Friday, April 27, 2012

ලෝක විනාශය දෙසැම්බර් 12


ලෝක විනාශය ලබන වසරේ (2012) දෙසැම්බර් 12 වැනිදා සිදුවන බව පසුගිය සතියේදී නැවත වරක්‌ තහවුරු කරන ලදී. මෙම තහවුරුවද සිදුකරන ලද්දේ මායාවරුන්ගේ දින දර්ශනයේ අලුතින් සොයාගත් පිටපතක්‌ ආශ්‍රයෙනි.
මායා දින දර්ශනය මෙයට වසර 5125 කට පෙර මැක්‌සිකෝවේ විසූ “මායා” නමැති මනුෂ්‍ය කොට්‌ඨාසය විසින් සකස්‌ කරන ලද්දකි. මැටි පුවරුවල මුද්‍රණය කළ එම දින දර්ශනය 2012.12.12 දින අවසන් වෙයි. එයින් පසු දින දර්ශනයේ අලුත් ඇරඹුමක්‌ නැති බැවින් එදිනට ලෝකය අවසන් වන බව පසුගිය කාලය තුළ තිබූ ප්‍රකට පිළිගැනීම විය. ලෝක විනාශය ආකාර දෙකකට සිදුවිය හැක. එක්‌කෝ ලෝකය පුපුරා කැඩී බිඳී විනාශ වී යැම එක්‌ ආකාරයකි. ලෝකයේ ඇති සියලු ජීව ද්‍රව්‍ය විනාශයට පත් වීම දෙවන ආකාරයයි. මේ දෙකෙන් පළමුවැන්න පූර්ණ ලෝක විනාශයක්‌ ලෙස සැලකේ. දෙවැන්නට පසු කවර හෝ අවස්‌ථාවක ජීවය යළි හට ගැනීමට ඉඩ ඇති බැවින් එය අර්ධ ලෝක විනාශයකි. ඉතා දියුණු ශිෂ්ටාචාරයක්‌ ලෙස මෙයට වසර 5125 කට පෙර පැවැතියා වූද, ඉතා පරෙස්‌සමෙන් “කාලය” දිනවලට බෙදා සිය කැලැන්ඩරය සැදුව වූද, දෙවියන් හෝ පිටසක්‌වල දියුණු ජීවීන් සමග ගනුදෙනු කළ ජාතියක්‌ ලෙස සලකනු ලැබුවා වූද මායාවරුන්ගේ ලෝක විනාශ අනාවැකිය දෙවන වරටත් තහවුරු කෙරෙන මේ මොහොත වූ කලී පූර්ණ ලෝක විනාශයක්‌ පිළිබඳ නවීන විද්‍යාත්මක අනාවැකි සමූහයක්‌ද පළ වී ඇති යුගයකි. පෘථිවිය විශ්වයේ පිහිටි අධි ගුරුත්ව කලාපයක්‌ වන කලු කුහරයක්‌ මගින් ගිල දැමීම, පෘථිවිය සූර්යයා දෙසට වේගයෙන් ඇදී ගොස්‌ එහි ගැටී විනාශ වීම, යෝධ ඇස්‌ටොරොයිඩයක ගැටී විනාශ වීම වැනි දෙයක්‌ සිදුවීමට ඇති ඉඩකඩ බහුල බවට මත පළ වී තිබේ.

මායාවරුන් යනු කවරෙක්‌ද? ඔවුන්ගේ විශේෂත්වය කුමක්‌ද? ලතින් ඇමරිකාවට අයත් මැක්‌සිකෝව, ගෝතමාලාව, යුකැටාන් ප්‍රදේශවලදී මෙයට වසර 5000 කට පෙර මායාවරු බිහි වූහ. මායා ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 240 වන විට ඉතා ඉක්‌මන් පිබිදීමකට ලක්‌ව ක්‍රි. වර්ෂ 900 දී අතුරුදන් විය. ජ්‍යාමිතික ස්‌වරූපවලට අනුව ඔවුන් විසින් ගොඩනංවන ලද පිරමීඩ විශේෂයක්‌ තිබේ. පඩි පේළි සහ විශාල වේදිකාවලින් සමන්විත කේතු ආකාර මෙකී පිරමීඩ අතුරින් මැක්‌සිකෝ නගරයේ දකුණින් පිහිටි චෝලුලා පිරමීඩය ඊජිප්තුවේ චියෝපස්‌ පිරමීඩයට වඩා විශාලය. මැක්‌සිකෝ නගරයට සැතපුම් 30 ක්‌ දකුණතින් පිහිටි ටියෝවිභූවතාන් පිරමීඩය වර්ග සැතපුම් 8 ක්‌ වසාගෙන පැතිර යයි. මේවා ඉදිකර ඇත්තේ ඈත අහසේ තාරකා රාශිවල පිහිටීමට සමාන වන පරිදිය. වියෝවිභූවාතාන් ප්‍රදේශයේ ඇති පුරාවෘත්තවලට අනුව මෙයට සහස්‍ර බොහෝ ගණනකට පෙර එම ප්‍රදේශයේ ඉතා දියුණු ජීවීහු සමූහයක්‌ වාසය කළහ. දෙවියන් නොහොත් පිටසක්‌වල ජීවීන් එහි පැමිණ විවිධ කාරණා සම්බන්ධයෙන් උපදෙස්‌ එම ජීවීන්ගෙන් ලබා ගත්හ. ඒ වන විට අපේ මුතුන් මිත්තන් වන හෝමෝසේපියන් වානරයන් බිහි වී නැත.

