Saturday, April 21, 2012

Blogger හා Adsence නවකයන්ට


අලුතෙන් බ්ලොග් හදපු අය බ්ලොග් එකට traffic නැති නිසා ටිකක් sad mood එකෙන් ඉන්නෙ කියලා මට තේරුනා. ඒක නිසා මට හිතුනා මගේ අත්දැකීමෙන් බ්ලොග් එකකට traffic ගන්න විදිහ කියලා දෙන්න.මේ Postඑක Blogging වලට අලුත් අයටයි.

අපි බ්ලොග් එකක් හදපු ගමන් Ads වගේ දේවල් දාන්න යන එක එච්චරම හොඳ දෙයක් නෙවෙයි. ඒ මොකද කියනවනම් බ්ලොග් එක අලුත්ම නිසා කොහොමත් visitors එන ප්‍රමානය අඩුයිනේ. අපි බ්ලොග් එකක් හදන්නෙ E-Money හොයන්න නම් Top Level ඩොමේන් එකක්(.Com, .Org, .Net, .Info) අරගෙනම වැඩේට බහින එක ගොඩක් හොදයි.ඒ මොකද කියනවනම් .Blogspot.com ඩොමේන් එක seo වලට සහය දක්වනවා අඩුයි.එහෙම නොකලා කියලත් ප්‍රශ්නයක් නැහැ.මම කිව්වෙ වැඩි හොදට. ඊට පස්සේ බ්ලොග් එකේ Design එක හදගන්න.ඔන තරම් Blogger Templates Google වල Search කලාම හොයගන්න පුලුවන්.HTML ගැන දැනුමක් තියෙනවනම් ඔයලාට කැමති විදිහට Menus, Sidebars එහෙම හදාගත්තට ප්‍රශ්නයක් නැහැ.(හරියට Meta Tags දාගන්නත් අමතක කරන්න එපා). ඊට පස්සෙ තම ටිකක් අමාරුම වැඩේ තියෙන්නේ.ඒ තමයි Blog post ලියන එක. අපි හැමෝටම එක වගේ English දැනුමක් නැහැනේ.සම්පූර්නයෙන් copy paste කරපු post වලට වඩා පුලුවන් විදිහට Blog post ලියන එක හොදයි. (Content is King) වෙන කොහෙන් හරි Copy කරපු post Google වලින් Ban කරනවා.ඒවාට Search Engine වලින් Traffic ගන්න බැහැ.ඒ වගේ හොයාගත්ත Post හොදට Edit කරගන්න පුලුවන් නම් හොදයි.ඒ උනත් ඒක ගොඩක් සාර්ථක ක්‍රමයක් නම් නෙමෙයි. බ්ලොග් එක හදලා post 20ක් විතර දාලා පිටු 6ක් විතර හදලා බ්ලොග් එක main search engine වලට Add කරන්න.(Google,Yahoo,Bing) ඇත්තටම කියනවනම් Adsence වලට නම් බ්ලොග් එක හැදුවේ Sri Lanka Traffic ගැන අමතක කරන්න.Asian countries වලින් ලැබෙන Clicks වලට ගෙවන්නෙ ගොඩක් අඩුවෙන්. US, Canada වගේ රටවල් වලින් ලැබෙන Clicks වලට නම් ගොඩක් වැඩියෙන් ගෙවනවා. අපේ Keyword එක High paying keyword එකක් නම් තවත් වැඩියෙන් ගෙවනවා. ඒක නිසා බ්ලොග් එකට ඒ වගේ රටවල් වලින් visitorsලා ගෙන්න ගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.(US සහ Canada රටවල් වලින් ගොඩක් visitorsලා එන්නෙ Yahoo හා Bing Search engine හරහා)අපේ බ්ලොග් එක Web Directory වලට ඇතුලත් කරගන්න එක ගොඩක් වැදගත්. මේ url එක හරහා ගිහින් Best Web Directories Collection එක Download කරගන්න. (හැම site එකකම url submit කිරීමට අවශ්‍ය නැහැ.)


