Thursday, April 26, 2012

මෙන්න පරිගණක වෛරසයක් සීරුවෙන්-බලා‍ගෙනයි!

අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මෙම වෛරසය පරිගණකයට ඇතුළුවීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත් අනතුරුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් සංසදය පවසයි.

http://www.dcwg.org/detect වෙබ් අඩවියට පිවිසීමෙන් සිය පරිගණකය මෙම වෛරසයෙන් සුරක්ෂිත කර ගැනීමට පියවර ගත හැකි වන බවද සංසදය සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වන තුරු මේ පිළිබදව සිය සංසදයට කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද සංසදයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

ඇමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය ( FBI) මගින් ලබන ජුලි මස 9දා මෙම අහිතකර පරිගණක වෛරසයෙන් අන්තර්ජාලය සුරක්ෂිත කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද සංසදය සදහන් කරයි.

ඉහත දිනට පසු මෙම වෛරසයට ලක්ව තිබෙන පරිගණක ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමට හැකියාවක් නොමැති වන බවද සංසදය පවසයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය යටතේ ක්‍රියාත්මක වේ. 

මෙම ලිපිය උපුටා ගැනිමකි..


0 comments:

Post a Comment