නූතන ලෝකයේ වෙසෙන අපි ග්‍රෙගරි නමැති රෝමන් පාප් තුමා විසින් සාදන ලද ග්‍රෙගරියානු කැලැන්ඩරය අනුව කටයුතු කරන්නෙමු. මේ කැලැන්ඩරයට අනුව අවුරුද්දට පැය 24 බැගින් දවස්‌ 365 කි. මායා කැලැන්ඩරය ඊටත් වඩා නිවැරැදි බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. සිය කැලැන්ඩරය යොදාගෙන සිදුකරන ගණිත රටා ආශ්‍රයෙන් මායා පිරමීඩ ගොඩනැඟීමට මායාවරු කටයුතු කළහ. සෑම වසර 52 ක්‌ පාසාම තම පිරමීඩවල නිශ්චිත පිය ගැටපෙළ ගණනක්‌ ඉදිකර නිම කළ මායාවරු තම සමස්‌ත පැවැත්ම කැලැන්ඩරයට සමරූපී ලෙස සැකසූහ. මායා කැලැන්ඩරයට අනුව ක්‍රි.පූ. 3114 සිට ක්‍රි.ව. 2012 දක්‌වා “බක්‌තුන්” නමින් හැඳින්වෙන කාල පරාස 13 ක්‌ තිබේ. බක්‌තුනයකට අවුරුදු 394 ක්‌ අයත්ය. 13 වන බක්‌තුනය ලබන වසරේ දෙසැම්බර් 12 වැනිදාට සම්පූර්ණ වන්නේය.

ක්‍රි.පූ. 240 පමණ සිට පිරමීඩ ගොඩනැඟීම පටන් ගත් මායාවරු ක්‍රි.ව. 900 වන විට ඒවා සම්පූර්ණ කර යළි කවදාවත් ආපසු නොඑනු පිණිස ප්‍රදේශය අත්හැර ගියහ. පාලනය නොකෙරුණු සංග්‍රාම, ජනගහන වර්ධනය නිසා වැසි වනාන්තර විනාශ වීම, එම නිසා ජලය හිඟ වීම යන කාරණා ඔවුන්ගේ නොඑන ගමනට හේතුව බව සමහර විද්වතුන්ගේ මතයයි. එහෙත් පසුගිය කාලයේදී මැක්‌සිකෝවේ හා ගෝතමාලාවේ මහ වන මැද තිබී හමු වූ විශාල වැව් සහ ජලාපවහන පද්ධති මගින් පෙනී ගියේ මායාවරුන් කවදාවත් ජල හිඟයකට මුහුණ නොදුන් බවය.

Chariots of Gords නමැති සුප්‍රකට ග්‍රන්ථය ලියූ වොන් ඩැනිකන් නමැති පර්යේෂකයා මායා සංස්‌කෘතියේ අතුරුදන්වීම ගැන වෙනස්‌ මතයක්‌ දරයිá එනම් මෙයට වසර දහස්‌ ගණනකට පෙර පිටසක්‌වල වැසියන් පිරිසක්‌ මායා ශිෂ්ටාචාරය බැලීමට පෘථිවියට පැමිණියහ. ඔවුන් ආපසු ගියේ හරියටම නම් කෙරුණු අනාගත දවසක මායාවරුන් සමග ජීවත් වීමට එන බවට පොරොන්දු වෙමිනි. ඔවුන් ආපසු එන විට ඔවුන්ට ජීවත් වීම සඳහා යෝග්‍ය වන පරිදි මායාවරුන් පාලනය කළ ප්‍රදේශයේ ගොඩනැඟිලි ඉදිකරන ලෙස පිටසක්‌වල වාසීහු මායාවරුන්ට දැන්වූහ. මෙකී පිටසක්‌වල කණ්‌ඩායම් නායකයා වූ කුකුලාන් (ඇතැම් පොත්වල දැක්‌වෙන්නේ ඔහුගේ නම බොලොක්‌ සොක්‌තෝ ලෙසය.) තම දෙවියන් ලෙස පිළිගැනීමට මායාවරු එකඟ වූහ. එහෙත් නියමිත කාලයේදී තම දෙවිවරුන් ආපසු තමන් වෙත නොආ බැවින් කලකිරුණු සිත් ඇති මායාවරු ප්‍රදේශය අත්හැර ගියහ.

මායාවරු බෙහෙවින් බුද්ධිමත් ජාතියක්‌ වූහ. ඇමරිකාවේ ආදිවාසීන් වන මේ ජනයා පෙරදිගින් සංක්‍රමණය වූ බවට පිළිගැනීමක්‌ පවතී. වීනස්‌ ග්‍රහයා සූර්යයා වටා පරිභ්‍රමණය වීමට පෘථිවියේ දිනවලින් 589 ක්‌ ගත වන බව ඔවුහු දැන සිටියහ. එසේම පෘථිවි ග්‍රහයා සූර්යයා වටා පරිභ්‍රමණය වීමට දින 365.2420 ක්‌ ගතවන බවද ඔවුහු කියා සිටියහ. මේ ගණන දශම 0.2 ක්‌ දක්‌වා නිවැරැදිය. එහෙත් ශිෂ්ටාචාරයක්‌ වශයෙන් ඔවුන්ගේ පිරිහීම අදටත් අබිරහසකි.

ලෝක විනාශය ගැන කාලයෙන් කාලයට අනාවැකි පළ කළ බොහෝ දෙනා සිටියද, බොහෝ ලිපි ලේඛන හමු වුවද මායාවරුන්ගේ දින දර්ශනයෙන් කියෑවෙන කතාව ලෙහෙසියෙන් අත්හැර දැමීමට විද්වතුන් කැමති නැත්තේ මායාවරුන්ගේ අනාවැකි මනෝ මූලික නොවන ගණිතය සහ ගණනය කිරීම් මත පදනම් වූ ඒවා නිසාය.

මෙය උපුටා ගැනිමකි..

0 comments:

Post a Comment