එහිදී *Technorati සහ *dmoz යන sites වල කීරීම බ්ලොග් එක submit කීරීම බ්ලොග් එකේ Page Rank වැඩි කරගැනීමට ගොඩක් ප්‍රයෝජනවත්. ඔයාලා ලියන Post Article Submission Sites වල submit කරන්න.මේ තියෙන්නේ ගොඩක් ප්‍රසිද්ධ Article Submission sites කිහිපයක්. මේ url එක හරහා ගිහින් Article Submission Sites collection එක Download කරගන්න.


මීට අමතරව Visitors ගෙන්න ගන්න තවත් හොඳ ක්‍රමයක් තමයි Forums  භාවිතය. ඇත්තම කියනවානම් මේ ක්‍රමය ගොඩක් සාර්ථක ක්‍රමයක්. ඔයාලගේ Blogs හා සම්බන්ධ විවිධ ගැටලු හා අත්දැකීම් Forums වල ඉදිරිපත් කීරීම මගින් Visitorsලා වැඩිකරගන්න පුලුවන්. ඒ වගේම ගැටලු වලට විසඳුම් සොයාගන්නත් පුලුවන්.ගොඩක් Forums වල අපගේ Signature එක දමන්න පුලුවන්. ඒ නිසා Backlinks වැඩිකරගැනීමේ හැකියාවකුත් තියෙනවා. මම ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ Traffic වැඩිකරගන්න warrior forum භාවිතාකරනවා.Adsence/E-money ඉගෙනගන්න අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් site එකක්. සමහර දවස් වලට Visitorsලා 50ක් විතර warrior forum වලින් විතරක් ආපු අවස්ථා තියෙනවා. ඊට අමතරව Digital Point Forum එකත් ගොඩක් ප්‍රයෝජනවත්.

*Warrior forum
*Digitalpoint forum
Ableton
Cnet forum
Geek Village
HTML forums
DDBoard
Golden Talk forum

ඔයලා මේ site එකේ register උනොත් visitorsලා 7ක් 8ක් sure. Register වෙලා බලන්න.
*www.yousaytoo.com

මේ site එක Blogging Community එකක්.එක එක රටවල් වල Bloggersලා අඳුරගන්න පුලුවන්. ඒ වගේම මේ site එක හරහා Backlinks වැඩිකරගන්නත් පුලුවන්.
*www.bloggers.com (not www.blogger.com)

Traffic හා Backlinks වැඩිකරගන්න මේ වගේ sites ගොඩක් ප්‍රයොජනවත්.
www.digg.com
www.stumbleupon.com
www.squidoo.com
www.hubpages.com

ඔයලාගේ බ්ලොග් එකට එන Visitorsලා count කරගන්න මේ site එකේ Register වෙන්න. ඊට පස්සේ counter code එකකුත් දාගන්න.Blogger stats වලට වඩා Advanced විදිහට blog stats බලාගන්න පුලුවන්.(Bookmark එකක් දාගන්න අමතක කරන්න එපා)
www.histats.com

facebook,twitter,myspace (පෞද්ගලිකව facebook,twitter traffic වලට මම නම් කැමති නැහැ) භාවිතා කරලා Traffic වැඩි කරගන්න පුලුවන්. (Use networked blogs app in facebbok) බ්ලොග් එකක් හදපු ගමන්ම visitorsලා ගොඩක් බලාපොරොත්තු වෙන්න බැහැ.අපේ බ්ලොග් එක අලුත් නිසා බ්ලොග් එකකට Traffics හැදෙන්න ටික කාලයක් යනවා. මතක තියාගන්න Adsence වලින් හොඳට Earn කරන්න නම් අඩුම තරමේ දවසට Visits 100ක් වත් තියෙන්න ඕනේ. මම මේ විස්තර කලේ මගේ අත්දැකීම් වලින් බ්ලොග් එකකට Traffics වැඩිකරගන්නේ කොහොමද කියලා. මම හිතනවා මේ Doc එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙම ප්‍රයෝජනයක් උනානම් Like එකක් දාලා Comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. තවත් දවසක අලුත් Doc එකකින් හමුවෙමු.

0 comments:

Post a Comment