්ට් කරගෙන ඔයා කෑමති නමකින් .html ආකාරයට සේව් කරන්න. ඊට පස්සෙ ඔයාගෙ වෙබ් බ්‍රව්සර් එක හරහා එය ඕපන් වේවි.

තව දෙයක් කියන්න තියෙනවා. මේ HTML කේස් සෙන්සිටිව් භාශාවක් නෙමෙයි.ඒ කියන්නෙ මෙයාට කෑපිටල් සිම්පල් භේදයක් නෑ.ඒ කියන්නෙ අපි කෑපිටල් අකුරින් ටයිප් කරත් කමක් නෑ සිම්පල් අකුරින් ටයිප් කරත් කමක් නෑ.

හොදයි අදට මම නවතිනවා.ඔයාලට ගෑටලු තියෙනම් කියන්න.ඔයාලගෙ යෝජනාත් ඉදිරිපත් කරන්න. මම ඔයාලගෙ අදහස් බලාපොරොත්තු වෙනවා.එහෙනම් තවත් HTML පාඩමකින්  හමුවෙමු

0 comments:

Post a Comment