Wednesday, April 18, 2012

Computer Network Part 01 | පරිගණක ජාලකරණය 1 කොටස

ඔන්න එහෙනම් වැඩ පටන් ගත්තා.....

network එක හදන්න ක්‍රම ගොඩක් තියෙනවා. අපි සරලව පරිගණක කිහිපයක් ජාලගත කරන විදිහ කියල දෙන්නම් , මේ post එකෙන් අපි කියල දෙන්න හදන්නේ network එකක් හදා ගන්න ගිහාම අපිට ඕන වෙන දේවල් ...

පරිගණක කිහිපයක්
(මේක නැතුව මොකක් network කරන්නද නේද?)

Network Interface Card


මේ කියන්නේ මොකක්ද කියල ඔයාල හැමෝම දන්නවා ඇතිනේ. මේකෙන් තමයි පරිගණක අතර ජාලකරණය ගොඩනගන භෳතිකමය උපාංගය. අලුත් පරිගණක සියල්ලකම වගේ මේක තියෙනවා. නැත්නම්  මේක මිලදිගන්නත් පුලූවන් වැඩි ගානක් නැ.

switch


මෙකතම්යි ඕනම වෙන්නේ, මේකෙන් තමයි අපි ජාලකරණයට භාවිත කරන සියලුම පරිගණක එකිනෙකට සම්බන්ද වෙන්නේ. මේකෙදි වෙන දේ සරලව කිව්වොත්,ලංකාවේ ඉන්න මිනිස්සුන්ව අදුනගන්න හැදුනුම්පතක් තියෙනවනේ අන්න ඒ වගේ තමයි  ජාලකරණයේදී පරිගණක හදුනා ගන්නේ IP address එකෙන්, හරි  අපි හිතමුකෝ A,B,C,D,E,F  කියල පරිගණක 6 ක් භාවිත කරනවා කියල. A,B,C,D,E,F කියන්නේ අපි පරිගණකයට දෙන නම් නමුත් මේ එකින් එකට වෙනස් වුනු IP address තියෙනවා switch එක කරන්නේ A,B,C,D,E,F කියන පරිගණක වලට අදාල  IP address  දාලා ලිස්ට් එකක් හදාල තියාගෙන අපි A  වලින්  E වලට data යවන්න කිව්වහම switch එක එයා තියාගෙන ඉන්න list එකෙන් E පරිගණකයේ  IP address  අරගෙන ඒකට විතරක් data යැවීම සිදු කරනවා. මේ නිසා එකවර පරිගණක කිහිපයක් අතර දත්ත හුවමාරු කරන්න පුලූවන්. හොද වේගයක් ගන්නත් පුලූවන්. අනික තමයි data send කරනකොට ඇතිවෙන  traffic ගොඩක් අඩු කරගන්නත් පුලූවන්

Repeaters
Repeaters
UTP (unshielded twisted pair)


අපි ජාලගත කිරීමට යොදා ගන්න පරිගණක එකිනෙක  ගොඩක් දුරින් තියෙනවනම් දත්ත හුවමාරු වේගය අඩුවෙනවනේ . ඔන්න ඕක නැති කරගන්න තමයි repeaters භාවිත කරන්නේ. සාමාන්‍යයෙන් දැනට පරිගණක ජාල ගත කිරීමට යොදාගන්නේ UTP (unshielded twisted pair) කියන cable එකයි .මේ cable එක යොදාගෙන අපිට පරිගණක 2 ක් අතර ගන්න පුලූවන් උපරිම දුර මීටර 100 යි. ඒ නිසා ඊට වඩා වැඩි දිගක UTP cable එකක් යොදා ගන්නවා නම් මීටර 100 ක් වන තැනට repeatar එකක් දාන්න වෙනවා. දැන් තේරෙනවා අතිනි repeater  එකෙන් මොකක්ද වෙන්නේ කියල

Bridges 


Bridges 
මේක නම් අපිට එච්චරම ලොකු වැදගත් කමක් නැ. මේක මොකක්ද කියල හැමෝටම තේරෙන විදිහට කිව්වොත් මේක converter එකක්.දැන් ජාල ගත කිරීමට UTP cable භාවිත කලට. මිට කලින් භාවිත කලේ  coaxial cable (TV ඇන්ටෙනා  වල තියෙන cable එක වගේ එකක් )...අන්න ඒ වගේ ජාලගත  කිරීමක් කරලා තියෙන එකක් වැඩිදියුණු කිරීමක් වී දෙයක් කරන විට මෙන්න මේ  coaxial cable එක දැන් භාවිත කරන  UTP cable එක බවට  converter කර ගැනීමට තමයි  අපි මේ bridg භාවිත කරන්නේ 


Routers


Routers
මේක ගැනත් ගොඩක් අය දැනටමත් දන්නවා ඇති නේද?...හරි ඒ වුනාට පොඩ්ඩක්  කියලා දෙන්නම්කො, class A, ClassB, class C,class D class E කියල කොටස් හතරක් යටත් අපිට පුළුවන් network හදන්න, අන්න ඒ වගේ එකිනෙකට වෙනස්  network එකට සෙට් කරන්න තමයි Router  ඕනේ වෙන්නේ ....තේරුනේ නැද්ද ? සරලවම කිව්වොත් අන්තර්ජාලය කියන්නේ එක network එකක්නේ ,අන්න ඒ network එකයි අපි හදන  network එකයි අතර සම්බන්දයක් ඇති කරන්න තමයි router එක ඕනේ වෙන්නේ






මේ තියෙන්නේ ඔය කියපුවා එකතු කරලා හදපු network එකක සැකැස්මක් 

0 comments:

Post a Comment