Thursday, April 19, 2012

ටයිටැනික් මුහුදුබත් උනේ මෙන්න මෙහෙමයි...


මීට හරියට ම අවුරුදු සීයකට ඉස්සර, සුප‍්‍රකට ටයිටැනික් නැව කැඞී බිඳී මිනිස් ජීවිත 1500ක් පමණ  මුහුදට බිලි වුණු කතාව පසුගිය කාලේ ඔබ ජේම්ස් කැමරූන්ගේ ‘ටයිටැනික්’ චිත‍්‍රපටයෙනුත් දුටුවා ඔබට මතක ඇති. තවමත් ලෝකයාට අමතක කරන්න බැරි ඒ අනුවේදනීය සිදු වීමට හේතුව මුහුදේ පාවී ආ යෝධ අයිස් කන්දක් හා ගැටීමයි. එය සිදුවුණේ 1912 අපේ‍්‍රල් 14 වැනිදා.
එම සිදුවීම සිදුවූ අයුරු දැක්වෙන පරිගණක ආශ්‍රයෙන් නිමැවූ වීඩියෝ පටයක් නිර්මාණය කිරීමට ජේම්ස් කැමරන් ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායම සමත්ව ඇත.
“මීට පෙර කිසි දිනක මෙලෙස නිවැරදිව මෙම සිදුවීම ප්‍රතිනිර්මාණය වී නැහැ“ නැෂනල් ජියොග්‍රැෆික් නාලිකාවේ වාර්තා වැඩසටහනට අදහස් දක්වමින් ජේම්ස් කැමරූන් ප්‍රකාශ කර තිබේ.
අප්‍රේල් 4 වන දින ලොව පුරා සිනමාහල් හීදි තිරගත වූ ටයිටැනික් ත්‍රිමාණ සංස්කරණය එළිදැක්වූ ප්‍රථම දිනයේදීම ඇමරිකානු ඩොලර් මිලියන 4.4ක ආදායමක් ඉපයූ බවද වාර්තා වේ.


0 comments:

Post a Comment