Sunday, April 29, 2012

බ්ලොග් ලියන්නන්ට වටිනා උපදෙස්


අපි පොස්ට් එකක් දාන්න නෙවේ හිටියේ. ඒත් සමහර බ්ලොග් කියවනකොට හිතට එන කේන්තියත් එක්ක මේ ටික නොකියාම බෑ. අපි ඇහුවොත් ඔයාලගෙන් ඇයි බ්ලොග් එකක් හදාගත්තෙ කියලා කවි ලියන්න, විහිළු කතා ලියන්න, අත්දැකීම් බෙදාහදාගන්න, සොෆ්ට්වෙයාර් ගැන කියලාදෙන්න ... ඔයවගේ කාරණා සිය ගනනක් උනත් උත්තර ලැබෙන්න ඉඩ තියනවා. ඒවගේම කාගෙන්හරි ඇහුවොත් මොන විදියේ බ්ලොග්ද බලන්න කැමති කියලා ඒත් ඔය ලිස්ට් එකම අඩුවැඩි වශයෙන් උත්තර විදියට ලැබේවි. ඉතින් ඔය විදියට බ්ලොග් ලියන්න කියවන්න අපි එනව මිසක් කවුරුහරි අපේ බ්ලොග් එකට තොරණ බලන්න එනවද? ඒ වගේම අපේ බ්ලොග් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ කාටහරි තොරණ් පෙන්නන්නද?..:D හරි හරි කලබල වෙන්න එපා. කාරනේ මේකයි. සමහර බ්ලොග් ඇස්වලට හරි අමාරුයි. ඒවගේම ඒවායේ තියන ඇනිමේෂන්, ඇස් කඩාගෙන යන වර්ණ අපිට නං හරිම වධයක්. මම නං කොයියම්ම වෙලාවක වත් බ්ලොග් එකක අන්තර්ගතය මිසක් ඒක ලස්සනට තියනවද කියන එක ගැන හොයන්නෙ නෑ. මම හිතන හැටියට නං සයිට් එක ලස්සනට තියනවනං හොදයි තමයි, ඒත් ඒක කරදරයක් නොවෙන ගානට තියෙන්න ඕන. හරියටම දැනීමක් නැති වුනත් ඔය අපි දාගන්නා එක එක ගැජට් වලින් සයිට් එක ලෝඩ් වෙන්න ගතවෙන කාලයත් වැඩි වෙනවා මං හිතන්නෙ. මම මට හිතෙන හැටියට කියන්නං එක එක අංග මොන විදියට සකස් වෙන්න ඕනද කියන කාරණය. පෙළගැස්ම අපි පළමු වතාවට සයිට් එකට ඇවිල්ලා දැනට උඩින්ම තියන පෝස්ට් එක කියෙවුවට පස්සෙ ඒකෙ කලියෙන් දාපු පෝස්ට් කියවන්න හිතුනොත් කරදරයක් නැතිව ඒ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒකට අදාල ලිපි කැටගරි වශයෙන් තියන එක වැදගත්. විශේෂයෙන්ම සමහර සයිටි තියනවා අද සොෆ්ට්වෙයා ගැන දාලා ඊලග දවසේ ආදරය ගැන ලියපු. එතකොට සොෆ්ට්වෙයා ඕන අයට ඒව බලන්නයි ආදරය ගැන බලන්න ඕන අයට ඒවා බලන්නයි ලේසියෙන් පුලුවන්නේ. අනිත් කාරනේ වර්ණය ‍පාට ගැන කියනවනං වැදගත්ම කාරනේ තමයි බැක්ග්‍රවුන්ඩ් එකේ පාටයි කොටන අකුරු වල පාටයි මැච් වෙනවද කියනඑක. අපි අද දැක්ක සයිට් එකක් ඒකෙ බැක්ග්‍රවුන්ඩ් එක කලු පාට. අකුරු තද නිල්පාට. පෝස්ට් එක බලන්නම ඕන හින්දා ඒක කොපි කරලා වර්ඩ් ෆයිල් එකකට අතහැරලා තමයි කියවගත්තේ..ලොල්ය. මම දැකලා තියන ලෝකෙම ජනප්‍රිය ගොඩාක් සයිට් හදලා තියෙන්නෙ තද වර්ණ භාවිතා නොකර. ඒනිසා බැක්ග්‍රවුන්ඩ් කලර් එකට නං තද පාට දාන්නෙපා රජෝ කියවන්න බෑ. තදපාට බැක්ග්‍රවුන්ඩ් ගොඩක්ම තියෙන්නෙ වැල සයිට් වල ගැජට් බැජට් මේවා ගැන කියනවා නං කොච්චර දාගත්තත් කමක් නෑ කරදරයක් නැති විදියට. සයිටි එක ලෝඩ් වෙන්න ගතවෙන කාලය ගැන හිතලා බලලා දාගන්නව මිසක් කවුරුහරි දුන්නු පලියට ගන්න එපා. ජාලෙ ස්ලෝ කොම්පීතරයකින් ඔයාලගෙ සයිට් එකට ගිහිල්ලා බලන්න කොච්චර වෙලා යනවද කියලා. මොකද එක එක්කෙනාගෙ ජාල සම්බන්ධකං එක එක විදියනේ. මම අද කියපු අර සයිට් එකේ පෝස්ට් එකේ අකුරු උඩත් ඇනිමේෂන් එකක් දුවනවා.අකුරු සයිස් එක 14 වත් තියනවනං තමයි හොද. මොකද අපි වගේ වයසට ගිය අයත් මේවා බලනවානෙ. හැබැයි කොළ පාට, දම්පාට වගේ ඇස් කඩාගෙන යන පාට දාන්නෙපා. කොමෙන්ටු පෙට්ටිය අනේ මම කියපු අර සයිට් එකට කොමෙන්ට් එකක් දාන්න ගියා ඒකෙ තියන වැරදි ගැන කියලා. ගහෙං වැටුන මිණිහට ගොනා ඇන්නා වගේ මේං ඒකෙ සැට් කොරලා තියනවා අර වර්ඩ් වෙරිපිකේසන්ද මොකද්ද උලව්ව. අර ඊමේල් එකක් හදන්න යනකොට ටයිප් කරන්න දෙන්නෙ ආරළු බූරළු අකුරු ටිකක්. අන්න ඒක තමයි.(ඕක තියෙන්නෙ මේ කවුරුහරි ප්‍රෝගෑම් එකක් හදලා නන්ස්ටොප් කොමෙන්ටු දායි කියලානේ. එහෙම එකක් තාම සිංහල බ්ලොග් අවකාශෙ සිද්ධ වෙලා නැතුව ඇති) මම එතනින් පස්සෙ කොමෙන්ටුව නොලියම ආවා. අන්න ඒ වෙලාවෙ තමයි කේන්ති ගිහින් මේ පෝස්ට් එක කොටන්න පටන් ගත්තෙ. දැං කේන්තිය නිවුනත් අත රිදෙනවා හොදටෝම. එහෙනං මම ගිහිං එන්නං. ඔපීසිය වහලා නිසා මේ දවස් දෙකේ බ්ලොග් කියවන්න විදියක් නෑ. ඒත් නොවැරදීම සදුදා එනවා. ලිපිය ගැන කොමෙන්ටුවකුත් කොටලම යන්න. වර්ඩ් වෙරිපිකේසන් නෑ හොදද?..:) ප.ලි. මේවගේ ජනප්‍රිය වෙන්න දෙන අවවාද හැමෝගෙන්ම ලැබෙන්නෙ නෑ, හරිය!

0 comments:

Post a Comment